IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


වන්දනාවේ ගිහින් යළි උපදී

අතේ සතේ නැතිව, හින්දි අකුරක්වත් නොදැන ටිකට් ද නැතිව දුම්රියෙන් ඉන්දියාවේ ගිනිකොන සිට වයඹ දක්වා ගොස් රොටී කමින් මාස දෙක හමාරක් ජීවත් වූ කඹුරුපිටියේ අසූ හැවිරිදි ගොවියෙක් යළිත් දින කිහිපයකට පෙර ගෙදර ආවේය.

අසූවක නඩයක් සමග මීගමු  ආයතනයකින් දඹදිව වන්දනාවේ ගොස් නව දිල්ලියේ සිට චෙන්නායි නුවරට එද්දී කඹුරුපිටියේ ඊ ජී ඩී කොරනේලිස් මහතාට නඩය මග හැරුණේ අන්ද්‍රා ප්‍රදේශයේ වරංගල් දුම්රිය ස්ථානයේදී කාටවත් නොකියා දුම්රියෙන් බැස ගිය නිසාය.

නඩය මගහැරුණු බව දැනගත් ඔහු තවත් දුම්රියකට නැග ගුජරාටයේ අහමදබාද් වෙත ගියේය. දින දෙකක් කෑමක් නැතිව සිටි ඔහු පිළිණු වූ බත් පතක් කන්නට යද්දී එතැන සිටි කතක එය වළක්වා ඔහු අසළ කඩයකට රැගෙන ගොස් කෑම බීම ලබා දුන්නාය.

මාස දෙකහමාරක්ම එම කඩයෙන් කමින් පදික වේදිකාවේ ද, කඩයේද නිදා ගත් ඔහු අන්තිමේදී තමා ළඟ තුබූ දුරකතන අංකයකින් වන්දනා ගමන් සංවිධායකට කතා කළේය. එම ආයතනයේ කතක එහි ගොස් ඔහු රැගෙන ආවේය.

ඒ වන විට  මූලික අවශ්‍යතා සඳහා වන හින්දි වචන කිහිපයක් ද ඔහුට උගන්වා තිබිණි.

''අහමදබාද් මිනිස්සු මට හරියට උදව් කළා. කෑම, බීම ඇඳුම් පැළඳුම් දුන්නා. කවදාවත් මට ඒ උදව් අමතක වෙන්නේ නෑ. ඔවුන් නොසිටියා නම් අද මම නෑ. කෑම කඩේ මුදලාලි මට ඉන්දියා රුපියල් දාහකුත් දුන්නා."



අදහස් (0)

වන්දනාවේ ගිහින් යළි උපදී

දිසානායක Thursday, 21 February 2013 05:39 PM

ජංගම දුරකතනයෙන් කතා කරන්න මාස දෙකහමාරක් බලාගෙන හිටියේ ඇයි? (නි)

:       0       0

සිසිර Monday, 18 February 2013 01:02 AM

සීයා වැඩකාරයා දකුනේ උපන් වීරයා!(නදී)

:       0       0

ඩීන් Monday, 18 February 2013 01:06 AM

ලෝකයේ ඉන්න සියලු දෙනා මනුස්සයෙකුගේ වටිනාකම තේරුම් ගත යුතුයි. බංග්ලාදේශ්, මියන්මාර් හෝ ශ්‍රී ලාංකික මේ සියල්ලෝම මිනිසුන් බව අපි තේරුම් ගත යුතුයි.(නදී)

:       0       0

කුමාර Monday, 18 February 2013 02:18 AM

එයත් දකුනේ කොල්ලෙක්.(නදී)

:       0       0

අතුල-මිලානෝ Monday, 18 February 2013 03:04 AM

මෙතන නඩේගුරාගේවත් වන්දනා කරුගේවත් වරදක් නැහැ. ඔහුගේ වයසට අත්වැරදීමකින් වෙන දුමිරිය ස්ථානයකින් බහින්න ඇති. අපි වගේම ජාතියක් වක ඉනිදියන් ජාතිකයෝ අතරේ කෙසේ නම් සොයාගන්නද? වරදවා හිතන්න එපා රක්ෂන වන්දියක් ලබාගැනීමට හෝ වන්දනාකරුගේ ප්‍රසිද්දියට කල දෙයක් වෙන්නත් පුළුවන්. (නදී)

