IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


වෑන් රිය දුම්රියේ හැපෙයි

පාදුක්ක දුම්රිය පොළ අසළදි වෑන්රියක් දුම්රියේ හැපි දෙදෙනකු එතැනදීම මිය ගිය බව පොලීසිය කියයි. මිය ගිය දෙදෙනා පෙර පැසැල් දරුවෙකු හා රියදුරා බව දැනගන්නට ඇත.

(ඡායාරූප නිහාල් වෙත්තසිංහ)

 

(ඡයාරූප සිරි මහබෙල්ලන)

 

 



අදහස් (0)

වෑන් රිය දුම්රියේ හැපෙයි

ජැස්පර් Tuesday, 14 May 2013 12:58 PM

එත් අර පුංචි දරුවා..!(ස)

:       0       0

දිනා Wednesday, 15 May 2013 03:31 PM

ශ්‍රී ලාංකික රියදුරන්ට ඉවසීම ඉගැන්විය යුතුයි (නි)

:       0       0

ශ්‍යාමි Tuesday, 14 May 2013 10:44 PM

මම පළමුවෙන්ම ඒ දෙන්නට නිවන් සුව පතනවා. සරත් පැවසූ පරිදි කාටවත් බැනලා වැඩක් නැහැ. තමන් දැනගන්න ඕනෑ පරිස්සම් වෙන්න. මේක බොහොම නරක කාලයක් මිනිස්සුන්ට (නි)

:       0       0

දිසානායක Wednesday, 15 May 2013 11:04 AM

රකිත කොලුවාත් ඉදල හිටලා නියම කතානේ කියන්නේ. කොලුවා දැන් දියුණුයිනේ. අන්න ඔහොම යමන් පුතා. (නි)

:       0       0

දිසානායක Wednesday, 15 May 2013 11:06 AM

කී දෙනෙක් නම් වැරදිද? වාහන රථයේ රියැදුරා ටිකක් කල්පනාකාරී වුණා නම්... (නි)

:       0       0

ෂෙරිෆ් Tuesday, 14 May 2013 11:03 PM

ප්‍රථමයෙන් මියගිය අයට නිවන්සුව පතමි. අනිත් කාරණය තමයි අපේ රටේ රියදුරන්ට සින්දු අහන්නේ නැතිව රථය පදවන්න අමාරුයි. රථය පදවන ගමන් ජංගම දුරකතනය පාවිච්චි කිරීම, සමහර රියදුරන් පුවත් බැලීමත් කරනවා, හුඟක් අනතුරුවලට හේතුව නොසැලකිල්ල.(නදී)

:       0       0

වරුණ Tuesday, 14 May 2013 08:17 AM

අයියෝ! (නි)

:       0       0

නිශේන්ද්‍ර Tuesday, 14 May 2013 04:16 PM

කොමිස් ගන්න බැරි නිසා ගේට්ටු වැඩේ ක්‍රියාත්මක වෙන්නේ නැතුව ඇති. (නි)

:       0       0

ලයනල් ගුණවර්ධන Tuesday, 14 May 2013 08:23 AM

දේශපාලඥයන්ට බැරදි උණ බම්බු ගේට්ටුවත් දාන්න. මහා ලොකුවට ගුවන්තොටුපළවල්, වරාය හදන එකේ.(නදී)

:       0       0

ප්‍රියා Tuesday, 14 May 2013 04:21 PM

සමහරවිට මගේ අදහස වැරදි වෙන්නත් පුළුවන්. දුම්රිය හරස් පාරකින් වාහනයක් දැමීමට පෙර රෝද හතරම නවතින සේ තිරිංග තදකිරිම අනිවාර්ය කළ යුතුයි කියලා මම හිතනවා (නි)

:       0       0

ලාල් Tuesday, 14 May 2013 01:28 PM

වාහනේ කි දෙනෙක් ඉදලද? (නි)

:       0       0

රකිත් Wednesday, 15 May 2013 11:23 AM

දිසානායක මහත්තයෝ, නියම වුණත් නැතත් මගේ හිතේ තියෙන දේ මම කියමි. සමහරු මට බැනපු අවස්ථා වගේම අගය කළ අවස්ථාද ඇත. ඒ සියල්ලක්ම උපේක්ෂාවෙන් බාර ගනිමි. ඕනෑම කෙනෙකුගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මම ගරු කරමි. (නි)

