IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


'විපක්ෂෙ චෝදනා පරස්පරයි'

යහපාලනයක් හා මිනිස් අයිතිවාසිකම් ශ්‍රී ලංකාවේ නැතැයි විපක්ෂය කියනවා. එසේ නම් උතුරේ ඡන්දය පවත්වන්නේ කෙසේද? උතුරේ ඡන්දය පවත්වන්තේ රජය යහ පාලනය ගෙන යන නිසයි. මිනිස් අයිතිවාසිකම් සුරකින නිසයි. ඕනෑ කෙනකුට ඕනෑතරම් නිදහස ශ්‍රී ලංකාවේ තිබෙනවා.‘ මහින්ද රාජපක්ෂ ජනපති එසේ පැවසුවේ වාරියපොල ලෙන්මලු රජමහා විහාරයේ උත්සවයකදී ය.

විහාරයේ බෝධි ප්‍රාකාරය වටා රන් වැටක් ද, දාන ශාලාවක් ද, ඝාණ්ටාර කුලුන ද ජනපති අතින් විවෘත විය.

උටුගම බුද්ධරක්කිත අස්ගිරි මහනාහිමියෝ මුලසුන දැරීය.

දරුවන් දහම්පාසල් යවා ආගම දහමට නැඹුරු කරන ලෙසත් ජනපති මව්පියන්ගෙන් ඉල්ලා සිටියේය.

 

 



අදහස් (0)

'විපක්ෂෙ චෝදනා පරස්පරයි'

චමල් Thursday, 05 September 2013 10:45 AM

ටියුෂන් ගුරෙක් කියනවා ළමා අපචාර වෙන්නේ ආගමික ස්ථාන වලදී , දහම් පාසල් ගියාම ත්‍රස්තවාදී වෙනවා, ඒ නිසා ලමින්ව හදා ගන්න ඕනෙනම් ඉරිදට ටියුෂන් යවන්න කියල . (දී)

:       0       0

මිනිපෙ Wednesday, 04 September 2013 09:12 PM

ඡන්ද තියෙනවනම්,රටේ විරුද්ද පක්ෂයන් තියෙනවනම්,රාජ්‍ය විවේචන වලට නාලිකා මගින් ඉඩ තියෙනවනම්,ඕන කෙනෙකුට ජීනිවා යන්න පුලුවන්නම්..අන්තර ජාලය හරහා රජය විවේචනය කරන්න පුලුවන්නම්.. (දී)

:       0       0

නන්දන Thursday, 05 September 2013 11:02 AM

ලංකාවේ දේශපාලනය ගැන නම් මම සාමාන්‍යයෙන් කතා කරන්න කැමති නැහැ (දී)

:       0       0

අස්මිත් Wednesday, 04 September 2013 09:58 PM

ලංකාවේ විපක්ෂයක් නැතිනිසා ඔය වගේ කතා කියනවා

:       0       0

විජේසිරි Thursday, 05 September 2013 11:38 AM

ඇයි මේ වගේ දේවල් කියවන්නේ? (නි)

:       0       0

අශෝක Thursday, 05 September 2013 11:44 AM

කතාවනම් ඇත්ත... මොකද කරන්නේ ඉතින් අපි (දී)

:       0       0

ලෙස්ලි ලෝව් Thursday, 05 September 2013 03:31 PM

එතකොට දුෂණ හෙළිකරන මාධ්‍යෙව්දීන් මරා දාන එක අතුරුදන් කිරීම .උද්ගෝෂණ වලට වෙඩි තැබීම .අපේ සල්ලි කෝටි ගණන් නාස්ති කිරීම .පිටරට බැංකු වල කලු සල්ලි තැන්පත් කිරීම.(නදී)

:       0       0

වසන්ත Thursday, 05 September 2013 11:44 AM

කවදත් උනේ ඕකමනේ (දී)

:       0       0

ලක්ෂ්මන් පෙරේරා Wednesday, 04 September 2013 10:19 PM

සුමන මානවඩු මහත්තයා, කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙන්නේ කාගේද කියලා කිව්වොත් තමයි හොඳ. ඔබතුමා කියන දේ පැහැදිලි මදි (නි)

:       0       0

අනෝමා Thursday, 05 September 2013 11:44 AM

මෙහෙමයි අපි ශක්තිමත් විපක්ෂයක් ගොඩ නගන්න ඕනේ ආණ්ඩුව පෙරලන්න නොවෙයි රටක් නිවැරදිව ඉස්සරහට යන්න (දී)

:       0       0

ඩයස් Thursday, 05 September 2013 03:33 PM

මේ රටේ ජනතාව ඉතා අසරණයි, ගරු විපක්ෂ නායක තුමනි සියල්ල එකතු කොට (වික්‍රමබාහු ) අර, හොඳ ප්‍රබල විපක්ෂයක් ඉක්මනින් හදන්නද? (නදී)

:       0       0

අජන්ත Thursday, 05 September 2013 11:44 AM

අපිට පිලි ගන්න සිද්ද වෙනවා ඔබේ කතාව (දී)

:       0       0

අතපත්තු Thursday, 05 September 2013 11:44 AM

ඔබතුමාගේ කතාව සම්පුර්ණ ඇත්ත....හැමොම මෙය තෙරුම් ගන්නවා නම් ගොඩක් හොදයි.... (දී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 04 September 2013 10:54 PM

මිනිපේ මහත්තයෝ, ඔය මොනවා පුළුවන් උනත් වැඩක් නැහැ. අවුරුදු ගානක් වේලි වේලි ඉදල තව අවුරුදු ගානක් වේලෙන්න වෙන බව දැක්කම අපි ඔතන හිටියනම් අපිට උනත් ඔය ටික හිතෙනවා.(නදී)

