IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


‘වෙනසට දායකවූවන්ට දැන් ඇත්තේ වේදනාවක්‘

‘ජනතාව මොර සූරන වැස්සක් බලාපොරොත්තු වුවත් ආණ්ඩුවට ලබා දීමට හැකි වී තිබෙන්නේ පොද වැස්සක් බවත්, ආණ්ඩුව බලයට ගෙන ආ පිරිසට දැන් ඇත්තේ වේදනාවක් බවත් රාවය පුවත්පතේ නිර්මාර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා පැවසීය.

රාවය පුවත්පතින් අනාවරණය කරන ලදුව පසුව ප්‍රසන්න විතානගේ මහතා චිත්‍රපටයක් ලෙස ඉදිරිපත් කළ ලෙනින් රත්නායක මහේස්ත්‍රාත්ගේ අපයෝජන සිදුවීම හා එය යටපත් කිරීම ගැන නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, අධිකරණ පද්ධතියේ ගරා වැටීම ගැන සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසත් අයිවන් මහතා ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

වික්ටර් අයිවන් මහතා එම ඉල්ලීම් කළේ රාවය පුවත්පතේ 30 වැනි සංවත්සරය වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක සම්බන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයක් අමතමිනි. ‘රාවය තිස් වසරක පටිසෝතගාමී අභිචාරිකාව‘ ලෙස උත්සවය නම් කර තිබිණි.

මෙම උත්සවයට පක්ෂ විපක්ෂ දේශපාලකයෝ සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ සහභාගී වූහ.

මෛත්‍රීපාල සිරිසේන ජනපති , රනිල් වික්‍රමසිංහ අගමැති, ආර් සම්බන්දන් විපක්ෂ නායක, අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ රාහුෆ් හකීම් මුස්ලිම් කොන්ග්‍රසයේ නායක සහ වික්ටර් අයිවන් මහතා  දේශන පැවැත්වූහ.

සංවත්සරයට සමගාමීව පැවැත්වූ තරුණ විචාර තරඟයෙන් ජය ලැබූ ඔෂනි පීටර්ස්, ප්‍රියදර්ශනී චන්ද්‍රසේකර සහ කල්පන පෙරේරාට ජනපති අතින් සම්මාන පැරිනැමිණි.

_DSC0494 _DSC0510 _DSC0516 _DSC0525 _DSC0527 _DSC0530 _DSC0609 01(51) 02(35) 03(65) 04(26) 06(17) 07(18) IMG_0263 IMG_0337 IMG_0352 IMG_0373 IMG_0380 IMG_4666 IMG_4687



අදහස් (0)

‘වෙනසට දායකවූවන්ට දැන් ඇත්තේ වේදනාවක්‘

උපාලි Wednesday, 16 November 2016 07:33 AM

2015 දී මහින්ද අපුරු එඩිතර එහෙත් අනවබෝධයකින් වැරදි තීරණයකට ගොස්, ඒ නිසාම පැරදුනු නායකයාගෙන් බලය ලබාගත් යහපාලන නායකයිනි, ඔබට තිබුනේ මහින්ද බිය පමණි. ඉලක්කය එතුමා පැරදවීම පමණි. ඔබට එතුමාගේ යුදබියෙන් සිටි රට බේරාගෙන කළ මහා සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමටවුවද සැළසුමක් තුබුණේ නැත. ඔබ කළ සියලු දේවල් වලින්ම රටට සිදුවුයේ හානියකි. (නි)

:       0       0

ගුණසිරි Wednesday, 16 November 2016 07:46 AM

සමහරු දෙපැත්තටම කත්ඇදලා, පාට සේදිලා දැන්. ඉස්සර රතුපාට, ඉටපසුව නිල් පාට, දැන්? (නි)

:       0       0

අර්ජුන Tuesday, 15 November 2016 04:18 PM

ඇත්තටම ඇත්ත . අපි දැන් ගිලගත් දේ වමාරන්න බැරිව ඉන්නේ මේ නස්පත්ති හින්ද (අ)