:       0       0

පද්මිණි Tuesday, 14 May 2013 01:33 PM

ගේට්ටුවක් තියා ස්ටොප් බෝර්ඩ් එකක්වත් නැහැ වගේ.මොන තරම් අනාරක්ෂිතද? (නි)

:       0       0

රකිත් Tuesday, 14 May 2013 08:41 AM

බලධාරීන්ගෙන් මා අහන්නේ තව කියක් අහිංසක ජිවිත බිලි දෙන්න ඕනෙද මෙම වාහන මාරු වන ස්ථාන ආරක්‍ෂිත ස්ථානයක් බවට පත් කිරීමට?(නදී)

:       0       0

මහින්ද Tuesday, 14 May 2013 09:02 AM

කවුද ප්‍රවාහන ඇමති ?(නදී)

:       0       0

නිරෝෂන් Wednesday, 15 May 2013 12:31 AM

දැන් එතකොට රියදුඋරාගෙ වැරද්දක් ඇත්තෙම නැහැ? උණ බම්බුව නැති එක තමයි ප්‍රශ්නය. මමත් ඉන්නේ ලොකු රේල් පාරක් ළඟ . මෙතන ස්වයංක්‍රීය ගේට්ටුවක් තියෙන්නේ.ඔය වහලා තියෙන වෙලාවටත් ඕනෑතරම් වාහන යන්නේ, ගේට්ටු තිබුණත් යන එකා යනවා (නි)

:       0       0

වතිල Tuesday, 14 May 2013 09:05 AM

බලධාරින්ටම වැරදි කියන්න එපා මිනිස්සුන්ගෙ නොසැලකිල්ල. ඔය මනුස්සයා වාහනේ දාල තියෙන්නෙ එතන ඉන්න මිනිස්සු එපා කියල කෑ ගහද්දි.(නදී)

:       0       0

බණ්ඩාර Tuesday, 14 May 2013 01:42 PM

අනේ පව් අර අහිංසක දරුවා. පුත, නුඹට අමාමහ නිවන් සුව ! (නි)

:       0       0

ෂෙලාන්සියුස් Tuesday, 14 May 2013 09:14 AM

අනේ පව් දරුවා.(නදී)

:       0       0

උද්දික Wednesday, 15 May 2013 04:25 PM

ඔය මනුස්සයා කෝච්චිය එනවා පෙනී පෙනී නේ දැම්මේ. අපිත් දැක්කා ඒක. අනික මාර්ග නීති පොත කටපාඩම් කරලා නේද මේ මිනිස්සු එලවන්න බලපත්තරේ ගන්නේ. ඔය පොතේ තියෙනවා දුම්රිය අනාරක්ෂිත මාර්ගයක් තියෙනකොට දුම්රිය මාර්ගය හරහා වාහන ධාවනය කරන ආකාරය. අනික වාහන එලවන විට පාරේ යන අයට ඉවසීම නැති එකෙන් වෙන්නේ අහිංසක ජීවිත නැති වෙන එකයි. ඒ නිසා ඉවසීමෙන් ආරක්ෂිතව වාහන එලවන්න පුලුවන් නම් මේ අනතුරු වලක්වා ගන්න පුළුවන් නේද? (නි)

:       0       0

සුභාෂ Tuesday, 14 May 2013 09:42 AM

මම ඒ කිට්ටුව පදිංචිකරුවෙක් එතන ඉතාම අවදානම් නිතරම දරුවන් පාර මාරුවන තැනක් වාහනයක රියදුරාට කොච්චි පාර දෙපැත්ත පෙන්නේ නැහැ. මේ ලංකාවේ බලධාරීන්ට මිනිස්සුන්ගේ ජීවිත එච්චර වටින්නේ නැති නිසා එතනට උන බම්බුවක් වත් දාන්න කාටවත් උවමනාවක් නැහැ. රියදුරාගේ වරද කියන්න එපා කොයි තාත්තටද ඕනේ දරුවත් එක්ක කෝච්චියට හැප්පිලා මැරෙන්න?(නදී)

:       0       0

පෙරේරා Tuesday, 14 May 2013 09:44 AM

බලධාරියෝ බම්බු ගහනවානම් ඔය අනතුරු වෙන්නේ නැහැ නේ.(නදී)

