IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


වෙනස්ම රසයකින් ත්‍රිකුණාමලයේ සංචාරයක්‌

2016-11-20-ent-86

දීර්ඝ සතිඅන්තයක් යෙදෙන මාසයක නිදහසේ වෙනස්ම ආස්වාදයක් ලබාගන්නට ඔබටත් සිතේ නම්, ඒ සඳහා උචිත සංචාරක ප්‍ර‘දේශයක් ලෙස ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය නම් කළ හැකියි. තරුණයන් ලෙස ස්වභාව සෞන්දර්යය විඳින ගමන්ම මදක් අවදානම් සහිත සංචාරයක අත්දැකීමක් විඳගැනීමට නම් ඔබේ ගමනට දුම්රියක ආසන වෙන්කර ගැනීමත්, ත්‍රිකුණාමලයේදී බෝට්ටු සවාරියක නිරතව මුහුදු පතුලට කිමිදී අලංකාරය නැරඹීමත් සිදුකළ යුතුමය. ත්‍රිකුණාමලයේ සංචාරක ස්ථාන පිළිබඳ සටහන් කරන්නට මත්තෙන් සංචාරය කිරීමට ප්‍රථම සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් සටහන් කිරීම වටියි. ඒ, සංචාරයට මාසයකට පමණ පෙර සිට එය සැලසුම් කිරීම සංචාරයේ උපරිම ආස්වාදය ලබාගැනීමට මගපාදන බැවිනි.

2016-11-20-ent-62මුලින්ම ඔබ ත්‍රිකුණාමලයේ සංචාරය කිරීමට අදහස් කරන දින ගණන තීරණය කළ යුතු වන්නේ සැහැල්ලුවෙන් හා විනෝදයෙන් යුතුවය. මන්ද, මෙම සංචාරය නිමකිරීමට අඩුම තරමින් දින තුනක්වත් ගතවන නිසත්, ඔබ නරඹන ඇතැම් ස්ථානවලට ඇතුළුවීම සඳහා අවසර ලබාගැනීම සංචාරයට ප්‍රථමව සිදුකළ යුතු නිසත්ය.

ඔබ අඩු වියදමින් ගමන සැලසුම් කිරීමට අපේක්ෂා කරන්නේ නම්, එයට ගැළපෙන විසඳුම දුම්රියයි. ඔබ කාලය කළමනාකරණය කරමින් මෙම ගමන සැලසුම් කරයි නම් ඒ සඳහා රාත්‍රී දුම්රියේ නිදන මැදිරි අසුන් වෙන්කර ගැනීම උචිත වෙයි. කොළඹ කොටුව දුම්රියපොළෙන් රාත්‍රී 9.30ට පිටත්වන දුම්රිය පසුදින උදෑසන 5.30 වනවිට ත්‍රිකුණාමලයට ළඟාවන අතර, එනිසා ඔබට ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයේ මදක් විවේක ගෙන සංචාරය ඇරඹීමට හැකියාව ලැබෙයි. ඔබ මගදෙපස නරඹමින් ගමන් කිරීමට අදහස් කරයි නම් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් උදෑසන 6.05ට ගමන් ආරම්භ කරන මඩකලපුව බලා යන "උදයදේවි" දුම්රිය හෝ ගල්ඔය හන්දිය දක්වා ගමන් කරන දුම්රියක ගල්ඔය දක්වා ගමන් කළ යුතු වෙයි.

සාමාන්‍ය‘යෙන් මඩකලපුව බලා ධාවනය වන උදය දේවි දුම්රිය ගල්ඔය හන්දිය වෙත ළඟා වෙද්දී, ත්‍රිකුණාමලය දක්වා ගමන් කරන දුම්රිය ගල්ඔය දුම්රිය ස්ථානයේ ගමන් ආරම්භ කිරීමට සූදානම්ව තිබේ. මෙසේ උදෑසන ගමන් ආරම්භ කරන ඔබට ත්‍රිකුණාමලය වෙත ළඟාවීමට අඩුම තරමේ පැය දහයක්වත් ගත වන බව මතක තබාගත යුතුය. එබැවින් වේලාව ඉතිරි කරගැනීමට නම් සුදුසු රාත්‍රී දුම්රියයි.

ත්‍රිකුණාමල නගරය හා දුම්රියපළ අතර කිලෝමීටරයක පමණ දුරක් පවතින අතර, නගර සීමාවෙන් සුවපහසු නවාතැන් ස්ථාන මෙන්ම වාහන කුලී පදනමට සොයාගැනීමට අපහසු නොවනු ඇත. එසේත් නැත්නම් අන්තර්ජාලය හරහා ත්‍රිකුණාමලය ප්‍ර‘දේශයේ ප්‍රසිද්ධ හෝටල් පහසුකම් පිළිබඳ හා දැරිය හැකි මිල ගණන්වලින් යුතු නවාතැන්පළවල් හා කුලී රථ සොයාගැනීමට හැකිවනු ඇත.

