IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වන දිවි සංහාරය

ලෝකය පුරා මාර්තු තුන්වැනිදා ,වන සත්ව හා වෘක්ෂලතා සංරක්ෂණ, දිනය සැමැරිණි. විවිධාකාර  සේවාවන් උදෙසා, ‘ලෝක දිනයන් ’ සමරන කාලයක වන සත්ව හා වෘක්ෂලතා සංරක්ෂණ දිනයක්ද සැමරිය යුතුයැයි එක්සත් ජාතීන්ගේ මහා මංඩලය අනුමත කරනු ලැබුවේ 2013 දෙසැම්බර් 20 වැනිදාය.

එම දිනය ලෙසට එදා තෝරාගනු ලැබුවේ මාර්තු 3 වෙනිදායිග

ශ්‍රී ලංකාවේද මේ දිනය ඉහළින් සැමරු බව වාර්තා විය. අප රටේ වනසත්ව සංරක්ෂණය ආරම්භවුයේ ලෝක ප්‍රජාව වනසතුන් දැකබලා විනෝදවීම අගය කිරීමට වසර දහස් ගණනකට පෙරාතුවය.

ක්‍රිස්තු පුර්ව තුන්වන සිය වසේදී මහින්ද මහ රහතන් වහන්සේගේ පැමිණීමත් බුදුදහම ශ්‍රී ලංකාවට හඳුන්වා දීමත් සමඟම දේවානම්පිය තිස්ස රජතුමන් විසින් පිහිටුවනු ලැබූ මිහින්තලය අභය භුමිය ශ්‍රී ලංකාවේ පළමුවැනි අභය භුමිය බවට වාර්තාගතවී ඇත.

වර්තමානයේ දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය සඳහාද ශ්‍රී ලංකාවේ වන ජීවී  සම්පතේ විවිධත්වය උපයෝගී කරගනු දකින්නට ඇත. සංචාරක ප්‍රවර්ධන කණ්ඩායම් කියන්නේ දිවයින පුරා රක්ෂිත 100 යකට වඩා ඇති බවයි.

 මේ අතරේ ප්‍රධාන අභය භුමි පහක් ද අතිරේක වන සත්ව උද්‍යානය එකොළහක්ද ඇති බවත්  දිවයිනේ භුමි ප්‍රමාණයට සාපේක්ෂිතව අපරටේ ජෛව විවිධත්වය ලෝකයේ බොහෝ රටවලට වඩා  අධික බවද ප්‍රචාරය කෙරේ.

දිවයිනේ හමුවන වන සතුන්ගෙන් 16‍ මෙන්ම පැළෑටි 23‍ ක්ද අප රටටම ආවේනික බවත්  ක්ෂීරපායී සත්ව වර්ග 91ක්දල පක්ෂි විශේෂ 433ක්ල තල්මසුන්ල ඩොල්ෆින් වැනි විශාල ප්‍රමාණයේ මත්ස්‍යයන්ද ශ්‍රී ලංකාවේ දී දැකගත හැකිවන බව ප්‍රචාරය කෙරෙයි.

ක්ෂීරපායී සතුන් අතරේ අලි ඇතුන්ල වලසුන්ල දිවියන්ල වල් මීහරකුන්ලගොනුන්ල මුවන් සහ වඳුරන් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගන්නා සත්ව විශේෂ වෙතිග පක්ෂීන් අතර වර්ග 20ක් ශ්‍රී ලංකාවටම ආවේනික වෙතිග 233ක් ලංකාවේ සැමවිටම දැකිය හැකි පක්ෂීන්ය.

පින්නවල අලි අනාථාගාරය සහ උඩවලව ඇත් අතුරු සෙවන අතරමංවූ හෝ තුවාල ලැබූ අලි ඇතුන් රැකගැනීම සඳහා පිහිටුවන ලද නමුත් අද වන විට සංචාරකයින් විශාල ප්‍රමාණයක් පැමිණෙන ස්ථාන බවට පරිවර්තනය වී ඇත.

කියනකොට එහෙමයි නමුත් කරන කොට සත්ව හා වෘක්ෂ ලතා සංරක්ෂණය කෙතරම්දුරට ක්‍රියාත්මක වනවාද යන්න විවේචනයට තුඩුදෙන කරුණක් බවට පත්වී තිබීම ඉතාමත් කණගාටුදායක කරුණකි.

