IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


විපක්ෂ නායකත්වය සජිත්ට දෙන්නැයි මන්ත්‍රීවරු 57 දෙනකුගෙන් කතානායකට ලිපියක්

(ඩයනා උදයංගනී)

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතාට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලා එක්සත් ජාතික  පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 57 දෙනෙකු අත්සන් කළ ලිපියක් පෙර කතානායකවරයාට භාර දී තිබේ.
 

 එම ලිපියේ පිටපතක් කතානායකවරයා විසින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයාගේ අවධානය සදහා යොමු කර තිබෙන බව කතානායක කාර්යාලය පවසයි.
 
එම මන්ත‍්‍රීවරු 57 දෙනාගේ ඉල්ලීම පිළිබඳවද  අවධානය යොමුකර විපක්ෂයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය නිල වශයෙන් තමා වෙත දැනුම් දෙන ලෙසද කතානායකවරයා එම පක්‍ෂ මහලේකම්වරයාට දැනුම් දී ඇති බව කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
 
 මේ වන විට විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් මත දෙකක් ඉදිරිපත්ව ඇති බැවින් විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් අතර සාකච්ඡා කර  අවසන් එකඟතාවයකට පැමිණ ගනු ලබන තීරණය තමා වෙත  නිල වශයෙන් දැනුම් දුන් පසුව මීළඟ පාර්ලිමේන්තු දිනයේදී විපක්‍ෂනායකවරයා කවුරුන්ද යන්න නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරන බව ද කතානායකවරයා දැනුම් දී තිබේ



අදහස් (39)

විපක්ෂ නායකත්වය සජිත්ට දෙන්නැයි මන්ත්‍රීවරු 57 දෙනකුගෙන් කතානායකට ලිපියක්

chamath Thursday, 28 November 2019 08:41 AM

මෙතුමා නායකත්වයට සුදුසු නැත. අත්දැකීම් අඩු කෙනෙක්... මෙතුමා තමන්ගේ ආසනයත් පරදියි.

:       1207       1336

senaThursday, 28 November 2019 09:59 AM

කියලා වැඩක් නැහැ.. රටේ නැති ගොන් කතා කියලා ඡන්දෙ පැරදුණා.. ඒ මදිවාට දැන් පක්ෂයත් විනාස කරන්න ලැහැස්ති වෙනවා. මේ මනුස්සයාගේ විකාර අහන මොනම උගත්, බුද්ධිමත් පක්ෂය සමග එක්වෙයිද? එජාපෙ කියන්නේ පාක්ෂිකයින්ගේ පමණක් පක්ෂයක් නොවෙයි. ජාතිවාදීන් නොවන පවුල් පාලනය සහ පුද්ගල වන්දනාවට අකමැති සියලු ශ්‍රී ලාංකිකයින්ගේ බලාපොරොත්තුව...

:       308       353

suranjithThursday, 28 November 2019 10:04 AM

ඔබතුමාගේ ඡන්දෙ කාලේ පොහොට්ටුවට පක්ෂව හෝ ගාලා කමෙන්ට් දැම්ම දැන් යූ.එන්.පී එක කොටවන්න කමෙන්ට් දාන්න ලැජ්ජාවක් නැහැ නේද?

:       175       146

pathiranaThursday, 28 November 2019 10:10 AM

චමත් මහත්තයෝ බය නැතුව ලියන්න. මෙයාගේ වයසේ හැටියට මොලේ වැදිලා නැහැ කිව්වොත් නේද හරි...!!!

:       106       164

hiraThursday, 28 November 2019 10:59 AM

නැවත සජිත්ට ඒ ප්‍රතිරූපය ගොඩනගන්න ලෙහෙසි වෙන එකක් නම් නැහැ. මම හිතන්නේ රුවන් විජේවර්ධන හෝ නවීන් දිසානායක පක්ෂ නායකත්වයට නියමෙටම ගැලපෙනවා.

:       203       234

sandy Thursday, 28 November 2019 08:46 AM

තවත් ඉහළම ප්‍රතිචාර ලැබෙන නිව්ස් එකක්. මගේ අදහසේ හැටියට රනිල් සහ සජිත් දෙදෙනාම මෙම තනතුරට සුදුසු නැත. වැල යන පැත්තට මැස්ස ගහන්න යන්නේ නැතුව රටට වැඩදායි සුදුසු පුද්ගලයෙක් තේරුවොත් හොඳයි.

:       259       82

kamalThursday, 28 November 2019 09:30 AM

රටට වැඩදායි සුදුසු පුද්ගලයින් මවන්නද? යකාගේ හැටියට තමයි විමානේ කිව්වලු.