ඔබ එක්දිනක උණුවතුර ළිං බැලීම සඳහා කින්නියා ප්‍ර‘දේශයට ගමන් කරයි නම් එදිනම වෙල්ගම් රජමහා විහාරයද නැරඹිය හැක. මන්දයත් මෙම ඓතිහාසික නටබුන් සහිත විහාරය පිහිටන්නේද ත්‍රිකුණාමලය සිට අනුරාධපුර දක්වා වැටෙන මාර්ගයේම වන බැවිනි. එම ගමන් මාර්ගයේම මද දුරක් ගමන් කළහොත් ඔබට මොරවැව හමුවන අතර, එහි ස්නානය කිරීමට අවස්ථාව ලැබේ. එසේ නොමැති නම් අනුරාධපුර පාරේ වෙල්ගම වෙහෙර අසලින් වැටෙන නිලාවෙලි අතුරු පාර හරහා සුන්දර නිලාවෙලි වෙරළ තීරයට ප්‍රවිෂ්ට වීමට හැකියාව ලැබෙයි. ඔබ නිලාවෙලි වෙරළ තීරයට පමණක් සීමා නොවී පරෙවි දූපත් සංචාරයක යෙදේ නම්, එය වෙනම දිනයකට වෙන්කර නිලාවෙලි වෙනුවට මාර්බල් බීච් වෙත පිවිසිය හැකිය. ඉතා නිශ්චල වෙරළ තීරයක් වන මෙහි කුඩා දරුවෙකුට වුවද ආරක්ෂිතව ස්නානය කිරීමට හැකිවීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් නඩත්තු කෙරෙන මෙම වෙරළ තීරය තුළ ඔවුන් විසින් පවත්වාගෙන යන නිවාඩු නිකේතනයක්ද පවතියි. එක් අයෙකුට රුපියල් 20ක අවසර පත්‍රයක් ලබාගැනීමෙන් පසු මෙම වෙරළ තීරයට ඇතුළු විය හැකි අතර, ඔබගේ ආරක්ෂාව නිතැතින් මෙහිදී රැකෙනු ඇත.

ත්‍රිකුණාමලය සංචාරයේදී ඔබ නැරඹිය යුතු ස්ථානයක් ලෙස නැගෙනහිර නාවික කෞතුකාගාරය නම් කළ හැකි අතර, ඒ සඳහා සංචාරයට සති කිහිපයකට පෙර ඔබ එහි සංචාරය කිරීමට සැලසුම් කර ඇති දිනය හා පැමිණෙන අයගේ නම් හා විස්තර යොදා කෞතුකාගාරය නැරඹීමට අවසර ලබාගැනීමේ ලිපියක් නැගෙනහිර දිසාව භාර නාවික ආඥාපති, නාවික හමුදා කඳවුර, නැගෙනහිර දිසාව, ත්‍රිකුණාමලය යන ලිපිනයට යොමුකිරීම උචිත වේ.

නාවික හමුදා කඳවුරේ කෞතුකාගාරය නැරඹීම සඳහා උදෑසන කාලය වෙන්කර ගැනීම උචිත වන අතර, එහිදී දැරිය හැකි මුදලකට ත්‍රිකුණාමල වරාය හා ඒ ආශ්‍රිත මුහුදු සීමාවේ බෝට්ටු සංචාරයක යෙදීමේ අවස්ථාවද උදාවේ.

ඉන්පසුව ඔබට ෆෙඩ්රික් කොටුව, ස්වාමි පර්වතය මත ඉදිවූ ඓතිහාසික කෝනේශ්වරම් දේවාලය, Lovers Leap නැත්නම් %රාවණා කැපුම^ ලෙස හැඳින්වෙන ස්ථානය ආදිය නැරඹිය හැකිය. දරුපල නොමැති අය රාවණා යුගයේ ඉදිකළ කෝනේශ්වරම් කෝවිලට විත් භාරහාර වන %තොටිලි ගස^ මෙන්ම, මෙම කෝවිලට ගමන් ගන්නා මාර්ගයේ නිදැල්ලේ ගැවසෙන තිත් මුවන්ද නැරඹීමට හැකියාව ලැබෙනු ඇත.

