IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


විනිසුරු රියේ හුළං ඇරි කතට ඇප

දකුණු පළාතේ අතිරේක දිසා විනිසුරුවරියකගේ මෝටර් රථයක ටයර්වල හුළං ඇරියේයැයි සැකපිට රිමාන්ඩ් භාරයේ පසු වූ හේමමාලා ගුණසිංහ නම් කත රුපියල් පනස් දහස බැගින් ඇප මත මුදා හරින ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා නියම කළේය.

පසුගිය 26 වැනි දා ගම්පහ නගරයේ ආයතනයක් ඉදිරිපිට විනිසුරුවරියගේ රිය නතර කර තිබූ බවත්, එම නිසා එම කාන්තාවගේ නිවසට යන පාර අවහිර වී තිබූ බවත් අධිකරණයේ දී කියැවිණි.

 



අදහස් (0)

විනිසුරු රියේ හුළං ඇරි කතට ඇප

අබේ Thursday, 31 October 2013 04:39 PM

විනිසුරුවරිය හිතාගෙන ඉන්න ඇත්තෙ එයා ඉන්නේ උසාවියේ කියලා වෙන්න ඇති (නි)

:       0       0

මාධවී Friday, 01 November 2013 05:14 AM

නීතිය සමග ගනුදෙනු කරන කෙනා වැරදි වැඩක් කරලා.වෙන රටක නම් හිරේ යන්නේ විනිසුරුවරිය තව දඩයකුත් එක්ක. (නි)

:       0       0

ජපනා Thursday, 31 October 2013 04:40 PM

හුළං ඇරි එකේ වරද මොකක්ද එතකොට? (නි)

:       0       0

රන්ජිත් Friday, 01 November 2013 05:21 AM

මෙවැනි අය අනෙක් අයට ආදර්ශමත්ව කටයුතු කළ යුතුවේ. ගෙදරට යන්නේ උඩින්ද? විනිසුරු නිසා වෙන්න ඇති තමාට හිතුන දේ කරන්න ඇත්තේ (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 31 October 2013 04:55 PM

මේ වගේ වැරදි ප්‍රාථමික මට්ටමෙන් ඒ කියන්නේ උසාවි නොදා සමථ මණ්ඩල මගින් හෝ පොලිසි මගින් හෝ විසදීම කරනවා නම් හොදයි (නි)

:       0       0

දොන්සේතං Thursday, 31 October 2013 05:25 PM

ප්‍රේමරත්න මොළේ නැහැ කිවුවේ කාටද? (නි)

:       0       0

ජෝන් Thursday, 31 October 2013 05:33 PM

මේක පුදුම වැඩක්නේ (නි)

:       0       0

දාස Thursday, 31 October 2013 05:50 PM

විනිසුරුවරයෙක් වුණා නම් තත්ත්වය වෙනස් වෙන්නටත් තිබුනා (නි)

:       0       0

සුජීව Thursday, 31 October 2013 06:39 PM

ඔවුන්ගේ වාහනයට ඔහොම කළා නම් අහිංසක අපේ වාහනවලට මොනවා නොකරයිද? (නි)

:       0       0

කපිල Thursday, 31 October 2013 06:39 PM

හදිසියේවත් ඕක මන්ත්‍රී කෙනෙක් කළා නම්? (නි)

:       0       0

දොන්සේතං Thursday, 31 October 2013 07:18 PM

අනේ කපිල, එහෙම කතාකරන්න එපා (නි)

:       0       0

ගුණේ Thursday, 31 October 2013 07:45 PM

රතුපස්වල පාර අවහිර කිරීම පිළිබදව හුගක් අය කතා කළේ නොකළ යුතු ක්‍රියාවක් ලෙසයි. හේතුව රෝගියකු හදිස්සියේ රෝහලකට රැගෙන යාමේදී සිදුවන බාධාව එම රෝගියාගේ ජීවිතය අනතුරට පත්වීමට වැඩි ඉඩකඩක් ඇති නිසා. මේ සිදුවීමේදී මෙම නිවසේ යම් හදිස්සි අවස්ථාවක් සිදුවුණා නම් මේ නිවසට යන පාර අවහිර කරළ විනිසුරුතුමියට තරන සැළකීමේ ආකාරය අනුව තීන්දුව කුමක් වෙයිද ? (නි)

