IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘විනිසුරු වැරදි ලියන්න මාධ්‍යයට පුළුවන්‘

අධිකරණයේ විනිසුරුවරුන්ගේ වැරදි සම්බන්ධයෙන් ජනමාධ්‍යයෙන් හෙළිදරව් කිරීමේ වරදක් නැතැයි ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහතා පැවසීය.

රාවය කර්තෘ වික්ටර් අයිවන් මහතා ද අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් අරගලයක් ගෙන ගිය බව ද, ඔහු පෙන්වූ කාරණ අසත්‍යක් වී නැති බව ද පරණවිතාන මහතා කීවේය.

ලංකා ඊනිවුස් වෙබ් අඩවියේ කතුවරයා ජාත්‍යන්තර වරෙන්තු මගින් ලංකාවට ගෙන එන බවට අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ කළ කතාව සම්බන්ධයෙන් ජනමාධ්‍ය දිගින් දිගටම කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළේය.

ප්‍රශ්නය - අධිකරණ ඇමැතිවරයා කිව්වා ලංකා ඊනිවුස් කතුවරයා ජාත්‍යන්තර වරෙන්තු මගින් ලංකාවට ගෙන්වන බව. ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස එය අනුමත කරනවාද?

(ගයන්ත ඇමැතිවරයාගෙන් නිසි පිළිතුරක් නොලැබුණි.)

ප්‍රශ්නය - අධිකරණ ඇමැතිවරයා කළ ප්‍රකාශය ඔබ දන්නේ නැද්ද?

ගයන්ත කරුණාතිලක - ඒ ගැන දන්නවා.

ප්‍රශ්නය - පරීක්ෂණයක් පවත්වන්නට පෙර කොහොමද අධිකරණ ඇමැතිවරයා එවැනි ප්‍රකාශයක් කරන්නේ?

  කරු පරණවිතාන - මම ඒ ගැන කියන්නම්. එම වෙබ් අඩවියේ කතුවරයා ලංකාවේ පුරවැසියෙක් ද, වෙනත් රටක පුරවැසියෙක් ද එසේ නැතිනම් සරණාගතයකු ලෙස සිටිනවාද කියා අපි දන්නේ නෑ. ඔහුගේ මාධ්‍ය භාවිතයන ගැන ජනමාධ්‍යවේදියකු ලෙස එහෙම නීතියෙන් දඩුවම් කරන්න අපට අවශ්‍යතාවක් නෑ. එහෙම කරනවා නම් අපේ අමාත්‍යංශය මගින් යමක් කෙරෙන්න ඕනා. අපි එහෙම කරන්නේ නෑ. ඔහුගේ මාධය ආයතනයක් පසුගිය රජය සමයේ ගිනි තිබ්බා. අධිකරණ ඇමැතිවරයා කිව්වේ මහේස්ත්‍රාත්වරුන්ට අපහාස කරනවා කියලයි. මම නම් දැකලා නෑ එහෙම අපහාස කරනවා කියා. මා සමගත් අධිකරණ ඇමැතිවරයා කිව්වා මහේස්ත්‍රාත්වරුන් තමන්ට පැමිණිලි කරන බව.

ප්‍රශ්නය - පරීක්ෂණයක් පවත්වන්නේ නැතිව කොහොමද එහෙම කටයුතු කරන්නේ?

පිළිතුර - පරීක්ෂණයක් පවත්වන්නේ නැතිව එහෙම කරන්න බෑ. අදිකරණ ඇමැතිවරයා කිව්වේ අපහාස කිරීම ගැන සහ මහේස්ත්‍රාත්වරුන්ට පෞද්ගලිකව පහර දෙනවා කියලයි.

ප්‍රශ්නය - හොර අලි ප්‍රශ්නයට මහේස්ත්‍රාත්වරයකු අත්අඩංගුවට ගත් විට ගම්පහ මහේස්ත්‍රාත්වරියක සිය ෆේස්බුක් පිටුවේ නීතිපතිවරයා විවේචනය කරමින් සටහනක් යෙදා තිබුණු බව වෙබ් අඩවි වාර්තා කළා. මෙය අපිත් දැක්කා. මේවා වාර්තා කරන එක වැරදිද?

පිළිතුර - වරදක් වාර්තා කිරීම හෙළිදරව් කිරීම ප්‍රශ්නයක් නෑ. නමුත් අධිකරණ අමැතිවරයා කියා තිබුණේ පෞද්ගලිකව මඩ ගසන බවට විනිසුරුවරුන් පැමිණිලි කරන බවයි.

ප්‍රශ්නය - මේ කියන වෙබ් අඩවිය සහ තවත් මාධ්‍ය ආයතන පසුගිය රජය සමයේ ගිනි තිබ්බා. මාධ්‍යවේදීන් ඝාතනය වුණා. නමුත් තවමත් පරීක්ෂණ සිදු වෙන්නේ මාධ්‍යවේදීන් දෙදෙනකුගේ ඝාත්න සම්බන්ධයෙන් පමණයි?

ගයන්ත කරුණාතිලක -  සමහර පරීක්ෂණ වාර්තා නැති කරලා. මේ හැම දෙයක් ගැනම හොයනවා.

ප්‍රශ්නය - රටේ අගමැති ජනාධිපති පවා මාධ්‍යවලට ප්‍රසිද්ධියේ දොස් කියනවා. ලංකාවේ ප්‍රධාන මාධ්‍යයකට ටොයිලට් පේපර් කිව්වා. මේවට මොකද කියන්නේ?

පිළිතුර - අපි මාධ්‍ය මාර්දනය කරන්නේ නෑ. ජනමාධ්‍ය විවේචනය කරන්නත් ඕනෑම කෙනෙකුට පුළුවන්.



අදහස් (0)

‘විනිසුරු වැරදි ලියන්න මාධ්‍යයට පුළුවන්‘

ජයලත් Thursday, 24 November 2016 01:29 AM

ලෝකේ කොහෙවත් අපක්ෂපාත මාධ්‍ය නැහැ හැම මාධ්‍යයකටම තමන්ගේ කියල න්‍යාය පත්‍රයක් තියනවා මේක ඇතුලේ අපක්ෂපාතව (පුළුවන් තරම් ) ක්‍රියා කරන එකයි මාධ්‍යයේ වගකීම කව්රුත් බලයට එන්නේ මාධ්‍යවල වාරුවෙන් එහෙම ඇවිත් එයාලගේ වැරදි පෙන්නනකොට මාධ්‍ය හොඳ නෑ. මේක හැමදාම වුන දෙයක් සමහරු පත්තර සීල් තිබ්බේ (බ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 23 November 2016 03:26 PM

මම බය නැතුව කියනවා රටේ ප්‍රබලයන් කරන දුෂණයන් හෙළිවෙන්නේ ඊනිවුස් එකෙන්. ඔවුන් අභියෝග කරනවා ඔවුන් පළකරන එම දුෂණයන් බොරුනම් ඉදිරියට එන්න කියා. කව්ද එහෙම ආ කෙනෙක් ??? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1558 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 365 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 117 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 210 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 104 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 73 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39982 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25939 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 220 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site