(යොහාන් භාසුර)
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (17) රාත්‍රී පැවැති දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී බී - ලව් කැන්ඩි ක්‍රීඩකයෝ ලකුණු 61 කින් ජැෆ්නා කිංග්ස් පිල පරාජය කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට සමත් වූහ.
මීට පෙර පැවැති එල්.පී.එල්. තරගාවලි තුනේම ශූරතාව දිනූ ජැෆ්නා කිංග්ස් පිල මෙවර තරගාවලියෙන් ඉවතට විසිවීම කැපී පෙනුණි. කැන්ඩි පිල සහ පළමු සුදුසුකම් ලැබීමේ තරගයෙන් පරාජයට පත්වූ ගෝල් ටයිටන්ස් පිල අතර අවසන් පූර්ව තරගය අනිද්දා (19) පැවැත්වේ.
ජයග්‍රහණය සඳහා ලකුණු 189 ක ඉලක්කය හඹාගිය ජැෆ්නා පිල ඕවර 17.2 කදී ලකුණු 127 කට සීමා විය.
කැන්ඩි පිලේ නායක වනිදු හසරංග විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 9 කට කඩුලු 6 ක් දවාගැනීමට සමත් විය. කැන්ඩි පිලේ ආරම්භක පිතිකරු මොහොමඩ් හාරිස් පන්දු 49 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 79 ක් රැස්කරමින් ඉනිමේ ඉහළම ලකුණු ලාභියා බවට පත්විය.
දිනේෂ් චන්දිමාල් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 24 කින් හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 41 ක් රැස්කරමින් කැන්ඩි පිලේ ලකුණු වේගය ඉහළ නැංවීය. බී - ලව් කැන්ඩි පිල ඕවර 20 කදී කඩුලු 8 ට 188 (මොහොමඩ් හාරිස් 79, දිනේෂ් චන්දිමාල් 41, වනිඳු හසරංග 19, කමිඳු මෙන්ඩිස් 17, අසීෆ් අලී 15, නුවන් තුෂාර 40/4, මහීෂ් තීක්‍ෂණ 37/2, අසේල ගුණරත්න 41/2) ජැෆ්නා කිංග්ස් පිල ඕවර 17.2 කදී සියලු දෙනා දැවී 127 ( රහමනුල්ලා ගුර්බාෂ් 19, ක්‍රිස් ලීන් 19, ෂොයිබ් මලික් 31, ඩේවිඩ් මිලර් 26, වනිදු හසරංග 9/6)
‘කොවිඩ් 19’ වයිරසය ලොව පුරා ව්‍යාප්ත වූ අවස්ථාවේදී, මුලින්ම එය ආසාදනය වූවන් හදවත් රෝගීන් වීමේ අවදානමක් ඇතැයි බටහිර වෛද්‍යවරු පවසති.
ඉන්දියාවේ මුම්බායි නුවර සිට ඇමෙරිකාවේ ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා යෑමට පිටත් වූ එයාර් ඉන්දියා මගී ගුවන් යානයක බෝම්බ බියක් හට ගැනුණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා අයඳුම්පත් කැඳවා ඇත.
රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි කියන ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු තිදෙනකුට ක
කෝටිපති ව්‍යාපාරිකයකුගේ 17 හැවිරිදි පුතකු පැද වූ නවීන වර්ගයේ ජීප් රථයක් ගම්පොළ බස් නැවතුම්පල ඉදිරිපිට ඇති සුදුඉර අසලදී ඉදිරියෙන් ගමන් ගත් ත්‍රී රෝද රථ
ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය .
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වනිඳුගේ කැන්ඩි පිල අවසන් පූර්ව තරගයට