:       0       0

වජිර Tuesday, 14 May 2013 09:53 AM

සමහර අය බලධාරීන්ගේ වැරැද්දක් නැහැ කියලා කිව්වට සම්පූර්න වැරැද්ද බලධාරීන්ගේ. ලෝකේ දියුණු රටවල මේවගේ අනාරක්ෂිත විදියට දුම්රිය දාවනය කරන්නේ නැහැ.(නදී)

:       0       0

ගාමිණී Tuesday, 14 May 2013 05:28 PM

ලොකු ලොක්කන්ට රටේ අහිංසක මිනිසුන් අඩු කරන්න ඕනෑ නිසා රේල් ගේට්ටු නොදමනවා ඇති සමහරවිට. (නි)

:       0       0

මාරී Tuesday, 14 May 2013 02:18 PM

අනේ අර පොඩි දරුවා. රියදුරා මැරුනේ නැත්නම් මරන්න ඕනා.(නදී)

:       0       0

රණවීර Tuesday, 14 May 2013 02:20 PM

රියැදුරා මෝඩයෙක්. දුම්රිය පාරක් හරහා වාහනයක් දානකොට බලන්න ඕනේ දුම්රියක් එනවද කියල . ඔය බම්බු දැම්මත් මෝඩ යක්කු බම්බු කඩාගෙන යනවා . ඒ මෝඩයන්ගේ වරදට ආණ්ඩු පළි නෑ. නිකම් මෝඩ විදියට හිතන්න එපා. (ස)

:       0       0

ලලිත් Tuesday, 14 May 2013 02:21 PM

මේ දේවල් මීට ඉස්සර කොච්චරනම් වෙලා තියෙනවද? ඒත් කිසිම පිළියමක් නෑනේ. ඉතින්බලධාරීන් මේකත් ගණන් නොගෙන ඉදි. පව් අහිංසක ජීවිත.(ස)

:       0       0

සේරම් Tuesday, 14 May 2013 02:22 PM

මොනවා උනත් මේකේ හිටපු රියැදුරු කල්පනාවෙන් රිය පැ‍ෙදව්ව නම් මෙහෙම වෙන්නේ නැහැ . අපි කරන වැරදීවලට වෙන අයට හෝ රජයටම අපවාද කියන එක ගොඩක් අයගේ පුරුද්දක්.(ස)

:       0       0

කපිල Wednesday, 15 May 2013 12:14 PM

හැම එකටම ගේට්ටු සවි කීරීමත් මුරකරුවන් යෙදිමත් ප්‍රායෝගික නොවේ. නමුත් ප්‍රබල සංඥා පද්ධතියක් ශබ්දයක් ද සමගින් ස්ථාපිත කිරීමෙන් සාර්ථකව ගැටලුව නිරාකරනය කරගත හැකිවේ. ලාබෙට ගේට්ටු හදන්න පුළුවන් අය ලංකාවේ ඉන්නවා (නි)

:       0       0

නසාෆි Tuesday, 14 May 2013 02:25 PM

පාරවල් අලුතෙන් හදන එක හොඳයි. ඊටත් වඩා ගෙට්ටු නැති දුමුරිය හරස් මාර්ගවලට ගේට්ටු දැන එත වැදගත්. (ස)

:       0       0

සඳුන් Tuesday, 14 May 2013 10:08 AM

මේ මගේ අයියා.... මෙයාටත් පුන්චි පුතෙකුයි කිරි සප්ප දූ පැටික්කියෙකුයි ඉන්නවා.... ඇයි දෙයියනේ ඔච්චරටම අවදානම් කියලා දන්නවානම් මේ බලධාරීන්ය බැරි උනේ මෙතනට රේල් ගේට්ටුවක් දාන්න.... එහෙම දාලා තිබුනනම් අද අහින්සක ජීවිත කීයක් බේරිලාද? අනේ තවත් ජීවිත විනාශ නොවෙන්න වගබලා ගන්න එක බලධාරීන්ගේ යුතුකමක්....(ස)

:       0       0

සෙලන්සියුස් Wednesday, 15 May 2013 06:42 AM

වාහනයක් එලවනකොට එහි සම්පූර්ණ වගකීම රියැදුරා දැරිය යුතුයි. මාර්ගය අපැහැදිලිනම් කලයුත්තේ ඉතාම ප්‍රවේසමෙන් වාහනය පැදවීම. නැතුව ගේට්ටුව තිබුනේ නැහැ වහල නැහැ සීනුව වැදුනේ නැහැ කියල හේතු දීම නොවේ. ගේට්ටු තියන තැන් වලිනුත් ඔය ඕනේ තරම රිංගලා යනහැටි මමත් නිතරම දකිනවා. මූලික දෙය රියදුරුගේ විනය.(නදී)