:       0       106

ගාමිණී Thursday, 28 November 2019 09:04 AM

රනිල් මහත්තයා ඇතුලු කිහිප දෙනෙක් එක්සත් ජාතික පාක්ෂිකයාගේ අදහස් ගරු කරන්නේ නෑ. තවතව පක්ෂය අගාධයට යවනවා. බහුතරයට හිසනමලා සජිත් මහත්තයාව පත් කරන්න. නැත්නම් පක්ෂය ඉවරයි. අන්තිමට ජනාධිපතිවරණයේදි වගේ කොන්දේසි දාලා මැතිවරණය කිට්ටු කරලා දිලා වැඩක් නෑ.

:       38       541

dilal Thursday, 28 November 2019 09:04 AM

පාක්ෂිකයින්ට ලැජ්ජාකරන්න එපා.. එක්සත් ජාතික පෙරමුණේ සියලුම පාර්ලිමේන්තු මන්තිවරු රැස්වී තීරණයක් ගන්න. ක්‍රම සහ විධි තිබියදී බබ්බු වගේ හැසිරෙන්නේ ඇයි? සජිත් පක්ෂයේ උප නායකකමෙනුත් අස්වුණා කීවා නේද?

:       44       142

Buddika Thursday, 28 November 2019 09:18 AM

මෙය විය යුත්තක්... ඒ වගේම සජිත් එජාප නායකයා විය යුතුයි. ඇත්ත කතාකරමු. රනිල් කියන්නේ පලපුරුදු තීක්ෂණ බුද්ධියක් ඇති කෙනෙක්... ඒත් නායකයෙක් ලෙස ඉතා දුර්වලයි. විපක්ෂයට කතාකරන්න දේවල් මවලා දෙන්නේ එතුමා සහ ගෝලයෝ. ජනතාව අතර රනිල් ජනප්‍රිය නැහැ. එජාපය ගොඩගත හැක්කේ සජිත්ට විතරමයි. මේ යථාර්ථය තේරුම්ගත යුතුයි. සජිත් නායකයා කළොත් ඊළඟ මහමැතිවරණයේදී ලොකු වෙනසක් කළ හැකියි.

:       21       448

SamanThursday, 28 November 2019 10:00 AM

සජිත්ට විතරම නම් පුළුවන්කම තිබෙන්නේ ඡන්දය දිනන්න බැරිවුනේ මොකද? අනික පැරදුණාම හැඟෙන කෙනෙක්ට පුළුවන්ද පක්ෂයක් ගොඩනගන්න.

:       11       80

RR Thursday, 28 November 2019 09:25 AM

අර ජනාධිපතිවරණයේදී වගේ ආතල් දෙන්න ගත්තොත් කොහොම හිටීද...?

:       127       107

Nimali Thursday, 28 November 2019 09:29 AM

දෙන්නම හරියන්නේ නැහැ.. උගත් කෙනෙකුට පක්ෂය බාරදීලා ගෙදර යන්න.

:       20       6

Lusena Thursday, 28 November 2019 09:35 AM

එදා පොදු විපක්ෂ කට්ටිය බහුතරයක් හිටියට කරු දුන්නේ සම්බන්ධන්ට. අතීතය මතක නැද්ද?

:       160       83

Hafeel Thursday, 28 November 2019 11:15 AM

ඒ මොහෙතෙත්, අදත් පොහොට්ටුව හෝ ඒකාබද්ධ හෝ පාර්ලිමේන්තුවේ නියෝජන කරන පක්ෂයක් නොවේ. ඔවුන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මිස එකාබද්ධයෙන් නොවේ. ඒ මොහොතේ සන්ධානය ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් ඇමති මණ්ඩලයත් නියෝජනය කළා. ඒ නිසා කතානායකයාට ඕක පිළිගත නොහැකි තත්වයක්...

:       167       34

SamanFriday, 29 November 2019 12:56 PM

කරූට කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා වුනා.

:       0       0

රජින්ද Thursday, 28 November 2019 09:37 AM

අදාළම නැත... ප්‍රතිපත්තියක් නැති පක්‍ෂයකට රටක ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ කොහොමද? මොවුන්ට බලය ලබුණුදා සිටම තිබුණේ බලකාමයම පමණයි. අද මොවුන්ගේ කරුමවලට අපට වන්දි ගෙවීමට සිදුවී ඇත. ඇමෙරිකාව විසින් බලහත්කාරයෙන් අපේ ඇගේ ගසන්නට යන එම්.සී.සී ගිවිසුම, ලංකාවේ යුද අපරාධ වූ බවට මංගල විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී පිළිගැනීම, බැඳුම්කර ව්‍යවසනය වැනි මේ රටට දරාගැනීමට නොහැකි අපරාධ කළ ඔය පක්ෂය ඉවත් කළ යුතුමයි.

