IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


වෙන වෙනම පරීක්ෂණ දෙකක්

කොළඹ පෞද්ගලික රෝහලක එම් ආර් අයි ස්කෑන් යන්ත්‍රයක බටයක් පිපිරීමෙන් දැරියක මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සහ බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙන වෙනම පරීක්ෂණ දෙකක් ආරම්භ කර තිබේ.

ඥාතීන් කළ පැමිණිල්ලකට අනුව ඉකුත් අට වැනිදා එම පරීක්ෂණ ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පෞද්ගලික වෛද්‍ය සේවා සංවර්ධන අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මිය කියන්නීය.

මියගිය කුඩා දැරිය වන අවුරුදු පහයි මාස තුනක් වයසැති බුද්ධිනී කෞශල්‍යා රත්නායක දැරියගේ අවසන් කටයුතු සෙනසුරාදා (9) මාබිම වක්කඩවල පොදු සුසාන භූමියේදී සිදු විය.

මියගිය දැරියගේ මව ශාමිලා ඒකනායක මහත්මිය මෙසේ කියන්නීය.

‘ජනවාරි 31 දින මගේ දියණිය වෛද්‍ය වරයකුට පෙන්වපු අවස්ථාවේ බබාගේ  පරීක්ෂණ වගයක් කළ යුතු බව පැවසුවා. ඊ ඊ ජී සහ එම් ආර් අයි ඇතුළු පරීක්ෂණ කිහිපයක් කරන්න කිව්වා. මම දරුවාගේ පහසුවට රෝහල් ගත කළා. 31 දින සියලු පරීක්ෂණ සිදු කළ අතර එම් ආර් අයි පරීක්ෂණය සිදු කළේ පෙබරවාරි පළමුවන දිනයි.

වෛද්‍යවරිය පළමුවැනිදා තුනයි තිහට විතර පැමිණෙනවා ඒ සඳහා සූදානම් වෙන්න කිව්වා. වෛද්‍යවරයා දුන්න බෙහෙතුත් දීලා මම එම පරීක්ෂණයට දරුවා රැගෙන ගියා. සවස හතරට විතර වෛද්‍යවරිය ආවා.

එම් ආර් අයි යන්ත්‍රය තිබූ කාමරයේ දොරත් ඇරලයි තිබුනේ. මම ඉතින් දරුවාගේ ප්‍රතිබිම්බය බිත්තියෙන් පේන විදියට එළියෙන් වාඩිවී සිටියා. 4.20විතර දරුවා යන්ත්‍රය ඇතුලට දැම්මා. 4.30ට විතර බැලුන් එකක් පුපුරනවා වගේ සද්ධයක් ආවා. ඒ එක්කම වෛද්‍යවරිය කෑගැහුවා උදව් වෙන්න උදව්වෙන්න කියලා. ඒ වෙලාවේ එතන හිටියේ වෛද්‍යවරිය විතරමයි. උදව්වෙන්න කවුරුත් නැති නිසා මම එතන මාත් එක්ක හිටිය සහයිකාවක් එතනට තල්ලු කලා. විනාඩි අටක් පමණ පසුව වෛද්‍යවරිය කෑගැහුවා බබාට ඔක්සිජන් යන්නේ නෑ ඔක්ෂිජන් වැඩ කරන්නේ නෑ මට උදව් කරන්න කියලා.

මම කාමරේ ඇතුළට යන කොට මැෂින් එකෙන් එළියට ආවේ නිල්ම නිල් වෙච්ච ලොකු බඩක් තියන දරදඩු වෙච්ච බබෙක්.

දවස් පහක් තිස්සේ එස් අයි සී යූ ඒකකයේ තියාගෙන මගේ මළ දරුවාගේ සිරුරට ප්‍රතිකාර කළා.