එසේම ඔබ තල්මසුන් නැරඹීමට අදහස් කරයි නම්, මෙම සංචාරය පෙබරවාරි සිට අප්‍රේල් දක්වා කාලය අතරතුර යොදාගත යුතු අතර, කිමිදීමට අදහස් කරයි නම් පරෙවි දූපත් සංචාරය සඳහා කාලවේලාව වෙන්කර ගත යුතුවේ.

මීළඟ දිනයේ ඔබට ලොව ප්‍රථම ස්ථූපය ලෙස සැලකෙන ගිරිහඬු සෑය වන්දනාමාන කිරීම සඳහා කාලය වෙන්කරගත හැකි අතර, උස් කඳු බිමක පිහිටි මෙම පූජා භූමිය දක්වා පියගැටපෙළ නැග ගමන් කළ යුතුය. එම මග අතරතුර භ්‍රාමී අක්‍ෂර සහිත ලෙන්, පොකුණු ආදිය දැකගත හැකිවනු ඇත. තිරියාය ප්‍ර‘දේශයේ පවතින මෙම වෙහෙරට ත්‍රිකුණාමලයේ සිට නිලාවෙලි පසුකර යෑමට සිදුවන බැවින් ප්‍රථමයෙන් යායුතු ස්ථානය තීරණය කළ යුතුය. කෙසේ නමුත් නිලාවැලි වෙරළ තීරයේද ඔබ ජල ක්‍රීඩා, බෝට්ටු සවාරි, පරෙවි දූපත් යයි නම් කිමිදුම් සිදුකරන බැවින් ප්‍රථමයෙන් ගිරිහඬු සෑය වෙත ගමන් කිරීම උචිත වෙයි.

ඔබට කාලවේලාව ලැබෙන පරිදි නිලාවැලි සිට ත්‍රිකුණාමලය බලා එනවිට දෙවැනි ලෝක යුද්ධ සමයේ මියගිය සෙබළුන්ගේ සොහොන් බිමත්, දර්ශනීය පාලම් පෙළත් මදක් නතර වී නැරඹිය හැකිය. එසේම මෙම ප්‍ර‘දේශයේම ඓතිහාසික නීලපොල රජමහා විහාරය, සේරුවාවිල රජ මහා විහාරය, ලංකා පටුන සමුද්‍රගිරි විහාරය, වේළුවන රජමහා විහාරය, පුරාණ රජමහා විහාරයද පිහිටා තිබෙන අතර, ඒවාද වැඳපුදා ගැනීමට ඔබට හැකියාව ලැබනු ඇත.

සංචාරය නිම වී නැවත ත්‍රිකුණාමලයේ සිට පැමිණෙන ඔබට රාත්‍රී 7.00 ට රාත්‍රී දුම්රියේ නිදන මැදිරියක අසුනක් රුපියල් 400ක් වැනි මුදලකට වෙන්කර ගත හැකිය.

 

සටහන නදීශානි පතිරණ/ ඡායාරූප දර්ශන් ජූලියන්

 

කොළඹ සිට ත්‍රිකුණාමලයට දුර

  • අඹේපුස්ස සිට කුරුණෑගල හරහා 265.4 km
  • දුම්රිය මාර්ගය ඔස්සේ 296.9km

 

දුම්රිය ගාස්තු

  • පළමු පන්තිය රු.760
  • දෙවන පන්තිය රු.450
  • තෙවන පන්තිය රු.285

 

ප්‍රවේශ පත්‍ර ගාස්තු

  • මාර්බල් බීච් රු.20
  • පරෙයි දූපත රු.200
  • උණු වතුර ළිං රු.20
  • බෝට්ටු ගාස්තුව - පරෙයි දූපතට යාමට හා ඒමට රු.2000
  • ත්‍රිකුණාමල මුහුදේ බෝට්ටු සවාරියක් සඳහා රු.1500

 

2016-11-20-ent-85
2016-11-20-ent-84
2016-11-20-ent-83
2016-11-20-ent-82
2016-11-20-ent-81
2016-11-20-ent-80
2016-11-20-ent-79
2016-11-20-ent-78
2016-11-20-ent-77
2016-11-20-ent-76
2016-11-20-ent-75
2016-11-20-ent-74
2016-11-20-ent-73
2016-11-20-ent-72
2016-11-20-ent-71
2016-11-20-ent-70
2016-11-20-ent-69
2016-11-20-ent-68
2016-11-20-ent-67
2016-11-20-ent-66
2016-11-20-ent-65
2016-11-20-ent-64
2016-11-20-ent-63



අදහස් (0)

වෙනස්ම රසයකින් ත්‍රිකුණාමලයේ සංචාරයක්‌

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1512 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 155 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 52 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 113 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 63 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 50 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39978 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25935 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 217 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1296 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site