:       50       121

sirisenaThursday, 28 November 2019 10:52 AM

මෙන්ටල් වගේනේ පේන්නේ...

:       119       5

wimaniThursday, 28 November 2019 10:55 AM

මේවට කමෙන්ට් දාන්නා කලින් දේශපාලනය ගැන ඇබින්දක් වත් ඉගෙන ගත්තා නම් හොඳ බවයි පේන්නේ...

:       32       16

athuraThursday, 28 November 2019 10:55 AM

අනිත් ඔක්කොම පක්ෂ අයින්කරලා පොහොට්ටුව විතරක් තිබුණාම ඇති... කාගෙවත් කරුමවලට කවුරුවත් වන්දි ගෙවන්න අවශ්‍ය නැත. මේ ආණ්ඩුව අකමැති නම් ඔබ දක්වා ඇති කරුණු මේ ආණ්ඩුවට ක්‍රියාත්මක නොකර සිටීමට හැකිය.

:       13       3

wimal Thursday, 28 November 2019 09:41 AM

සජිත්ට වැඩිය රනිල්ට ආත්ම ශක්තිය තියනවා.

:       2       234

ලැවොයිසයර් Thursday, 28 November 2019 09:44 AM

පතෝල ගතිපැවැතුම් ඇති උදවියත් නායකත්වයට සුදුසු වූ රටක මෙවැනි පෞරුෂයක් තියෙන අඩුවයසේ කෙනෙක් සුදුසු නැතැයි කියන්නේ කොහොමද? අඩු වයස, හැදියාව, කල්ක්‍රියාව, අරමුණ, මේ ආදි කාරණා රාශියක් සලකලා බලලා දැන් ඉඳන්ම සජිත් වගේ කෙනකු අනාගතය සඳහා සූදානම් කිරීමයි සුදුසු... රනිල් වැනි කෘතහස්ත, ජාත්‍යන්තර පුද්ගලයින්ටත් පක්ෂයේ වැදගත් භූමිකාවක් පවතින විදිහට පක්ෂය තුළ අවශ්‍ය නීතිරීති සකසා ගත යුතුයි...

:       4       105

චන්න Thursday, 28 November 2019 09:45 AM

රනිල් මහතා 2025 මැතිවරණය අවසාන වන තෙක් විපක්ෂ නායකත්වයේ සිට 2030 අවසානයේ විශ්‍රාම ගත යුතුයි. මෙතරම් අත්දැකීම් අැති විපක්ෂ නායකයකු එජාපයේ නැත..

:       882       112

lalithmThursday, 28 November 2019 10:14 AM

හැරමිටියෙන් යන සීයලට දේශපාලනය තියා තමන්ගේ පරිවෘත්තිය ක්‍රියාවත් පාලනය කර ගන්න බැහැ. දැන් රනිල් අවුරුදු 70... ඔය කරලා තියෙන හරිය හොඳටම ඇති. ගෙදර ගියොත් තමන්ට වගේම රටටත් හොඳයි.

:       1       534

අනුෂ Thursday, 28 November 2019 09:51 AM

මෙවැනි පොරයක් ඇතිවෙන බව අපි දැන සිටියේ මැතිවරණයටත් කලින්...

:       0       120

saliya Thursday, 28 November 2019 10:26 AM

එකමුතු වී, නව රජයේ අඩුපාඩු ගැන ජනතාව දැනුවත් කිරීමයි යුතුකම. සජිත් තම සතුරා ලෙස ගන්නේ රනිල්වයි. කවුරු මේ මොහොතේ ඔය පට්ටම ගත්තාට වැඩක් නැහැ... රජය විවේචනය කරන්න කොන්දක් නැත්නම්. දක්ෂ උගතෙකුට තැන දී දෙන්නාම පසු බැසිය යුතුයි.

:       12       3

Wimal weerasena Thursday, 28 November 2019 10:29 AM

පක්ෂය විනාශ කරන්න අාපු කෙනෙක් නායකත්වය ගන්න ඉස්සෙල්ලා තමාගේ ආසනය ජයගන්න.

:       0       333

Nimal Thursday, 28 November 2019 10:39 AM

ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වනු ඇති බව අපි විශ්වාස කරමු.

