හිටපු නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම මහතාගේ ක්‍රියාවක් නිසා පොලිස් සේවයෙන් ඉල්ලා අස්වු වඳුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පනංගල ලියනගේ කීර්තිසිංහ නැවත වඳුරඹ පොලිස් ස්ථානාධිපති ලෙස පොලිස්පතිවරයා විසින් පත් කරනු ලැබීය. පොලිස් පරීක්ෂකවරයා පොලිස්පතිට ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත.
පසුගිය ජනාධිපතිවරණය සමයේ අත්අඩංගුවට ගත් නියෝජ්‍ය ඇමැති වරයාගේ, ආධාරකරුවන් උසාවියට ඉදිරිපත් කිරීමට පොලිස් ජීප් රථයෙන් රැගෙන යද්දී නියෝජ්‍ය ඇමැතිවරයා ඔවුන් බලහත්කාරයන් ඔහුගේ රථයට නංවාගෙන උසාවියට රැගෙන යාමේ සිද්ධියෙන් පසු පොලිස් ස්ථානාධිපතිවරයා ඉල්ලා අස්විය.
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ
ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වඳුරඹ ඕ.අයි.සී යළි වඳුරඹටම
අතුල Saturday, 24 January 2015 09:29 AM
ඕ.අයි.සී මහත්තයෝ මෙයාලත් කොපමණ කලකටද දන්නේ නැහැ ඔය නීතිය කරන්න ඉඩ දෙන්නේ? කොහොම උනත් ඔබ පිට කොන්දක් ඇති නිලදාරියෙක්. ඔබලාගේ සේවය අපට ගොඩක් වටිනවා. ඔබට සුබ පැතුම්. (නදී)
මහින්ද Saturday, 24 January 2015 09:46 AM
දැන් අර ඇමතිවරයා අල්ලා නීතිය ක්‍රියාත්මක කර ආදර්ශයක් පෙන්වන්න (නදී)
අසෝක Saturday, 24 January 2015 09:52 AM
මෙතුමාව ඒ.එස්.පී තනතුර සඳහා උසස් කළ යුතුයි (නදී)
වයිකෝ Saturday, 24 January 2015 09:52 AM
මෙම නිර්භීත නිලදාරියට උසස් වීමක් සුදුසුය. මෙය ජනාධිපති තුමාගේ අවදානයට යොමුවේවා (නදී)
සෑම් Saturday, 24 January 2015 09:57 AM
1975 දී පාර්ලිමේන්තුව විසුරවා හැර මැතිවරණයක් පවත්වනවා වෙනුවට තවත් අවරුදු දෙකක් කාලය දික් කිරීමට විරෝධය පාමින් ජේ ආර් තමාගේ මන්ත්‍රි කමින් ඉල්ලා අස්වී කරපු නිර්භීත ක්‍රියාවෙන් පසු කව්රු හරි තමාගේ ප්‍රතිපත්ති රැකීමට අනාගතය පරදුවට තබාපු අවස්තාවක් හැටියට මේක සලකන්න පුළුවන්. (නදී)
ප්‍රියංකා Saturday, 24 January 2015 09:57 AM
එතකොට අදිවේගී මාර්ගයේ ප්‍රශ්නේ ඇති උන නිලදාරියාටත් යුක්තිය ඉටු වෙනවා නම් හොඳයි. මස් මාලු කන්නේ නැති හිටපු අැමතිතුමෙකුගේ වැඩ නිසානේ ඒ නිලදාරියටත් රැකියාව නැති උනේ. (නදී)
ගිහාන් Saturday, 24 January 2015 10:08 AM
දැන් අර දඩ කොලය දුන්න නිසා එලියට විසි වුන රාලහාමි ගැනත් සොයා බලන්න. (නදී)
සංජය Saturday, 24 January 2015 10:12 AM
දැන් ගිහින් ඔය හෙට්ටිව අත් අඩංගුවට ගන්න දෙකක් ඇනල කුඩුවට දාන්න (නදී)
වයිකෝ Saturday, 24 January 2015 10:40 AM
තව ටිකක් ඉවසන්න. ජෙනරාල් සරත් ෆොන්සේකාට ලැබෙන එක අමාත්‍යංශයක් පොලිස් දෙපාර්තමේන්තුව. (නදී)
පිටබැද්දර ජයා Sunday, 25 January 2015 11:54 AM
මේ ප්‍රතිචාර දිහා බැලුවම අද මිනිසුන්ට ඕන ස්වාධීනව වැඩ කරන නිළදාරීන් කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. එහෙනම් ඉක්මනටම අර කීව කොමිසන් පහ ගේමු නේද ? (ර)
ජෝන් Saturday, 24 January 2015 10:58 AM
අනේ අමුතු හෙට්ටි කරන්නකෝ (නදී)
සීමන් Saturday, 24 January 2015 11:08 AM
ඔබ ගැන අපි ආඩම්බරයි සුබ පතනවා අනාගතයට (නදී)
ලෝචනා Sunday, 25 January 2015 12:09 PM
නිර්භීත ඔබගේ සේවය, යහ පාලනය යථාර්තයක් කිරීමට මේ මොහොතේ අත්‍යවශ්‍ය වී තිබේ. (ර)
සංජු Saturday, 24 January 2015 11:11 AM
