IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


වන්දියෙන් අරමුදලක්

නවගත්තේගම නවෝද්‍ය විදුහලේ විනය භාර ගුරුවරියක වු ප්‍රියානි සුසිලා හේරත් මහත්මිය දණ ගැස් වූ හිටපු පළාත් මන්ත්‍රි ආනන්ද සරත් කුමාරගෙන් ලැබුණු රුපියල්  තුන් ලක්ෂයක වන්දියෙන් ගුරුවරුන් හා ළමයින් වෙනුවෙන් අරමුදලක් ඇරඹිණි.

අහිංසා  අරමුදල නමින් පිහිට වු එම අරමුදල ශක්තිමත් කිරීමට ඕනෑම කෙනකුට දායක විය හැකි බව ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජොසප් ස්ටාලීන් මහතා කීවේය.

අරමුදල ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට ප්‍රියානි සුසිලා හේරත් මහත්මිය, විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි,හිටපු විභාග කොමසරිස් ආර්.බි.අමරකොන් මහාචාර්ය සරත් විජේසුරිය මහත්වරු ඇතුළු පිරිසක් එක් වූහ.

(අහිංසා ශිෂ්‍යාධාර අරමුදල, සම්පත් බැංකුවේ ආණමඩුව ශාඛාව,ගිණුම් අංක-114361000680 )

 



අදහස් (0)

වන්දියෙන් අරමුදලක්

රුවන් Wednesday, 21 May 2014 04:12 PM

නිපොන් හොටලයෙ බිල ගෙව්වේ කාගේ සල්ලි වලින්ද? කරුණාකර රටට හෙළි කරන්න. (ස)

:       0       0

ප්‍රසංග Wednesday, 21 May 2014 04:23 PM

ලක්ෂ 3ක් නේ. අරමුදලක් පිහිටුවා ගන්න අද කාලේ ලක්ෂ 50 ක් නැතිව කොහොමද ? (නදී)

:       0       0

ලලිත් Wednesday, 21 May 2014 04:28 PM

සම්පත් කියනවා මේවා නිකන් සෝබන වැඩලු. බලල් අතක් ඇතිලු. එතකොට දැනගස්වපු මනුස්සයාට බලු අතක්ද තිබුනේ. කරුණාකරලා උත්තර දෙන්න (නදී)

:       0       0

සෙන්ජී Wednesday, 21 May 2014 04:33 PM

ඔබ මේ පාර දේශපාලකයින්ගේ ලණු කාලා. මගේ සාතිශය සංවේගය.(නදී)

:       0       0

නන්ද Thursday, 22 May 2014 12:20 AM

අප රටේ දේශපාලකයින් කීයෙන් කීදෙනෙක්ද තමන්ට පිනට ලැබෙන ලක්ෂ ගණනක මුදලින් අසරණ අය සඳහා යමක් කරලා තිබෙන්නේ.. මමත් හැකි අයුරින් මේ ගුරුතුමිය ගේ මෙම සත් කටයුත්තට උදවු කරන්න පොරොන්දු වෙනවා.. (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 21 May 2014 04:34 PM

ගමේ ඉඳන් කොළඹ ඇවිත්, නිපොන් හෝටලයේ මාධ්‍ය සාකච්චාව තිබ්බහම ලක්ෂ තුන ඉවරයිනේ. අයියෝ සල්ලි. (ස)

:       0       0

සෑම් Wednesday, 21 May 2014 04:43 PM

අපෝ අපේ රටේ වෙන දේවල්. අපිට කන් ඇහෙන් නැතිව, ඇස් පේන් නැතිව තිබුනා නම් හොඳයි කියලා හිතෙනවා. හැම දේම දේශපාලනයට යටයි. (නදී)

:       0       0

සම්පත් Wednesday, 21 May 2014 05:01 PM

වගකීමෙන් කියන්නේ, නිපොන් හෝටලේ බිල ගෙව්වේ NGO එකකින්. බිල ලක්ෂයකට වැඩියි. ගුරුතුමිය සිද්ධ වෙච්ච දේ අනුමත කරනවා නෙවෙයි. හිටපු මන්ත්‍රීට ලැබුන දඩුවමත් ඉතා හොඳයි. නමුත් මේ අරමුදල වංචාවක්. දැන් ගුරුතුමිය බළල් අතක් වෙලා. (ස)

