IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වෙන්නප්පු කසල ප්‍රශ්නෙට ඉතාලියෙන් විසදුම්

ශ්‍රි ලංකාවේ නගර ආශ්‍රිත දැවෙන ප්‍රශ්නයක් බවට පත්ව ඇති කසල එකතුවිම සදහා නවීන තාක්ෂණික උපකරණ සමග දැනුම ලබා දෙමින් ඊට විසදුම් සොයා දිමට වෙරෝනා නගර සභාව ඉදිරිපත්ව සිටි.

 මෙ වන විට ඉතාලියේ සංචාරයකට එක්ව සිටින වෙන්නප්පු ප්‍රාදේශිය සභාවේ සභාපති වික්ටර් සුසන්ත මහතා පසුගියදා වෙරෝනා නගාරාධිපති ෆාලාවියෝ ටෝසි සමග සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස කසල ප්‍රශ්නයට විසදුම් සොයා දිමට නගර සභාව ඉදිරිපත් විය.

ප්‍රථම අදියර වශයෙන් වෙන්නප්පු ප්‍රාදෙශිය සභා බල ප්‍රදෙශයේ කසල එකතුවන හා බැහැර කරනා ආකාරය සොයා බැලිම සදහා ඉතාලි ජාතික ඉංජිනේරුවරුන් තිදෙනකු ඉදිරියේදි ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිතය.

අනතුරුව නවින තාක්ෂණික උපකරන පරිත්‍යාගයෙන් හා දැනුම ලබා දිමෙන් වෙන්නප්පු බල ප්‍රදේශයේ එකතුවන කසල ප්‍රතිචක්‍රිය කර කාබනික පොහොර හා ගෑස් නිපදවීමට ඔවුන්ගෙ අවධානය යොමුවේ.

මෙය ලංකාව පුරා ව්‍යාප්ත කිරිම ගෑන සකච්ඡා කිරිම සදහා වෙරෝනා නගරාධිපතිවරයා ලංකාවට පැමිණීමට නියමිත අතර එහිදි ඔහු එහිදි ඔහු රජයේ ඉහල බලධාරින් හමුවිමට සුදානමින් සිටි. වෙරොනා නුවර ජිවත්වන ශ්‍රි ලාංකිකයකු මේ සදහා මැදිහත්ව කටයුතු කරන අතර ඔහු කියා සිටියේ තමා ජනප්‍රියත්වය උදෙසා මෙවෑනි දෙ නොකරන බවත් රට වෙනුවෙන් දෙයක් කළහෑකි නම් ඔනෑම මොහොතක එය නොපිරිහෙළා ඉටුකරන බවත් තමාගේ නම සදහන් නොකරන ලෙසත්ය.
 

 



අදහස් (0)

වෙන්නප්පු කසල ප්‍රශ්නෙට ඉතාලියෙන් විසදුම්

කුමාරි Thursday, 17 October 2013 05:34 PM

මේ සත් ක්‍රියාවට මුල් වුන සොයුරාට ගොඩක් පින්.රටට වටිනා මහතෙක්. (නි)

:       0       0

ප්‍රසාද් Friday, 18 October 2013 08:16 AM

වෙන්නපුවේ කසල කොහොමත් වැඩිය තියෙන්නේ ඉතාලියේ තමයි (නි)

:       0       0

නිශාන්ත Thursday, 17 October 2013 06:27 PM

වෙන්නප්පුවට සුබ අනාගතයක්! (නි)

:       0       0

ප්‍රනාන්දු Friday, 18 October 2013 11:09 AM

කොහොමත් පිටරට වලින් ඉවත දමන කුණූ අපේ අයනේ අරගෙන යන්නේ (නි)

:       0       0

කේ.ඒ. Friday, 18 October 2013 11:46 AM

චන්දන පුතේ,ලංකාවේ විහිළුකාරයෝ ඉන්නවා කියලා පෙන්නන්න ඕනෑ වෙලා තියෙන්නේ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 17 October 2013 07:55 PM

ඇමරිකාවේ නාසා ආයතනයේ ශ්‍රී ල‍ාංකික විද්‍යාඥයෝ පමණක් දෙසීයක් ඉන්නවා. එය ලෝකයේ දෙවැනි තැන. පළමු තැන ගන්නේ ඉන්දියා විද්‍යාඥයෝ ගණනින් තුන්සීයක් පමණ. මේවාට අවශ්‍ය දැනුම අපේ රටේ ඉතාලියට වඩා හොඳින් තිබෙනවා. ප්‍රශ්නය මේවා දේශපාලකයන් හරහා සිදු කිරීමේදී බාධා පැමිණීමයි. මේ අයට පුළුවන් නම් ගිහිල්ලා හැමදාම පත්තරේ යන ඔවුන්ගේ රටේම 'නාපොලි' නගරයේ කුණු ප්‍රශ්නය පළමුව විසදන්න කියන්න. (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 17 October 2013 08:19 PM

