IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


විනූ පෙම්වතියක්ද? නෑ නෑ තාම නෑ

2016-07-07-ent-86

රුවගුණ සපිරි තරුණ නිළියක ලෙස පුංචි තිරයේ සහ සිනමාවෙන් ඔබ සමීපයට එන අහිංසකාවිය විනූ උදානි වර්තමාන කලා ක්ෂේත‍්‍රය හැඩ කරන රංගන ශිල්පිනියක්.

ස්වර්ණවාහිනියේ විකාශය වූ ‘‘තරුමලී’’ ටෙලිනාට්‍යයෙහි තරුමලී චරිතය ඔස්සේ ක්ෂේත‍්‍රයට පැමිණි ඇයට කෙටි කලකින්ම පේ‍්‍රක්ෂක ආකර්ෂණය දිනාගන්නට හැකිවූයේ ඇය සතු දක්ෂතා සහ ආදරණීය සිනහව නිසාවෙන්.

මේ දිනවල ඉහළ ප‍්‍රතිචාර මැද දිවෙන පත්තිනි චිත‍්‍රපටය හරහා ආගන්තුක බවකින් තොරව පරිණත නිළියක ලෙස රංගනයේ යෙදෙන විනූ පුංචි තිරයේ විකාශය වන යාල් දේවි සහ සී රජ යන ටෙලිනාට්‍ය හරහාත් නිවේදිකාවක් ලෙසින් දෙරණ ‘ඔැ් ච්‏රඑහ’ ඔස්සේත් දැකබල ගන්න පුළුවන්. ආදරණීය සිනහවකින් මුව පුරවාගෙන දයාබර හඬින් කතා කරන ඒ සොඳුරු රුවැත්තිය මෙවර සඳැල්ල අප හා සංවාදයක යෙදුණා. ඇගේ කලා දිවියේ තොරතුරු අප හා බෙදාගත්තෙ මෙලෙසින්.

 

විනූ කොහොමද ජීවිතේ?

2016-07-07-ent-85මේ දවස්වල ගොඩක් සතුටින් ඉන්නවා. ඒ වගේම ටිකක් කාර්යබහුලයි. අලූතින් ටෙලිනාට්‍ය සහ චිත‍්‍රපටත් කීපයකට ආරාධනා ලැබුණා. ඒ වගේම නිරූපණ ක්ෂේත‍්‍රයේත්, නිවේදන ක්ෂේත‍්‍රයේත් වැඩකරගෙන යනවා.

 

කොහොමද පත්තිනි සඳහා ලැබෙන ප‍්‍රතිචාර?

ප‍්‍රතිචාර ඉතා ඉහළයි. පත්තිනි මගෙ දෙවැනි චිත‍්‍රපටය විදියට තමයි තිරගත වුණේ. එහි මම නිරූපණය කරන්නෙ මණිමේඛලා චරිතය. චිත‍්‍රපටය තිරගත වන මුල් දවස්වල මම කොළඹ හිටියෙ නෑ. වෙනත් නාට්‍ය රූපගත කිරීමකට කොළඹින් පිට ගිහින් හිටියෙ. නමුත් මගෙ දුරකථනයට කතා කරලා ගොඩක් කට්ටිය සුබපැතුවා. විශේෂයෙන්ම මගෙ පාසලේ ගුරුවරුන් ගොඩක් මේ චිත‍්‍රපටය සහ මගෙ රංගනය අගය කළා. ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්ගෙන් ලැබුණ ප‍්‍රතිචාරත් පේ‍්‍රක්ෂකයන්ගෙන් ලැබුණ ප‍්‍රතිචාරත් ඉතා ඉහළයි. චිත‍්‍රපටය දෙවරක්, තුන්වරක් බලපු අයත් හිටියා. ඒ තරමට චිත‍්‍රපටයට ගොඩක් අය කැමතියි. ප‍්‍රතිචාර අතින් තවම දොසක් ලැබුණෙ නම් නෑ. හොඳම තමයි කිව්වෙ. ඒ ගැන හරිම සතුටුයි.

 

විනූ ඉතිහාස කතාවලට සම්බන්ධ වෙන්න ගොඩක් කැමතියි වගේ?

ඔව්, අනිවාර්යෙන්ම සිනමාව ගැන කතා කරද්දී ඉතිහාසයත් එක්ක බැඳුණු සිනමාවට තමයි ගොඩක් කැමැත්ත තියෙන්නෙ. මම හිතන්නෙ ඉතිහාසයේ තියෙන සිනමා නිර්මාණයකට දායකවෙන්න වාසනාව තියෙන්න ඕන. මොකද ඉතිහාසයේ තියෙන චරිතයකට පණ පොවන්න ඒ භාග්‍යය ලැබෙන්නෙ සීමිත පිරිසකට. මම රඟපාපු පළමු චිත‍්‍රපටය වන ‘‘ඇහැලේපොළ කුමාරිහාමි’’ එවැනි චිත‍්‍රපටයක්. ඉතින් මම හිතන්නෙ ඒ වාසනාව මට තියෙනවා.

