ප්රධානතම පාපන්දු තරගාවලියේ නාවික හමුදා පිලට එරෙහිව පැවැති තරගය අත්හැර දමා අතරමග පිටියෙන් ඉවත්වූ මීගමුව දොන් බොස්තෝ පිලේ කී‍්‍රඩකයන් හා නිලධාරීන්ට දැඩි අවවාද කරමින් රුපියල් 5000 ක දඩයක් නියම කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විනය කමිටුව තීරණය කළේය. එහිදී කණ්ඩායම් නායක මංජුල කුමාරට තරගාවලියේ ඉදිරි තරග දෙකකට සහභාගිවීම තහනම් කිරීමටත් විනය කමිටුව පියවර ගෙන තිබේ. මෙම ලීග් තරගාවලියේ තරග 22 කින් 13 ක්ම ජය ගනිමින් ගියවර ශූරතාව දිනා ගත් දොන් බොස්කෝ කී‍්‍රඩා සමාජය මෙවර තරගාවලියේ මේ වනවිට දැඩි පසුබෑමකට ලක්ව සිටියි. ඔවුන් තරගාවලියේ ලකුණු සටහනේ පසුවන්නේ හත්වැනි ස්ථානයේය. විනිසුරු එල්.කේ.ජේ. උදයශාන්ත මහතාගේ තීරණවලට විරෝධය පාමින් තරගය ආරම්භ වී 35 වැනි විනාඩියේදී දොන් බොස්කෝ කී‍්‍රඩකයන් පිටියෙන් ඉවත්ව ගිය බව වාර්තාවේ. එසේ බලහත්කාරයෙන් විනිසුරු තීරණවලට පිටුපාමින් තරගයෙන් ඉවත්වීම තරග නීතිරීති උල්ලංඝනය කිරීමක් වන බැවින් දොන් බොස්තෝ කී‍්‍රඩා සමාජය දඬුවම් පැමිණවීමට කටයුතු කළ බව විනය කමිටුව ප‍්‍රකාශ කරයි. ප‍්‍රධානතම පාපන්දු තරගවලියේ අලූත්ම තරග ප‍්‍රතිඵල අනුව ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට යුද හමුදා කී‍්‍රඩා සමාජය සමත්ව සිටියි. තරගාවලියේ ගියවර අනුශූරතාව හිමිකර කී‍්‍රඩා සමාජය වන්නේද යුද හමුදා පිලයි.
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විනිසුරුට පිටුපා පිටියෙන් ඉවත ගිය හිටපු ශූරයන්ට දඩ-දැඩි අවවාද