:       0       0

අනුරාධ. Tuesday, 14 May 2013 05:48 PM

වාහන ගමන්කරන පාරක් දුම්රිය පාරක් හමුවෙන තැන ඉතාම අනාරක්ෂිතයි.ඒ නිසා මොන අන්දමේ හෝ ගේට්ටුවක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි.එහෙත් අදාළ වගකිවයුත්තන් ඇස් පියාගෙන මොනවත් නොවෙන ගානට ඉන්නවා.ඒ වගේම ඕනෑම වාහනයක් රේල් පාරක් හමුවන තැනදී අනිවාර්යෙන්ම සම්පූර්ණයෙන්ම නවතා දෙපැත්ත හොඳින් බලලා ඉදිරියට යා යුතුයි.එහෙත් මන්ද බුද්ධික රියදුරන් සිටින තාක්කල් ගේට්ටු තිබුනත් මේ වගේ කණගාටුදායක සිදුවීම් අහන්න ලැබෙනවා. (නි)

:       0       0

චන්දි Tuesday, 14 May 2013 10:33 AM

අය්යෝ, දැන් ඔය වගේ සිදුවෙම් කීයක් නම් උනාද කෝ මේ බලදාරින් නිදිද ..?(ස)

:       0       0

චන්දි Tuesday, 14 May 2013 10:38 AM

අතිගරු ජනාදිපති තුමනි,රේල් ගේට්ටු දල අහිංසක ජීවිත බේරගන්න ජීවිත බේරනවා කියන්නේ රට බේරනවා නේද ඔබට පින්සිදු වේවි ගේට්ටු ටික හෙට නෙමේ අදම දාල දෙන්න. (ස)

:       0       0

සතිස් Thursday, 16 May 2013 11:51 AM

ආණ්ඩුවට කඩේ යන අයට කවදාවත් ඇත්තක් කියලා තේරුම් කරන්න අමාරුයි. එතකොට අමාරුයි. රටේ වෙන හැමදේකටම ජනතාව තමයි වැරදි. අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු. (නදී)

:       0       0

රංජනී Sunday, 19 May 2013 02:58 AM

ඒ පොඩි දරුවා අත්තම්මට කීවලු අද මාව එක්කන් එන්න එපා,තනියම එන්නම් ආත්තම්මා මම එනකම් මල් වැට ළගටවෙලා බලාගන ඉන්න කියලා.මේ අම්මලා මෙවන් දුක් කොහොම විදවන්නද? රියදුරාටත් දරුවෝ ඉන්නවලුනේ. හැම රියදුරෙක්ම ප්‍රවේහමින් රිය පදවනවා නම් මෙවන් අනතුරු වලක්වා ගන්න හැකි වේවි. (නි)

:       0       0

සරත් Tuesday, 14 May 2013 06:28 PM

මට මතක් වෙන්නේ කුරුණෑගල , වැල්ලව. එම දුම්රිය පොළවල් පෙනෙන දුර තියෙනවා ප්‍රධාන පාරක් දුම්රිය මග හරහා.දැනට වසරකට පමණ පෙර දොස්තර නෝනා කෙනෙක් පදවපු කාර් එකක් හැපුනා. තාමත් එතන තිබුන විදියමයි. ලගදීම ජිවිත ගණනාවක් බිලිගනිවී. (නි)

:       0       0

විරාජ් Tuesday, 14 May 2013 03:04 PM

ගේට්ටුවක් නැති එක තමයි ඔක්කොටම මුල, ජීවිත නම් දැන් කියක් නැති උනාද මේ හින්දා. (ස)

:       0       0

සුනිල් Wednesday, 15 May 2013 07:56 AM

දරුවා නැති උනා. නමුත් එයට දුම්රිය දෙපාර්තමේන්තුව වග කියන්න ඕනේ. මිලියන ගණනක් ඉල්ලා නඩු පැවරිය යුතුයි ආරක්ෂක ගේට්ටුවක් නැතිව දුම්රිය දාවනය කල නිසා.(නදී)

