IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


වඳින්න ගිය දෙවොල සීගිරි කළමනාකරුගේ හිසට වැටේ

මස්කෙළියේ පාසල් සිසුන්  පිරිසක් ලෝක උරුමයක් සීගිරියේ සිංහ පාදයේ  දෙමළ අකුරු කුරුටු ගෑමේ ‘‘සුළු සිද්ධිය‘‘  ලංකාදීප පත්‍රය  බරපතල දෙයක් ලෙස විකෘති පුවතක්  සේ  පළ කිරීමෙන් බරපතල හානියක් සිදු වීයැයි    මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගීරි ව්‍යාපෘති කළමණාකරු චන්දන වීරසිංහ මහතා සීගිරී කටුගෙයි දේශන ශාලාවේදී අද (28)කළ ප්‍රකාශයට විද්වත්හු විරෝධය පළ කළහ.

‘‘සීගීරි පුරා වස්තු සුරැකීමේ සන්නිවේදන කාර්යභාරය‘‘ මැයෙන්  මේ සාකච්ඡාව කැඳවා තිබිණි.

වීරසිංහ මහතා හැඳින්වීමේ කතාවේදී කියා සිටියේ සන්නිවේදන දුර්වලතාව නිසා ලංකාදීප පත්‍රය සුළු දෙයක් විකෘති කිරීමෙන් සීගිරියට ලොකු හානියක් කළ බවයි.

 පැය භාගයකින් එම කුරුටු ගී මකා දැමු බවද ඔහු කීය

ආරාධිත අමුත්තා වුයේ රජරට විශ්ව විද්‍යාලයේ  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තිස්ස වීරසේකර මහතායි. ඔහු කියා සිටියේ සීගිරිය ජාතික වස්තුවක් බවයි.එවැනි දෙයක් කුරුටු ගෑම කිසිසේත්ම සුළු දෙයක් නොවන බවත් ලංකාදීප පත්‍රය මුළු ජාතිය වෙනුවෙන්ම සිය සන්නිවේදන කාර්යභාරය මනාව ඉටුකර ඇති බවත් ඔහු කීය. ලංකාදිපය එම කාර්යභාරයට පැසසිය යුතු බවද ඔහු අවධාරණය කළේය. සීගිරියේ  බිතු සිතුවම් සංරක්ෂණ  ශිල්පී  පී. ජී ලලිත් කුමාරසිරි මහතා කියා සිටියේ එම කුරුටු ගෑම් ඉවත් කිරීමට දවස් දෙකක් ගත වු බවයි. නාගලවැව විදුහල්පති ජයරත්න සුරියගොඩ මහතාද සමුළුව ඇමැතීය.‘‘ සිංහ පාදයේ කුරුටු ගෑම මධ්‍යම සංසුකෘතික අරමුදලට ‘‘සුළු දෙයක්‘‘ වෙන්න පුළුවන්. ඒත් අපට ඒක ලොකු ‍ දෙයක් . දැනගත්තෙත් ලංකාදීප පත්‍රය නිසයි. ලංකාදීපයට මුළු රටේම ප්‍රසංශාව හිමි විය යුතුයි. සන්නිවේද දුර්වලතාව ඇත්තේ සංස්කෘතික අරමුදලේ බව පේනවා ඒ දුර්වලකම් හදා ගැනීමයි කළ යුත්තේ.

සීගීරි ව්‍යාපෘති කළමණාකරු චන්දන වීරසිංහ මහතා සාකච්ඡාවෙන් නැඟිට ගියේය.

