IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


විනය කැඩූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගේ තහනම වසරකින් අඩු කර දඩය කෝටියක් කරයි

(යොහාන් භාසුර)

එංගලන්ත සංචාරයේදී විනය කඩ කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාට විශේෂ පංච පුද්ගල විනය කමිටුව පනවූ දඩුවම සංශෝධනය කරමින් ක්‍රිකට් තහනම වසරකින් අඩු කර දඩය ලක්‍ෂ 50 කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව  තීරණය කළේය.

විනය කමිටුව පැනවූ ඩොලර් 25,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 50 බැගින් වූ දඩය රුපියල් කෝටිය (ලක්‍ෂ 100 ක) බැගින් ලෙස ඉහළ දමා ඇති අතර වසර දෙකක තහනම වසරක අන්තර්ජාතික ක්‍රිකට් තහනමක් ද, මාස හයක දේශීය තරග තහනමක් ද ලෙස සංශෝධනය කර තිබේ.

මෙම ක්‍රීඩකයන් තිදෙනාගේ වසරක අන්තර්ජාතික ක්‍රිකට් තහනම අවසන් වූ පසු වසර දෙකක අත්හිටුවූ තහනමක් ක්‍රියාත්මක වන අතර එය ක්‍රිකට් ක්‍රීඩා කිරීමට බලපෑමක් නොකරයි.

වරදකරුවන් වූ කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කරන මනෝවෛද්‍යවරයකුගේ උපදෙස් සඳහා යොමු විය යුතුය.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයකු පැවසුවේ එම ක්‍රීඩකයන් තිදෙනාගේ ක්‍රිකට් දිවිය පිළිබඳව අවදානය යොමු කරමින් ක්‍රිකට් තහනම පමණක් අඩු කිරීමට පියවර ගත් බවයි.

 



අදහස් (12)

විනය කැඩූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගේ තහනම වසරකින් අඩු කර දඩය කෝටියක් කරයි

p.d goonawardena Saturday, 31 July 2021 09:11 AM

යකාගේ විනය කමිටුවක්නේ... ආයිත් නායකයාවම කරමු අර බින්දුසාරයාව​... මේ අයව ආයිත් සදහටම ක්‍රීඩාංගණවල දකින්න නොලැබේවා කියලා තමයි ප්‍රේක්ෂක අපේ ඒකායන පැතුම...

:       1       131

RaveendraSaturday, 31 July 2021 11:53 AM

ලබන සතියේ අවිනීතව හැසුරුණු ලංකාවේ නම කතාකළ මොවුන්ව විනීත දරුවන් ලෙස සියලු වැරදිවලින් නිදොස්කර නිදහස් කරන ලදී.. මේ නොකියා කියන්නේ නුඹලා අවිනීතව හැසිරියව්, නුඹලා ලකුණු නොගත්තාටද කමක් නැත "විධායක කමිටුවේ හරකුන් වන අප වැජඹෙන්නට ඕනෑ යන්න නොවේද?‘‘ මෙම අදහස් විධානයක් නැති විධාන කමිටුව නමැති දියබරියන්ට කියවීමට හැකි වේවා...!!!

:       0       317

RaveendraSunday, 01 August 2021 06:32 AM

මෙහි නියම අර්ථය වන්නේ "කිසිම විනයක් නොමැති විධායක කමිටුවක්" ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන බව නොවේද? එය මෙම ගොන් තීරණ වෙනස්වීම් තුළින් අට පහ නොදත් ඕනෑම කෙනෙකුට තේරෙන සත්‍යයකි. එමගින් අපගේ අනාගත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ විනය පිරිහීමට කිසිදු විධානයක් නොමැති මෙම විධායක කමිටුවේ "ලොන්තයින් ඍජුවම වගකිව යුතුමයි". මෙම අදහස් ක්‍රීඩා "ඇමතියාට" මෙන්ම අවිනීතව ක්‍රීඩාව විධානය කරන විධායක කමිටුවේ "ගොබ්බයින්ට" මෙන්ම අති දක්ෂයින් ලෙස කෑමොර දෙන බින්දුමතීලාට සහ බෝක්කු පාලලාටද කියැවීමට ලැබේවා...!!!

:       0       0

sachith Saturday, 31 July 2021 09:36 AM

ඔන්න බලන්න තව මාසයක් දෙකක් යනකොට ඔයා අවුරුද්දක් කිව්ව එකත් නිකන්ම අඩුවෙලා කිසිම දේශීය තරගාවලියක දක්ෂතා පෙනෙන්නේ නැතුව මේ තුන්දෙනා කණ්ඩායමට එන හැටි.. විශේෂයෙන්ම ඉස්සරහාට එන ලෝක කුසලාන සංචිතයට මේ 03 උඩින් පත්වෙනවා...

:       0       118

Mass Saturday, 31 July 2021 10:52 AM

මාස 06කට පෙරම බෝර්න් අගේන් වී නැවත එනු ඇත...

:       0       74

kamal Saturday, 31 July 2021 11:44 AM

ඩොලර් හිඟ වෙලාවේ කොහොම හරි කියලා හරි හොයාගන්නත් එපෑයෑ.

:       0       107

සමරේSaturday, 31 July 2021 12:19 PM

ඩොලර් හොයා ගත්තා කියලා අපිට ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නය තියෙන්නේ දඬුවම් කාලය අඩු කරපු එක ගැනයි. මේ අය ක්‍රිකට් පාලනය කරන අයගේ වළං හෝදන්න වුණත් එන්නම් කිව්වද දන්නේ නෑ.. දඬුවම් කාලය අඩු කරේ...

:       0       16

Warnakulasuriya Shirantha Saturday, 31 July 2021 12:40 PM

තව ලක්ෂ 50ක් වැඩිකරලා දඩේ.. එයාලාව ඇතුළට ගන්න...

:       0       4

DM Saturday, 31 July 2021 01:45 PM

ආණ්ඩුවේ ලොක්කෙක්ව අල්ල ගත්තොත් ජනාධිපති සමාව ගන්න පුළුවන්.

:       0       94

siri Saturday, 31 July 2021 02:14 PM

ඉතින් කොහොමද නවකයින්ට ආදර්ශයක් දෙන්නේ?

:       0       44

Don perera Saturday, 31 July 2021 02:37 PM

සර්ට කියන්න...!!

:       0       5

dammi Saturday, 31 July 2021 06:27 PM

ගොඩක් හොඳයි...!!!

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුරාධපුරයට ලැබුණු පිළිකා නසන යන්ත්‍රය කරාපිටියට උස්සයි?
2024 නොවැම්බර් මස 06 6 0

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්


ගුරා, සෙබළා සමග ගුරු නිවාසයේ අයිස් ගහලා
2024 නොවැම්බර් මස 06 332 1

කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප


හජ් වන්දනාවට 3500කට අවස්ථාව
2024 නොවැම්බර් මස 06 170 0

මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනපතිවරණ සමයේ අනුරට මඩ ගැසූ අය අල්ලනු
2024 නොවැම්බර් මස 06 764 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිප


බඩ ඉරිඟු නඩුවෙන් අලෝසියස්ට ඇප
2024 නොවැම්බර් මස 06 565 1

නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු ර


වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්
2024 නොවැම්බර් මස 06 363 0

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 27 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1352 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site