මම ඉල්ලා සිටිනවා මේ වගේ දෙයක් යළි කිසිම කෙනෙකුට නොවෙන්න අවශ්‍ය නීතිමය පියවර මේකට ගන්න කියලා.‘

වීඩියෝ ජී මධුසංඛ



අදහස් (0)

වෙන වෙනම පරීක්ෂණ දෙකක්

අලෙෂ් Monday, 11 February 2013 10:30 AM

ඒක තමයි වෙන්න ඕනේ (දී)

:       0       0

තුෂාර Monday, 11 February 2013 02:50 PM

කකුල් දෙකෙන් ඈවිදගෙන ගිහින් රෝහල් ගතවුනු මගේ මිත්‍රයාටද වුනේ මේවෙනිම දෙයකි. ඒ දෑනට අවුරුදු 7 ට කලින් මේ කියන යමලෝක රෝහලේදිමය. ඔහුගේ වියෝවය නිසා අද ඔහුගේ දරුවාට පියෙකු නෑතුවාසේම,බිරියට ස්වාමිපුරුශයකු නෑතුවාසේම,මටද හොද ම්ත්ත්‍රයකු අහිමි ව් ඈත.(නදී)

:       0       0

කුමාර Monday, 11 February 2013 10:47 AM

කොහොම උනත් ආයෙත් මේ වගේ වැඩ නොවෙන්න වග බලා ගන්න (දී)

:       0       0

වැරැල්ල Monday, 11 February 2013 12:14 AM

කරුණාකර වැරදිකරුවන්ට උපරිම දඩුවම් දෙන්න. (නි)

:       0       0

පාලිත Monday, 11 February 2013 03:32 PM

නැවත සිදු නොවේවා (දී)

:       0       0

සුරංග Monday, 11 February 2013 12:47 AM

රජය පැත්තෙන් නීතිමය පියවර ගත යුතුයි.(නදී)

:       0       0

නිමල් Monday, 11 February 2013 11:56 AM

ඇයි රෝහලේ නම දාන්න බයද? (නි)

:       0       0

ගමගේ Monday, 11 February 2013 04:05 AM

කොහොමද මේවා සිද්ද වෙන්නේ (දී)

:       0       0

තුෂාර Tuesday, 12 February 2013 11:05 AM

දැන් පන එන්නේ නැහැ ඒ පුංචි දරුවාගේ, වෙන්න කලින් නවත්වන්න ඕනේ මේ වැඩ (දී)

:       0       0

අජිත් Monday, 11 February 2013 05:20 AM

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අපල, රෝගීන්ටත් අපලද කියලා තේරුම් ගන්න අමාරුයි.(නදී)

:       0       0

බණ්ඩාර Monday, 11 February 2013 06:17 AM

සෞඛ්‍ය අමාත්‍යංශයේ විවිද අංශ බාරව කටයුතු කිරීමට වෛද්‍ය වරුන් පරිපාලකයන් වශයෙන් පත්කර ඇත. වරින් වර රෝහල් වලින් ඇසීමට ලැබෙන විවිධ වංචා , අක්‍රමිතා සහ රෝගීන්ට සිදුවන අකටයුතුකම් වලින් පෙනීයන්නේ,පරිපාලනයේ තිබෙන දුර්වලතා බව පෙනී යයි. ඕනෑම ගැටලුවකට අමාත්‍යංශයේ පරිපාලකයින්ගේ ක්ෂණික පිළිතුර පරීක්ෂණයක් පැවැත්වීමයි. අතීතයේ මෙවන් පරීක්ෂණ සියගණනක් පවත්වා ඇති මුත් ඒවායින් ඔවුන් ඉගනගත් දෙයක් ඇතිදැයි සක සහිතය. සමස්තයක් ලෙස ගත්කල පුද්ගලික අංශය පවත්වාගෙන යන රෝහල් සහ ඒවායින් සපයන සේවාවන් ගැන තත්ත්ව සහතිකයක් මහජනයාට නොමැත. පුද්ගලික රෝහල්වල වෛද්‍ය වරුන්ගේ සේවාවන් ඇතුළු අනෙකුත් සියලුම ක්‍රියාකාරකම් කිසිම විනිවිද බාවයකින් සිදුනොවන අතර සේවය ලබාගන්නා රෝගියාගේ අයිතිවාසිකම් තඹ සතයකට මායිම් නොකරන බව පෙනේ. පුද්ගලික රෝහල් සපයන සේවයේ ගුණාත්මක බව තහවුරු කර එය යම් පිළිගතහැකි මට්ටමක පවත්වා ගැනීමට අවශ්‍ය මහජනයාට විශ්වාස කල හැකි, විනිවිද පෙනෙන යාන්ත්‍රණයක් හෝ ක්‍රමවේදයක් ඇතිදැයි සැකසහිතය. උදාහරණයක් ලෙස, මෙම ළදැරිය එම්.ආර් .අයි පරීක්ෂණයට බාජනය කරනවිට එම කාර්ය සඳහා අවශ්‍ය අවම තත්වයන් හෝ කොන්දේසිවත් නොතිබූ බව පෙනේ. නිර්වින්දක වෛද්‍ය වරයාගේ සහයට පුහුණු හෙදියක් නොමැත. හදිසි අවශ්‍යතාවයේදිවත් ඔවුන් සොයාගැනීමට නොමැත. මෙම තත්වය ගැන වෛද්‍යවරියට පුර්ව අවබෝධයක් තිබුනාදැයි සැකය. යන්ත්‍රයේ නඩත්තුව සහ එම නඩත්තු වාර්තා හරියාකාරව පවත්වාගෙන සිදුවේදැයි කිසිවෙක් නොදනී. මෙවන් සියලු කටයුතු හරියාකාරව සිදුකරනබවට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පනවනලද සහ යවත්කාලකිරිම්වලට යටත්වන නීති සහ රෙගුලාසි තිබියයුතුය. තිබියයුතුපමනක් නොව ඒවා නිසිපරිදි විදිමත්ව ක්‍රියාත්මක කලයුතුය. එසේ නොමැතිව මෙවන් සිද්දි වැලක්වීමට නොහැක.