:       0       0

ජයරත්න Tuesday, 15 November 2016 04:31 PM

ඒ වෙලාවේ රාජපක්ෂව පරාජය කරන එක මහා විශාල අභියෝගයක් ලෙස තිබුණ නිසා ප්‍රතිපත්ති කතා කරන එක මඟහැරුනා. දැන් කරන්න ඕන පක්ෂ සහ පුද්ගලයින් පැත්තක තියල 2020 බලාගෙන පොදු වැඩපිළිවලක් සංවාද කිරීමයි. අපිට කලකිරීමක් තිබුනත් ජනවාරි වෙනස නොවුන නම් රට මේ වෙනකොට අපායක්. (අ)

:       0       0

හර්ෂ Tuesday, 15 November 2016 04:37 PM

හරි හරි . මම පොද වැස්ස ලොකු කරන්නම්කො. අයිසෙ, මං බලන පත්තර වල වේදනාව තිබුනේ නෑනේ. (අ)

:       0       0

ලුසේනා Tuesday, 15 November 2016 04:39 PM

මානසික ආබාද ඇති මිනිස්සු. (අ)

:       0       0

හෙසාන් Wednesday, 16 November 2016 08:16 AM

ගුණසිරි මහතා, දැන් මඩපාට (නි)

:       0       0

සුරාජි Tuesday, 15 November 2016 05:01 PM

පොද වැස්සවත් නැතිව හෙනගෙඩි මහජනයාට (අ)

:       0       0

විදානේ Tuesday, 15 November 2016 05:49 PM

වේදනාවකට වඩා අපට ඇත්තේ තරහක් (නි)

:       0       0

ගාමිණී Tuesday, 15 November 2016 05:54 PM

අනුරගේ නිර්භීතකම හා කොන්ද කෙළින් තියාගැනීම ජතාවට ආඩම්බරයක් (නි)

:       0       0

විරාජ් Tuesday, 15 November 2016 06:21 PM

නොබියව කාගේත් මුහුණට කෙළින් කතාකරන මාධ්‍යවේදියෙක්. එ්කට මං ගරු කරනවා මෙතුමාට. රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැව්ව එක හරි තීරණයක්. නමුත් ඒ ජනතා අභිලාශය ඉටුකරගන්න බැරි වෙලා තියෙනවා අදටත්. ලාබෙට පරිස්සු සීනි කන්න නොවේ ඇත්තටම ඔබතුමන්ලව පත්කළේ. පසුගිය හොර නඩය කොල්ලකාපු මහජන ධනය අාපහු ගනී කියලා හිතලයි. නමුත් දැන් අලුත් හොරු ටිකක් පත්වුණ එකයි වුණේ. එ්කයි කණගාටුව මිනිසුන්ට (නි)

:       0       0

පද්මිණි Tuesday, 15 November 2016 07:22 PM

අධිකරණය ගැන විශ්වාසය තුරන් වෙන්නට කලින් ජනපතිතුමනි, ඔබ මැදිහත් වන්න. අපට යම්කිසි අකාල වැස්සක් ගැන ඉවක් දැනෙනවා. (නි)

:       0       0

රංග Tuesday, 15 November 2016 07:57 PM

ජාතිවාදීන් 'ආර්ථික මෙහෙයුම් කමිටුව' හරහා මේ රටේ ආර්ථිකය බිමට සමතලා කරද්දී, ෆෙඩරල් සංහිඳියාවට පාර කැපෙද්දී, යහපාලන පොද වැස්සෙන් අපි සැනසී සිටිමුද? අපි දුටුගැමුණු නරේන්ද්‍රයානන්ගෙනුත්, සෙනරත් නිරිඳුන්ගෙනුත් යහපාලනය සහ සංහිඳියාව පිළිබඳ ප්‍රායෝගික භාවිතාව අත්දුටුවෙමු. ඒ සිංහල පිළිවෙත කිසිදු සත්ත්වයෙකුට දුක, කඳුල වේදනාව ළඟා කර දී නැත. ඒ සියල්ල බැහැර කරමින් බටහිරට අවශ්‍ය පරිදි කටයුතු සැළසීමද බලාපොරොත්තුව? (නි)