:       0       0

චන්දිම Thursday, 31 October 2013 07:49 PM

ගැහැනු කෙනාට කියන්න තිබුණේ වාහනය විනිසුරු කෙනෙක්ගේ කියලා ලියලා තිබුනේ නැහැ කියලා. (නි)

:       0       0

චමත් Thursday, 31 October 2013 08:33 PM

පාරේ තිබ්බ ඇනයක් එහෙම ඇනිලා හුළං ගියානම් එහෙම ඇනේටත් නඩු දානවද දන්නේ නෑ.(නදී)

:       0       0

සම් Friday, 01 November 2013 11:29 AM

ලංකාවේ නීතිය සැමට එක සමාන විය යුතුය . නඩු අසන බැන්චියට නැග්ග පසු නඩුකාරයා උනාට පාරේ වාහනයක් එලවනකොට එතනට නඩුකාරකමක් අදාල නැත .එවිට රථය පදවන තැනැත්තා තවත් එක රියදුරෙක් පමණි. පාරක් අවහිර වෙන විදියට රථයක් නවත්වන එක නීති විරෝඩී බව තේරුම්ගන්න බැරි නඩුකාරයාගේ නීතිය ගැන දැනුම ගැන කවර කතාද? (ස)

:       0       0

නසාර් Thursday, 31 October 2013 09:10 PM

1,විනිසුරුවරිය වරදක් කර ඇත 2, හුළං ඇරීම නිතිය අතට ගැනීමක් පොලිසියට ඇමතුමක් දෙන්නයි තිබුනේ .... (නි)

:       0       0

සෙනරත් Thursday, 31 October 2013 10:38 PM

හුළං අරින්න ඇත්තේ පාර වැහිලා හරි වාහනය අයින් නොකර එතන තියෙනවා දකින්න ඒ කාන්තාවට ඕනෑ වෙන්න ඇති. හුළං තිබුනොත් අයිතිකාරයා ඇවිල්ලා වැරදීමක් සිදු වී ඇති බව දැනගෙන වාහනය අයින් කරනවනේ. (නි)

:       0       0

රසික Thursday, 31 October 2013 03:04 PM

මේක අමුතු නඩුවක් නේ. (ස)

:       0       0

ශාන්ති Thursday, 31 October 2013 11:45 PM

මටත් ඔය වගේ කරදරක් තියනවා. අපේ ගේ ගාවත් පන්සලක් තියෙනවා. ඒකට එන අයගේ වාහනත් අපේ වත්තේ විතරක් නෙමේ කඩය ගාවත් අහුරනවා හරිම කරදරේ මොකුත් කියන්ඩත් බැහැ පන්සලට එන අය නිසා ඒත් ඉතින් දැන ගන්ඩ එපැයැ(නදී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Thursday, 31 October 2013 03:36 PM

විනිසුරු වරියක්ගේ කියා නොදැනයි කරන්න ඇත්තේ.ඒත් ඒ වගේ කෙනෙක් ජනතාවට බාදා නොවන පරිදි වාහන පාවිච්චි කලා නම් නේද හොඳ? (ස)

:       0       0

ලන්කපුත Thursday, 31 October 2013 03:38 PM

මර වැඩක් නේ, රෝද දෙක හුලං ඇරියට සැක නිසා දවස් පහක් ගැනියෙක් රිමාන්ඩ්, මිනි මරල දවසක් වත් රිමාන්ඩ් නැතුව ඉන්න උන් ඉන්න රටේ. (ස)

:       0       0

උපාලි Friday, 01 November 2013 12:15 AM

ලංකාපුත්‍ර, විරාජ් කාලිංග සහග මාත් එකඟයි. නීතිය තිබෙන්නේ කෙනෙකුගෙන් "පළිගන්න" නොවේ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තිය පටන්ගන්නේ "සියලුම පුරවැසියෝ නීතිය ඉදිරියේ එක සමානය, සියලු දෙනාටම නීතියේ ආරක්ෂාව සමානව ලැබිය යුතුය" කියලයි. නඩුකාරයෙක් වුනත්, අපේ කෙනෙක් වුණත් ඒ නීතිය එහෙමමයි. (නි)