 

ඒ චරිත දෙකෙන් වැඩිපුරම කැමති චරිතය මොකද්ද කියලා ඇහුවොත්?

එහෙම විශේෂයක් කරන්න බෑ. මොකද ඇහැලේපොළ කුමාරිහාමි කියන්නෙ මගෙ පළමු අත්දැකීම. ඒ චරිතෙටත් ගොඩක්ම කැමතියි. මම සිනමාවට ප‍්‍රවිශ්ට වෙන්නෙත් ඒ හරහා. ඒ වගේම මේ දවස්වල තිරගතවන ‘‘පත්තිනි’’ චිත‍්‍රපටයටත් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. ඉතින් ඒ චරිතෙටත් ගොඩක් කැමතියි.

 

ඉදිරියෙදිත් මෙවැනි ඉතිහාස කතාවකට සම්බන්ධ වෙනවද?

ඒ සඳහා දැනටමත් ආරාධනා ලැබිලා තියෙනවද? ආරාධනා කීපයක් ලැබුණා. නමුත් ඒවා ඉතිහාසගත කතන්දරවලට වඩා වෙනස්. ඉතින් ඉදිරියේදී අලූත් නිර්මාණවලට සම්බන්ධ වෙයි.

 

ප‍්‍රවීණ අධ්‍යක්ෂවරු සහ රංගන ශිල්පීන් සමඟ වැඩකරද්දි ලැබුණු අත්දැකීම් කොහොමද?

ඒක මගෙ රංගන ජීවිතයට ලැබුණු ලොකු භාග්‍යයක්. ඒ වගේම ලැබුණු අත්දැකීම් මගෙ ජීවිතේ ලොකු වෙනසක් ඇති කළා කියලා හිතෙනවා. මොකද මහාචාර්ය සුනිල් ආරියරත්න කියන්නෙ සිනමාවේ ප‍්‍රවීණයෙක් වගේම ගොඩක් අය ගෞරව කරන චරිතයක්. ඉතින් එවැනි චරිතයක් මුණගැහිලා කතා කරන්න ලැබෙන එකත් ලොකු වාසනාවක්. ඔහුගෙ අධ්‍යක්ෂණය යටතේ චිත‍්‍රපට චරිතයකින් දායකවෙන්න ලැබීම ඊටත් වඩා වාසනාවක්. මම ඒ පිළිබඳව ගොඩක් ආඩම්බර වෙනවා.

ඒ වගේම චිත‍්‍රපටයට සම්බන්ධ වුණු අනිත් ශිල්පීන් ශිල්පිනියනුත් ගොඩක් අත්දැකීම් ඇති ප‍්‍රවීණයන්. විශේෂයෙන්ම ප‍්‍රධාන චරිතයට දායක වන පූජා උමාශංකර් ගැන කතා කළොත් ඇය සමඟ මම රඟපෑ පළමු චිත‍්‍රපටය තමයි මේ. ඒ අත්දැකීම් ගොඩක් වටිනවා. මොකද ඇය හරිම සුහදශීලියි. මගේ චරිතයටත් සාධාරණයක් කරන්න ඇයගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේම ඇයත් සමඟ වැඩ කරද්දි වෙහෙසක් දැනෙන්නෙත් නෑ.

මමත් මේ චිත‍්‍රපටය තුළ වැඩිම දර්ශන වාර ගණනකට සහභාගි වුණා. චිත‍්‍රපටය ලංකාව පුරාම රූපගත කිරීම් කළා. මේ සඳහා රංගනයෙන් දායක වුණු ගොඩක් චරිත එක්ක මටත් රංගනයෙන් සහභාගි වෙන්න තිබුණා. ඒ හැම අත්දැකීමක්ම මගෙ ජීවිතේට ගොඩක් වටිනවා.

 

පුංචි තිරයෙ විනූව දකින්නෙ මොන නාට්‍ය හරහාද?

පුංචි තිරයෙ ගොඩක් අය මට තරුමලී කියලා ආදරේ කළා. දැන් නැවතත් යාල් දේවි හරහා තරුමලීට ආදරය කරපු පේ‍්‍රක්ෂකයන්ට මාව දැකබලාගන්න පුළුවන්. සතියේ දින පහේම රාත‍්‍රී 8.30 ස්වර්ණවාහිනියෙන්. ඒත් එක්කම ‘‘සී රජ’’ මතක් කරන්නත් ඕනෑ. සී රජ කියන්නෙත් පුංචි තිරය තුළ දකින්න ලැබෙන විශිෂ්ට නිර්මාණයක්. එහි අධ්‍යක්ෂණය ජැක්සන් ඇන්තනි මහත්මයගෙ. සීගිරි අප්සරාවක් විදියට තමයි මම එහි රංගනයෙන් දායක වෙන්නෙ.