:       0       0

zeylanicus Monday, 18 February 2013 05:39 AM

".....අන්තිමේදී තමා ළඟ තුබූ දුරකතන අංකයකින් වන්දනා ගමන් සංවිධායකට කතා කළේය...": ඕක මුලින්ම කලා නම් ඉවරනේ .... (ස)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 22 February 2013 09:46 PM

කාන්ති කියන එක හරි මේ මහතාට යළි ජීවත්වීමට ලැබීම ලොකු වාසනාවක්.(නදී)

:       0       0

ලකී Monday, 18 February 2013 07:54 AM

නීලා පව් පින් දෙක අදුරගන්න. එතකොට තේරුම් යයි.(නදී)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 22 February 2013 10:06 PM

අමෙරිකාවේ චන්ද්‍රා කියන පරිදි මෙයාම තනියෙන් ගෙදර හොයාගෙන එනකම් නඩේ ගුරත් ගෙදර අයත් මොනවද කළේ? මටත් ඒ ප්‍රශ්නයම මේ සම්බන්ධව නැගෙනවා.(නදී)

:       0       0

කුමාර Friday, 22 February 2013 10:47 PM

අපේ ආචාර්‍යතුමාට පෙනෙන්නේ ගැහැනු දාන අදහස් විතරද?ඇයි අපි කළුද? (නි)

:       0       0

චන්ද්‍රා-ඇමරිකාව Sunday, 17 February 2013 03:32 PM

මෙයාම තනියෙන් ගෙදර හොයාගෙන එනකම් නඩේ ගුරත් ගෙදර අයත් මොනවද කළේ?(නදී)

:       0       0

ගාමිණී Sunday, 17 February 2013 04:07 PM

සැදැහැ සිතින් බුදුන් උපන් රටට ගිය සිංහල බෞද්ධයව්ට එහෙම අතවරයක් වෙන්නේ නැහැ. බුදුසරණින් ගමට ආපසු එන්න ලැබුන එක ලොකු දෙයක්.(නදී)

:       0       0

ඉෂාන් Sunday, 17 February 2013 04:14 PM

දැන් අමාරුව හරිනේ.(නදී)

:       0       0

නීලා Sunday, 17 February 2013 04:25 PM

ගාමිණී, එතකොට අර බස් එකක් පෙරලිලා අතකුත් නැපුවේ මොන හේතුවකටද?(නදී)

:       0       0

සේන Sunday, 17 February 2013 04:26 PM

වහාම බොදු බල සේනාවට දැනුම් දෙන්න.(නදී)

:       0       0

ශාන් Monday, 18 February 2013 10:32 AM

මෙයාට ගෙදර ප්‍රශ්නයක් තිබුනද දන්නේ නැහැ. ඕන කමට මග හැරෙන්න ඇති. . (ස)

:       0       0

නිරෝෂන් Monday, 18 February 2013 10:45 AM

මනුශ්‍ය කම දත් ඒ මිනිසුන්ට මාගේ ප්‍රණාමය . (ස)

:       0       0

ඉෂාන් Sunday, 17 February 2013 05:15 PM

මේ බුදුන් උපන් දේශයයි.(නදී)

:       0       0

දම්පාල Monday, 18 February 2013 06:49 PM

මොනවාහරි නරක බීමක් පාවිච්චි කළාවද්ද? (නි)

:       0       0

දමින්ද Sunday, 17 February 2013 06:13 PM

වාසනාව ........වාසනාව ........(දී)

:       0       0

ගජභා Monday, 18 February 2013 11:45 AM

දකු‍ණේ අයගේ වැඩේම හරි කෝච්චියෙන් බැහැල වැරදි කෝච්චියේ යන එකම . (ස)

:       0       0

රූමි Monday, 18 February 2013 11:50 AM

අතරමං වුණ ගමන් පො‍ලීසියට ගිහින් කිව්ව නම් ඉවරයිනේ . (ස)

