ලෝක සංරක්ෂණ සංගමයේ රතු දත්ත පොතට අනුව දැඩි සේ වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටින විල්මුවන් සංරක්ෂණය කිරීමට පිහිටවූ බෙන්තොට, ලුණුගල හොන්දූව අභය භූමියට ප්‍රථම විල්මුවන් දෙදෙනා මුදා හැරීම ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය විසින් සිදුකැරුණි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය සිදුකැර තිබේ. ජෙෆ්රි බාවා භාරයට අයත් හොන්දූව, වනජීවී සංරක්ෂණ ආඥා පනත යටතේ විල් මුවන් සුරැකීමේ අභය භූමියක් ලෙස නම්කැර තිබේ. දකුණේ ඇල්පිටිය, හික්කඩුව, තෙල්වත්ත, අම්බලන්ගොඩ, බලපිටිය ආදී ප්‍රදේශයන්හි දැකිය හැකි විල්මුවා ජනාවාස ඇතිවීමත් සමගම වඳවී ඇතැයි කලකට ඉහත වාර්තා කැර තිබිණි.
13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි
ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි
ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක
නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වඳ වෙමින් යන විල්මුවා හොන්දූවට
මධුක-(බෙන්තර කොල්ලෙක්) Wednesday, 02 January 2013 04:07 AM
අජිත් මහත්මයා ,බෙන්තර මිනිස්සු සත්තුන්ට විතරක් නෙමෙයි, කපටිකමක් නැතිව එන ඕනෑම මනුස්සයෙක්ට ආදරෙයි. තවමත් සමාජයේ හණ මිටි අදහස් දරන අය සිටීම ගෙන කණගාටුයි. (නි)
අල්සාන් Thursday, 03 January 2013 08:43 AM
ඒත් විල් මුවන්, තිත් මුවන් හොදි රසයි (ස)
පෙරේරා Wednesday, 02 January 2013 04:46 PM
ලස්සන සතෙක් (දී)
නිෂාඩ් ප්‍රීනා Wednesday, 02 January 2013 09:03 AM
ගම්වල ඉන්න දඩයක්කාරයෝ දිහා පොඩ්ඩක් අහැ ගහගෙන හිටියොත් මේ මුවන් තවත් බෝ කරගන්න පුලුවන් වේවි. (නි)
ජානක් Tuesday, 01 January 2013 02:53 PM
හොද වැඩක්..! අපේ හැම සම්පතක්ම රැක ගැනීමට සියළු ජනතාවගේ වගකීමක්.. විල්මුවන් ගහනය වැඩි වේවා.!(නු)
අසෝක Tuesday, 01 January 2013 03:00 PM
අගය කලයුතු දෙයක් (ස)
අචිනි Wednesday, 02 January 2013 10:20 AM
හොද දෙයක්. හැබැයි දේශපාලකයින්ගෙන් ප්‍රවේශම් කරගන්න වෙයි. (නි)
වරුණ Tuesday, 01 January 2013 03:44 PM
හොඳ වැඩක් . ඒත් ටික දවසක් යනකොට බෙන්තොට හරියේ මුව මස් විකුණයිද දන්නේ නෑ (ස)
සිල්වා Tuesday, 01 January 2013 04:32 PM
මේ වගේ වැඩ වලට අපි කොහොමත් එකගයි. (නි)
නිරාන් Tuesday, 01 January 2013 04:51 PM
හොද වැඩකින්ම අලුත් අවුරුද්ද ආරම්භ කළාට ගොඩක් පින්. (නි)
බෝධිපාල Tuesday, 01 January 2013 05:13 PM
වක්කඩේ හකුරු හැංගුවා වගේ නොවුණොත් නම් හොදයි. (නි)
අජිත් අමරවීර Tuesday, 01 January 2013 06:00 PM
බෙන්තොට මිනිසුන් කාට කෙසේ වෙතත් සතුන්ට ආදරෙයි.. ගමට හොද දෙයක් මේක..!(නු)
විමල් Tuesday, 01 January 2013 06:23 PM
අගය කළ යුතු දෙයක්.. ජෙෆ්රි බාවාත් මසැසින් මෙන්ම මනැසින් ද පරිසරය දුටු නිර්මාණ ශිල්පියෙක් ..(නු)
සෙනරත් Tuesday, 01 January 2013 06:38 PM
කතෘ තුමනි, විල් මුවන්, තිත් මුවන් සහ ඕලු මුවන් ගැන ලිපියක් පළ කරන්න (නු)
අනිල් Tuesday, 01 January 2013 06:55 PM
මේවා අගය කළ යුතු දේවල්, හොද වැඩක්. (නි)
ජයන්ත Tuesday, 01 January 2013 08:05 PM
මෙවන් කාර්යයන් අපි අගය කරමු. (නි)