ප්‍රාදේශීය සභා මන්ත්‍රී තුමෝ, පක්ෂ නායකත්වය දැනුවත් කරලද අපේ රටේ කුණු ප්‍රතිචක්‍රීය කරණය කරන්න වත් දන්නේ නැහැ කියල ලෝකේ වටේ කියව කියවා උදව් ඉල්ලන්නේ? ඇත්තටම ඔබට මේ ගැන අහගන්න ලංකාවේ කෙනෙක් හිටියෙම නැද්ද?.(නදී)

:       0       0

ශාන්ති Thursday, 17 October 2013 09:45 PM

වැඩේ නම් හොදයි

:       0       0

සෙන්තිලන්තන් Thursday, 17 October 2013 09:45 PM

අනේ පින්සිද්ධවෙයි වෙරෝන වල ඉන්න සිංහලයන්ට,මේ හොර ජාතියක් ඉන්න ලන්කාවටනම්, කිසිම උදව්වක් දෙන්නම එපා, දීල දවසයි දෙකින් කෝටි ගණන් වටින ඔය උපකරණ ඔක්කොම ගලවාගෙන ගිහින් විකුනෛ මෙහෙ ඉන්න අය (දී)

:       0       0

දිලීප් Thursday, 17 October 2013 01:55 PM

බලනකොට අපේ හැම දෙයක්ම කරන්නෙ විදේශිකයොනෙ.අපි‍ට කොච්චර ආඩම්බරද? ලෝකේ ගොඩක් රටවල් අපේ සේවකයෝනේ. ඕකනේ කියන්නේ අපි තමා ලෝකෙන්ම උතුම් ජාතිය කියලා. (ස)

:       0       0

සිරියලතා Thursday, 17 October 2013 02:10 PM

අපේ අයට ඉතින් කෝ සල්ලි ඕආ කරන්න. (ස)

:       0       0

කුසුමා Thursday, 17 October 2013 10:23 PM

ලංකාවේ අපි කනගාටු වෙන්න ඕනේ ඇත්තමයි (දී)

:       0       0

කුසුමා ගේ අම්ම. Thursday, 17 October 2013 10:32 PM

දකුණේ කවුරුත් වෙන්නප්පුව ගැන කරදර වෙන්න ඔන් නැහැ. අපි වෙන්නප්පුව ගැන බලා ගන්නම්.

:       0       0

තබුක් සිල්වා Thursday, 17 October 2013 02:33 PM

අපිට ජීවිතය කියනෙ ලොකු සටනක්. ඒත් අපිත් වෙන්න ඔනෙයි ,තමන්ට වටා ගත නොහැකි දේ, රට වෙනුවෙන් රටට උතුම් මිනිසුන් කොටසක් රට වෙනුවෙන් ඉන්න බව අපිට ආඩම්බරයි. (ස)

:       0       0

වෙරෝනා ඇත්ත Thursday, 17 October 2013 11:15 PM

මේ මැදිහත් වෙලා ඉන්න මහත්මයා ඉතා හොඳ දෙයකට අත ගසා ඇත්තේ.මෙතුමා වෙන්නප්පුව ප්‍රාදේශීය සබා සභාපතිතුමා සමග මේ කරන මහඟු කර්තව්‍යය සාර්ථක කර ගැනීමට අවශ්‍ය දිරිය ශක්තිය ලැබේවා! (නි)

:       0       0

කුමාරණ Thursday, 17 October 2013 03:03 PM

වෙන්නප්පුවේ සභාපති තුමා ඔය දේට ඉතාලි ගියේ මොකද?තම බල ප්‍රදේශයේ ජනතාව දෙනුවත් කරන්න සහ දිරි ගන්වන්න කසල ක්‍රමවත්ව බැහැර කරන්න. (දිල්)

:       0       0

චමත් [ලංකාව] Thursday, 17 October 2013 03:06 PM

මෙම කාර්යයට මුලිකත්වය ගෙන ක්‍රියා කරන ශ්‍රී ලංකික මහතාගේ ක්‍රියාව අපි ඉතා අගය කල යුතුයි.ඒ වගේම එතුමා කැපී පේන්නට ඇති අකමැත්තත් ඊටත් වඩා අගය කල යුතුයි. (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 18 October 2013 01:46 AM

