IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


වින්නඹු මාතාවට උපහාර

ගම්පහ ගම් තුනක  සිය රාජකාරිය අකුරටම ඉටු කරමින්  තිස් එක් වසරක්  තිස්සේ  ආදර්ශමත් පවුල්  සෞඛ්‍ය  සේවාවක්  ප‍්‍රදේශය  තළ  ඇති කළ  පවුල් සෞඛ්‍ය සේවිකා කුසුමා රුපුනායක(57)   මහත්මියට අද උපහාර පිදිණි.

ඇය  තම රාජකිරිය කෙතරම් උනන්දුවෙන් කළාද කිවහොත් ප‍්‍රදේශයේ මාතෘ මරණ, බිලිඳු මරණ, අඩු බර දාරක  උපත්  කිසිවක්  වාර්ථා වී නැති තරම්ය.

පොදු ප‍්‍රවාහන පහසුකම් පවා නොමැති ඉතා දුෂ්කර  ගමක් වූ  ගම්පහ කිරිකිත්ත ප‍්‍රදේශයේ  ජනතාව වෙනුවෙන්  දෙකකුල් රිදෙන  තුරු ගෙයින් ගෙට ගොස්  ඇය කළ උදාර  මෙහෙවර සහ කැපවීම  උදෙසා  මෙහිදී ඇයව සම්මානට පාත‍්‍ර විය.

ලොකු, පොඩි බේදයකින් තොරව  ඇය ගෙයින් ගෙට ගොස්  මව්වරුන්ට අවශ්‍ය උපදෙස් දුන්නා පමණක් නොව අදාල සායන වලට ඔවුන්  යොමු කිරීමටද පියවර ගත්තාය. 

කුඩා දරුවන් සඳහා එන්නත් ලබා දීමේදී මෙන්ම මව්වරුන්ගේ සායන දින නිතර නිතර මතක් තරමින් පවුල් 496 ක් සහ ඡුන්ද දායකයින් 4500 ක් ජීවත් වන විශාල ගම් ප‍්‍රදේශයක් ආවරණය කරමින් ජනාතව දැනුම්වත් කරමින් ඇය කල අමිල සේවය මිල කළ නොහැක.

ප්‍රදේශයේ  බාල, මහළු කොයි කාගේත් ආදරයට, පැසසුමට ලක්වූ ඇය  කරුණායන්ත හදවතක් සහ  නිහතමාණීකම උපතින්ම උරුමවූ කාන්තාවකි.  ඇය  අද වසර 31 සේවයෙන් පසු  විශ්‍රාම ගත්තාය. 

ඇයට උපහාර දැක්වීම පිණිස  ප්‍රදේශයේ කුඩා දරුවන්, මව්වරුන්  මල් කිනිති රැගෙන කිරිකත්ත ගොවි සෙවනට පැමිණ  සිටියහ. එහිදී ඇයව මල් දම් පළ‍ ඉතා උනුසුම් අන්දමින් පිළිගත්හ.

 නැගෙනහිර කිරිකිත්ත ග‍්‍රාම සේවක ටී.ඩබ්ලිව් චන්ද්‍රදාස මහතා මහතා විසින් සංවිධානය කර තිබූ මෙම උපහාර උළෙලට මහර ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සෝමවීර සෙනවිරත්න, කිරිකිත්ත සිරිලිය කාන්තා සමිතිය, ග‍්‍රාම සංවර්ධන සමිතිය,  වැඩිහිටි සමිතිය, නිල් දිය ප‍්‍රජා මූල සංවිධානය සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයෝ දායකත්වය සැපයූහ.

 

 

 



අදහස් (0)

වින්නඹු මාතාවට උපහාර

පියසීලි..එස්රෙල්... Saturday, 13 July 2013 11:06 PM

ඔබතුමිය ලොකු මෙහෙවරක් කලා ..අප ගමට.......ගොඩක් පින් (දී)

:       0       0

සෙහාන් Sunday, 14 July 2013 03:13 PM

ළමයි නැතිකරන්නත් උපදෙස් දෙනවද ඒ ගොල්ලෝ? (දී)

:       0       0

ලෙස්ලි Sunday, 14 July 2013 04:15 PM

සැවොම ඔබට සුබ පතනවා (දී)

:       0       0

චින්තක Sunday, 14 July 2013 07:12 AM

ඔබ වැනි උතුම් මාතාවන් මුළු රටටම ආඩම්බරයක්. ඔබේ මෙහෙවර මෙවන් ලෙස ඇගයීම මහත්වූ සතුටට කරුණකි. (නි)

:       0       0

හේරත් Sunday, 14 July 2013 09:07 AM

අගය කල හැකි මිනිස් සිතුවිලි..ආඩම්බරයි, ගුණ ගරුක සැම ගැන. වාසනාවන්......වාසනාවන්.! (නි)