:       0       2

sigithi Thursday, 28 November 2019 10:41 AM

ඇත් පොරයට අපි යවමු. දෙන්නම තකට තකයි. බල තණ්හාවෙන් මත් වුණු දෙන්නෙක්....

:       0       1

Nandalal DE SILVA - France Thursday, 28 November 2019 11:22 AM

මගේ ආච්චි කියනවා මේක මාර "බලු පොරයක්" වගේ කියලා. උන්දැ වැරදි නැහැ කියා සීයා ඒකට අගුල්පත් තබනවා..! සජිත් අති විශාල ඡන්ද සංඛ්‍යාවකින් ජනපති තරගයෙන් විසිවී ගියා. ඔහු ඉන් පසුව කරු, රනිල් සමග තිබුණු රැස්විමටවත් ආවේ නැහැ, පරාජයේ ලැජ්ජාව නිසා වෙන්න ඇති එහෙම වුනේ. ඔහු කෙලින් අදහස් ප්‍රකාශ නොකරන කෙනෙක් බව මැතිවරණ වේදිකාවලත්, ඊට පෙර හිටපු ජනපතිට කත් ඇදපු, කඩේ ගියපු චරිතයක් හැටියටත් එජාප සාමාජිකයන් මෙන්ම සමස්ත රටවැසියනුත් අවිවාදයෙන් පිළිගන්නා කරුණක් බව ඔහුට තවම තේරී නැහැ වගෙයි ! ඔහුම කිවූ පරිදි දැන් දිවියන් ගැන සොයමින්, රට ගැනත්, විපක්ෂ නායකත්වය ගැනත් වසර කිහිපයකට අමතක කර කැලෑ වදින එක හොඳයි කියන එක අපේ මතයයි...

:       0       6

බද්රානි Thursday, 28 November 2019 11:35 AM

මොකටද අපේ රටට විපක්ෂයක්. නිකම් බොරුවට ජනතාව කුල්මත් කරන්න දෙපැත්තට බෙදිලා බැන ගන්නවා නරඹන්නද? එදා රජවරු මේ රට පාලනය කළ යුගයේ විපක්ෂ තිබුණද? සුද්දන්ගේ ඔය කසිකබල් ප්‍රජාතන්ත්‍ර වාදයෙන් මිදී, එදා පැවැති රාජාණ්ඩු පාලන ක්‍රමය මේ රටේ නැවත ස්ථාපිත කළ යුතුයි. ඒ තුළින් බුදු දහමත් රැකෙනවා. අපිට ඊට වඩා කිසිවක් අවශ්‍ය නැත.

:       53       108

janis Thursday, 28 November 2019 11:40 AM

පැරදුණු එකේ දැන්වත් රනිල් මහතා සමග සමගියෙන් ඊළඟට පක්ෂයේ අනාගතය ගැන කටයුතු කිරීම නේද වැදහත්...? ඔබ පැරදුණු බව ඔබ නොදන්නා නමුත් සියල්ලන්ම දනිති. එහෙත් ඔබ එ් අයගේ උසිගැන්වීම මත බලයට පොරකන්න එපා. අපිට ලැජ්ජයි...

:       0       85

gobbaya Thursday, 28 November 2019 11:47 AM

බඩේ අමාරුව හොඳයිද?

:       0       45

සමන්ත Thursday, 28 November 2019 12:17 PM

සජිත් යනු නායකත්ව ලක්‍ෂන හෝ සුදුසුකම් නැති, දුෂ්කර අවස්ථාවක රට මෙහෙයවිය නොහැකි, දක්‍ෂ පුද්ගලයෙකු නොවේ. ඔහු අනුගාමිකයෙකි. ඒ බව ජනාධිපතිවරනයේදී තහවුරු විය. කාගේ වුවමනාවට ඔහු සහ ඔහුගේ අපාය සහාය මිත්‍රයින් පක්‍ෂය තුළ ප්‍රශ්න ඇති කරන්නේද යන්න ප්‍රශ්නයකි. නායකත්වයට ගෙන ආ යුත්තේ චම්පික වැනි පුද්ගලයෙකු මිස ජෝකරයෙක් නොවේ.

:       0       5

Adam Thursday, 28 November 2019 12:48 PM

සජිත්ට හොඳ එන්ජිමක් තියෙනවලු... එ් වුණාට පිස්ටන් එක හිරවෙලා වැඩ කරන්නේ නැතිලු... ඒක නිසා හොඳට වැඩකරන එන්ජිමක් තියෙන කාවහරි හොයා ගනිමු. එහෙම නැති වුණොත් ඉවරයි තමයි.