:       0       0

රුවනි Tuesday, 15 November 2016 09:17 PM

ලංකාවේ දේශපාලනය අසාර්ථකයි. ජනතාව බොහෝදුරට කළකිරීමට පත්වෙලා. පසුගිය රජයට කළත් චෝදනා කිසිවක් ඔප්පු කරන්ට නොහැක. පවතින දේශපාලන අස්ථීර බව නිසා රටට ආයෝජන එන්නේ නැත (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Tuesday, 15 November 2016 09:46 PM

ඔව් ජයරත්න, ජනවාරි වෙනස නැත්නම් අපි අපායක. මොකද අපි දැන් ඉන්නේ දෝරේ ගලන සතුටකින්නේ. අනේ මොකටද කට! අයිවන් මහත්තයා ගැන පොතක් ලිව්වොත් හිටලර්ගේ ගොබෙල්ස් පවා පරාද වේවි. 1994 දි මේ රටට කරපු වින්නැහිය 2015 දී ආයෙත් කළා. අපි ආයෙත් රැවටුනා (නි)

:       0       0

ශානක Tuesday, 15 November 2016 09:52 PM

ජයරත්න, කොහොමද වෙනසක අරුමේ. රටට නම් කරුමේ. (නි)

:       0       0

සත්‍යයා Tuesday, 15 November 2016 10:20 PM

මේ පොද වැස්සෙන් වික්ටර් අයිවන්ට සෙම්ප්‍රතිශ්‍යාව හැදෙනකොට ආණ්ඩුවේ එක්තරා ප්‍රභලයෙක් පමණක් මල් වැස්සකට හසුවීම නිසාදෝ කියලා තිබෙන යම් කතාවක් නිසා, ඒ දෙන්නටම වියදම් කරලා තියෙන්නේ එකම බලවේගයක් කියන නිගමනයට වුණත් අපට එන්න සිදුවෙනවා. (නි)

:       0       0

චන්දා Tuesday, 15 November 2016 10:32 PM

මේ සරුව පිත්තල යහපාලන ප්‍රෝඩාව අනුමත කරමින් බහුතර ඡන්දය දුන් ලක්වැසියන් විඳවයි ඉදිරි දශක දෙක තුනක්වත් (නි)

:       0       0

ජයන්ත Tuesday, 15 November 2016 11:04 PM

වික්ටර් අයිවන් මහතාගේ සේවය අගය කරමි. රාජපක්ෂ වියරුවෙන් රට ගළවාගත් සැමට පින්. මෙතැන් සිට වැරදි නිවැරදි කරගමු. මන්ත්‍රී පර්මිට් අහෝසි කරමු. ඕනෑමයි කියනවා නම් පර්මිට් විකිණීම තහනම් කරමු. කවදාහරි පර්මිට් වලට ගෙනා වාහන විකුණනවා නම් ඒ වෙලාවේදී බදු අයකරගමු. මේ මුදල් රෝහල්වල අඩුපාඩු පිරවීමට යොදවමු. (නි)

:       0       0

බන්දුල Wednesday, 16 November 2016 12:07 AM

ජයරත්න, 2005 වෙනස නොවුණා නම් රට මේ වෙනකොට කොහොම තිබේවිද නේද? ඊයේ පෙරේදා ඉපදුන මිනිස්සු ඕවා දන්නේ නැහැ. මොකද දැන් පාසල් වල ඉතිහාසය ඉගැන්වීම නවත්වලා (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 16 November 2016 12:10 AM

ඔව් ඔව් හර්ෂ, ඔබ බලන්නේ පත්තර වල තිබෙන ඉඩකඩම් ගැන පමණයි. බලන්න ලංකාදීපය! (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 16 November 2016 12:13 AM

ගිලගත් දේ වමාරන්න කොහොමද අර්ජුන, ගිල්ලේ කඩුවක්නේ. අර කතාවට කියන්නේ කඩුව ගිල්ලා වගේ කියලා. (නි)