වන සත්ව සංරක්ෂණ දිනයේදී වල් අලි පැටවුන් දෙදෙනෙකු හොරෙන් තබාගෙන සිටි බවක් හෙළිවිය. එම සතුන්හට වදහිංසා පමුණුවා ඇති බවත් දම්වැල් යොදා අනවශ්‍ය අන්දමට බැඳ තැබීමේ හේතුවෙන් කකුල් පවා තුවාලවී තිබු අන්දමත් වාර්තා විය.

 වන සත්ව සංරක්ෂණ නිලධාරීන්ගේ භාරයට පත්වූ මෙම සතුන් දෙදෙනාගේ සැප දුක සොයා බලනු වෙනුවට දැන් කෙරෙන්නේ බලෙන් රඳවාගෙන සිටි අයටම ආපසු භාරදීමට හැකි ක්‍රම හා විධි පිළිබඳව සොයාබැලීම බව පරිසරවේදීන් චෝදනා .

අතරේ අනුරාධපුරයේ කපුවෙකු ළඟ තිබී විල්පත්තු අභය භූමියේදී දඩයම් කරන්නට ඇති බවට අනුමාන කෙරෙන දිවියෙකුගේ හමක් පොලිසියට හමුවිය.

මහ මඟ මියැදෙන දිවියන්ල අලි ඇතුන් සහ වලසුන් ගැන නිතරම අසන්නට ලැබෙයි. අලුතෙන් නිර්මාණයව ඇති වගා ළිං  තුලට වැටෙන අලින් ගැනද නිතර වාර්තාවෙයි.

ආහාර සොයා ගම්වදින අලි ඇතුන් වෙඩි කති. හක්ක පටස් හපාකා විපතට පත්වෙතිග.ගල්ගමුවේ සැරිසැරූ දලපුට්ටුවාටද වෙඩිතබා ඇත. දුම්රිය මාර්ගය අලි ඇතුන්හට මරඋගුලක්වී ඇත. කැලෑවට ඇද දමන කැලි කසල බුදින සතුන් අකාලයේ මියයති.

හරි හමන් විදුලි වැටක් හදා ගන්නා සරල තාක්ෂනය තේරුම් බේරුම් කරගැනීම අපේ අයට මහා පරිමානයේ  අවුලක් වී ඇත.

මේවාට අනුමතවන මුදල් කන්දරාව බොහෝවිට බහිරවයෝ කතිග එවිට හැදෙන්නේ අලියාටවත් ගැමියාටවත් වැඩකට නැති වැටකි.

ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන් ළඟ දිවියන්ල වලසුන් සහ අලි ඇතුන් සිටිබවත් වාර්තාවෙයි. කිලිනොච්චි වනාන්තරයේ සිටි එයින් එක් අලියෙකු පින්නවලට ගෙන්වාගෙන ඇති බවද වාර්තාවෙයි.අද හීලැ අලි ඇතුන් ගත කරන්නේ ඉතාම දුක්ඛිත ජීවිතයකි.

පන්සලක මළ ඇතෙකු මිහිදන්කළ තැනම විලංගුලා සිටින ඇත්පැටවෙකු මෙයට හොඳම නිදර්ශනයකි. ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමකගේ නමින් බලපත් නොමැතිව ප්‍රවාහනය කෙරුණ අලිපැටවකු වනජීවී නිලධාරීන් අත් අඩංගුවට  ගත්තද පසුව මුදා හරිනු ලැබීය.

පින්නවල අලි අනාථාගාරයේ පැටවුන් දේශපාලඥයින් ගෙනයන බවටත් සමහරුන් ළඟ මෙසේ ගෙන ගිය අලි ඇතුන් හය හත ඉන්නා බවත් වාර්තා විය.

අලියෙකු රුපියල් ලක්ෂ 10 කට අලෙවි කිරීමේ නීති රීති ගෙනෙන බවටද අද කියැවෙයි.

මිලදී ගන්නා අලියෙකු තබා ගැනීමට අඩුවශයෙන් අක්කර පහක ඉඩමක් වත් හිමිවිය යුතු බව එම පනතෙහි අඩංගුවන බව වනජීවී ඇමති කියයි.

අද හිලෑ අලින් ළඟ තබාගෙන ඉන්නා කිසිම කෙනෙක් එම සතුන්හට නිදැල්ලේ ඉන්නට ඉඩ සලස්වා දෙන්නේ නැතග මේ හැම සතෙකුම ඉන්නේ ගස්වල ගැට ගසා විලංගු පිටය.

විලංගු දැමීමේදී යකඩ දම්වැල් කකුලෙහි ගැට ගැසීම නිසා ඇතිවන කැපුම් තුවාල නිසා මේ හැම සතෙකුම සදාකාලිකව  වේදනා විඳියි.