:       0       116

chandima Thursday, 28 November 2019 07:26 PM

පව් අනේ පිටිපස්සේ අාසනෙක ඉඳගන්න ලැජ්ජා ඇතිනේ? අන්තිම කාලේ සම්මන්ත්‍රණයක් තියලා කමිටුවල් දාලා, ඉස්සරහ පෙලේ ඉඳගෙන ඉන්න දෙන්න...

:       0       0

chandima Thursday, 28 November 2019 07:39 PM

මේ වගේ වෙන බව දන්නා නිසානේ කල් ඇතිව දුර දිග බලලා බටයාව මහලේකම් කමට දාගත්තේ.... ප්‍රජතන්ත්‍රවාදේ පියා කියනවා නේද? බලමු පක්ෂයේ මහලේකම් කමට හරි, පක්ෂ නායකත්වයට හරි, සුදුස්සෙක්ව පත් කරන්න පක්ෂ සාමාජිකයින්ගේ කැමැත්ත විමසයිද කියලා? ඉදිරියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනාවා නම්, පක්ෂ නායකත්වයට සහ පක්ෂයේ ඉහළ තනතුරුවලට සුදුස්සන් තොරා ගැනීමට පක්ෂයේ සාමාජිකයින්ට අඩු තරමින් වසරක් තුළවත් ප්‍රාථමික මැතිවරණ පැවැත්වූ පක්ෂවලට පමණක් හැකිවන පරිදි සංශෝධන ඇතුළත් කිරීමටත් ජනමතය විමසිය යුතු වනවා. ඒ වගේම යටිකූට්ටු ලෙස විධායක බලය පවරා ගැනීමට නොහැකි වන පරිදි සෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසකටම ජනමතය විමසීම අනිවාර්ය වන සංශෝධනද ඇතුළත් කළයුතු වෙනවා. එසේ නොමැතිව ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් මැතිවරණයෙන් ලැබෙන්නේ නැහැ. එමගින් ජනමතයට නැතිනම් පක්ෂ සාමාජික මතයට පිටුප පක්ෂ නායකත්වයේ එල්ලී සිටින කූඩැල්ලන්ට තවත් එ්කාධිපතියන් ලෙස පක්ෂ තුළ හැසිරීමට නොහැකි වෙනවා. එම ප්‍රාථමික මැතිවරණ ඇමෙරිකාවේ මෙන් මැතිවරණ කොමිසම හරහා රට පුරා පැවැත්විය යුතු වෙනවා.

:       0       0

chandima Thursday, 28 November 2019 09:00 PM

සබන් වතුර හරි ලුණු වතුර හරි දැම්මොත් නම් කූඩැල්ලෝ හැලෙනවා කියලා මම අහලා තියෙනවා.

:       0       0

ආනන්ද Friday, 29 November 2019 12:40 AM

සජිත් අසාර්ථකයි. ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රචාරක කටයුතු මෙහෙයවු සියළුම දිස්ත්‍රික්කවලින් එජාපය පැරදුනා! රනිල් මෙහෙයවපු උතුරු නැගෙනහිරින් දිනුවා! රට නංවන තාත්වික ආර්ථික යෝජනා ඉදිරිපත් කිරීමට සජිත් අසමත් වුනා!! ඡන්ද රැස්වීම් වලදී සජිත් විසින් ගැලරියට ආමාන්ත්‍රණය කිරීමෙන් ප්‍රතිපලයක් නැති බව මනාව පෙන්නුම් කලා. අධ්‍යාපන සුදුසුකම් ගත්තහම සජිත්ට, රනිල්ගේ අසලකින්වත් සිටිය නොහැක. රනිල්ගේ දේශපාලන උපායශීලීත්වය ප්‍රගුණ කිරීමට සජිත්ට තව වසර ගණනාවක් යාවි. විපක්ෂ නායක දූධූරයට පත් කල යුත්තේ දක්ෂිණ ආසියානු හා සංවර්ධිත බටහිර රාජ්‍යයන්ගේ හැසීරීම් රටාවන් පිළිබඳ මනාවබෝධයකින් යුතු කෘත හස්ත දේශපාලනඥයෙකුයි. එහෙයින් සජිත්ව මෙම තනතුර සඳහා පත් කලහොත් එය දෙවන ජනාධිපතිවරණ පරාජයක් වේවි!!

:       0       42

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1795 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1998 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1420 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 289 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 780 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 578 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2111 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site