:       0       0

සෙන්සා Wednesday, 15 May 2013 08:06 AM

අපේ මිනිසුන්ගේ විනයක් ඇත්තේම නෑ. ජපානය වගේ දියුණු රටවල රියදුරන් පදිකයන් අනුගමනය කරන පිළිපදින නීති රීති මේ අයට දැක ගන්න මෙගා නාටිටිය අඩු කරලා රෑපවාහිණී නාලිකා වල පෙන්වන්න කටයුතු කලොත් හොදයි.(නදී)

:       0       0

සරත් Wednesday, 15 May 2013 08:11 AM

කුමාර වෙල්ගම ඇමති ට තාම බැරි උනාද දුම්රිය ගේට්ටු හදලා ඉවරකරන්ඩ.(නදී)

:       0       0

රකිත් Wednesday, 15 May 2013 08:23 AM

බලධාරීන්ගේ වරදක් නැහැ කියන අයගෙන් මා අහන්නේ අඩුම තරමේ අනතුරු ඇඟවීම් පුවරුවක්වත් තියෙනවද මෙතන. ඉදිරියේ රේල් හරස් මාර්ගයක් කියලා? රුපියල් බිලියන ගණන් පාඩු ලබන ආයතන තියන රටේ බදු ගෙවන අහිංසක පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා උණබම්බු ගේට්ටුවක් හරි දාලා. දෙදෙනෙක් යොදවා එය නිරීක්ෂණය කරන්න බැරිද? එමගින් රියදුරන්ගේ ආරක්ෂාවත් සැලසෙනවා, දෙන්නෙක්ට රැකියාත් ලැබෙනවා.(නදී)

:       0       0

උදේනි Wednesday, 15 May 2013 08:24 AM

පුත, නුඹට නිවන් සුව! (නි)

:       0       0

සලීම් Wednesday, 15 May 2013 01:28 PM

අපි ඕවට බය නැහැ (නි)

:       0       0

සඳුන් Tuesday, 14 May 2013 11:16 AM

රට කරන්නා වුන්ට කන්න ටික අතට පයට ලැබෙනවන්ම්.... හැම දෙයක්ම ඕන විදියට වෙනවනම්....... රට හැඳි ගෑවිලා ගියත් වැඩක් නෑ......(නදී)

:       0       0

සුනිල් Tuesday, 14 May 2013 11:17 AM

වෙල්ගම මහත්තයෝ දැන්වත් නින්දෙන් නැගිටින්න. (ස)

:       0       0

තෙන්නකෝන් Tuesday, 14 May 2013 11:20 AM

මම ඉන්න රටේ උන බම්බු නැ මෙහෙ තියෙනවනම් මම කන්ටේනර් එකක්ම ලංකාවට පටවනවා රේල් ගේට්ටු ටික වහන්න. මගේ ගානේ එක මට ලොකු පිනක් කියා මා සිතනවා. මිනිසුන්ගේ ජීවිතය බේරගන්න එක ! (ස)

:       0       0

කපිල Tuesday, 14 May 2013 07:35 PM

http://youtu.be/4fR1lgWNnP4 (නි)

:       0       0

අසේල Tuesday, 14 May 2013 07:37 PM

දුම්රිය රියදුරාගේ වරද. මේ තමයි අවසන් නඩු තීන්දුව දැනට පවතින නීතියේ හැටියට.(නදී)

:       0       0

සුභා Tuesday, 14 May 2013 11:28 AM

වෙල්ගම මහත්තයෝ තව කීදෙනෙක් ජීවිත පූජා කරන්න ඕනිද ඔබේ ඇස් ඇරෙන්න. ඒකටත් ජනාධිපතිම පිටි පස්සට ඇගිල්ලෙන් අනින කම්ද බකන් නිලාගෙන ඉන්නේ. රටේ පුරවැසියන්ට ඔබලාගෙන් වෙන සේවයද මේ.(නදී)

:       0       0

නිරංජලා Wednesday, 15 May 2013 09:41 AM

නීතියක් නැති නිසා හැම පැත්තෙනම වැරදි වෙනවා වැඩියිත අසරණ දරු පැටියා පව්.(නදී)

:       0       0

සරත් Tuesday, 14 May 2013 07:46 PM

ගේට්ටු ගැනවත් කාටවත් බැනල වැඩක් නැහැ. වාහනයක් පදවද්දී තමන් දැනගන්න ඕනේ අනෙත් අයත් ආරක්ෂා කරගෙන යන්න කෝච්චිය ඇවිල්ලා වාහනේ හැප්පුනේ නැහැනේ වාහනේ ගිහින් ඇනගත්තා මිස.(නදී)