අඩුම වශයෙන් කකුල්වල කැපුම් තුවාල වැලැක්වීම සඳහා දම්වැල වෙනුවට කකුලට ආරක්‍ෂිත එහෙත් ශක්තිය ප්‍රමාණවත් පටියක්වත් යොදාගැනීමට අලි ඇතුන් හිමියන්හට පශු වෛද්‍යවරුන් හෝ පරිසර හිතකාමීන් හෝ වනජීවී නිලධාරීන් හෝ මෙතෙක් කාලයක් අවවාද අනුශාසනා කර ඇති බවක් පෙනෙන්නට නැත.

වල් අලි පැටවුන්  මදු දමා අනවසරයෙන් අල්ලා වෙළඳාම් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවද වනජීවී නිලධාරීන්ම පිළිගනිති.

අභය භුමි වල ඇති නවාතැන් පලවල දඩ මස් උයාගෙන කෑ අවස්තාවක් ගැනත් එම දඩමස් සපයන ලද්දේ වනජීවී නිලධාරීන් බවත් පසුගියදා වාර්තා විය.

වැටත් නියරත් දෙකම ගොයම් කන තත්වයට අද වනජීවී සංරක්ෂණය පත්වී ඇත.

ප්‍රධාන අභය භූමිවල පිහිටි එකම සංචාරක නිවහනක්වත් කෙනෙකුට නැවතීමට සුදුසු ආකාරයකට නඩත්තු කෙරෙන්නේ නැතග මේවග මෙම බංගලා වල නවාතැන්ගත් ඕනෑම කෙනෙක් සාක්කි දරනාවට සැකයක් නැත.

මේවායේ ජලය ලබාගන්නේ ළඟ ඇති විල්ලුවකින් හෝ වළකින් නිසා හැම විටම ඒ ජලය පාවිච්චි කළ නොහැකි තරමින් මඩ සහිත වෙයි. බීමට තබා නෑමට හෝ ආහාර පිසීමටවත්  මේ ජලය භාවිතා කල නොහැක.

මේ හැම බංගලාවකම ඇත්තේ අවම පහසුකම්යග මේවා ජරාජීර්ණ වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ නිසි පරිදි නඩත්තු නොකිරීම බව හොඳින් පෙනීයන කරුණකිග දැනට විල්පත්තුවේ අලුතෙන් බංගලා 4ක් ඉදිවෙමින් පවතී.

මේවා සඳහා ඉල්ලුමේ අඩුවක් නොමැති බව හොඳින්ම පෙනීයන කරුණකිග විශේෂයෙන් මේ බංගලාවක් සති අන්තයේ දිනක වෙන් කරවා ගැනීමට අවශ්‍ය වේනම්  අවම වශයෙන් වසරකටවත් කලින් ඒ සඳහා ඉල්ලුම් කල යුතු තරමට අධික ඉල්ලුමක් මේ ස්ථාන සඳහා ඇතග එනමුත් අය කරන මුදලට සාධාරණයක් වන අන්දමටවත් මේ තැන් පිළිවෙලකට පවත්වාගෙන යාමට කිසි උනන්දුවක් පෙන්වන බවක් දක්නට නැත.

මේ අතර යාල අභය භුමියේ ඉහලම තත්වයෙන් නඩත්තු කෙරෙන සියලු සැප පහසුකම් වලින් අනුන ,බුතව බංගලාව, දේශපාලඥයින් සහ ඔවුනගේ හිතවතුන් ගේ පමණක් තනි ප්‍රයෝජනය සඳහා වෙන කර ඇති බවද වාර්තා විය.

මහජනයාගේ මුදල් වියදම්කර වැඩක් කර එතැන තමන්ගේ පින්තුරයත් නමත් අලවාගන්නා වෙනත් රටක් ලෝකයේ අපනම් දැක නැතග නමුත් ලංකාවේ අද වන්නේ එයයි.

ශ්‍රී ලංකාව තරම් ජෛව විවිධත්වයක් සම්බන්ධ පාරම්බෑමක් නොකලත් අප්‍රිකාවේ වන සතුන් බහුලව ඉන්නා බොහෝ රටවල වනජීවී ,ව්‍යාපාරය, පවත්වාගෙන යාමේදී අනුගමනය කෙරෙන උසස් ප්‍රමිතිය ශ්‍රී ලංකාවටද ආදර්ශයක් වියයුතු බව කිව යුතුයග.කෙන්යාවල දකුණු අප්‍රිකාවල සැම්බියාව සහ ටැන්සානියාව වැනි රටවල සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන තැනක් ගන්නේ වන සතුන් ඔවුනගේ ස්වභාවික පරිසරයේදී දැක බලා ගැනීමට අවස්ථා ලබා දීමයි.