:       0       0

චින්තා Thursday, 22 May 2014 02:39 PM

ප්‍රියානි අක්කේ. මමත් ඔයා වගේම ගුරුවරියක්. ඔයාගේ සත් ක්‍රියාව මම බෙහෙවින් අගය කරනවා. නමුත් ඔබගේ යෝජිත අරමුදලේ සම්පුර්ණ භාරකාරීත්වය සහ අධීක්ෂණය ඔයා යටතේ තබා ගන්න ලෙස මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා.(නදී)

:       0       0

සංජීව Wednesday, 21 May 2014 05:43 PM

සම්පත්ලා වගේ මිනිස්සු ඉන්නකම්, අපේ රට හැමදාමත් මෙහෙමම තමයි. හොඳ වැඩක් කළහම එය අගය කරන්න ඕනෑ (නි)

:       0       0

ඈන් Thursday, 22 May 2014 02:44 PM

හොඳ වැඩක්.(නදී)

:       0       0

ගිහාන් Wednesday, 21 May 2014 06:00 PM

කොහොම වුණත්, ලක්ෂ තුන අරමුදලකට යොදන එක දුරදිග බලා කළ යෝජනාවක් කියලා මට හිතෙනවා. (නි)

:       0       0

සේනානායක Wednesday, 21 May 2014 06:00 PM

ආදරණීය ගුරු මවක් ලෙස ඔබතුමියට ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා! හැකි පමණ අරමුදල සදහා උදව් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙමි. එසේම ඔබතුමියට ලැබුණු සාධාරණ තීන්දුව පිළිබදව හදවතිම සතුටු වන්නෙමි. (නි)

:       0       0

සේනක ෆොන්සේකා Thursday, 22 May 2014 07:31 AM

මට නම් මේ යන විදිය ටිකක් සැකයි. ඇයි ගුරුතුමිය මේ තරම් දඟලන්නේ වරදට දඩුවම දුන්නට පස්සෙත්? (නි)

:       0       0

හේරත් Wednesday, 21 May 2014 06:04 PM

ඔබටත් ඔබතුමියගේ පවුලේ සැමටත් සාමය සතුට උදාවේවා දිරිය දියණියනි! (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 21 May 2014 06:11 PM

ගුරුතුමියනි,ඔබ ඇරඹූ මෙම මාහැඟි අරමුදලට මමද හැකිපමණින් දායක වන්නෙමි (නි)

:       0       0

මංජුල බංඩාර Wednesday, 21 May 2014 06:27 PM

මෙවන් අරමුදල් තව තව රටේ ඇතිවේවා ඒ වෙනුවෙන් තව තව ගුරුවරු දණ ගැස්සවේවා! (නදී)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Thursday, 22 May 2014 10:14 AM

උපුල්ගේ යෝජනාවට මම කෙලින්ම විරුද්ධයි. මෙම ගුරු මහත්මිය හිරේ යවන්නයි,එතුමියගේ තනතුරයි, විශ්‍රාම වැටුපයි නැති කරන්නයි ඔය හදන්නේ.,මතකනේ පහුගිය පොදු අපේක්ෂකයාට උන දේ. (ස)

:       0       0

මංජු Wednesday, 21 May 2014 01:59 PM

ආදර්ශමත් ක්‍රියාවක්. (ස)

:       0       0

රාවන් Thursday, 22 May 2014 11:05 AM

නිලධාරීන් ඒකා මෙන් ඉන්නවා නම් ඔය දේශපාලුවෝ මට්ටු කරන එක කජ්ජක් නෙමෙයි. අපේ තියෙන්නේ අනෙකා පාගා තමා ඉස්මතුවෙන ක්‍රමයක්නේ.(නදී)

:       0       0

කසුන් Thursday, 22 May 2014 11:32 AM

නූගත් දේශපාලුවන්ට හොඳ පාඩමක්. (ස)