:       0       0

චන්දා Sunday, 14 July 2013 05:28 PM

මෙවන් පිනැතියන්ගේ දෝතට යන්න මලක් වෙන්න ඇත්නම් මට.(අ)

:       0       0

සංජු Sunday, 14 July 2013 10:08 AM

ඔබ වැනි උතුම් මාතාවන් මුළු රටටම ආඩම්බරයක් (දී)

:       0       0

රවීන්ද්‍ර Saturday, 13 July 2013 05:52 PM

මේවා කවදත් හොද වැඩ. හාල්පාරු දේශපාලකයෝ පිලිගන්නවට වඩා රටට වැඩක් කරපු මේ අම්මට ගෞරවය දක්වපු එක අපටත් ආඩම්බරයක්.(නදී)

:       0       0

රජින්ද Saturday, 13 July 2013 06:00 PM

ඔබතුමී කල උදාර මෙහෙයට ජාති ජාතිත් ලෙඩ දුකක්... වේදනාවක්... සිත් තැවුලක්.... යනාදී කිසිදු කර්මයක් පල නොදේවා...!!! දීර්ඝායු වේවා...!!! (ත)

:       0       0

රුචිත Saturday, 13 July 2013 06:19 PM

ඇයට මුදල් තිළිණයක් දිය යුතුයි. ගරු මාතාවට අපගේ ප්‍රණාමය.(නදී)

:       0       0

විරාජ් කාලිංග Saturday, 13 July 2013 06:23 PM

දිර්ඝායු ලැබේවා ඔබ තුමියට, කලගුණ දත් මිනිසුන් පිරිසක් සිටීමත් සතුටක් මේ වගේ වැඩසටහනක් සංවිදානය කිරීමට.(නදී)

:       0       0

පිටබෙද්දර ජයා Saturday, 13 July 2013 06:35 PM

රටටම ආදර්ශයක් , ඔබ තුමියට දීර්ගායුස ! (අ)

:       0       0

වසන්ත Saturday, 13 July 2013 06:37 PM

කාලගුණ දන්නා මිනිසුන් විසින් උදාර කාන්තාවකට දක්වන ලද වටිනා සත් ක්‍රියාවක් කෝ? ආයතන ලොක්කෝ දේශපාලුවෝ එයාලට ඕව පෙනෙන්නේ නැහනේ (අ)

:       0       0

ඩී.උපුල් Saturday, 13 July 2013 06:44 PM

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එතුමිය ජනතා සේවිකාවක්මයි. මේක තමයි සේවය සහ වෘත්තීය අතර වෙනස.(නදී)

:       0       0

දුමින්ද Saturday, 13 July 2013 06:44 PM

මෑණියනි ඔබට දීර්ඝායු ,අපට ඔබ ආදර්ශයකි.(නදී)

:       0       0

චන්දි Sunday, 14 July 2013 12:15 PM

අගය කළ යුතු දෙයක්. මගේ ගමේ නුනත් මගේ මව්බිමේනේ (දී)

:       0       0

ජෙෆ් Sunday, 14 July 2013 12:19 PM

ඇය මවුවරුන්ගේත් මවක්! පින්බර මාතාවක්! ඇයගේ මුහුනෙම එම සටහන ලියවී තියනවා. ඔතන ඉන්න ඔය පොඩි මල් කැකුළු සියල්ලකට නිරෝගිව පිපෙන්නට ඉඩ විවර කර දෙන්නට ඇගෙන් ලැබුන දායකත්වයටත්, මිනිසුනි ඔබ දක්වපු උපහාරයටත් මගෙනුත් තුති! (දී)

:       0       0

සරත් අතාවුද Sunday, 14 July 2013 12:19 PM

ඔබ නියම මාතාවකි. ලොවටම ඔබ ආඩම්බරයකි (දී)

:       0       0

පෙරේරා Saturday, 13 July 2013 06:56 PM

ඔබතුමිය කල උදාර අදර්සමත් සේවයට ස්තුතිය පුදකරමි. එතුමියට නිදුක් නිරෝගී බව පතමි. (අ)

:       0       0

තිසර Saturday, 13 July 2013 07:00 PM

අපේ ගමට ඔබ තුමිය කල උදාර සේවය අපි හද පතුලෙන්ම අගය කරන්නෙමු. ඔබ තුමිය අපට කළ සේවයේ පිනෙන් තවත් බොහෝ කාලයක් නිදුක් නිරෝගී සුවයෙන් ජිවත් වීමට ලැබේවි අපි හදවතින් ප්‍රර්ථනා කරන්නෙමු .දිර්ඝායුවේවා!(නදී)

:       0       0

සම්පත් ප්‍රියංකර Saturday, 13 July 2013 07:04 PM

උත්සවයේ ඔබ තුමී පිළිගන්න රැස්ව සිටින දරුවන්ගෙන් බොහෝ දෙනෙකුගේ උපතේදී ඔබ විසින් වින්නඹු කර ඇති බවට කිසිම සැකයක් නැත...ඔබට දීර්ඝායු...(නදී)