අතුල, ඉදිරි මහමැතිවරණය පවත්වා අවසන් වනතෙක් හැමදේම හොදට තියේවි. ඊට පස්සේ. (නදී)
තිලක් Saturday, 24 January 2015 11:33 AM
මෙතුමාව තනතුරින්ද උසස් කළයුතුයි (නි)
මුදියන්සේ Saturday, 24 January 2015 11:34 AM
සංජු, පුතා දින සියයෙන් විනාශ කරපු ආයතන රාමුව ගොඩ නංවාගෙන යන්නේ. ඊට පස්සේ ඒ ඇතුලේ තම කටයුතු කෙරෙන්නේ. එ්ක හොඳ දෙයක්. ඔලුව වෙනස් කරන් බලන්න. එක්වන්න ඒ සමග යහ පාලනය පවත්වා ගන්න (නදී)
ඉබ්‍රාහිම් Saturday, 24 January 2015 11:52 AM
සුබ පතනවා. තනතුර සඳහා උසස් කළ යුතුයි (නදී)
චන්ද්‍ර වීරසිංහ Thursday, 29 January 2015 09:35 PM
කීර්තිසිංහ මහතාට නව සීලන්තෙන් උපහාර! ලංකාවේ පොලිසියේ හුඟක් ඉන්නේ අපෘෂ්ඨවංශිකයෝ. කලාතුරකින් කොඳු ඇට පෙළ ඇති පෘෂ්ඨවංශිකයොත් ඉන්නවා මෙයා වගේ (නදී)
ප්‍රියංක Saturday, 24 January 2015 12:41 PM
ඉතාම සතුටුයි (නි)
සල්ගාදු ප්‍රංශය Saturday, 24 January 2015 12:44 PM
පොලිස් සේවයේ අභිමානය රැකගන්න කැපවුණ අවංක නිළධාරියෙක් (නි)
ශ්‍යාම් Saturday, 24 January 2015 01:11 PM
ඔබතුමාට සුබ පතනවා. ඇත්තටම අපි චිත්‍රපටි වල දකින වීරයන්ට පස්සේ ඔබතුමා තමයි අපේ ඇත්ත ජීවිතයේ දුටු වීරයා. ඔබතුමාට සුබ අනාගතයක්! වැරදි කරන අයට දඬුවම් දෙන්න (නි)
කුමාර් Saturday, 24 January 2015 02:14 PM
මෙවැනි නිළධාරීන් තව 100 ක් පොලිසියේ සිටියොත්, මේ රට බොහෝ ආශිර්වාදලත් රටක් වෙනවා. ඔහුගේ නව ආරම්භයට සුබ පතනවා. (නි)
ටිරෝන් Saturday, 24 January 2015 02:50 PM
පොලිස් ස්ථානාධිපතිතුමාට අපේ උණුසුම් හෘදයාංගම සුබ පැතුම්! ඔබ වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන් තමා අපේ පොලිසියට ඕනෑ (නි)
වීරසේන Saturday, 24 January 2015 03:06 PM
මේක නම් ඉතාම සතුටුදායක පුවතක් (නි)
විදුරන්ග Saturday, 24 January 2015 03:14 PM
මම නම් ප්‍රාර්ථනා කළේම මෙහෙම වෙන්න කියලාමයි (නි)
රොෂාන් ප්‍රනාන්දු Saturday, 24 January 2015 03:48 PM
කොන්ද පණ තිබුණු නිළධාරියෙක්. තනතුර නැවත ලැබීම ගැන සතුටුයි (නි)
රුවන් Saturday, 24 January 2015 06:57 PM
මේක කුමනාකාරයේ පත්වීමක්ද එතකොට? (නි)
අබ්දුල් රාසික් කටාර් Saturday, 24 January 2015 08:18 PM
ඔය මහත්තයා හොඳ ආදර්ශයක් අනෙක් සෙප්පඩ විජ්ජා පෙන්වන අයට.කොන්ද කෙළින් තියාගෙන වැඩකරන නිළධාරීන්ට උසස්වීම් දෙන්න ජනාධිපතිතුමනි. වැරදිකරන්නන්ට දඬුවම් දෙන්න.මොහු කළ ක්‍රියාව අගය කරන්න ඕනෑ.ලක්වැසි සියලුම දෙනාගේ ගෞරවය ඔබට! (නි)
සුගත් Friday, 30 January 2015 04:42 AM
යහ පාලනය තුලින් ස්වාධීන කොමිෂන්සභා පත්කිරීමෙන් පසු රාජ්‍ය නිලධාරීන්ට දේශපාලකයාගේ ගැත්තෙකු නොවී මහජනයාට සේවය කිරීමේ යහපත් පරිසරයක් සකස් වේවි (දිල්)
අශෝක Saturday, 24 January 2015 10:00 PM
පිට කොන්දක් තිබෙන නිළධාරියෙක්. ජයවේවා! (නි)
චන්ද්‍ර වීරසිංහ Saturday, 31 January 2015 07:21 PM
ඇමති කමට තට්ටු වෙලා. දැන් හොඳටම කෙට්ටු වෙලා. මුත්තෝ මාර නෝන්ඩිය නේද දැන්. (නදී)
අනුර Sunday, 25 January 2015 03:30 AM
අත්අඩංගුවේ සිටි කෙනෙක් බලෙන් ගන්නවා නම් අවම බලය නොයෙදුවේ මන්ද? (නි)
කේ.සිරි Sunday, 25 January 2015 04:19 AM
අනුර ළගදී වෙන ලෝකයකින්ද ගොඩ බැස්සේ...?(දිල්)
ගුනවර්දන Friday, 30 January 2015 09:17 AM
මෙතුමාගේ ජායාරූපයක් පළ කරන්න මෙවැනි කොන්දක් සහිත නිලධාරියෙක් රටට ආඩම්බරයක් (දිල්)