:       0       0

ලාල්-ජකර්තා Sunday, 17 February 2013 06:32 PM

පුජා වට්ටියත් අරගෙනද දඹදිව ගියේ.(නදී)

:       0       0

කාන්ති Sunday, 17 February 2013 06:43 PM

ජිවත් වෙන්න වාසනාව තියෙනවා (දී)

:       0       0

භාතිය Sunday, 17 February 2013 07:07 PM

නියමයි. මාස දෙකක් ඉන්දියාවේ සිරි නරඹලා.(නදී)

:       0       0

ඩීන්-කටාර් Sunday, 17 February 2013 07:09 PM

පව්, සමහර අය හරියට විස්තර කියවන්නේ නැතුව ප්‍රතිචාර දානවා. ඒ මනුස්සයා ලග දුරකතන අංකයක් විතරයි තිබිලා තියෙන්නේ.(නදී)

:       0       0

කල්ප Sunday, 17 February 2013 08:01 PM

ගාමිණීගේ කතාව හරි.(නදී)

:       0       0

ජයතිස්ස Sunday, 17 February 2013 08:04 PM

හොද නඩේගුරා. ඇති ඔයින් ගියා. පෙර කල පිනක් නිසා ගෙදර එන්න පුලුවන් වුනේ.(නදී)

:       0       0

අශාන් Sunday, 17 February 2013 08:16 PM

මෙයාව ගොඩක් කල් ඉදන් හැමෝම හෙව්වා. කාටවත් හොයාගන්න බැරි වුණා. ආපහු එන්න ලැබුන එක වාසනාවක්.(නදී)

:       0       0

හිල්ම් Sunday, 17 February 2013 09:09 PM

අසිරිමත් වැඩක් ඒ වැඩේ (දී)

:       0       0

මදුර Sunday, 17 February 2013 09:14 PM

මෙයාගෙ ගෙදර අය මෙයාව හොයන්න ගොඩක් දෙවල් කලා, සාස්තර ඇහුවා පේන බැලුවා, දේවාල ගානෙ ගියා. ගොඩක් අය මෙයාට ආයෙ ලංකාවට එන්න ලැබෙයි කියලා හිතුවෙ නෑ.(නදී).

:       0       0

වසන්ත Sunday, 17 February 2013 09:39 PM

හොද නඩේ ගුරා. මෙහෙමද මිනිස්සු අරගෙන යන්නේ. එයාගේ වාසනාවට එන්න ලැබුනේ.(නදී)

:       0       0

මාටින් Sunday, 17 February 2013 09:59 PM

අනේ මාමේ, මේ අපි වගේ ගෙදෙට්ට වෙලා හිටියා නම් ඉවරයිනේ. (නි)

:       0       0

ගාමිණි Sunday, 17 February 2013 10:08 PM

මිනිසුන් අතර මිනිසුන් ඉන්නවා නේද (දී)

:       0       0

ජයා Sunday, 24 February 2013 09:44 PM

වයසේ වැරැද්දෙන්නේ හිතුවක්කාර වැඩ කරන්නේ. දැන් හිතේ ආශාව හොඳ ඇති නේද? (නි)

:       0       0

ආනන්ද Friday, 22 February 2013 09:41 AM

ලංකාව කියලා හිතාගෙනද කෝච්චියෙන් බැස්සේ.(නදී)

:       0       0

චූලා Sunday, 17 February 2013 11:19 PM

ඇති ශරීර අවයව ටික ගලවා නොගෙන ආවා. අපි අහලා තියෙනවා වන්දනාවේ ගිහින් අතරමං වෙන අයගේ ශරීර අවයව ගන්න කටිටියක් ඉන්නවා කියලා.(නදී)

:       0       0

කුමාර Sunday, 17 February 2013 11:43 PM

ඉන්දියාවෙ හොඳ මිනිස්සුන්ට උපහාරවේවා!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 100 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 92 0

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 1488 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 635 2

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


ලංකා සතොසට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 04 1084 1

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට
2024 ඔක්තෝබර් මස 04 328 0

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38887 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site