IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


වෙනසේ ප්‍රතිඵල අත්කරගන්න වෙහෙස විය යුතුයි

ජනවාරි 8 දේශපාලන ජයග්‍රහණයට උරදුන් සියලු දෙනා එම දේශපාලන පරිවර්තනයෙන් අපේක්ෂා කළ ප්‍රතිඵල ලබාගැනීමට ද වෙහෙස මහන්සි විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී අද (13)  පැවැසීය.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා රචිත “මා දුටු ජනවාරි 8” කෘතිය එළිදැක්වීමේ උලෙළට එක්වෙමින් ජනපතිවරයා එසේ කීය.
 
එම ජයග්‍රහණයට උරදුන් සියලු දෙනාට එහි ප්‍රතිඵල අත්පත් කරගැනීමේ වගකීමක් හා යුතුකමක් තිබෙන බවද ජනපතිවරයා කීය. 
 
වත්මන් ආණ්ඩුවට චෝදනා කරන පිරිස් චෝදනා කරන කරුණුවලට විසඳුම් ද පෙන්වා දිය යුතු බව කී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසඳුම් නොදී හුදෙක් චෝදනා හා විවේචන පමණක් කරන පිරිස් හිස් මනසක් ඇති පුද්ගලයන් බව ද පෙන්වා දුනි.
 
ජනවාරි 8 වැනිදා දේශපාලන වෙනසට ඡන්දය දුන් නොදුන් සියලු දෙනා රටක් වශයෙන් සාමුහික වගකීමකින් නිවැරැදි දේශපාලන විග්‍රහයක යෙදෙමින් කටයුතු කළ යුතු බවද ඔහු පැවසී්‍ය.මුහුණ දිය යුතු ප්‍රශ්නවලට රටක් වශයෙන් මුහුණ දිය යුතු බව ද වැරැදි අඩුපාඩු හදාගනිමින් කටයුතු කිරීමේ වැදගත්කමද ජනාධිපති මෛත්‍රීපාල මහතා පෙන්වා දුනි. 
 
ජනවාරි 8 වෙනසට චෝදනා කරන පිරිස් ජනවාරි 8 වැනිදා එවැනි වෙනසක් නොවුණා නම් අද තත්ත්වය කෙසේදැයි නොසිතන බව ද ජනාධිපතිවරයා කීය.
 
ඡායාරූප හා වීඩියෝ ශාන්ත රත්නායක
 
MY3BL-0913-01 MY3BL-0913-02 MY3BL-0913-03 MY3BL-0913-04
 



අදහස් (0)

වෙනසේ ප්‍රතිඵල අත්කරගන්න වෙහෙස විය යුතුයි

අමිල Wednesday, 14 September 2016 05:32 AM

පොතේ නම මෙහෙම වුණා නම් හොන්දායි.'මා කඩේ යන හැටි.. (අ)

:       0       0

ගයා Wednesday, 14 September 2016 05:27 AM

වෙනසේ ප්‍රතිපල 2020 වන විට සම්පූර්ණව ලැබේවි. සිංහල බෞද්දයා පහතට හෙලු .උ /නැ දෙමල අයට ස්වයං පාලනය ලැබී .ඇමරිකාවට ත්‍රිකුණාමලේ කඳවුර ලැබී . සංහින්දියාවෙන් ආලෝකමත් වූ බෙදුණු රටක් (අ)

:       0       0

ජනහිත Tuesday, 13 September 2016 05:55 PM

ඔය කියන වෙනස කොහොමද උනේ? රහසිගතව කටයුතු කරල සිදුවූ වෙනස පිළිගන්න පුලුවන්ද? චෝදනා කරන්නේ සිදුවන ක්‍රියාදාමයේ පිළිවෙල හොඳ නැති නිසයි. අමාරුවෙන් ජිවිත පුජාකරලා බේරාගත් රට අප රැක ගත යුතුයි.(රේ)

:       0       0

සුසන්ත Tuesday, 13 September 2016 06:07 PM

ඔය වෙනසට දායක උන දෙමළ සන්ධානය, ඩයස්පෝරාව, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් නම් වෙහෙස මහන්සියක් නැතුවම දැන් වෙනස බොහොම සතුටින් භුක්ති විඳින බව අපට පේනවා! (රේ)

:       0       0

අනිල් Tuesday, 13 September 2016 06:09 PM

ඔබ ලඟත් බොහොමයක් චෝදනාවලට තියන විසඳුම මහින්දට බැනීම (තමනුත් ඒ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් බව අමතක කරලා) විතරනේ! (රේ)

:       0       0

ජයන්ත Wednesday, 14 September 2016 09:29 AM

පත්තරේ බැලුවනම් සමහරවිට විසදුම් ටිකක් හොයා ගන්න බැරි වෙන එකක් නැහැ කියලය් මට හිතෙන්නේ. (ර)

:       0       0

වික්‍රම Wednesday, 14 September 2016 01:37 AM

ඡන්දෙ දුන්න අයට ඔන්න තවත් වැඩක් තියනවා කරන්න! (බ)

:       0       0

සජී Wednesday, 14 September 2016 11:05 AM

අපි නොදන්න වෙනස (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරියගේ දඬුවම සැර වැඩිවේ;සැමියා මරුට
2024 ඔක්තෝබර් මස 08 389 0

නොචිචියාගම වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ සිය සැමියාගේ ගෙල සිරකර ඝාතනයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රී අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය


හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 8කට හිරේ
2024 ඔක්තෝබර් මස 08 524 0

ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ


වැඩබලන පොලිස්පති පත්කිරීමට ව්‍යවස්ථා සභා අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 565 0

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.


ලක්ෂ 15ක අල්ලස් ගත්යැයි රාජ්‍ය ඇමතිගේ ලේකම්ට ඇප
2024 ඔක්තෝබර් මස 08 528 0

වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ


පාස්කු වාර්තාවල අඩු පාඩු හොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 08 344 0

පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ වසර අවසානයට පෙර
2024 ඔක්තෝබර් මස 08 167 0

රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39445 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25708 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 350 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1163 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site