:       0       0

ඇන්ජලෝ Wednesday, 16 November 2016 12:41 AM

මට මතකයි ප්‍රේමදාස රජයේ වුණ අකටයුතුකම් ගැන මෙතුමා නොබියව කරුණු ඉදිරිපත් කළා. මම එතකොට පාසල් ශිෂ්‍යයෙක්. වික්ටර් අයිවන් වගේ අයගේ පුවත්පත් නිසා අපේ රටේ වැහිලා යාමට තිබු දේශපාලන අපරාධ හා අකටයුතුකම් විශාල ප්‍රමාණයක් එළිදරව් වුණා. ඒ වගේම සාධාරනයක් ඉටුවුණා. රාවයෙන් අපේ රටට ඉටුවූ සේවය ගැන තුති! (නි)

:       0       0

ටෙෂාන් Wednesday, 16 November 2016 12:47 AM

වෙනස දැන් ගොඩක් අයට අරහං වෙලා තියෙන්නේ (නි)

:       0       0

ඉන්දික Wednesday, 16 November 2016 12:47 AM

ඇත්ත කතාකළාට ස්තූතියි (නි)

:       0       0

ජයාත් Wednesday, 16 November 2016 12:47 AM

මේ අය ලියන හුඟක් දේවල් වල තියෙන ඇත්ත තේරුම් ගන්න තරම් දේශපාලඥයෙක් අපේ රටේ නැහැ (නි)

:       0       0

පහන් Wednesday, 16 November 2016 12:52 AM

සහතික ඇත්ත, තිබුන ආණ්ඩුව දහස් ගුණයක් හොඳයි. ඡන්දයක් තියන්නේ නැතුව වචන නාස්ති කරනවා (නි)

:       0       0

රෝහණ Wednesday, 16 November 2016 12:55 AM

කොහොමද අගමැතිතුමා ඇතුළු පිරිස අනුරලා කියපු දේවල් අහගෙන හිටියේ? (නි)

:       0       0

ලයනල් Wednesday, 16 November 2016 01:00 AM

බය නැතුව කියන්න පුළුවන් රටට මිනිසුන්ට ආදරය කරන පත්තරයක් කියලා (නි)

:       0       0

ටෙෂාන් Wednesday, 16 November 2016 01:14 AM

අපි නම් හිතෙන් දැන් සෑහෙන විඳවනවා (නි)

:       0       0

සලීම් Wednesday, 16 November 2016 01:14 AM

ජනාදිපතිතුමා සහභාගිවන රැස්වීම් වලදි එතුමාව වර්ණනා කරනවා මිසක් රටේ සැබෑ තත්වය මෙතෙක් කිසිම කෙනෙක් පවසා නැත. වික්ටර් අයිවන් මහතාට ගොඩක් පින්! (නි)

:       0       0

සුරංග Wednesday, 16 November 2016 01:32 AM

වෙනස අරහං වුණත් නැවත රාජපක්ෂ ප්‍රමුඛ හොර කල්ලිය බලයට පත්කර ගැනීම උත්තරයක් නෙමෙයි. පළාත් පාලන ඡන්දයේදී වැඩි බලයක් ජවිපෙට දී බලමු එයාලගේ වැඩ. ඒ වැඩ අනුව තීරණය කරන්න මහා ඡන්දෙදි ජවිපෙට බලය දී බලනවද නැද්ද කියලා. (නි)

:       0       0

සුනිල් පෙරේරා Wednesday, 16 November 2016 01:39 AM

වෙනසකට කතිරය ගහපු අය කවුරුත් දැන් හොයාගන්ට බැහැ. නියම වැඩේ වුණේ. උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් ... (නි)

:       0       0

ආර්. වික්‍රම Wednesday, 16 November 2016 01:54 AM

අනේ අනේ මේ සුරංග, රාජපක්ෂ හින්දා තමයි ඔහේ ඔහොමවත් කට අරින්න අද ඉතුරු වුණේ. නිකන් දොඩවන්න එපා! (නි)

:       0       0

ඔසධ Wednesday, 16 November 2016 01:57 AM

මෙහෙම කෙළින් කතාකරන අය ගැන ජනතාවට ඇත්තේ ලොකු ප්‍රසාදයක් (නි)

:       0       0

ජයවර්ධන Wednesday, 16 November 2016 01:58 AM

වික්ටර් අයිවන් කියන්නේ අවංක මනුෂ්‍යයෙක් (නි)

