IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


විනිසුරු ආබෘෘ විශ්‍රාම යයි?

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲ මහතා සිය ධූරයෙන් විශ‍්‍රාම ගැනීම සඳහා වන අදාළ ලියකියවිලි රජයට බාර දී ඇතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.

විනිසුරු ආබෲ මහතා සිය ධූරයෙන් විශ‍්‍රාම ගැනීමේ ලියකියවිලි මේ වන විටත් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

විනිසුරු ආබෲ මහතාට විශ‍්‍රාම ගැනීමට තවත් වසරකුත් මාස කිහිපයකට වැඩි කාලයකුත් තිබෙන බව දැන ගන්නට ලැබේ.

දිවයිනේ ප‍්‍රදේශ ගණනාවක මහේස්ත‍්‍රාත් ධූරයේ කටයුතු කළ විනිසුරු ආබෲ මහතා පසුව පිළිවෙළින්  මහාධිකරණ විනිසුරු ධූරයන්හිද ,අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී පසුගිය රජය සමයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයට පත් කරනු ලැබීය.

විනිසුරු ආබෲ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයේ කටයුතු කරමින් සිටින අතරවාරයේදී සිය නිවසේ සේවිකාවකට පහරදුන් සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයේදී විනිසුරුවරයාට එරෙහිව නඩු විභාගයක්ද මීට මාස කිහිපයකට පෙර විභාග වින.



අදහස් (0)

විනිසුරු ආබෘෘ විශ්‍රාම යයි?

විපුල Saturday, 17 October 2015 10:57 AM

තිලක් ඩුබායිට මොකටද අනුන්ගේ නඩු තීන්දු ඇයි ඇපිල් කරන්නද ? (බ)

:       0       0

අසංක Friday, 16 October 2015 01:45 PM

ඇයි කලින්ම විශ්‍රාම යන්නේ. (ර)

:       0       0

අනුර Saturday, 17 October 2015 12:09 PM

මේ යනවා නෙවි . යවනවා නම්බුකරපිටින්. විශ්වාස බංගේ ගෙනත් විශ්‍රාම වැටුපට කෙලව ගන්නවට වඩා මේ ක්‍රමය හොද බව මහත්තයට තෙරුම්ගිහින්. යනවට ස්තුති. (බ)

:       0       0

සාගරිකා Friday, 16 October 2015 02:09 PM

හොඳ නඩු තීන්දු දුන්නු විනිසුරුවරයෙක්. මගේ නඩුවක ඔබ දුන්නු තීරණයක් හින්ද අද බත්ටිකක් කාල ජීවත් වෙනවා. ඔබට සියලු දෙවි ආරක්ෂාව ලැබේවා! (අ)

:       0       0

අමරසේන Saturday, 17 October 2015 02:18 AM

තිලක්-ඩුබායි, ඔබගේ අගනා අදහසට ස්තුතියි. සාමා නැවත අදහස් දැක්වීමට සභයට පැමිණීම ගැන සතුටුයි. සමදරා අක්කේ, ඔයත් එන්න. ඔය පරණ ප්‍රශ්න වලට ඕනෑවට වැඩිය පසුතැවිලි වෙන්න එපා (නි)

:       0       0

චන්න බුවනක Friday, 16 October 2015 02:28 PM

සමහරු කල් ඉල්ලනවා. මෙතුමා කලින් යනවා. (අ)

:       0       0

සැමරේ Friday, 16 October 2015 03:16 PM

වැදගත් මහත්මයෙක්. (ර)

:       0       0

විජේසුන්දර Saturday, 17 October 2015 03:06 AM

මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)

:       0       0

සමීර Friday, 16 October 2015 03:39 PM

ඔබගේ සේවය අගයමි.! (ර)

:       0       0

සමීර Friday, 16 October 2015 03:50 PM

රාජකාරිය හරියට කල කෙනෙක්. (ර)

:       0       0

සෝමා රාජපක්ෂ යටියන Friday, 16 October 2015 04:06 PM

ගෙදර වැඩට හිටිය කෙනාග නමත් "සාග.......වගෙයි මතක. (බ)

:       0       0

නුවන් Friday, 16 October 2015 04:13 PM

මෙතුමා හොඳින් සිය ධූරයේ රාජකාරිය කළා (නි)

:       0       0

කවින්ද Friday, 16 October 2015 04:20 PM

වැරදි නැති මිනිස්සු කොහේද ඉන්නේ? (නි)