:       0       0

ආනන්ද ආර් Tuesday, 14 May 2013 03:27 PM

ලාබෙට රේල් ගේට්ටු නිපදවන චීන කොම්පැනියක් නැද්ද? (ස)

:       0       0

ප්‍රණිත් Wednesday, 15 May 2013 02:03 PM

කවුරුවත් ඕනෑකමින් කෝච්චියේ හැප්පෙන්න දාන්නෙ නැහැනේ. වැරැද්ද කාගේ වුණත් පෙර සූදාවම ඇගට ගුණයි (නි)

:       0       0

සතිස් Tuesday, 14 May 2013 11:31 AM

රට සංවර්ධනය කරනවා කියලා වරායවල්, ගුවන්තොටුපොළවල්, අදි වේගී මාර්ග හදන්න කලින් රටේ තියන අඩුපාඩු හදන්න ඕනා. මේ වගේ රේල් පාරකට ගේට්ටුවක් දැම්මා කියලා කොමිස් ගහන්න බැරි නිසා ඒවා කරන්නේ නැහැ. අද රටේ ඔය වගේ අනාරක්ෂිත ගේට්ටු කොච්චර තියනවද? විදුලිය නැති ගමිමාන කොච්චර තියනවද? ගමට යන්න පාලමක් නැති ගම්මාන කොච්චර තියනවද? රටට අලුතෙන් දේවල් එකතු කරන්න කලින් තියන දේවල් සම්පුර්ණ කරන්න ඕනා. බොරුවට අනවශ්‍ය වියදම් කරන්න හෝද නැහැ. මේකද රටේ ආස්චර්ය. ජනාධිපති තුමනි, අලුතෙන් දේවල් පටන්ගන්න කලින් රටේ අඩුපාඩු සම්පුර්ණයෙන් ඉවර කරලා රට සංවර්ධනය කරන්න.(නදී)

:       0       0

නිහාල් Tuesday, 14 May 2013 07:51 PM

මෙයාලා නොතේරෙනවා වගේ ඉන්න හැටි. බම්බු ටිකක් දැමිමනම් හරිනේ. පව් අහිංසක පැටියා.(නදී)

:       0       0

සමන් තුෂාරSamanthushanta Manamperi Sunday, 19 May 2013 03:38 PM

සම්පුර්ණ වැරැද්ද රියදුරාගේ. වහනයක් පදවන විට මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ මිනිස්සු කරන ලොකුම වැරැද්ද තමයි කෝච්චිය එනවා දැක දැක රේල් පාර හරහා දානවා. ඔය වගේ සිද්දි කීයක් නම් වුනාද?(නදී)

:       0       0

තිස්ස Friday, 17 May 2013 01:21 PM

අපේ රට ගැන හිතන කොට හදවත පැලෙන දුකක් දැනෙනවා. ඒත් කරන්න දෙයක් නැහැ, අහිංසක මිනිස්සු දේශපාලනය නිසා රට අරාජිතවෙලා කරන්න දෙයක් නැහැ, කොච්චියටවත් පැනලා මැරෙනවා මිස.(ස)

:       0       0

ප්‍රියන්ත Tuesday, 14 May 2013 11:42 AM

මෝඩ වුනාට මෝඩ කතා කියන්න එපා. ආණ්ඩුව මොනවා කරන්නද රියදුරාගේ වරදනේ. පේන විදියට මෙතන දෙපැත්ත හොදට පේන තැනක්. හැම එකටම ආන්ඩුව පලිද?(නදී)

:       0       0

ශීලා Tuesday, 14 May 2013 11:44 AM

අපිට ඕන තවත් අධිවේගී පාරවල් සහ තොටුපොළවල්. (ස)

:       0       0

විජේසිංහ Wednesday, 15 May 2013 02:17 PM

ඔව් අපේ රටේ මිනිස්සුන්ට අපේ දේවල් අගය නැහැනේ. ස්වයංක්‍රිය ගේට්ටුවක් වැඩි මිලට රටින් ගේන්න ඇත්තේ ඒකයි. තාම ඔතන අනාරක්ෂිතයි. දොස්තර මහත්තයාගේ ගේට්ටුව මිල අඩුයි. (නි)

:       0       0

ඩී. උපුල් Tuesday, 14 May 2013 11:45 AM

ලස්සන කෝච්චිය. අලුතෙන් ද ගෙනාවේ. (ස)