 

 



අදහස් (0)

වඳින්න ගිය දෙවොල සීගිරි කළමනාකරුගේ හිසට වැටේ

සපරමාදු Thursday, 28 March 2013 04:35 PM

ලෝක උරුමයක් ආරක්ෂා කරන්න දන්නේ නැති අයව ඔතන තියලා වැඩක් නැහැ. වහාම අයින් කරන්න.(නදී)

:       0       0

සදුන් Thursday, 28 March 2013 04:39 PM

එයාට මේක සුළු දෙයක් ද (දී)

:       0       0

චන්ද්‍රා Friday, 29 March 2013 01:32 AM

අපේ උරුමය පමණක් නොවේ අපේ නමත් කෙළෙසනවා. (නි)

:       0       0

ප්‍රභා Thursday, 28 March 2013 04:57 PM

එයාලගේ තව සුළු වැඩක් මම දැක්කා. එකතුවෙන සියළුම ප්ලාස්ටික් බෝතල් දාන්නෙත් සිංහ පාදය ලගින් පහලට.(නදී)

:       0       0

රොහාන් Friday, 29 March 2013 04:30 AM

මේ පුද්ගලයා එලවන්නේ නැත්තේ ඇයි? ලංකාදීපයට ප්‍රණාමය! (නි)

:       0       0

සුමිත් Friday, 29 March 2013 05:01 AM

ඔහුට මෙම තනතුර දැරීමට ඇති සුදුසුකම් ගැන මට දැනගැනිමට අවශ්‍යයි. (නි)

:       0       0

ශ්‍රීදේවි Thursday, 28 March 2013 05:10 PM

මේ කළමනාකරුවා පත් කළේ කව්ද කියලා හොයන්න ඕනේ.(නදී)

:       0       0

සෝම හිමි Thursday, 28 March 2013 05:19 PM

යම් වරදක් පෙන්වාදුන් පසුව නැවතත් එය පුනපුනා කථාකිරීමේ ඵලක් නොවන බව අප කවුරුත් දැනගත යුතුය. වරද වරදක් ලෙස පිළිගැනීමත් යුක්ති සහගතය. (නි)

:       0       0

අශාන් Thursday, 28 March 2013 05:38 PM

ඔය වගේ වටිනා දෙයක් සුළු දෙයක් විදියට සළකන කෙනෙක්ව තවත් ඔතන තියන එක හරිද? (නි)

:       0       0

කුමාරි Friday, 29 March 2013 07:20 AM

එම තනතුරට ඔහු කිසිසේත් සුදුස්සකු නොවේ. (නි)

:       0       0

පිටිගල-මිලානෝ Thursday, 28 March 2013 06:06 PM

අපුරු සුළු සිද්දියනේ.(නදී)

:       0       0

පෙරේරා Thursday, 28 March 2013 06:16 PM

කැටපත් පවුර කුරුටු ගෑවා නම් ඒකත් සුළු දෙයක් කියයි.(නදී)

:       0       0

විනෝද් Thursday, 28 March 2013 06:17 PM

මමත් ලංකාදීප සමග එකග වෙමි. ඉතා උතුම් ලෙස අගය කරමි... අපි සියළු දෙනාටම අයිතියක් තියෙනවා රැක ගැනීමට අපේ සංස්කෘතිය..!(නු)

:       0       0

සමන් - ඕමානය Thursday, 28 March 2013 07:15 PM

සීගිරිය භාර එම කළමනාකරුට එම ක්‍රියාව "සුළු සිද්ධියක්" නම්, එම තනතුරට ඔහු කිසිසේත් සුදුස්සකු නොවේ. තමා භාරයේ පවතින මෙම ජාතික උරුමයට වූ හානිය සුළුකොට තකන ඔහු, වහා ඉන් ඉවත් කල යුතුයි. ලංකාදීප පුවත්පතට හා එම වාර්තාකරුට අපේ ස්තුතිය!(නදී)

:       0       0

උදාර Thursday, 28 March 2013 01:00 PM

අයියෝ සල්ලි.(නදී)

:       0       0

චමින්ද ජයනාත් Thursday, 28 March 2013 07:58 PM

බලාගෙන ගියාම අපේ රට කරවන අයට කිසිම දේශානුරාගයක් නැහැනෙ. අද අපේ රට මේ වගේ අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා තියෙන්නෙ මේ වගේ අය ආරක්ෂාකරන මිනිස්සු රටේ ඉන්න හින්දා කියලා දැන්නම් තේරෙනවා. (නි)

:       0       0

සිසිර Thursday, 28 March 2013 01:14 PM

මොහු වහාම ඉවත් කළ යුතුයි.(නදී)

