IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


වෑන්-යතුරු පැදි අනතුරින් දැරියක් මරුට

(අමදෝරැ අමරජීව)

ත්‍රිකුණාමලය ඇතුල් වරාය පාරේ කනත්ත හන්දියේදි සිදුවු වෑන් රථ යතුරු පැදි අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් දැරියක් අද (26) අළුයම මිය ගිය අතර එම යතුරු පැදියේ ගමන් ගත් කාන්තාවක් හා තවත් දැරියක් තුවාල ලැබු බව වරාය පොලිසිය කියයි.

අනතුරට පත් වෑන් රථය පැදවු රියදුරා හදිසියේ අසනිපවි අසාධ්‍ය තත්ත්වයේ සිටි සිය මව රැගෙන රෝහල කර එද්දි මෙම අනතුර සිදුවි ඇති අතර අසාධ්‍යව සිටි මව රෝහල් ගත කරද්දී  මියගොස් ඇතැයි පොලිසිය කීහ.

වෑන් රථ යතුරු පැදි අනතුරෙන් මෙලෙස මිය ගියේ ත්‍රිකුණාමලය ඩොක්යාර්ඩ් පාරේ පදිංචි ශාන්ත මේරි බාලිකා විද්‍යාලයේ 05 වසරේ ඉගෙනුම ලැබු එඩ්වික් ෂෙරලින් ටේසි (09) නැමැති දැරියයි.

එම ලිපිනයේම පදිංචි ලින්ඩා ලීනා (34) නැමැති කාන්තාව  හා ජූඩ් කවිසාලිනි (08) නැමැති දැරිය මෙලෙස තුවාල ලබා ඇති අතර තුවාල ලැබු දැරියගේ තත්ත්වය බරපතල බැවින් අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ.

තුවාල ලැබු කාන්තාව සිය බාල සහෝදරියගේ හා බාල සහෝදරයාගේ දියණියන් දෙදෙනා උපකාරක පංති අවසන් කර යතුරු පැදියෙන් නිවස බලා රැගෙන යද්දී මෙම අනතුරට ලක්වි තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.ඒ.ජේ.එස්.රණවිර මහතාගේ මෙහෙයවිමෙන් වැඩිදුර පරික්ෂණ පැවැත්වේ 



අදහස් (0)

වෑන්-යතුරු පැදි අනතුරින් දැරියක් මරුට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිසට පහරදී අයෙක් මරලා
2024 ඔක්තෝබර් මස 14 94 0

හිසට පහර දීමකින් ඇතිවූ බරපතල තුවාලයකින් ලේ ගලමින් පුද්ගලයෙකු නිවසේ ඇඳක් මත මියගොස් සිටියදී සොයාගත් බව මාදම්පේ පොලීසිය කියයි.


ඊශ්‍රායල හමුදා කඳවුරට හිස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 14 152 0

ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100


පාලන මිලට බැරිනම් සහල් අලෙවිය වර්ජනය කරනවා
2024 ඔක්තෝබර් මස 14 348 0

පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි නම් සහල් අලෙවිය වර්ජනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළඳ සංගමය පවසයි.


පොහොර සහනාධාරය අද සිට
2024 ඔක්තෝබර් මස 14 75 0

රජය විසින් වැඩි කරන ලද පොහොර සහනාධාරය අද සිට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ශිෂ්‍යත්වය ගැන කොමසාරිස්ගේ තීරණය
2024 ඔක්තෝබර් මස 14 341 0

ආන්දෝලනයට තුඩු තුන් 2024 පහ වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය යළි නොපැවැත්වීමට තීරණ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.


ත්‍රිරෝද රියදුරු මරා පුංචි ලෝකාන්තයට දාලා
2024 ඔක්තෝබර් මස 14 468 0

හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකු මඩොල්සිම පුංචිලෝකාන්තය අසල ට රැගෙන ගොස් පහරදී සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ ප්‍රපාතයට ඇද විසිකර දෑමූ බව ක


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 371 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 438 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1391 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site