IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


විනිසුරුවන් මුදලට තරග පාවාදීමට සූදානම් වීම ගැන අන්තර්ජාතික කි‍්‍රකට් සභාව පරීක්‍ෂණයකට සැරසෙයි

කි‍්‍රකට් විනිසුරුවරුන් විසින් මුදලට තරග පාවාදීමට සූදානම් වීම සම්බන්ධයෙන් ඉන්දීය රූපවාහිනී සේවයක් මගින් චෝදනා එල්ල කරන ලද විනිසුරුවරුන්ට එරෙහිව පරීක්‍ෂණයක් කිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව සූදානම් වෙයි. ඉන්දීය රූපවාහිනී සේවයක් මගින් විසුරුවා හරින ලද වීඩියෝ පටයකින් දැක්වුණේ ශී‍්‍ර ලංකාවේ විනිසුරුවරුන් තිදෙනකුද,  පාකිස්තානයේ සහ බංග්ලාදේශයේ කි‍්‍රකට් විනිසුරුවරුන්ද බුකිකරුවන්ගේ මුදල් සැපයීම් මත තොරතුරු සැපයීමට සාකච්ඡා කළ ආකාරයයි. රොයිටර් පුවත් සේවයේ නියෝජිතයන්ද මෙම වීඩියෝ පටය නරඹා ඇත. අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ විනිසුරු මඬුල්ලට ඇතුළත් විනිසුරුවරුන් වන පාකිස්තානයේ නඞීම් ගෞරී, බංග්ලාදේශයේ නදීර් ෂා මෙන්ම ශී‍්‍ර ලංකාවේ සාගර ගාල්ලගේ යන විනිසුරුවරු කොන්ත‍්‍රාත්තු සහ මුදල් වෙනුවෙන් පක්‍ෂග‍්‍රාහී තීරණ දීමට එක`ග වූ බව අදාළ වීඩියෝ පටයේ දැක්වෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. -ඉන්දීය රූපවාහිනී සේවය මගින් ඉදිරිපත් කරන ලද චෝදනා සම්බන්ධයෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ උසස් නිලධාරීන්ට මෙන්ම අදාළ සාමාජික රටවල නිලධාරීන්ටත් දන්වා යවා තිබෙන අතරම මෙම පරීක්‍ෂණ සම්බන්ධයෙන් උපකාරී විය හැකි හඬ පට සහ වීඩියෝ පට බාර දෙන ලෙසත් ඉල්ලීමක් කර තිබේ” යයි අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් නිවේදනය කර තිබේ. -කී‍්‍රඩකයන් වුවත්, නිලධාරීන් වුවත් දූෂණ සම්බන්ධයෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව කිසිදු බුරුළක් නොදක්වයි” යයිද එම නිවේදනයේ සටහන් වේ. කෙසේ වෙතත් අදාළ චෝදනාවන්ට සම්බන්ධ විනිසුරුවරුන් කිසිවකු පසුගිය ඉරිදා නිමාවූ විස්සයි - 20 ලෝක කුසලාන තරගාවලියේ විනිශ්චය කටයුතු සඳහා සහභාගි නොවූ බවද අන්තර්ජාතික කි‍්‍රකට් සභා නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. ඉන්දීය රූපවාහිනී සේවයක් මගින් මෙම ව්‍යාජ මෙහෙයුම කර ඇත්තේ පසුගිය අගෝස්තු මාසයේදීය. එම මෙහෙයුමට සම්බන්ධවූ වාර්තාකරුවන් පවසා ඇත්තේ තමන් කී‍්‍රඩා තරග සංවිධානය කිරීමේ ආයතනයක නියෝජිතයන් බවත්, ලෝකයේ විවිධ ස්ථාන වල කි‍්‍රකට් තරග විනිශ්චය කිරීමේ අවස්ථා ලබාදිය හැකි බවත්ය. කෙසේ වෙතත් මෙම චෝදනාවන්ට ලක්ව සිටින විනිසුරුවරු සියලූ දෙනාම තමන්ට එරෙහිව එල්ල වී ඇති සියලූම චෝදනා දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කරති.



අදහස් (0)

විනිසුරුවන් මුදලට තරග පාවාදීමට සූදානම් වීම ගැන අන්තර්ජාතික කි‍්‍රකට් සභාව පරීක්‍ෂණයකට සැරසෙයි

රසික Wednesday, 10 October 2012 12:31 PM

ඉන්දියාවේ අය කොහොමත් හදන්නේ අපිව පහළට දාන්නනේ (ස)

:       0       0

සුභාෂිණි Wednesday, 10 October 2012 12:46 PM

මේක හරියටම මේ රටවල් තුනේම වුන එක හරිම පුදුමයි (නි)

:       0       0

වරුණ Wednesday, 10 October 2012 01:11 PM

ඔන්න ඉන්දියන් කුමන්ත්‍රණ (ස)

:       0       0

ලලිත් Wednesday, 10 October 2012 01:34 PM

මේක මුළුමනින්ම ඉන්දියන් කුමන්ත්‍රණයක්. ලෝක කුසලානේ අහිමිඋන එක දරාගන්න බැරුව ලංකාව පහතට දමන්න කරන වැඩ වියහැක. නමුත් මෙය විධිමත් පරීක්ෂණයකින් සොයාබලා මෙවැනි දේ සිදු නොවීමට ක්‍රිකට් මණ්ඩලය වග බලාගත යුතුයි. නැතිනම් අපකීර්තියට පත්වන්නේ අපේ රටයි.(ස)

:       0       0

යොහාන් Wednesday, 10 October 2012 02:28 PM

පුහුණු වීම් තරඟද ? (ස)

:       0       0

වසන්ත Thursday, 11 October 2012 11:01 AM

අනේ අපේ රටට මේ මෙකද වෙන්න යන්නේ . කෝ අපේ රටේ නම ගෙනියන්න ටීම් එකක් , ලංකාවට බුදුසරණයි (ස)

:       0       0

සම්පත් Wednesday, 10 October 2012 04:38 PM

ඉන්දියාවේ අයගේ නම් මුලින්ම තියෙන්න ඕනි (ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 10 October 2012 11:42 AM

ඇත්ත හරි බොරුව හරි ක්‍රීඩාව මුදලට පාවා දෙන්න එපා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 51 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1585 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 465 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 83 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 428 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 2307 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39700 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 7 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1228 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site