:       0       0

දිනේෂ් Saturday, 13 July 2013 07:13 PM

ගූඩ් ජොබ් (අ)

:       0       0

ජයී තිසර Sunday, 14 July 2013 12:41 PM

අවු වැසි සොබා දහමේ බාධා නොදැන.. අවුරුදු 31ක් සේවය නිසි ලෙසින.. කප්රුක ඔබයි සැම අයටම පිහිට වුන.. කුසුමකි පිපුනු අප අතරේ පරනොවෙන (දී)

:       0       0

ටී. සෙනෙවිරත්න Saturday, 13 July 2013 07:25 PM

කලාතුරකින් අහන්න ලැබුණු ප්‍රවෘත්තියක්. නියමයි ඔබට අපෙත් ප්‍රණාමය (අ)

:       0       0

නසාර් Saturday, 13 July 2013 07:35 PM

ගස් බදී ද දන්නේ නෑ සේවය හරියට ඉටු කල නිසා පරිස්සම් වෙන්න ඔබට ජය. (අ)

:       0       0

අනුර-නාවලපිටිය Saturday, 13 July 2013 07:43 PM

අනිකුත් වින්නබු මාතාවන්ට හොද ආදර්ශයක්.(නදී)

:       0       0

අනුර Saturday, 13 July 2013 07:59 PM

රටටම ආදර්ශයක් අම්මේ ඔබට දීර්ඝායු වේවා!(නදී)

:       0       0

තමේකා Saturday, 13 July 2013 08:45 PM

බුදු සරණයි ඔබතුමිය කල සේවයට සදා ජය..(නදී)

:       0       0

උපාලි Saturday, 13 July 2013 08:58 PM

අප මාතාවන්ට නිදුක් නිරෝගී බව පතමි. රටටම ආදර්ශයක් අම්මේ ඔබ. ඔබට දීර්ඝායු වේවා.(නදී)

:       0       0

අමිළ කටුනායක Saturday, 13 July 2013 09:07 PM

දෙවියොත් නමට වදී.(නදී)

:       0       0

ගාමිණී-සිරි Saturday, 13 July 2013 09:49 PM

පවුල් සෞඛ්‍ය සේවිකාවක් කියන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පහළ තනතුරක්. මෙම උපහාර උළෙල සංවිධානය කළ ග්‍රාම සේවා නිලධාරි කියන්නේ පරිපාලන ක්ෂේත්‍රයේ පහළ තනතුරක්.වසර 31 ක් තිස්සේ අඛණ්ඩව, නිර්මල සේවයක් ඉටුකිරීම නිමිත්තෙන් පොඩ්ඩෙක් සංවිධානය කළ මෙම උළෙල , ඉතාමත් අගය කළ යුත්තක්. උපහාර උළෙලවල් සංවිධාන කරන රජයේ ලොක්කන්ට ඇස් ඇරෙන මෙම කටයුත්ත බොහොම වටිනවා. කුළුඳුල් දරුවන් දහස් ගණනක් ගොඩ ගත්ත එම මෑණියන්ට දිගාසිරි !!! (නි)

:       0       0

චමිලා Saturday, 13 July 2013 10:06 PM

නුඋපන් බිලිදුන්ට ජීවය දුන් ආදරණිය අම්මේ.. ඔබට දීර්ඝායු වේවා.. හැමදාමත් ..අපි ඔබට ආදරෙයි..හැමදාටම.. සත්තයි..(දෝණි) (නි)

:       0       0

රවී ජයසිංහ Sunday, 14 July 2013 09:55 PM

ඔබ වැනි කෙනෙක් සොයා ගැනීම දුෂ්කරය .. එය හරියට එක මුතුඇටයක් සෙවීම වෙනුවෙන් බෙල්ලන් සියයක් විවර කරනවා වැනිය .. නමුත් ඔබ වැනි කෙනෙක් සොයා ගැනීම කිමිදීම අර්ථවත් කරයි.... ඔබට දීර්ඝායු ....(අ)

:       0       0

වජිරා Saturday, 13 July 2013 10:13 PM

කාලය හැමවිටම ඉගිල යයි. නමුත් අපේ මිතුදම කිසිදාක නොමියෙය්... සොයුරියේ ඔබට දීර්ඝායු..(නදී)

:       0       0

ලලිත්-එස්.එල් Saturday, 13 July 2013 10:25 PM

ඉතාමත් විශිෂ්ට ක්‍රියාවක්. ඔවැනි නිලධාරීන් නිලධාරිනියන් රටට අත්‍යවශ්‍යයි. ඔබතුමියගේ ඉදිරි කටයුතු උපරිම අයුරින් සාර්ථක වේවා !!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 452 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 967 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 622 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 964 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1408 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 586 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37642 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24812 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site