:       0       0

සිරිමත් Wednesday, 16 November 2016 02:06 AM

බොහොම හොඳ දෙයක්. මුලින්ම සමගිව එකතුවෙමු. සමගිව විවේචනය කරමු. සමගිව විසිර යමු. පස්සේ සමගිව හොරකම් ටික නවත්වාගන්න පුලුවන්. රාවයට ජය. (නි)

:       0       0

කැනඩා දිසා Wednesday, 16 November 2016 02:10 AM

ජයරත්න,මම ඔබව අගයමි. (නි)

:       0       0

පාලිත Wednesday, 16 November 2016 02:10 AM

මෙයාලට ඕනෑ වුණේ මහින්ද පැරදවිම පමණයිනේ (නි)

:       0       0

ලක්ෂි Wednesday, 16 November 2016 03:01 AM

ප්‍රභාකරන් හිටිය කාලේ මේ රට සුරපුරයක් නේද ජයරත්න (බ)

:       0       0

සෙනරත් Wednesday, 16 November 2016 03:08 AM

දිනන්න බැරි කෙනෙකුට ඕනේ තරම් පොරොන්දු දෙන්න පුළුවන්. එ්ක තමයි මේ ආණ්ඩුවට වුනේ. රුපියල් 10,000 ක් පඩිය වැඩි කරනවා කිව්වා. දින 100ක වැඩ 100 ක් කිවුවා. රටේ බහුතරයක් මධ්‍යම පාන්තික බඩ ගැන හිතන,කෙළෙහිගුණය නැති ජනතාව ඡන්දෙ දුන්න. (බ)

:       0       0

සුමුදු Wednesday, 16 November 2016 03:09 AM

සුරංග හරි,,මමත් මේ පාර ජේවීපී එකට. හැබය් පුතෝ වැඩේ වැරැද්ද ගත්තොත්නම් ජේවීපී එකට ආයේ දෙන්නේ නෑ. එ්ත් කාටද ආයේ දෙන්නේ...(බ)

:       0       0

රුවන් Wednesday, 16 November 2016 03:11 AM

පොද වැස්සකුත් නෙමෙයි.(හේ)

:       0       0

සුමුදු Wednesday, 16 November 2016 03:12 AM

වික්ටර් අයිවන් කියන්නේ මම අගයන එකම එක පත්තර කලාවේදියා . ඔහු පත්තරෙන් පමණක් නෙමෙයි ප්‍රයෝගිකව ගොඩක් ජයග්‍රහණ මේ රටට අරන් දීලා තියෙනවා .(හේ)

:       0       0

පීරිස් Wednesday, 16 November 2016 03:14 AM

ඔබතුමා කියන දේත් ඇත්තක් තියෙනවා.(හේ)

:       0       0

ලලිත් Wednesday, 16 November 2016 03:15 AM

දුප්පත් ජනතාවටමයි දැන් පහර වදින්නේ.(හේ)

:       0       0

රත්නසිරි Wednesday, 16 November 2016 03:16 AM

වික්ටර්අයිවන් මහතා කියන දේ හරි.(හේ)

:       0       0

චන්ද්‍රා Wednesday, 16 November 2016 03:24 AM

රට දිනවන්න බලන්න, පක්ෂ දිනවන්න ගියොත් හිටපු තත්වයටත් වඩා පහළ යනවා.(හේ)

:       0       0

සුජිත් ගුණසේකර Wednesday, 16 November 2016 04:12 AM

රටක් වටින මහින්ද පරාජය කළාට ඔහොම වෙලා මදි (බ)

:       0       0

විපුල Wednesday, 16 November 2016 04:39 AM

වෙනස මාරයි . කාලා හමාරයි. (ම)

:       0       0

ජයම්පති ගුණතිලක Wednesday, 16 November 2016 04:54 AM

නිවැරැදී දැක්මක් හෝ නිවැරදි දර්ශනයක් නොමැති මිනිස්සු ටිකක්. කවදාවත් මේගොල්ලන්ට මෙරට ගොඩදාන්න බෑ (ම)