:       0       0

චමින්ද Thursday, 28 March 2013 01:10 PM

සීගිරිය කියන්නේ ලෝක උරුමයක්. ඒක රැකගත යුතුයි කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. (නි)

:       0       0

සුදත් Thursday, 28 March 2013 01:18 PM

අපි දැක්ක තාර ගාල වගේ "සුළුවෙන්" කුරුටු ගෑම් ඉවත් කරලා තියෙනවා.(නදී)

:       0       0

උදයංග Thursday, 28 March 2013 01:28 PM

මේ වගේ පත්තර නැත්නම් අපි කොහොමද මේවා දැනගන්නේ.(නදී)

:       0       0

රත්න Thursday, 28 March 2013 01:26 PM

නුසුදුස්සෝ පන්දම් පාලියෙන් ආවාම ඔහොම තමා. සීගිරිය "ගල් කොරියකට" දුන්නත් අපි "බකන් නිලාගෙන" ඉන්න ඕනෑ. (නදී)

:       0       0

ජගත් Thursday, 28 March 2013 01:27 PM

දෙන්න හිතෙනවා මට හොද පාරක්. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 28 March 2013 09:09 PM

කාංචනගේ වාර්තා මම කියවන්නේ ඉතාමත්ම කැමැත්තෙන්. (නි)

:       0       0

චූලා බංඩාර Thursday, 28 March 2013 01:39 PM

මාධයයේ මෙහවර අපි අගය කරමු. සීගිරිය ගැන කළමනාකරුගේ ආදරය සහ අවබෝදය දැන් අපිට තේරුම්ගන්න පුලුවන්. අපේ අවාසනාවට හුගක් තැන්වල ඉන්න නිලධාරියෝ ඔය වගේ තමයි.(නදී)

:       0       0

බොතේජු Thursday, 28 March 2013 01:39 PM

කොහොමටත් අපේ රටේ ඉන්න ලොක්කන්ට තමුන්යටතේ සිදුවන වැරදි පොඩි ඒවා තමයි. දැන් මෙතන වැරදි ප්‍රචාරයක් කෙරුවේ මාධ්‍යද?(නදී)

:       0       0

සඳුන් Thursday, 28 March 2013 01:46 PM

ලංකාදීපය පළකරපු පුවත ඉතා නිවැරදියි. එය සුළු සිද්ධියක් නෙවෙයි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගීරි ව්‍යාපෘති කළමණාකරුගේ ප්‍රකාශය ගැන නම් ඉතා කනගාටුයි. ජාතික පුරාවස්තු ගැන හැගීමක් ඇති නිලධාරීන් මෙම තනතුරු වලට පත්කළ යුතුයි. නැත්නම් සිගිරිය ගලවන් ගියත් සුළු දෙයක් විදියට තමයි ඔය නිලධාරීන් දකින්නේ.(නදී)

:       0       0

චින්තක Thursday, 28 March 2013 01:51 PM

ලංකාදීප ඔබ කල ඒ මෙහෙය අපද අගය කරන්නෙමු .(නදී)

:       0       0

සරත් Thursday, 28 March 2013 01:46 PM

ඒක ඇත්ත.(නදී)

:       0       0

සංජීව Thursday, 28 March 2013 02:03 PM

තමන්ගේ වගකීම නොදැන කටයුතු කළාට, තමන්ගෙන් වු වරදට ලංකාවෙන්ම සමාව ගත යුතුයි.(නදී)

:       0       0

එම්. උපරතන හිමි Thursday, 28 March 2013 02:05 PM

සීගිරි ගල ගල්මෝල් කාරයෙකුට දෙන්න බැරි නැහැ. ඒකත් සුළුකොට හිතලා. ජාතික සම්පත් ගැන දන්න කෙනෙකුට තනතුර බාරදෙන්න.(නදී)

:       0       0

කුමුදු Thursday, 28 March 2013 02:05 PM

චන්දන වීරසිංහට ඒක සුළු දෙයක් වුනාට අපිට සීගිරිය වටින ජාතික උරුමයක්.(නදී)