:       0       0

එරංග Wednesday, 13 February 2013 11:50 AM

මේවායින් අන්තිමට පාඩුව අර අහිංසක දෙමවුපියන්ටයි. (නි)

:       0       0

දම්මික Monday, 11 February 2013 04:46 PM

බලදරයිනි නැවත මෙවන් දේ නොවෙන්න වග බලා ගන්න (දී)

:       0       0

ඩයස් Monday, 11 February 2013 08:10 AM

බන්ඩාර මහතාගේ අදහසට ගරු කරමි. එමෙන්ම ලංකාදීපයටත් ප්‍රණාමය! මන්ද පාඨක අදහස් වගකිවයුතු අයට බලා ගැනීමට සැළැස්වීම. ලෙඩ්ඩුන්ව ගසාකන තව ක්‍රමයක් නම් චෑනල් සේවයයි. දොස්තර මහතා පරීක්ෂණ ගණනාවක් අසවල් රෝහලෙන් කරගෙන එන්න කියලා ලියා දෙනවා. එයාලට හෑම පරීක්ෂණයකින්ම ගාන කැපෙනවා,රෝගින්ගේ අයිතිවාසිකම් සුරැකෙන ආකාරයට යම්කිසි ගාස්තු ක්‍රමවේදයක් හා තත්වපාලනයක් පිලිබද පරීක්ෂණයක් කරන්නේ නම් මැනවි. (නි)

:       0       0

කුමරු Monday, 11 February 2013 08:35 AM

පුද්ගලික රෝහලක් කියලා හඳුන්වන්නේ නැතුව රෝහලේ නම කිවුවා නම් නේද ජනතාවට සේවයක් වන්නේ? පුවත්පත් එකක්වත් නම කියන්නේ නැත්තේ ඇයි? (නි)

:       0       0

නදීර Monday, 11 February 2013 05:06 PM

ඒක තමයි වෙන්න ඕනේ තව කෙනෙකුට මේ දේ නොවෙන්න (දී)

:       0       0

මොහාන් Monday, 11 February 2013 05:21 PM

නැවත මෙවන් විපත් නොවේවා (දී)

:       0       0

අනුර Monday, 11 February 2013 09:03 AM

එතකොට වැරදි කාරයා මියගිය පොඩි දරුවද?(නදී)

:       0       0

ලංකා Monday, 11 February 2013 09:05 AM

කොළඹ යමලෝක රෝහලේ වෙලතින්නේ.(නදී)

:       0       0

අනුර Monday, 11 February 2013 09:14 AM

ඇ මේවට උත්තර දීලා තිබුනේ (ස)

:       0       0

මයික් Monday, 11 February 2013 09:16 AM

සෞඛ්‍ය අමාත්‍යංශය සැම රෝහලකම සෑම මාස තුනකටවරකවත් පරීක්ෂා කළයුතුය.මහජනයා රකින්න ඕනෙම පියවරක් ගන්න එක රජයේ පිළිවෙත විය යුතුයි. (ස)

:       0       0

දමින්ද Monday, 11 February 2013 09:24 AM

ඇයි රෝහලේ නම කියන්න බැරි. මොකද්ද ඔච්චර බය.? ඒක දන්නේ නැද්ද...?

