IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


විපක්ෂයේ කාර්ය භාරය ගැන අධ්‍යාපන ඇමැති කියයි

රාජපක්ෂවරුන්ගේ සංගමය පෙනී සිටින්නේ ඔවුන්ගේ නැතිවූ වරප්‍රසාද යළි ලබා ගැනීමට මිස ජනතා වරප්‍රසාද වෙනුවෙන් නොවේ යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද සිරිකොතේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

සැබෑ විපක්ෂයේ කාර්ය භාරය විය යුත්තේ ජනතා අමාරුකම් හදුනාගෙන එම අයිතීන් ලබා ගැනීමට කටයුතු කිරීමට බව ද ඔහු පැවසීය.

Akila_2016510



අදහස් (0)

විපක්ෂයේ කාර්ය භාරය ගැන අධ්‍යාපන ඇමැති කියයි

ප්‍රනාන්දු Tuesday, 10 May 2016 11:17 PM

ආණ්ඩුවේ කාර්ය භාරය ගැනත් කතාකරන්නකෝ (නි)

:       0       0

සුසන්ත Wednesday, 11 May 2016 12:14 AM

විපක්ෂය ජනතා අයිතීන් ලබාගැනීමට කටයුතු කළයුත්තේ ආණ්ඩුව ඒවා නොදී ඉන්නවා නම් නේද? ආණ්ඩුව ජනතා අයිතීන් දෙනවා නම් විපක්ෂය ඉල්ලන්න ඕනෑ නැහැනේ. මේ නොකියා කියන්නේ අපි දෙන්නේ නැහැ, පුලුවන්නම් අරන් පෙන්නන්න කියලද? (නි)

:       0       0

ඇසළ Wednesday, 11 May 2016 12:20 AM

ඉල්ලන් කනවා කියන එකේ ඉවරයක් නැහැ. ඔය රාජපක්ෂ රාජපක්ෂ කියන එක දැන්වත් නවත්තලා රටට මොනවාහරි වැඩක් කරලා පෙන්නන්න. මෙහෙම ගියොත් ඊළඟ පාර ජනතාව එළවන්නේ ඇපත් නැතුව ආයෙත් දියවන්නාව බලන්න එපාවෙන විදියට (නි)

:       0       0

ඇන්ජලෝ Wednesday, 11 May 2016 01:07 AM

මෙතුමා කලඑළි බැහැලනේ අායෙත්. පසුගිය දවස් වල පේන්නවත් හිටියේ නැහැ නේද? (නි)

:       0       0

පාලිත Wednesday, 11 May 2016 02:17 AM

ඔබතුමාගේ නිල ඇඳුම් වැඩේ නම් ගොඩක් හොඳයි. හැබැයි රට බේරාගත් නායකයන්ට දොස් කිය කියා ඉන්නේ නැතුව වැඩ කරන්න (නි)

:       0       0

දිලුම් Wednesday, 11 May 2016 08:46 AM

තමන්ගේ වැඩ ටික ගැනවත් අවබෝධයක් නැතිව තව විපක්ෂයක් ගැනත් කියවනවා. අනේ අපේ ළමයින්ගේ අධ්‍යාපනේ. වැඩබැරිකම වහගන්න බදු ගහන එකයි මහින්ද මහත්තයාට බනින එකයි ඇරෙන්න මේ රජයෙන් ජනතාවට වාසි සැලසෙන් නෑ (ම)

:       0       0

ප්‍රියංකර Wednesday, 11 May 2016 02:49 AM

ජයතු කියන්න බලන්න රු. 10000ක් පඩි වැඩිකළේ මහින්ද ගත් ණය වලින්ද? මහින්ද ගත් ණය ගෙවන්න මහින්ද ගත්තා වගේ දෙගුණයක් ණය ගත්තා නේද? එ්ත් තව මදි වෙලා (නි)

:       0       0

ශානක Wednesday, 11 May 2016 03:17 AM

විපක්ෂයේ කාර්ය භාරය හොයනවට වඩා ආණ්ඩුවේ කාර්ය භාරය හරියට කරනවා නම් හොඳයි. ආ දවසේ ඉඳලම එකම මන්තරයමනේ මතුරන්නේ (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 11 May 2016 03:21 AM

ජනතාවට ගෙවීමට සිදුව ඇත්තේ වැට්‌ බද්දක්‌ නොව "රාජපක්‌ෂලාගේ වංචා බද්දක්‌" කියලත් කියනවනේ ඉතින් (නි)

:       0       0

කාන්ති Wednesday, 11 May 2016 03:48 AM

මෙයාලට රාජපක්ෂ නම නොකියා කිසිම දෙයක් කළ නොහැකිද? (නි)