ඇයි දකුණ ලංකාවේ කොටසක් නෙමෙයිද? (නි)

:       0       0

ලක්මාල් Friday, 18 October 2013 02:16 AM

හොද දෙයක්. ක්‍රියාත්මක වෙනවා නම් අපේ රටට හොද ආදායම් මාර්ගයක් තමයි (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 17 October 2013 04:17 PM

කොළඹට ගිහිල්ලා බලන්න, ඉතාලියේ වගේම කුණු දමන බදුන් පාරේ තැන තැන තියලා ඇති ආකාරය (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 18 October 2013 03:34 AM

මෙම මහත්වරු කරන්න හදන ක්‍රියාව ඉතාම කාලෝචිත හොද දෙයක්. හරි නම් මේවා කරන්න පටන්ගන්න තිබුනේ මීට අවරුදු 40 කට විතර උඩදී. තවම ප්‍රමාද නැහැ. ජනතා මුදලින් යැපෙන අමාත්‍යංශ නිලධාරීන් ලැජ්ජා විය යුතුයි. (නි)

:       0       0

ජ. තිසර Thursday, 17 October 2013 04:21 PM

කසල තෝරා බේරා විද්‍යානුකූලව ප්‍රතිචක්‍රීය කිරීම ලංකාවට පමණක් නොවේ ලෝකයේ බොහෝ දියුණු රටවලට පවා අපහසු දෙයකි. ඉතාලීය ඉංජිනේරුවන් සමග අපේ ලාංකිකයින් එලෙස ලංකාවට උදව්කළ හැකිනම් ඒ කාර්ය්‍යට ඉතාමත් ගෞරවයෙන් ප්‍රශංසා කළ යුතුයි.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 17 October 2013 04:29 PM

සිරියලතා, ලංකාවට අධිවේගී මාර්ග, ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් , වරායවල් හදන්න සල්ලි තිබෙනවා නම් මේ වැඩේ කරන්න සල්ලි නැත්තේ මොකද? මෙය ඉතාම සරල දෙයක්. පළමුව කුණු වෙන්කිරීම කළ යුතුයි. කුණුවල ඇති ඉදුල් ආහාර අපද්‍රව්‍ය වැනි ඉක්මනින් දිරායන දේවල් එක ගොඩකටත් , පොලිතින්, ප්ලාස්ටික් වැනි ද්‍රව්‍ය තව ගොඩකටත්, විදුරු ,ලෝහ වැනි ප්‍රතිචක්‍රීකරණය කළ හැකි දේවල් තව ගොඩකටත් දමා, ඊටපසු දිරායන අපද්‍රව්‍ය සහිත ගොඩ කොම්පෝස්ට් නිපදවීමට , විදුරු ලෝහ අඩංගු ගොඩ ප්‍රතිචක්‍රීකරණය කිරිමටත් , පොලිතින් ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය කුණු දහනාගාරයක් මගින් පිළිස්සිමත් සිදු කළ යුතුයි. යුරෝපා රටවල මෙම ක්‍රමය ඉතා සාර්ථකව සිදු කරනවා. (නි)

:       0       0

ඔබිනාමුණි ආනන්ද මිලානෝ Friday, 18 October 2013 04:27 AM

ඔයගොල්ලෝ මිලානෝ එනවා නම් කියන්නකෝ, මගේ ගෙදර කුණු ටිකත් එකතු කරලා තියන්නම් අරගෙන යන්න. (නි)

:       0       0

චන්දන Friday, 18 October 2013 05:54 AM

අදහස් කියැවූ විටයි දැනුනේ කොතරම් විහිළුකාරයින් අපේ රටේ සිටින්නේදැයි කියා (නි)

:       0       0

උපුල් වෙරෝනා Friday, 18 October 2013 06:12 PM

මෙම කරන්නට යන කාර්යය ඉතාමත් කාලෝචිත දෙයක්. එහෙත් අපගේ මෙයට මැදිහත් වන සහෝදරයන්ට කියන්නට තිබෙන්නේ මෙම තාක්ෂණික උපකරණ පමණක් රැගෙන යන්නේ නම් හොඳ යැයි යන්න මාගේ අදහස බවයි. (නි)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Thursday, 17 October 2013 05:27 PM

කෙසේවුවත් ඔහුගේ රට ගැන ඇති හැගීම අපි අගය කළ යුතුයි (නි)

:       0       0

අමිල Friday, 18 October 2013 07:53 AM

ඇයි ඉතාලි යන්නේ? එන්න බලන්ගොඩට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1608 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2047 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2548 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5745 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1810 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6417 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18333 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site