:       0       0

ප්‍රියා Wednesday, 15 May 2013 09:56 AM

අනේ ඒ අම්මට කොච්චර ගින්දරද, හදිස්සි වුණා මදැයි. පව් දරුවා. ඒ වෙලාවේ අම්මව මතක් වෙන්න ඇති. මේ වගේ ගින්දර අම්මලට දෙන්න එපා (නි)

:       0       0

අරුණ Tuesday, 14 May 2013 11:47 AM

ප්‍රයෝගික ගැටලුත් බොහොමයි. පාදුක්ක සිට කොළඹ දෙසට හරස් පාරවල් එමටයි. මේ හැම එකටම ගේට්ටු සවි කීරීමත් මුරකරුවන් යෙදිමත් ප්‍රායෝගික නොවේ , නමුත් ප්‍රබල සංඥා පද්ධතියක් ශබ්දයක් ද සමගින් ස්ථාපිත කිරීමෙන් සාර්ථකව ගැටලුව නිරාකරනය කරගත හැකිවේ (නි)

:       0       0

ගයාන් Tuesday, 14 May 2013 11:52 AM

මේ ෆොටෝ එක දැක්කම හොඳට පේනවා කෝච්චියක් එනවද නැද්ද කියලා.අද කාලේ මිනිස්සු තමුන්ගේ ළමයිනුත් දාගෙන අනරික්ෂිත විදියට යනවා දැකලම නැද්ද? රජය වැරදි කියමුකෝ. එහෙම කියලා මෙහෙම ගියාම හරිද? මිනිස්සු විසිනුත් කළ යුතු දේවල් තියෙනවා කියලා දැනගන්න ඕනෑ.පව් ඒ ළමයයි එයාගේ පවුලයි (නි)

:       0       0

ලාල් සුරන්ජිත් Tuesday, 14 May 2013 11:53 AM

ප්‍රියන්ත , ආණ්ඩුව ඍජුවම මේ අනතුරු වලට වග කියන්න ඕනෑ. මේ අය පත්කළේ රටේ තියෙන ප්‍රශ්න විසදන්න. දුම්රිය හරස්පාරේ ගේට්ටු සවිකරන එක ආණ්ඩුවේ වගකීම් නෙමෙයි නම් ඒක ඔයාගේ වගකීමක්ද? (නි)

:       0       0

කෙවින් Tuesday, 14 May 2013 11:55 AM

අපේ කෙනෙක් මේකට හොද විසදුමක් ඉරිදා ලංකාදීපේ දාලා තිබුන. ඒත ඒකට රජයෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ. (නි)

:       0       0

සරත් Tuesday, 14 May 2013 11:59 AM

මෙය මෙසේ නැති වූ කී වැනි ජිවිතයද? කවදා අපේ බලධාරීන්ට ඇස් හැරේද? (නි)

:       0       0

යොහාන් Tuesday, 14 May 2013 12:05 PM

තනිකරම රියදුරාගේ වැරැද්දනේ (නි)

:       0       0

දිසානායක Wednesday, 15 May 2013 02:40 PM

යකෝ රකිතයට හොදක් කිවුවත් මේක හරහටමනේ එන්නේ. බොල කොල්ලෝ කොහිල අලයක් ගිලපන් (නි)

:       0       0

නිමල් Tuesday, 14 May 2013 03:41 PM

ලාබෙට ගෙඉට්ටු හදන්න පුළුවන් අය ලංකාවේ ඉන්නවා. නැතිවෙන්නේ කොමිස් පමණයි. (ස)

:       0       0

රෙෂාන් Tuesday, 14 May 2013 12:14 PM

රේල් ගේට්ටු දැමිල්ලෙත් ගැහිල්ලක් තිබ්බනම් කට්ටය දිගට හරහට රේල් ගේට්ටු දායි. (ස)

:       0       0

අජිත් Tuesday, 14 May 2013 12:17 PM

රියදුරා නම් ඔය ටික වෙන බව දැන දැනම ගිහින් තියෙන්නේ, එත් අර අහිංසක මල් කැකුල. "දරුව නුඹට මතු සසරේදී මෙවන් විපත් නොවේවා! " (ස)

:       0       0

කුමාර් Tuesday, 14 May 2013 03:49 PM

අනේ ප්‍රේමදාස මහත්තයාගේ උන බම්බුවත් තිබුනනං මේ අනතුර වෙන්නේ නැ.(ස)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 14 May 2013 12:25 PM

