(අංජුල මහික වීරරත්න)
වඳුරන්ටයි පැවති ආණ්ඩු වලටයි කෑ ගසමින් නොසිට ඡන්දෙට පෙර කියූ කතා ටික ක්‍රියාවෙන් කර පෙන්වන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.
කරන්න බැරි නම් අසමත්කම පිළිගෙන වද දෙන්නේ නැතිව යන්නැයි වැඳලා ඉල්ලන බව කී විමල් වීරවංශ මහතා හොරු පාලනය කරද්දිවත් රටේ ලුණු නැති වුනේ නැති බව සඳහන් කළේය.
මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මෙසේද කීය.
මේ අය අවුරුදු 75ක පාලනයක් ගැන කියා වෛරය වපුරා ගෙවල් ගිනි තබා බලය ලබා ගත්තා.ඒ කාලේ කතා කළේ පාර්ලිමේන්තුවට බස් එකේ එන්න.ඒත් බස් එකේ එන එකෙක් නම් අපිට කොහෙවත් හම්බවෙන්නේ නෑ.මේ අවුරුදු 75 ම රටේ මිනිස්සුන්ට කන්න ලුණු තිබුණා. මේ අය ඇවිත් මාස තුන හතරයි. කන්න ලුණුත් නෑ.පොල් හිඟ වෙනකොට පොල් සම්බෝල, පොල් කිරි කන්න එපා කිව්වා.ඊට පස්සේ බල්ලෝ කන ප්‍රමාණය මනින්න ඕන බව කිව්වා.ඊට පස්සේ රිලව් මත වරද පැටෙව්වා.ඊයේ විදුලිය විසන්ධි වීමේදී උදේ වග උත්තරකාරයා රිලවෙක් වුණා. සවස තිබුණු ආණ්ඩුව පිට වරද පැටෙව්වා.තිබුණු ආණ්ඩුවල හිටියේ රිලව්ද මං දන්නෙ නෑ යනුවෙන් විමල් වීරවංශ මහතා කීය.
මෙක්සිකෝ බොක්ක ’’ඇමෙරිකා බොක්ක’’ ලෙස නිල වශයෙන් නම් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සඳහා වන විධායක නියෝගයට අත්සන් තබා ඇත.
අනූපම මංගල වික්‍රමාරච්චි මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වේරහැර රියදුරු බලපත්‍ර අංශයේ කොමසාරිස්වරයා ලෙස වැඩ ආරම්භ කළේය.
සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාවේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම හා එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගත යුතු බව ආහාර ප්‍රතිපත්ති හා සු
කොටහේන බෙනඩික් මාවතේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු අතරින් එක් පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකුත් තුවාල ලබා රෝහල් ගත
ඕස්ට්‍රේලියාවට එරහෙිව අනිද්දා (12) ආරම්භ වන තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වේග පන්දු යවන
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍ර
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
වඳුරන්ට දොස් නොකියා වැඩ ටික කරන්න
karolis Monday, 10 February 2025 03:43 PM
මේ වගේ කතන්දර මාස 6 යන්න කලින් අහන්න වෙයි කියල ඡන්දේ දීපු අයට හිතෙන්න නම් නැතුව ඇති
සුවාරිස් Monday, 10 February 2025 05:55 PM
ඒකනම් සහතිකම ඇත්ත කරෝලිස් අයියේ. ඒත් නගුල පස්සේ ගහගත්තු එවුන්ට ඩෝං ගිහිල්ලා කියලා පේනවනේ...
කාලතරණය කරපු එකාලා Monday, 10 February 2025 03:43 PM
අඩේ මේ කාලතරණය කරලා පුනුරුත්පත්තියට ආපු කෙනා නේද? ආයෙත් අලුත් පාස්පෝට් එකක් ගන්න වගේ හදන්නේ .මාවරමණ්ඩියේ කඩෙන් කෝටිපතියෙක් වෙච්චි හැටි හෙව්වානං පහුගිය අවුරුදු 76ක ඉතිහාසය පෙනේවි
Mahajanathawa Monday, 10 February 2025 03:52 PM
අපි දන්නෙත් නෑ , මේකට උපදේශක කමකුත් දීලා...
dileepa1986 Monday, 10 February 2025 03:59 PM
පනික්කියා නාලෙකින්
Neel Monday, 10 February 2025 04:09 PM
අනේ විමල් වීරවංශ ඔයාට කිසිම සදාචාරාත්මක අයිතියත් නැහැ. මේ වගේ ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්න ඔයා අන්ත දූෂිත දේශපාලන පක්‍ෂ එක්ක වැඩ කරලා කරුණාකර නිහඬව ඉන්න.
පිටරටවැසියා Monday, 10 February 2025 04:16 PM
රටේ ජනතාව ගහල පන්නපු එකෙක් වැඳලා ඉල්ලන්නේ මොකද කියල බැලුවා. රට කාපු හැතිකරෙන් කෙනෙක්..
පුරවැසියා Monday, 10 February 2025 04:57 PM
රටම ගිනි තියන හනුමන්තා...
සාලිය Monday, 10 February 2025 05:18 PM
වීරවංශලා කරපු හරිය තමා මේ කාලවේලා තියෙන්නේ...
Duminda Udayakumara Monday, 10 February 2025 05:26 PM
මෙයා ලයිට් යනකල් ඉඳලා තියෙන්නේ... මාධ්‍ය හමුව තියන්න.
m. saman perera Monday, 10 February 2025 05:34 PM
සත 5කට වැඩක් නැති දේශපාලුවෙක් නිකන් කහිනවා.