:       0       0

කුමුදු වාස් ගුණවර්ධන Wednesday, 21 May 2014 02:51 PM

ඉතාමත් හොඳ වැඩක්. තවත් ඔවැනි දේ කිරීමට දිරිය ශක්තිය ලැබේවා! (නදී)

:       0       0

මොහාන් Wednesday, 21 May 2014 02:51 PM

මෙතුමිය නරකද පොදු අපේක්ෂිකාව හැටියට ? (නදී)

:       0       0

සිල්වා Wednesday, 21 May 2014 02:53 PM

ඉතාම හොඳ වැඩක් අංහිසක දරුවන් වෙනුවෙන් හොද සේවයක් කරීමට ශක්තිය ලැබේවා කාලයට ඔබින ක්‍රියාවක් මිනිසුන් මුදල් වෙනුවෙන් ඕනෑම පහත් ක්‍රියාවක් කරන අවදියක මෙවන් වු සත්කාරයක් දීම පහත් දේශපලනයට හොද පාඩමක් (නදී)

:       0       0

වාසනා Wednesday, 21 May 2014 03:03 PM

කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණෝ.(නදී)

:       0       0

චාමර Wednesday, 21 May 2014 03:07 PM

බහිමු ද වයඹ චන්දයට මැඩම්. (ස)

:       0       0

මෙවන් Wednesday, 21 May 2014 09:23 PM

ශ්‍රී ලංකා ගුරු සේවයේ බිහිඋන විශිෂ්ට තම ගුරුමාතාව ලෙස ඔබ තුමිය ඉතිහාසගත වනු නොඅනුමානය. එම මෝඩ දේශපාලකයාගෙන් ලැබුන වන්දිය ඔබතුමියගේ පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම ඉතාමත් පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස ඔබ තුමියට සිතෙන්නට ඇත. එය පොදු යහපතක් වෙනුවෙන් යෙදීම ඇත්තෙන්ම මහත් ඵල වුද මහත් ආනිසංස වුද ක්‍රියාවක්ම වන්නේමය. සමාවෙන්න, මෙම මාහැගි මෙහෙවරට පිළිකුල් සහගත දේසපාලනය බළල් අතක් සේ ඇතුළුවීම නම් කිසිසේත් අනුමැත කල නොහැක.(නදී)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Wednesday, 21 May 2014 03:25 PM

හිටපු පළාත් මන්ත්‍රි ආනන්ද සරත් කුමාරව දැනගස්වූ ඔබගේ අරමුදල ශක්තිමත් වේවා.මගෙනුත් සුළු පරිත්‍යාගයක් ළඟදීම ලැබනවා ඇත. (ස)

:       0       0

හේමන්ත Wednesday, 21 May 2014 03:25 PM

දැන් බලන්න එතුමියගේ මුහුණේ තිබෙන එළිය! (ස)

:       0       0

උපුල් Wednesday, 21 May 2014 03:26 PM

මොහාන්, ඔබ හරි මෙතුමිය තමයි පොදු අපේක්ෂිකාව විය යුත්තේ. මුදල් හම්බ කිරිම පමණක් ඉදිරියට ගෙන ගස් කෝලන් කපාදමන , සත්තුන් මරාදමන, අහිංසකයින්ට, බොරු චණ්ඩි ටිකක වට කරගෙන ඉන්න අමන දේශපාලුවන්ට හොඳ යමක් උගන්නන්න එක තමයි විය යුත්තේ. මෙතුමියගේ අරමුදලට අපිත් සම්මාදන් වෙමු.(දිල්)

:       0       0

සුමනසිරි Thursday, 22 May 2014 12:35 PM

මෙතන ගොඩක් අයගේ අදහස් කියපුවහම ගොඩක් කනගාටුවක් ඇතිවෙන්නේ. රට දියුණු නැත්තේ මේ බහුතර හිතන්න බැරි, හරි ක්‍රියාවක වටිනාකමක් හඳුනාගන්න බැරි පුහු මිනිස්සු නිසා. ඒ මිනිස්සුන්ට කියන්න තියෙන්නේ ලිඳේ ඉන්න ගෙම්බෝ කියල විතරයි, ලෝකයක් ගැන දන්නේ නැහැ, හිතන් ඉන්නේ දිව්‍ය ලෝකය කියලා. අර කකුළුවෝ දඟලන්නේ තාච්චිය රත් වෙනකල් විතරයිලුනේ. මේ මිනිස්සුන්ට වෙන්නෙත් ඒ ටිකමයි.(නදී)