ප්‍රධාන මාර්ගයේ සිට අඩුම වශයෙන් කිලෝමීටර් 15 කටත්  වඩා ඝන වනාන්තර මැද ඉදිකර ඇති මේ රටවල බොහොමයක් නවාතැන් පළවල් තරු පහේ හෝටලයක් තරමටම උසස් තත්වයට පවත්වාගෙන යනු ලබයිග පිරිසිදුකමත් සනීපාරක්ෂාවත් ඉස්තරම් අන්දමින් ඇති මෙම නවාතැන් පළවල් සියල්ලම ආරක්‍ෂිත කුඩාරම්ය.

මේ රටවලද බොහෝ අවස්ථාවල වන සතුන් සහ මහ ජනතාව අතර ගැටුම් ඇතිවන අතර මස් සඳහා මෙන්ම දල සඳහාද අලින්ල රයිනොවරුන් සහ මුවන් වැනි සතුන් දඩයම් කිරීමද විශාල වශයෙන් සිදුවෙයි.

එසේ නමුත් මේ හැම රටකම අභය භුමි මෙන්ම ප්‍රධාන මාර්ග වටාද ඉස්තරම් අන්දමේ විදුලි වැට ඉදි කර ඇත. සූර්ය තාප බලයෙන් ක්‍රියා කෙරෙන මෙම විදුලි වැට නිරන්තරයෙන් පරීක්ෂා කෙරෙන අතර අවශ්‍ය තැන කඩිනමින් අලුත්වැඩියා කිරීමටද කටයුතු කරනු ලබයි. නවාතැන් වටාද මේ අන්දමට ඉස්තරම් විදුලි වැට ඉදිකර ඇත. එනිසාම කුඩාරම් අසලටම වනසත්තු එති.

මේ තත්වයේ නවාතැන් පළවල් ශ්‍රී ලංකාවේ අභය භුමි වල ඉදිකිරීමටත් ඒවා උසස් තත්වයකින් පවත්වාගෙන යාමටත් අපහසු තාවයක් ඇතැයි සිතිය හැකි නොවේ.

ඕනෑවන්නේ ඕනෑකම පමණකි.



අදහස් (0)

වන දිවි සංහාරය

සත්‍යයා Saturday, 08 March 2014 11:09 AM

විශිෂ්ඨ ගණයේ ලිපියක්. මුදල් හඹා යන ඊනියා තුන්වෙනි ලෝකයේ රටවල් දරුණු ලෙස පරිසරය විනාශ කිරීමේ දුර්දාන්ත ක්‍රියා දාමයකට අවතීර්ණව සිටිනවා. අපට ම සුවිශේෂ වූ සත්ව හා ශාක වර්ග වලින් පොහොසත් රටක ජීවත්වීම ට ඉඩ ලැබීමේ වාසනාවට පයින් ගසා හිත් පිත් නැති මිනිස්සු දිනපතාම අපේ වන හා ජීව සම්පත විනාශ කරමින් සිටිති. ලංකාදීප පුවත් පත මේ තත්වයෙන් දේශය මුදා ගන්න ජනතාව දැනුවත් කිරීමේ වැඩ පිළිවෙලකට යොමු වීම අපගේ භාග්‍යයක්. (නදී)

:       0       0

සරත් ඉලුක්කුඹුර Friday, 07 March 2014 01:54 PM

කෝ වැලන්ටයින් ඩේ එක වගේ මේක ප්‍රසිද්ද නැහැනේ. නමුත් මම මේකට ගොඩක් උදව්කරනවා උනන්දු වෙන අයට.(නධී)

:       0       0

හේමන්ත Friday, 07 March 2014 02:43 PM

ඉතාම කාලෝචිත වටිනා තොරතුරු අවංකවම අගය කරමි.(නදී)

:       0       0

හේමන්ත Friday, 07 March 2014 02:43 PM

ඉතාම කාලෝචිත වටිනා තොරතුරු අවංකවම අගය කරමි.(නදී)

:       0       0

සේරම් Friday, 07 March 2014 04:19 PM

සැමරුම කොයිතරම් දැනෙනවද කියනවා නම් ලක්ෂ දහයක් ගෙවලා වන අලියෙක් ගෙදර ගෙනියන්න ලංකාවේ වනජීවී අමාතංශය අවසර දෙන්නද කොහෙද යන්නේ. අනේ හැබැටම මෙහෙම වන ජීවියෙක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 7 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 9 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 3274 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2465 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3054 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5888 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18710 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site