IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘වෙනස් නොකළොත් පනතට අපේ සහය නෑ‘ - ඩිලාන්

සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත  සංශෝධනය නොකරන්නේනම් ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබා නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ මේ පනත නොතිබුණත් සුපිරි ඇමැතිවරුන් සිටි බවත්, නැවතත් සුපිරි ඇමැතිවරුන් බිහි කිරීමට ඉඩ නොදෙන බවත් පෙරේරා මහතා සඳහන් කළේය.

‘බලය තවදුරටත් බෙදිය යුතුයි කියා කතා කරන ගමන් බලය ගන්නයි හදන්නේ. බලය බෙදන ගමන් හැන්දෙන් ඔළුවට ගහනවා වගේ අදහසක් තමයි මෙයින් එන්නේ.‘ යැයි ද ඇමැතිවරයා කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වසරේ පවත්වන අවසන් මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු එලෙස කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය වසර දෙකකට අත්සන් කළ ගිවිසුම ලබන වසරේ අවසන් වන බවත්, එබැවින් 2017 වසර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙන්ම දේශපාලන ලෝකයටද වැදගත්   වනු ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අනුමැතිය දී ඇත්තේ වසර දෙකක් සම්මුතිවාදීව කටයුතු කිරීමට බව ද, ඉදිරි වසර තුනත් සම්මුතිවාදීව යන බවට පක්ෂ ලේකම්වරයා කීවේ ඔහුගේ පෞද්ගලික අදහසක් බව ද, සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට යනවාද නැද්ද යන්න තීරණය කරන්නේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී බව ද ඩිලාන් පෙරේරා මහතා කීවේය.



අදහස් (0)

‘වෙනස් නොකළොත් පනතට අපේ සහය නෑ‘ - ඩිලාන්

ශානක Thursday, 22 December 2016 07:50 PM

මෙහෙමත් දේශපාලකයෝ? මෙහෙම අය තමා මහින්දවත් විනාශකළේ? (නි)

:       0       0

ද සිල්වා Sunday, 25 December 2016 06:50 PM

ජනතාවට නොසෑහෙන විදිහට රුපියල් 25000 දඩ ගහන්න කතාකරනකොට පාර්ලිමේන්තුවේ හිටියට මේගොල්ලෝ නොවේ වචනයක්වත් කතාකළේ. අන්තිමට බස් රියදුයෝ උද්ඝෝෂණය කළේ නැත්නම් දැනටමත් දඩය ක්‍රියාත්මක කරලා. අවාසනාවක මහත! මොවුන්ව ජනතාව ප්‍රතික්ෂේප කළත් පස්ස දොරෙන් පාර්ලිමේන්තු යනවා (නි)

:       0       0

මුණසිංහ Friday, 23 December 2016 12:27 AM

දැනුයි තේරුනේ මේක බොරු කෑගැසීමක් කියලා. පස්සේ කියයි අපි කියපු විදියට වෙනස් කළ නිසා පක්ෂයි කියලා. පහුගිය අයවැයේදී කළෙත් ඔය ටිකමනේ. මම කියන්නේ බොරුද කියලා මේ කියපු එක මතක තියාගන්න. (නි)

:       0       0

කිර්ති Thursday, 22 December 2016 10:56 AM

පින් ඇමතිගේ කටේ සැර බලපල්ලකෝ. (හේ)

:       0       0

සම්පත් පතිරණ Thursday, 22 December 2016 11:04 AM

එක එක තැන වල එකම පක්ෂේ අය එක එක කතා කියනවා (හේ)

:       0       0

සුනිල් Thursday, 22 December 2016 12:16 PM

ඉතින් ඔය සම්මුතිවාද කියන ආණ්ඩුවේ ඕව හදන්නේ එකට එකතුවෙලා නොවේද? හදල එලියට දැම්මට පස්සෙද සම්මුති වාදී කට්ටිය ඕව දකින්නේ? අනේ අපි මවපු සිහිනවලට වුන දේ? (බ)

:       0       0

ඇසළ Thursday, 22 December 2016 12:45 PM

සංශෝධනය කියන්නේ අ යන්න වෙනුවට ආ යන්න දාපුහම ගානට අත උස්සයි. බොරුවට කඩේ ඇතුලේ මුදලාලිත් එක්ක ඉදගෙන බඩු ගන්න සල්ලි නැති මිනිස්සුන්ට කොකා පෙන්නනවා වගේ වැඩ තමයි මේවා. ඡන්දයක් ආසාවට වගේ තියන්න කෝ අපි අත උස්සල පෙන්නන සංශෝධනය කරන්න ඕනේ කොහොමද කියල. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 417 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 986 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 303 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 194 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4714 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 975 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26047 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 295 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site