:       0       0

ලියනගේ Wednesday, 21 May 2014 03:33 PM

පොදු අපේක්ෂක යන ක්‍රියා වලිය හෑල්ලුවකට විහිළුවකට ලක් කිරීමට බොහෝ අය පෙලඹීමකට පත්ව තිබෙන බව පෙනී යන කරුණක් මම දැක්කා. එක ඇමැතිවරයකුත් මෙයට කැමති බව මා දකින්නේ නුගත් බවේ ලක්ෂණයක් විදියට. අපේ රටේ සිටින ජනතාවට මෙවැනි දේවල් තේරුම් ගන්න බැරි විදියට නුගත් කමක් හෝ මෝඩ කමක් ලෙසයි මා දකින්නේ. අද අපේ රටට ඕනේ දේ ගැන හරිහැටි තේරුමක් නැති උදවිය තමයි රටේ ඉන්නේ. ඒ ගැන මන් ප්‍රථමයෙන් කණගාටුව. රටේ ඉඳල හිටලා හරි නිවැරදි තීන්දුවක් දීම ගැනත් මෙතුමිය මේ දරන උත්සාහය . ගැනත් ඉතාමත් ආඩම්බරයි. මෙම අරමුදල ශක්තිමත් කිරීමට උපරිමයෙන් අපේ සහය ලබා දීමට කටයුතු කරන්නෙමු.(නදී)

:       0       0

චමිල Wednesday, 21 May 2014 03:33 PM

ගුරුතුමිය , ඔබ සැබෑ කාන්ත වීරවරියක්. දැන් කාලයේ පිරිමියකුවත් කරන්නේ නැති වැඩක් ඔබ කලේ .ඔබගේ අනාගතයට සුබපැතුම්. (නදී)

:       0       0

සම්පත් Wednesday, 21 May 2014 03:35 PM

මේවා නිකම් සෝබන වැඩ. මෙතන දේශපාලන බළල් අතක් තියෙනවා. ගුරුවරුන් හා ළමයින් වෙනුවෙන් මොකක් සදහාද මේ අරමුදල වියදම් කරන්නේ. එතකොට ගුරුවරුන්ගේ අතවරයට ලක්වූ දරුවන්ටත් මේකෙන් ප්‍රතිලාබ ලැබෙනවද? (නදී)

:       0       0

චින්තක Wednesday, 21 May 2014 03:38 PM

කොළඹ නිපොන් හොටලයෙය් මේ මාධ්‍ය සාකච්චාව පවත්වලා තියෙන්නේ. (නදී)

:       0       0

ඇසළ Wednesday, 21 May 2014 03:39 PM

පලා බබා මැරෙනකම්ම මතක හිටින්න මෙම අරමුදලට දන ගහපු අරමුදල කියල දැම්ම නම් තමයි හොද. අපිත් පුළුවන් හැටියට සුළුවෙන් හරි මෙයට උපකාර කරමු. (නදී)

:       0       0

ලුවිස් සින්ග්හෝ Wednesday, 21 May 2014 10:30 PM

ඔබ තුමිය දේශපාලකයන්ට යට නොවී එඩිතරව ශ්‍රී ලංකික ගුරු මාතාවක් ලෙස අහිංසක දරුවන් වෙනුවෙන්ම මේ අරමුදල යොදවනවානම් මමත් මෙයට දායකවී මුදල් පරිත්‍යාග කිරීමට අදහස් කරමි.නමුත් මෙය ලංකා පවතින රජයට විරුද්දව බළල් අතක් නොවිය යුතුයි ,මස හයකින් පසු විපරමකින් ඔබගේ අරමුදලට දායක වෙමි, (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 15 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 10659 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 5304 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 7487 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4998 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1252 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36521 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24207 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 174 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 530 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site