:       0       0

දර්ශන Monday, 11 February 2013 09:27 AM

කිසි දෙයක් වෙන්නේ නැහැ. ඕවා යට යයි.(නදී)

:       0       0

ජගත් Monday, 11 February 2013 01:43 PM

නැවත මෙවැනි දේ සිදු නොවේවා (දී)

:       0       0

ජයසිංහ Monday, 11 February 2013 09:28 AM

ඒ වැඩේ ඉතා වැදගත් (දී)

:       0       0

ශාන්ති Monday, 11 February 2013 09:36 AM

අපේ රජයේ රෝහල් තව වැඩි දියුනු කරන්න.(නදී)

:       0       0

චාමික Monday, 11 February 2013 09:39 AM

රජයේ රෝහල් වල නොමිලේ බේත් දෙද්දී මිනිස්සු මේවට සල්ලි ගෙවල යන්නේ හොඳ සේවයක් ලබා ගන්න. බොරුවට පරීක්ෂණ කරල සල්ලි කුට්ටියක් කඩාගෙන මේවා යට ගහන්නේ නැතුව, සාධාරණය ඉෂ්ට කරන්න. අපිට මේවට සල්ලි දීල යන්න ඕනේ වෙන්නේ නෑ රජයේ රෝහල් වල නිලධාරී වාදය නොතිබුණ නම්. මට නම් ලංකාවේ අප්‍රසන්නම දේ තමයි සෞඛ්‍යය ක්ෂේත්‍රය. ලෙඩ්ඩුන්ට කතාකරන්නේ සත්තුන්ට වගේ. මගෙන් ලගඳි විදේශික වෛද්‍යවරයෙක් ලංකාවේ රජයේ රෝහලකදී ඇහුව මේ වගේ ඉස්පිරිතාලයේ ඉදල සනීප වෙලා ගෙදර යනකොට මේ මිනිස්සුන්ට මානසික ලෙඩ වලට කීපාරක් බේත් ගන්න වෙනවද කියල. මේ ඒකාධිකාරය තියාගන්න තමයි සම සෞඛ්‍ය, හෙද උපාධි එපා කියල දොස්තරල කියන්නේ. (නදී)

:       0       0

ලලිත්-කටාර් Monday, 11 February 2013 09:41 AM

හරිම කනගාටුදායක සිද්ධියක්. මුදල් නෙමෙයි ගත් මුදලට සේවයක් දිය යුතුයි.(නදී)

:       0       0

දුමිත් Monday, 11 February 2013 09:45 AM

පුවත්පත්වල ආචාර ධර්ම හරියට ආරක්ෂා කරනවා. ලෙඩුන්ගේ ආරක්ෂාව ගැන හිතලා රෝහලේ නම කියන්න ඕනේ. (නදී)

:       0       0

මාරේ Monday, 11 February 2013 09:52 AM

අයෙත් ලංකාවේ මෙහෙම දෙයක් නොවිය යුතුයි (දී)

:       0       0

චෝලා Monday, 11 February 2013 09:53 AM

ඒ වැඩේ හොද දෙයක්, අයෙත් මෙහෙම වැඩ නොවෙන්න වගබලා ගන්න (දී)

:       0       0

සිල්වා Monday, 11 February 2013 02:05 PM

මාතර රෝහලේ වරදකින් ලමයෙකුගේ අත කපපු සිද්ධියට රෝහලේ නම සහිතව විශාල ප්‍රචාරයක් දුන්නා. මේ පෞද්ගලික රෝහලේ ලමයෙක් මැරිලා මේ රෝහලේ නමත් ප්‍රචාරය කරන්න.(නදී)

:       0       0

ඉසුර Monday, 11 February 2013 10:05 AM

අනිවාර්යයෙන්ම සිදුවියයුතු දෙයක් ඒක (දී)

:       0       0

ලක්ෂාන් Monday, 11 February 2013 10:07 AM

නැවත මෙහෙම දෙයක් සිදු නොවිය යුතුයි (දී)

:       0       0

සමන් Monday, 11 February 2013 10:10 AM

කොච්චර පරීක්ෂණ තිබ්බත් වැඩක් නැහැ, නැවත මෙවැන්නක් සිදුවෙන එක නවත්වන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 87 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 275 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1036 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 192 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 317 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 934 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1027 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site