 

විනූට පුංචි තිරයේදී ලැබෙන්නෙ ගොඩක් අහිංසක චරිතනෙ. මූණ දකිද්දිත් අහිංසකයි වගේ පේනවා. ඇත්තටම අහිංසකද?

ඇයි අහිංසකයි වගේ විතරයිද පේන්නේ? ගොඩක් අය හිතනවා මම ආඩම්බරයි කියලා. ලස්සනයි නම් ආඩම්බරයි කියලා මතයක් තිබුණට මම එහෙම නෑ. මාත් එක්ක කතා බහ කරලා තියෙන අයම අහනවා මම අහිංසකද? ආඩම්බරද කියලා. මගෙත් එක්ක කතා කරන සමහර අය කියනවා මම අහිංසකයි, ආඩම්බර නෑ කියලා.

කොහොමත් මම හොඳින්ම දන්න දෙයක් හැමෝමත් එක්කම ගනුදෙනු කරන විදිය. මම කලා ක්ෂේත‍්‍රයට එන්නෙ අවුරුදු 20 දි. ඉතින් ඒ ආපු ගමනෙදි මට ප‍්‍රවීණයන් එක්ක වැඩ කරන්න ලැබුණා. ඒ ලැබුණු අත්දැකීම් නිසාම මම දන්නවා ජීවිතේදි සහ රංගන ජීවිතේදි මම යා යුතු මඟ මොකක්ද කියලා. මේ හැමදේම පසුපස මගෙ දෙමව්පියො ඉන්නවා. එයාලගෙ කැමැත්ත අනුව තමයි මම රංගනයට එකතුවෙන්නෙ. ඉතින් මම දන්නව හැමෝමත් එක්කම ඉන්න විදිය.

 

විනූගෙන් වයස ඇහුවට කමක් නැද්ද?

අනේ කමක් නෑ, තාම 24 යි. ඒ නිසා කියන්න පුළුවන්

 

දැන් විවාහවෙන්න හොඳ කාලෙ කියලා හිතෙන් නැද්ද?

තාම එහෙම හිතිලා නම් නෑ. ඒකට තව කල් තියෙනවා කියලා තමයි හිතෙන්නෙ.

 

එතකොට විනූ පෙම්වතියක්ද?

නෑ නෑ තාම නෑ.

 

රඟපෑම නිසා ජීවිතේට ලැබුණු හොඳ දේවල් මොනවද?

මම හිතන්නෙ ජීවිතේට ලැබුණු හොඳම දේ තමයි පේ‍්‍රක්ෂක ආදරය. හැමෝගෙම හිත දිනාගන්න හැකියාවක් ලැබුණා. ඒ වගේම සමාජයත් එක්ක ගනුදෙනු කරන්න අවශ්‍ය විදිය, විවිධාකාර චරිත හඳුනාගන්න විදිය සහ රංගන ක්ෂේත‍්‍රයේ ගොඩක් අය ආදරේ කරන ප‍්‍රවීණයන් දකින්න, ඔවුන් හඳුනාගන්න ඔවුන් සමඟ වැඩ කරන්න ඒ හැමදේටම අවස්ථාව ලැබුණා.

 

කටකතා ගැන විනූ මොකද කියන්නෙ?

කට කතා හැදෙන්නෙ අනිවාර්යයෙන්ම ජනප‍්‍රිය චරිතයක් නම්නෙ. ඉතින් ඒ හැමදේම අපි භාරගතයුතු දේවල් නෙමෙයි. කවදාවත් කටකතාවලට ජීවිතේ කඩා වැටෙන චරිතයකුත් නෙමෙයි විනූ කියන්නෙ.

 

විනුට කට කතා හැදිලා තියෙනවද?

කට කතා හැදිලා තියෙනවද කියලා දන්න අයගෙන් තමයි අහන්න වෙන්නෙ.

 

අවසාන වශයෙන් දැනගන්න කැමතියි දැන් ක්ෂේත‍්‍රයට ඇවිල්ලා කොච්චර කල්ද සහ මේ තාක් ආ ගමන් මඟ පිළිබඳ තෘප්තිමත්ද?

මම රංගන ක්ෂේත‍්‍රයට එන්නෙ 2012 වර්ෂයේ. අවුරුදු 20 වගේ ඉතාමත් තරුණ වයසෙදි. දැන් මට අවුරුදු 24 යි. අවුරුදු 4 ක් පුරාවට රංගන ක්ෂේත‍්‍රයේ තවමත් ජනප‍්‍රිය තත්ත්වයක් රඳවගෙන හැමෝත් එක්කම සුහදව ඉන්න ලැබීම මම හිතන්නෙ ලොකු සතුටක්. ඉතින් ඒ පිළිබඳව මම ගොඩක් තෘප්තිමත්.

 

ධනු විජේරත්න / ඡායාරූප - සඳුන් ගමගේ

 

sandalla

 

2016-07-07-ent-84
2016-07-07-ent-83



අදහස් (0)

විනූ පෙම්වතියක්ද? නෑ නෑ තාම නෑ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1350 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 824 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2083 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 416 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 709 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1761 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site