:       0       0

විනි Thursday, 31 October 2013 03:46 PM

විනිසුරු පාර අවහිර කරලා වැරදි කරලා. සාමාන්‍ය මිනිස්සුන්ට දඩ ගහනවා මාරයි නෙ. (ස)

:       0       0

කුමාරි Thursday, 31 October 2013 03:51 PM

විනිසුරුවරිය කරලා තියෙන්නෙත් හරි වැඩක් නෙවෙයි නේද? (ස)

:       0       0

කුසුම් Thursday, 31 October 2013 03:59 PM

මෙම කාන්තාව ටයර් වල හුළං ඇරපු එක වැරදි තමයි. ඒ ගැන කිසිදු තර්කයක් නැහැ.නමුත් විනිසුරුවරිය කාන්තාවගේ නිවසට යන පාර අවහිර වෙන විදිහට වාහනය නවත්වපු එකත් වැරදියි. ඉහල පුටුවල ඉන්න අය නීති ගරුක යුක්ති ගරුක නොවී, පොඩි මිස්සුන්ට විතරයි නීති පිළිපදින්න කියන්නේ. හැම තැනකදීම පහත් තැනින් තමයි ජලය ගලා යන්නේ. (ස)

:       0       0

විරාජ් කාලිංග Thursday, 31 October 2013 04:01 PM

මාර නීතියක්නේ මේක, ලංකාපුත්‍ර ගේ අදහස තමයි මාත් කියන්නේ. නඩුකාරයා උනත් කරලා තියෙන්නේ හරි දෙයක් නෙවේනේ. කාගෙවත් ගෙවල් වලට යන පර අවහිර වෙන ලෙස වාහන ගාල් කිරීම ගැන වෙනම නඩුවක් කියන්න ඕන. (ස)

:       0       0

ලාල් - නුවර Thursday, 31 October 2013 04:06 PM

පළමුව වරද කරල තියෙන්නෙ විනිසුරුවරියනෙ. (ස)

:       0       0

පැංචි Friday, 01 November 2013 02:49 AM

වැරදි වැඩේට පෙළඹවීම මත ඇති වූ ක්ෂණික කෝපය මත සිදුවුවක් බව පෙනෙයි. තරාතිරම නොබලා ඉහළ උසාවියකදී මානව හිමිකම රැක ගත යුතු බව පෙනේ. (නි)

:       0       0

ප්‍රේමරත්න Thursday, 31 October 2013 04:23 PM

අපේ ගෙදරට යන පාර අවහිර කලා නම්, මමත් ඔය ටිකමයි කරන්නේ! අපේ ගෙ ලඟත් මුස්ලිම් පල්ලියක් තියෙනවා. සිකුරාදාට ප්‍රමාදවෙලා දුන් දාගෙන එන සමහර ත්‍රී වීල් කාරයෝ, අපෙ ගේට්ටුව ඉස්සරහම වැහෙන්න නවත්තලා යනවා. එයාල හිතන් ඉන්නේ අනික් මිනිස්සු එයාලට ඉඩ දෙන්න ඕන කියලයි. ඒවා කොහෙද! අපිත් අර ගෑනු කෙනා වගේ එක්කෝ හුලං අරිනවා, නැත්තන් බැටරිය බහින කල් හෝන් එක ගහනවා. ( මෙහෙම කරන්න්නේ එයාලට කීප දවසක්ම ගේට්ටුව අවහිර කරන්න එපා කිව්වත් අහන්නේ නැති නිසයි ) පාරක් අවහිට උනාම තියෙන කරදරේ දන්නේ එහෙම උනාමයි.බලේ තියෙද්දී මොලේ නෑ කියන්නේ ඕක තමයි! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3710 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


බටහිර කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 4 0


වාරියපොල අනුරට
2024 සැප්තැම්බර් මස 22 58 0


නැගෙනහිර කොළඹ අනුරට
2024 සැප්තැම්බර් මස 22 81 0


හාරිස්පත්තුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 165 0


උතුරු කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 410 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14674 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 66 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 234 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site