:       0       0

ෂාන් Thursday, 28 March 2013 02:05 PM

මේ වගේ මිනිස්සු හිංදා තමයි සිංහල ජාතිය වච වෙන්නේ.(නදී)

:       0       0

දිසානායක Thursday, 28 March 2013 02:06 PM

ඇයි මෙයාව තවත් තියාගෙන ඉන්නේ.(නදී)

:       0       0

රේගා Thursday, 28 March 2013 02:07 PM

මාධ්‍යයට තියෙන තැන බලපුවහම ලංකාදිපය ඉහළින්ම වැජඹෙනවා. (නි)

:       0       0

කෙවින් Thursday, 28 March 2013 02:13 PM

මේ කළමනාකරු වහාම ඉවත් කළ යුතුයි. ළමයි නොදැන කළා වෙන්න පුලුවන්. අපගේ පුරා වස්තු අප රැක ගත යුතුයි.(නදී)

:       0       0

රවිනාත Thursday, 28 March 2013 02:46 PM

මේ කළමණාකරු එතුමාගේ ගෙදර බිත්තියක මොනවා හරි ලිවුවානම් ඒක සුළු දෙයක් ලෙස සලකාවිද? (නදී)

:       0       0

ලලිත් Thursday, 28 March 2013 10:31 PM

මේ වගේ අයද මෙහෙම වටිනා තැන්වල ඉන්නේ? (නි)

:       0       0

සුජා Thursday, 28 March 2013 02:47 PM

ඔවු. සුලු දෙයක් වෙන්න ඇති. "නිතර පෙනෙන කුකුළගෙ කරමළය සුදුය"කියනව නේ. (නි)

:       0       0

දම්මික Thursday, 28 March 2013 03:00 PM

වීරසිංහ මහත්තයෝ, ඔබට මෙය සුළු දෙයක් වුනාට අපට එහෙම නැහැ .(නදී)

:       0       0

උපාලි Thursday, 28 March 2013 10:48 PM

සීගිරි චිත්‍ර විකෘති කරපු එකත් සුළු දෙයක්ද දන්නෙ නැහැ නේද, එයාට? (නි)

:       0       0

සිල්වා Thursday, 28 March 2013 03:07 PM

එක වස බිදුවකින් ජීවිතයක් වනසා දමන්න පුළුවන්. මේකත් ඒ වගේ තමයි.

:       0       0

කමල් Thursday, 28 March 2013 03:09 PM

මේවාගේ ලොකු දේවල් පොඩියට පෙනෙන අයට ලොකු දේවල් හරියට පෙනෙයිද? මෙම පුද්ගලයා එතනට සුදුසුද කියා පොඩි නොවන ලොකු ප්‍රශ්ණයක් අපට ඇතිවෙනවා. (නදී)

:       0       0

සුනිල් පෙරේරා Thursday, 28 March 2013 03:30 PM

ලංකාදීප මාධ්‍ය උසස් ප්‍රමිතියකින් පවත්වන බව ක්‍රියාවෙන් ඔප්පු කර ඇති නිසා දේශපාලඥයින්ගේ විහිළු අපි ගනන් ගන්නේ නැහැ.(නදී)

:       0       0

ගාමිණී Thursday, 28 March 2013 03:38 PM

එක නිලධාරියෙකුට මුළු සීගිරියම බලාගන්න බැහැ. ආරක්ෂක නිලධාරීන් වැඩි කළ යුතුයි. පාසැල් ළමුන්ට ද විනයක් තිබිය යුතුයි. මොවුන් පාසැලේ බිත්ති වැසිකිලිවල මොනවා ලියලා ඇතිද?(නදී)

:       0       0

ආනන්ද Thursday, 28 March 2013 03:53 PM

ඇයි මෙයාව තවමත් එම තනතුරේ තියාගෙන ඉන්නේ.(නදී)

:       0       0

සුරංග Friday, 29 March 2013 12:45 AM

ලංකාදීපයට ස්තූතියි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 807 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 462 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 343 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 606 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 399 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1102 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38668 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site