:       0       0

දයාල් Friday, 16 October 2015 04:22 PM

ඔබතුමාගේ කටයුතු සාර්ථක වේවා! (නි)

:       0       0

සුනිල් Friday, 16 October 2015 05:23 PM

මෙහි සමහර ප්‍රතිචාර දක්වා තිබෙන අය දිහා බැලුවහම පුදුම හිතෙනවා. කමක් නැහැ (නි)

:       0       0

බුද්ධි Friday, 16 October 2015 05:34 PM

මට නම් තේරෙන්නේ නැහැ අපේ කට්ටිය මේකටත් දොස් කියන්නේ ඇයි කියලා (නි)

:       0       0

රකිත් Friday, 16 October 2015 05:36 PM

ඔබට සුබ අනාගතයක් වේවා! (නි)

:       0       0

හිරු Saturday, 17 October 2015 06:31 AM

හොද විනිසුරු වරයෙක්. (ර)

:       0       0

නවරත්න Friday, 16 October 2015 05:45 PM

පසුගිය කාලයේ මෙතුමා ගැන නොයෙක් කතාන්දර තිබුණා කියලා මට මතකයි (නි)

:       0       0

ඩෙස්මන් Friday, 16 October 2015 05:46 PM

එතුමා ගත්තේ හොඳ තීරණයක් (නි)

:       0       0

කවින්ද Friday, 16 October 2015 05:46 PM

ඔබගේ ඉදිරි කාලය සුබ වේවා! (නි)

:       0       0

තිස්ස Friday, 16 October 2015 05:50 PM

ඔහු දුන්නේ ලොකු ආදර්ශයක්. මොකද අනෙක් අය කාලය දිගු කරගන්නනේ ඉල්ලන්නේ (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 16 October 2015 05:51 PM

සාගරිකා,මොනවා සම්බන්ධ නඩුවක්ද? (නි)

:       0       0

ලංකා Saturday, 17 October 2015 07:11 AM

මේ හුගක් ප්‍රතිචාර කලින් විශ්‍රාම යාම ගැන පමණක් හිතලා දාපුවා. (ර)

:       0       0

අසිත Saturday, 17 October 2015 07:24 AM

අපරාදේ අධිකරණයට හිටපු හොඳ නිලධාරියෙක් නැතිව යනවා. (ර)

:       0       0

රණතුංග Saturday, 17 October 2015 07:31 AM

ඔබේ සේවය අගයමි. (ර)

:       0       0

යොහාන් Friday, 16 October 2015 06:47 PM

වැරදි වෙන්නේ මිනිස්සු අතින්නේ... (නි)

:       0       0

දුමින්ද Friday, 16 October 2015 09:22 PM

කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු තිබෙන බව අපි පිළිගන්නවා. විනිසුරු වෘත්තිය කියන්නේ ගෞරවනීය වෘත්තියක්. එහි ගෞරවය ආරක්ෂා වන පරිදි එහි කටයුතු කළයුතුයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 17 October 2015 08:13 AM

රත්තරන් උනත් පිහිය පිහියම තමයි. (ර)

:       0       0

සාමා Friday, 16 October 2015 10:30 PM

සාගරිකාට මොකක්ද දුන් තීන්දුව? (නි)

:       0       0

නිවන්තක Friday, 16 October 2015 11:17 PM

හොඳ තීරණයක් (නි)

:       0       0

කමල් Saturday, 17 October 2015 12:10 AM

මෙතුමා හොඳ කෙනෙක් (නි)

:       0       0

ඩේවිඩ් Saturday, 17 October 2015 01:28 AM

ඒක ඉතින් එතුමාගේ කැමැත්ත (නි)

:       0       0

රොහාන් Saturday, 17 October 2015 09:42 AM

මට පෙන්නේ මේ ප්‍රතිචාර ලියන අය ඔහේ ලියන්නම් වාලේ ලියනවා මෙතුමා ගැන පසුගිය කාලේ එක එක ප්‍රශ්න තබුන ගෙදර මෙහෙකාරියට ගිනි අවියෙන් පහරදීම වගේ අපචාර සිදුවීම් අන්න ඒ නිසා තමා කලින් යන්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ත්‍රීකුණාමලය තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 93 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


ගාල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 197 0

ගාල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 176 0

මොනරාගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 363 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


හම්බන්තොට තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 350 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 632 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14631 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 42 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site