:       0       0

ගම්පොළගෙදර Wednesday, 11 May 2016 03:50 AM

ඒකාබද්ධ විපක්ෂයේ කාර්ය බරය වියයුත්තේ ජවිපෙ කොහොමහරි මහන්සියෙන් කැපවෙලා හොයලා එළිකරන වත්මන් රජයේ වැරදි, මාධ්‍ය සාකච්ජා තිය තියා තමා හොයාගත්තා වගේ ඇදගෙන යන එකද? (නි)

:       0       0

අහිංසා Wednesday, 11 May 2016 03:54 AM

ආණ්ඩුවේ කාර්ය භාර්ය රාජපක්ෂ සමාගමේ වැරදි, සහෝදර රාජපක්ෂ සමාගමේ වැරදි හොය හොයා පැය 24 ම කෑගහන එක. මහින්ද වචනෙ කිව්වෙ නැත්නම් මේ අයගෙ හුස්ම වැටෙන්නෙත් නැහැ වගේ දැන් පේන්නෙ (නි)

:       0       0

විපුල Wednesday, 11 May 2016 04:13 PM

ඔබල අවුරුදු 22 කක් විපක්ෂයේ ඉදල ජනතාවගේ දුක තේරුම් අරගෙන නැහැ . බලයට ආවම ජනතාව ලැබූ වරප්‍රසාද කප්පාදුව හා බඩු මිල මේ ආකාරයට වැඩි කිරීම ඔබලාගේ යන ගමනට බාධාවක්. (ර)

:       0       0

සිරිල් Tuesday, 10 May 2016 02:44 PM

ඔබ තුමන්ලාට ඕනෑම කතාවකට මහින්ද සම්බන්ධ නැතුව බැරිද (බ)

:       0       0

සරත් Tuesday, 10 May 2016 02:48 PM

ඔබ තුමාගේ කාර්ය හරිහැටි හදුනා ගෙන මිට වඩා රටට සේවයක් කරනවා නම් හොදයි (බ)

:       0       0

ධම්ම Tuesday, 10 May 2016 03:15 PM

සහෝදර සමාගම දැන් රාජපක්ෂවරුන්ගේ සංගමය වෙලාද. අනේ හැබෑට රාජපක්ෂවරුන්ගෙන් තොර ලෝකයක් ඔබලාට ඇත්තෙම නැද්ද? (බ)

:       0       0

සුසන්ත Tuesday, 10 May 2016 03:46 PM

එතකොට ආණ්ඩුවේ කාර්යභාරය මොකද්ද? අපිටනම් පෙන්නේ තමන්ටම වැඩි වැඩියෙන් බෙදාගැනීම සහ ජනතාව තව තවත් මිරිකා දැමීම දැන් ආණ්ඩුවේ කාර්යබාරය බවයි.(බ)

:       0       0

විජේතුංග Wednesday, 11 May 2016 06:02 AM

මගේ හිතට එන අදහස් මෙතන කියන්න අමාරුයි (නි)

:       0       0

සරත් Tuesday, 10 May 2016 04:17 PM

මහින්ද නම් නැතුවම බැහැ නේද? (නි)

:       0       0

ආර්. වික්‍රම Wednesday, 11 May 2016 06:17 AM

ඉතින් තිලක්-ඩුබායි, එහෙම කියන්නේ ඔහෙලා වගේ කුහකයොනේ (නි)

:       0       0

ජයතු Tuesday, 10 May 2016 08:12 PM

රාජපක්ෂ පවුල් පාලනය රට ණය බරකට අැද දැමුවාට පසු වර්තමාන අාණ්ඩුවට රට පාලනය කිරිමට මුදල් නැතිකමින් අනාථ වී අැත. රාජපක්ෂවරු මෙන් චිනයෙන් ණය අරගෙන ජනතාවට කන්න දී සහන සැළසුවා නම් මේ රජයටත් දිගු ගමනක් යා හැකියි. (නි)

:       0       0

කිත්සිරි Tuesday, 10 May 2016 10:03 PM

ඒ කියන්නේ ජනතාව ජීවත්වෙන්නේ අමාරුවෙන් බව ඔබතුමන්ලාත් පිළිගන්නවා (නි)

:       0       0

ජනහිත Tuesday, 10 May 2016 10:02 PM

ජනතාවට අමාරු බව ඔබේ කථාවෙන් පැහැදිලි වෙනවා. ඒ බව විපක්‍ෂය හඳුනාගත යුතු බවත් කියන්නෙ ඔබමයි. කරුණුු එසේ තිබියදී ඔබතුමන්ලාගේ තුන්වේලටම මහින්ද බයිට් කරගැනීම ඔබතුමන්ලාගේ තනතුරටත් හොඳ මදි බවයි අපේ හැඟීම.​කරුණාකර දැන්වත් වැඩ පටන් ගන්න​... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 627 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 795 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 490 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 982 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1805 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 438 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 909 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site