:       0       0

සමන් Wednesday, 04 September 2013 10:58 PM

මහින්ද මහත්තයා නැත්නම් අපේ කටෙත් වෙඩි උන්ඩ තමයි.(නදී)

:       0       0

අප්පුහාමි Thursday, 05 September 2013 11:06 PM

ඔය , කියන කට්ටියට පුළුවන් නම් එක කිලෝ මීටරයක් තනියම ගිහිල්ලා පෙන්නන්න (නි)

:       0       0

රෝහිත Thursday, 05 September 2013 12:13 PM

නියම ඇත්ත කථාවක් ඔබ තුමා කරල තියෙන්නෙ (දී)

:       0       0

නිර්මලා Thursday, 05 September 2013 12:19 PM

ප්‍රජාතන්ත්‍රවාදයේ හස්තය වන්නේ චන්දයයි.ඒක මේ විපක්ෂෙට තේරුම් ගන්න බෑ (දී)

:       0       0

රෝහණ Thursday, 05 September 2013 04:18 PM

ලොක්කට බයේ මගේ අදහස පළ නොකරපු එකට තුති. නමුත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි මිනිස් අයිති වාසි කම් නිසා වෙන්න ඇති ශිරාණි බණ්ඩාරනායකගේ නිලය අයින් කලේ. ජෙනරාල් තුමාගේ තරු පටි ගලවලා දේශපාලනය කරන්න බැරිවෙන්න දාල තියෙන්නේ. මම හිතන්නේ තාමත් ජෙනරාල්ට බයේ වෙන්න ඇති.(නදී)

:       0       0

නෙත්මල් Thursday, 05 September 2013 01:42 AM

රනිල් කියන ඒවා ගණන් ගන්න එපා. කවදත් කීවේ හරුප.(නදී)

:       0       0

සෙනරත් Thursday, 05 September 2013 12:25 PM

මොකද්ද විපක්ෂයේ කාර්ය භාරය (දී)

:       0       0

ලුම්බිණි Thursday, 05 September 2013 04:41 AM

උතුරු කොරියාවෙත් ඡන්ද තියන්නේ.(නදී)

:       0       0

උපාලි Thursday, 05 September 2013 06:59 AM

පෙරුමාල් හරි. එක ලොකු පොහොසතෙක් හිඟන්නෙකුට කිව්වලු, "බලනවා, තමුසෙට ඕනෑම පාරක ඕනෑම පිට්ටනියක වැටිලා නිදාගන්න නිදහසත් අයිතියත් තියෙනවා නේද? මටත් ඕනෑම පාරක ඕනෑම පිට්ටනියක වැටිලා නිදාගන්න නිදහසත් අයිතියත් තියෙනවා. දැන් පේනවා නේද ලොකු පොඩි භේදයක් නැතුව අපි කවුරුත් නිදහසත් අයිතියත් බුක්ති විඳින බව.(නදී)

:       0       0

එදිරිසිංහ Thursday, 05 September 2013 06:03 PM

සුමනා මානවඩු ඔබ ගැන මට ඉතා කනගාටුයි.(නදී)

:       0       0

සංජය Thursday, 05 September 2013 07:46 AM

ලංකාවට කෝ ශක්තිමත් විපක්ෂයක් (දී)

:       0       0

සුමනා Thursday, 05 September 2013 06:55 PM

එදිරිසිංහ මහතා, මගේ අදහසට කණගාටු වෙන්න එපා.සත්‍යය එයයි.ඊට අමතරව රෝහණ මහතාගේ අදහස් දැක්වීම කියවන්න.එතකොට ඔබට හොද වැටහීමක් ලැබෙයි. (නි)

:       0       0

සුමන මානවඩු Wednesday, 04 September 2013 07:15 PM

කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා (දී).

:       0       0

ලෝකවාසී Wednesday, 04 September 2013 07:20 PM

පව් රනිල්ට දැන් කියන්න දෙයක් නැත (දී)

:       0       0

එදිරිසිංහ Thursday, 05 September 2013 07:28 PM

සහෝදර මානවඩු මගේ අදහස වුයේ ගරු ජනපති කම පත් කරන්නේ සමස්ත ශ්‍රී ලංකා වාසීහු අපිය එතුමට අපේ ගෞරවය ඒ නිසා දීම අපේ යුතුකමකි.(නදී)

:       0       0

අනුරශාන්ත Thursday, 05 September 2013 09:53 AM

අපේ රට දේශපාලනික වශයෙන් කුලල් කාගන්න හැටි දුටුවම හිතෙන්නේ අපි තමයි මේ වරද ක‍ළේ කියලා. (නි)

:       0       0

සදුනි Wednesday, 04 September 2013 08:37 PM

ඉතින් විපක්ෂේත් මොනවාහරි කියන්න එපාය.(දී)

:       0       0

රොෂාන් Thursday, 05 September 2013 10:01 AM

අපේ රටේ නිතිය ගැන මට නම් කිසිම විශ්වාසයක් නැහැ (දී)

:       0       0

පෙරුමාල් Wednesday, 04 September 2013 08:48 PM

ඡන්දයක් තිබූ පමණින් මිනිස් අයිතිවාසිකම් සහ යහපාලනය තිබේනම් ජේ ආර් ගෙ කාලෙත් යහපාලනය හා මිනිස් අයිතීන් තිබූ බව පිලිගන්නවා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 353 0

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 139 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 1786 0

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1222 0

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 547 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 1323 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33263 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23890 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 462 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 211 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site