:       0       0

සේරම් Wednesday, 16 November 2016 05:12 AM

ඔබට වගේම අපටත් අවසානයේ ලැබුණේ නායකයකු නැති වීමේ පසුතැවීම පමණයි (ම)

:       0       0

මොහාන් Wednesday, 16 November 2016 05:25 AM

කාට කාටත් දැන් යථාර්ථය අවබෝධවෙලයි තියෙන්නේ (නි)

:       0       0

ගයාන් Wednesday, 16 November 2016 05:39 AM

කොමිස් ලැබීම හා හොරකම අතර වෙනසක් නැද්ද? දැන් එළිපිට අමු අමුවේ වංචනික වැඩ සිදුවෙනවා. උනුත් එකයි මුනුත් එකයි කියලා එජාපය බේරාගන්න හදනවා (නි)

:       0       0

කුෂාන් Wednesday, 16 November 2016 05:51 AM

ජයරත්නලා සුරංගලා අප රටේ ජීවත්වෙන අයද? නැත්නම් පිටසක්වලින් හෝ එන්ජීඕ ඩොලර් වලින් ජීවත්වෙන අයද? රට ගැන අවබෝධයක් ඇත්තෙම නැහැ. නොදන්නා ඒවාට අදහස් නොදා හිටියා නම් හොඳයි. රාජපක්ෂලා එළවලා දැන් දිව්‍ය ලෝකයට ළඟාවෙලා ඉන්නවද? අපරාදේ අපි රාජපක්ෂලා එළවාගත්තේ. වැරදුන තැන හදාගෙන ඉවරයි. නැවත අපි මහින්දට. ඔහුට සුබ පතමු.....!! (නි)

:       0       0

ජයන්ත Wednesday, 16 November 2016 05:51 AM

මෙහෙම ඇණගත් කාලයක් නම් අපට මතක නැහැ. අපිට මේවා හොඳ පාඩම්. (නි)

:       0       0

ගොඩගේ Wednesday, 16 November 2016 06:05 AM

කවුරුහරි පොඩ්ඩක් මතක් කරනවද මෙච්චරකල් අල්ලපු කලින් හිටි අයගේ මෙගා හොර? ලොකු ලොකු කතා කිව්වට කෝ විසිල් විතරයි බල්ටි නැහැනේ. එ්කනේ මේ වික්ටර් මහත්තයත් කියන්නේ (නි)

:       0       0

ජනහිත Wednesday, 16 November 2016 06:29 AM

මේ ලියලා තියන ඒවා දැක්කම තව මොනවා කියලා කියන්නද. සමහරු නම් මැරිලා අලුතින් ඉපදිලා වගේ කතා කරන්නේ. (නි)

:       0       0

රන්ජිත් Wednesday, 16 November 2016 06:46 AM

බලාගෙන යද්දී මේ ඔක්කොම එකයි (නි)

:       0       0

නාමල් Wednesday, 16 November 2016 06:48 AM

මෙහෙම කතාකළ එකට අපිට හරිම සතුටුයි (නි)

:       0       0

වීරවර්ධන Wednesday, 16 November 2016 06:48 AM

වික්ටර් අයිවන් හරියට හරි. නියම කතාව. අපි බලමු මේ රජය හදාගන්න. නැත්නම් වෙන වෙනසකට යන්න වෙන එක අනිවාර්යයි. (නි)

:       0       0

මොහාන් Wednesday, 16 November 2016 06:48 AM

මෙතන අදහස් දාපු වැඩි දෙනෙකුට වික්ටර් මහත්තයා කියපු දේවල් තේරිලා නැහැ. එතුමා කියන්නේ රාජපක්ෂ හොඳ බව නෙමෙයිනේ (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 16 November 2016 07:01 AM

ජයරත්න මහතාගේ කතාව හරියටම හරි (නි)

:       0       0

රකිත් Wednesday, 16 November 2016 07:07 AM

අනේ මන්දා අපිට නම් මේවා ගැන දැන් එච්චර ගානක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1124 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 1 0

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 79 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට
2024 ඔක්තෝබර් මස 11 337 0

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 1199 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 279 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39936 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25916 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 194 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site