දුම්රිය හරස් මාර්ග වලදී වාහන හප්පනවා, අලි මංකඩවලදී හප්පලා අලි මරනවා, ඔය යකඩ යක්කුන්ට කොච්චර කීවත් මොලයක් නැද්ද? අදාල ස්ථාන පසුකරනකන්වත් ටිකක් හෙමින් යන්න.(ස)

:       0       0

ගොඩගේ Tuesday, 14 May 2013 03:55 PM

වෙල්ගම ඇමති නිදි නැත්නම් මේවාගෙන් කොමිස් මුදල් ලැබෙන්නේ නැහැ.(නදී)

:       0       0

ගොඩගේ Tuesday, 14 May 2013 03:55 PM

වගකිවයුත්තෝ නිදිද? (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 14 May 2013 09:32 PM

දැනට සති කීපයකට උඩදිත් බස් එකක් කෝචිචියේ හැපුණා. බැරිද මේකට උණ බම්බු හෝ යකඩ බම්බු යොදා විකල්පයක් දෙන්න? ප්‍රවාහන ඇමතිතුමා මේ ගැන මොකද කියන්නේ? (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 14 May 2013 12:40 PM

සදුන්, ඔබේ පවුලේ සෑමට අපගේ බලවත් ශෝකය! පව් මේ අහිංසක දරුවා ජීවිතේ පටන් ගත්තා විතරයි. අහිංසක අපේ ජීවිත සමග සෙල්ලම් කරන පක්ෂ විපක්ෂ දේශපාලකයන්ට ස්වභාවයෙන් හෝ නිසි දඩුවම් ලෑබෙයි. මෙතන අදහස් දක්වලා තියන සම හරක් කොයි තරම් කාලකන්නි මිනිස්සුද කියලා හරිම කනගාටුවක් දැනෙනවා (නි)

:       0       0

චානක ඇන්ටන් Tuesday, 14 May 2013 12:41 PM

ස්වයංක්‍රිය ගේට්ටුවක් හදපු දොස්තර මහත්තයට අත දීල දිරිමත් කරන්න රජය පරක්කු වෙන්නේ මොකද කියන එක ගැටළුවක්. (ස)

:       0       0

කුමාර් Tuesday, 14 May 2013 12:41 PM

අර දොස්සතර මහත්තයා හදපු යන්ත්‍රය උසස් කරලා ස්වයංක්‍රීය යන්ත්‍රයක් සවි කරන්න බැරිද ? (ස)

:       0       0

අනුර Tuesday, 14 May 2013 12:43 PM

තමන් කල්පනාවෙන් වැඩ කරනවානම් මේ වගේ දේවල් වෙන්නේ නැහැ. කෝච්චියක් එන බව දැන ගෙන මොකටද වහනය දැම්මේ. (ස)

:       0       0

එල්.ආර්.එස්. Tuesday, 14 May 2013 12:48 PM

මෙතැන පාරට කෝච්චිය එනවා හොදට පේනවා ඕනෙනම් ඇවිල්ල බලන්න මම උදේ එනකොට මේක දැක්කේ 300m විතර එහා කෝච්චිය එනවා පේනවා ආණ්ඩුවත් වැරදි තමා ඒ උනාට පෙනී පෙනී දාපු එක හරිද? (ස)

:       0       0

ප්‍රියන්ත.මීගොඩ Wednesday, 15 May 2013 10:46 AM

එනකොට පාර බලන්නෙ නැතුව ඇති වාහනේ දාද්දී. දෙදෙනාටම නිවන් සුව! (නි)

:       0       0

නුවන් Tuesday, 14 May 2013 12:50 PM

අනේ නිකන් බොරු කියන්න එපා. උණ බම්බු නැති වුණාට සල්ලි තියෙනවනේ. අඩු ගණනේ මේ තැනට ගේට්ටුවක් දාන්න සල්ලි ටිකක් එවන්නකො. ඔක්කොම බොරු කයිවාරුකාරයො තමයි ඉන්නෙ. ඒකනෙ ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ (නි)

:       0       0

ආසිරි Tuesday, 14 May 2013 12:53 PM

බලදාරින්ටම බැනල වැඩක් නැහැනේ, එතකොට යාන්ග්මෝදර ගේට්ටු නැතුවද හැපුනේ.. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 89 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2267 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 323 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 416 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1639 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1600 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 848 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 299 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site