සෙනෙවිරත්න Monday, 10 February 2025 05:37 PM
මෙන්න බොලේ වංචා නිසා පක්ෂයෙන් පන්නපු එකෙක් උපදෙස් දෙනවා.. වඳුරන්ගෙන් විදුලි උපපොළවල් රැකගන්න ක්‍රමයක් නැති එක තැනක වරදක් වුණාම නොරිච්චෝලේ අක්‍රීය වන විදියට අටවපු ආණ්ඩුවල ලැගලා වෙච්චි දේ හරියට කීවාම ඒකට සමච්චල් කරනවා. පුළුවන් නම් ඕක පාරට බැහැලා කියන්නකෝ ජනතාවගේ ප්‍රතිචාර බලන්න.
ජිල්බු Monday, 10 February 2025 05:47 PM
ඡන්දෙවත් ඉල්ලන්න කොන්ද නැති රිලවෙක්, වඳුරු කතා කියනකොට අර ඉබ්බො දෙන්න එක්ක අහසින් යන්න ගිය කොකාගේ කතාව මතක්වෙනවා.
පොඩිඑකා Monday, 10 February 2025 05:47 PM
අනේ යන්න චිම්පන්සියෝ යන්න...!
ලක්විදු Monday, 10 February 2025 05:49 PM
ලුණු නැති වුනේ ඇයි කියලා රටම දන්නවා. මේ මන්ද බුද්ධිකයා දන්නේ නෑ...
Asela Monday, 10 February 2025 05:50 PM
NPP හෝ JVP වහලුන් JVP නායකත්වය විසින් ආකර්ෂණය කර හෝ රැවටීමට ලක් කර තිබුණේ වෙනත් කිසිදු ව්‍යාජ ක්‍රියාවකින් නොව සම්පූර්ණ අසත්‍ය හෝ කතා කරන විකාර මගිනි. මේ ට්‍රෙන්ඩ් එක තමිල්නාඩු සුපර් ස්ටාර් එකට සමානයි. ඔවුන් එහි නළු නිළියන්ට වඳිනවා. එලෙසම, NPP හෝ JVP පරම්පරාගත වහලුන් සෑම ජරාවක්ම විශ්වාස කරන අතර ඇත්ත වශයෙන්ම ඔවුන් තම නායකත්වයෙන් කියන සියලුම ජරාව අනුභව කරති. ඒ නිසාම ඔවුන් ඒ පුද්ගලයාගේ කතාවට අනුව යනවා මිස අන් අය කියන දේ ගැන සොයා බලන්නේ නැහැ. ඒකයි ලංකාවේ වහල්ලු NPP එකට ඡන්දේ දුන්නේ. විමල් කුහකයෙක්ද නැත්නම් විවේචකයෝද යන්න වෙන දෙයක් මිස NPP ගැලවුම්කරුවන් නිතරම ඔහුගේ වැරැදි සොයනවා මිස ඔහු කියන දේ ගැන අවබෝධයක් නොදක්වයි. ඒකයි අපි කියන්නේ JVP එක ජාතියේ පරම්පරාගත වහල්ලු කියලා...
ප්‍රියන්ත Monday, 10 February 2025 06:22 PM
ජාතික නිදහස් පෙරමූණ... හි හි හි...!
Nandana Monday, 10 February 2025 06:34 PM
වඳුරන් ගැන රිළවෙක් කතා කරයි.
චතුරි Monday, 10 February 2025 06:43 PM
වඳුරා කෙසේවෙතත් මේ හැලි වඳුරෝ රටට කරපු අපරාධ අමතක වෙලා කියලා හිතන් ඇති ලෑස්ති වෙලා ඉන්න එක එකාව එළියට අරන් කුඩු කරන කම් අවුරුදු 75 ක් හොරාකාපුවා හදන්න මාස තුනෙන් බැහැ. වඳුරෝ මතකද අන්දරේ රජ්ජුරුවන්ගේ කකුල් ලෙවකමින් මෝඩ බේබිලාත් එක්ක හෙලිකොප්ටර් එකෙන් ලංකාව වටේ ගිය ඒවා ඒ ජනතාවගේ මුදල්, පාස්පෝට් දෙකයි... ඒක කැරොල් කරත්තයක් වගේ දෙහිවල ඉන්නවා. මෙයාගේ රියැදුරෙක් රජයේ වාහන හැමදාම එයාගේ ගෙදර කාගේද? ඒ මුදල් ජනතාවගේ දුවයි, පුතයි නටන නැටුම් අමතකද? දැන් ඔය හදාගන ඉන්න ගෙදර ඔය තරම් විසාලෙට කාගෙද? ඒ මුදල් මේ හැලි වඳුරා මාව දන්නේ නැහැ. නමුත් මෙයාව මම හොඳට දන්නවා. නූගත් ඇමැති කටවහගෙන හිරේට යන්න ලෑස්ති වෙන්න.
Banda Monday, 10 February 2025 06:58 PM
මේ කතා කරන්නේ වඳුරු නායකයා...
යෝගා Monday, 10 February 2025 07:38 PM
විමල්ට ඩෝබිලා කොච්චර බයද කියලා මෙහි අදහස් වලින් පේනවා. මුලු ලොන්ඩරියම කලබල වෙලා !!!
මැම්බර් Monday, 10 February 2025 08:30 PM
අපේ ගමේ සුභසාධක සමිතියේ ඉන්නවා මෙයාගෙ පෙරමුණට වඩා සාමාජිකයෝ.