IMG-LOGO

2025 පෙබරවාරි මස 21 වන සිකුරාදා


විපක්‍ෂය මැතිවරණයට බියේ කල්දාන්නැයි ඉල්ලීම් කරනවා


(යොහාන් භාසුර)

විපක්ෂය මැතිවරණය කල්දාන්න මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමට හේතුව ජනතාව අතරට යෑමට ඇති බිය බවත් වර්තමාන ආණ්ඩුව පෙරළීම විපක්ෂය දකින හීනයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.  

අරලගංවිල මහවැලි රංග ශාලාවේ පැවති ජනහමුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එසේ පැවසුවාය.  

ආණ්ඩුව ඉදිරිපත් කරන අයවැය දුප්පතුන් වෙනුවෙන් ඉදිරිපත් කරන බව කී අග්‍රාමාත්‍යවරිය වර්තමාන ආණ්ඩුව ජනතාව කළ ජනතාව විසින් ආරක්ෂා කරන ආණ්ඩුවක් මෙන්ම ජනතාව රටතුළ පරිවර්තනයක් බලාපොරොත්තුවෙන් පසුගිය මැතිවරණයෙන් මේ ආණ්ඩුව බලයට පත් කළ බව ද සඳහන් කළාය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පළාත් පාලන මැතිවරණය කල්දමන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලීම් කර ඇති බවත් ජනතාව තැබූ බලාපොරොත්තු ඉටු කිරීමේ වගකීමක් අපේ ආණ්ඩුවට ඇති අතරම ඒ වෙනුවෙන් සියළු ක්ෂේත්‍රවල අධ්‍යයනයක් කර දත්ත මත පදනම්ව පරිවර්තනයන් කරන බවත් ඇය පැවසුවාය.

ආණ්ඩුව මේ රටේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන්න විශේෂයෙන් කටයුතු කරන බව කී අග්‍රාමාත්‍යවරිය මෙවර අයවැයෙන් අධ්‍යාපනයට සැලකිය යුතු දායකත්වයක් දීමට කටයුතු කරන බව ද කීවාය.

මීට පෙර පැවති රජයන් තුළ ගෙනා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ප්‍රතිපත්ති තුළ ගුරුවරුන් වෙනුවෙන් නිසි වැඩපිලිවෙලක් ඉදිරිපත් කර නොතතිබුණු බවත්ගුරුවරුන්ගේ ආකල්ප සංවර්ධනයට, ගුරු පුහුණුව දෙන්න වගේම නවීන අධ්‍යාපන දැනුම දී ගුරුවරුන්ගේ  වෘත්තීයභාවය සංවර්ධනය කිරීමට වර්තමාන ආණ්ඩුව වැඩි අවධානයක් යොමුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය වැඩි දුරටත් පැවසුවාය. 

 



අදහස් (7)

විපක්‍ෂය මැතිවරණයට බියේ කල්දාන්නැයි ඉල්ලීම් කරනවා

ගමේ එකාලා Sunday, 16 February 2025 03:16 PM

අභියෝග වලට බය නැහැ කියලා කයිවාරු ගහපු අයත් ජාතික ලැයිස්තුවෙන් රින්ගුවේ නිකම්ද?

:       35       26

Don perea Sunday, 16 February 2025 03:51 PM

ඔබලා බොරුවෙන්ම ජීවත් වෙන්න... මෝඩ ජාතියක් ඉන්න හින්දා හොඳයි.

:       11       37

Buwa Sunday, 16 February 2025 09:45 PM

මේ අකාර්යක්ෂම පාලනය යටතේ අගමැති තනතුරේ පවා වැඩකට නැති කාන්තාවන් ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ දක්ෂයි සාප්පු සවාරි යන්න විතරයි. බොරුවට කතා කරනවා විතරයි, කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ.

:       1       2

Mino Sunday, 16 February 2025 10:08 PM

හැබැයි ආරංචි වෙච්ච විදියට නම් ඔයාලා අප්‍රේල් මුල තියන්න තිබ්බ ඡන්දේ තව පුලුවන් තරම් කල් දාගන්නලුනේ බලන්නේ. බලමුකෝ අය වැය. ඊට පස්සෙ ඔය කතාව කියන්නකො.

:       1       5

සමූපකාර පැරදුනේ විහිලුවටද Sunday, 16 February 2025 10:10 PM

ඒක තමයි. අපිටත් ඒක තේරුනා ඔහේලා සමූපකාර ඡන්ද ටික පරාද වීගෙන එනකොට එක මිටකට.

:       1       5

මාතර අප්පුහාමි Sunday, 16 February 2025 10:12 PM

ඒ මේ, ඒක නෙමේ. ඔයැයි අර USAID එකෙන් මොකද්ද කරන්න, මොනවද ගත්තැයි කියන්නෙ ඇත්තෙයි? හරි වැඩේ නේ?

:       1       4

Asanga Monday, 17 February 2025 09:50 AM

අනේ මන්දා මේ මුහුණ දක්කම වගතුවක් නත. මෙයත් පටන් අරගෙන පච කෙලින්න

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

’’පාතාලයට රාජ්‍ය ආයතනවල සහාය ලැබෙනවා’’
2025 පෙබරවාරි මස 21 9 0

පාතාල කල්ලිවලට සමහර රාජ්‍ය ආයතනවල සහාය ලැබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය


ඩිජිටල් ගැන මැති සබේට කියාදෙන්න යයි
2025 පෙබරවාරි මස 21 163 0

රජයේ ඩිජිටල් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන, ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම සඳහා වැඩමුළුවක් මා


’’ඔන්මැක්ස්’’ මහ මොළකරු රිමාන්ඩ්
2025 පෙබරවාරි මස 21 253 0

රුපියල් කෝටි ගණනින් ජනතා මුදල් වංචා කළ ’’ඔන්මැක්ස් ඩි ටි’’ නීති විරෝධී පිරමීඩ මූල්‍ය සමාගමේ මහමොලකරුවකු ලෙස කටයුතු කර ’’ඔන්මැක්ස්’’ පරිගණක පද්ධතිය න


කජ්ජාට මාංචු දුන්නැයි PC අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 21 2435 0

මිද්දෙණිය ත්‍රිපුද්ගල ඝාතනයේ ඝාතනයට ලක්වූ විදානගමගේ අරුණ ප්‍රියන්ත නොහොත් කජ්ජා නමැත්තාට අත් විලංගු යුගලයක් ලබා දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙක


අපිට වෙච්ච දේ ඔබලාට නොවේවා
2025 පෙබරවාරි මස 21 2193 6

අපිට වෙච්ච දේ ඔබලාට නොවේවා කියා පතනව බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.


කළුතර නිවසක් ගින්නෙන් විනාසයි
2025 පෙබරවාරි මස 21 590 1

කළුතර හීනටියංගල ප්‍රදේශයේ නිවසක් ගිනිගෙන විනාශවී ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 90 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 382 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 166 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site