IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


වන සතුන්ට හානි කළොත් දඬුවම් : ඔත්තුවට සල්ලි

වාසස්ථාන අවම වීම හා ආහාර සොයා දිවියන් ජනාවාස ප්‍රදේශ වලට පැමිණීමෙන් එම සතුන් මිය යාමේ කනගාටුදායක තත්ත්වයක් ඇතිවී ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සෞඛ්‍ය වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පවසයි.

පසුගියදා ආගරපතන ඇල්බියන් වතුයායේදී කොටියන් දෙදෙනකු මියයාම සම්බන්ධව සොයා බැලිමට තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ හා වනජීවී දෙපාර්තමේන්තුවේ උපදෙස් මත එහි ගිය වනජීවි දෙපාර්තමේන්තු වෛද්‍ය කණ්ඩායම මිය ගිය පැන්තරා පාදූස් කොටියන් දෙදෙනකු සොයා ගත් අතර හඳුන් දිවි පැටවෙකුද සොයා ගත්හ.

කොටියන් දෙදෙනා මිය ගියේ කෙසේදැයි සනාථ කර ගැනිම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට එම සිරුරු භාර දුන් බවත් එහි වාර්තාව එනතෙක් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් වෛද්‍යවරු කියති.

දිවියන් හෝ කිසියම් වනජීවියකු වස දී හෝ උගුල් අටවා මරණයට පත්කළහොත් දැඩි දඬුවම් ලබා දෙන බව වනජීවී ඇමැතිවරයා කීවේය.

මෙම සතුන් ට හානිදායක වන ක්‍රියාවක් කරන පුද්ගලයන් ගැන හෝඩුවාවක් ලබාදෙන අය සඳහා මුදල් ත්‍යාග  පිරිනමන බවද අමාත්‍යවරයා පැවැසිය.

එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් “වනජීවි අපරාධයන්ට එරෙහිව මුරකාවල් පාරසරික සංවිධානය “ දුරකථන අංක 071 9005549 / 077 9495535 / 071 8114492 හා වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තු හදිසි ඇමැතුම් 011 2888585 අංකවලට ඇමතිය හැකිය.

1-kotiya-11-05-2016-(1) 2-kotiya-11-05-2016-(2) 3-hadun-diviya-11-05-2016-(1)



අදහස් (0)

වන සතුන්ට හානි කළොත් දඬුවම් : ඔත්තුවට සල්ලි

උපාලි Thursday, 12 May 2016 08:14 AM

ලංකාවේ අලංකාරය මේ සත්තු, ගහකොළ මල්. නමුත් අපේ මිනිස්සු ඒ සියල්ලම වනසනවා. අලි කී දෙනෙක් නම් හක්ක පටස් වලිනුයි, වෙඩි වලුනුයි මැරුණද. කෝ එක මිනිහෙක් අහුවුනාද? මේවා රැක ගන්න නීතිය මගින් පමණක් බැහැ. වෙනත් ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් තිබිය යුතුයි.(හේ)

:       0       0

අසංග Thursday, 12 May 2016 08:44 AM

ඉතාම හොඳ අදහසක් (නි)

:       0       0

ඉමේෂ් Thursday, 12 May 2016 02:16 AM

දැන් බලද්දී සත්තු වටිනවානේ මිනිසුන්ට වඩා. සතා මිනිසාව මැරුවට කමක් නැද්ද? මිනිසා තමන්ගේ ආරක්ෂාවට සතෙක් මැරුවොත් තමයි ප්‍රශ්නේ. (නි)

:       0       0

කරු Thursday, 12 May 2016 09:00 AM

ඔත්තුකරයින්ට සල්ලි දෙන එක නම් හොඳ අදහසක් (නි)

:       0       0

දිල්රුක්ෂි Thursday, 12 May 2016 02:52 AM

සල්ලි නම් ඕනෑ නැහැ, අසරණ සතෙක් බේරෙනවා නම්, වෙන්නේ හොඳ දෙයක් නම්. ඒ දෙන සල්ලිත් ඒ අසරණ සතුන්ගේ සුබසිද්ධිය සඳහා යොදනවා නම් හොඳයි (නි)

:       0       0

සුරන් Thursday, 12 May 2016 02:59 AM

විල්පත්තුව පැත්තේත් ගියා නම් හොඳයි නේද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 12 May 2016 04:38 AM

අපේ දිවිය සීග්‍රයෙන් වඳ වෙන සතෙක් , ඉන්න ටික දෙනාත් මේ විදියට මරල දැම්මොත් අනාගතේ දරුවන්ට පෙන්නන්න වෙන්නේ පින්තුරවලින් තමා . රවුද්ද්‍ර උනත් බලන්න මොන තරම් සුන්දරතාවයක් පරිසරයට එකතු කරනවද , අනික ඉතින් මේ ලෝකේ මිනිසුන්ට පමණක් උරුම දෙයක් නෙවෙයිනේ සතා සීපාවට ගහට කොළට අපි හැමෝටම , සහයෝගයෙන් ජිවත් වෙමු (බ)

:       0       0

ඉසුරන්දි Thursday, 12 May 2016 04:39 AM

මෙවැනි සතුන් ආරක්ෂා කරගැනීම අපේ යුතුකමක්.මිනිස්සු සතුන්ගේ ජනාවාස ආක්‍රමණය කරද්දී සතුන් මිනිසුන්ගේ ජනාවාස කරා පැමිණීමේ ප්‍රවනතාව වැඩියි.ඒ හේතුවෙන් ඇතිවෙන විපත්ද සුළුපටු නොවේ. (බ)

:       0       0

ජයනාත් Thursday, 12 May 2016 11:31 AM

කාලෝචිත යෝජනාවක්, ප්‍රදේශයේ මහජන සහයෝගයෙන් ම වැරදිකරුවන් නීතියේ රැහැනට හසුකරගන්නට..! (ර)

:       0       0

අමිරා Wednesday, 11 May 2016 09:32 PM

ඔන්න කාටහරි ඔත්තුවක් දීලා තෑග්ගක් ගන්න හොඳ අවස්ථාවක් (නි)

:       0       0

වජිර Wednesday, 11 May 2016 11:37 PM

කැලේ එළිකර ගෙවල් හදාගෙන වන සතුන්ට හානි කරන අය‍ට දඬුවම් නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 222 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 213 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 300 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 272 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 262 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 180 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38513 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25353 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site