මේ රටේ සල්ලිවලට වග කියන ඉහළම පෙළේ අමාත්‍යංශයක එකවුන්ටන් මහත්තුන්ට ලොකු ග්‍රහ අපලයක් ලබලලු...
මේ තනතුරට එන කිසිම කෙනෙක් මාස දෙකකට තුනකට වඩා ඉන්නෙ නැතිලු මාරැවක් අරන් යනවලු..
මේ අමාත්‍යංශයට මීට මාස දෙකකට කලින් ආපු එකවුන්ටන් මහත්තය ඊයෙ පෙරේදා රාජ්‍ය පරිපාලනේට දුවලා ගියේ හතිදාගෙනලු. ගිහින් එතන ලොක්කකුට නොවඳිනා වැඳුම් වැඳලා කිව්වලු "අනේ සර් අතන තියන වවුචරැයි බිලුයි අත්සන් කළොත් මට විතරක් නෙවේ අපේ දරැ පවුලටත් කවදහරි හිරේ තපින්නයි වෙන්නෙ... ඒ හින්දා අනේ සර් මගේ රස්සාව බේරා දෙන්න... ඕන සයිබීරියාවකට මාව මාරැ කරන්න... මම මේ ලියුමකුත් ලියාගෙනමයි ආවෙ" කියලා.
මෙයාගෙ මේ ප්‍රබල දුක්ගැනවිල්ල අහපු රාජ්‍ය පරිපාලන ලොක්කා කීව "මේ අවුරැද්දෙ මාස තුන හතරක් ඇතුළත ඔතෙන්ට ආපු දෙවැනියා තමයි ඔයා. ඔයාටත් බැරිනම් අපි කොහොමද ඔතෙන්ට මිනිස්සු හොයන්නෙ..." කියලා. ඊට පිළිතුරැ දුන් එකවුන්ටන්තුමා කීවා "ඒක නම් මම දන්නෙ නැහැ සර්... මට නම් තව පැයක්වත් එතන රස්සාව කරන්න බැහැ. කොල්ලොයි කෙල්ලොයි, ගෑනුයි හැමෝම නියෝග දෙන්න එනවා... කාටද ඕව කරන්න පුළුවන්*
එහෙම කිව්ව එකවුන්ටන් හිටපු තැනට යන්න බෑම කිව්වම උන්නැහේට මාරැව ලැබුණා. දැන් රටේ මහ අමාත්‍යංශයේ මහ එකවුන්ටන් පුටුවට කෙනෙක් හොයනවා. ඒත් එක් භාරගන්න කෙනෙක්ලු නැත්තෙ.
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වැඳලා කියන්නම් මාව මාරැ කරන්න සර්