IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘විපක්ෂ නායක ගැන හමුදාවෙන් පැමිණිලි කළේ නෑ‘

විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතා යුද හමුදා කඳවුරකට බලෙන් ඇතුළු වූ බවට යුද හමුදාවෙන් පොලිසියට පැමිණිල්ලක් කර නැතැයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා අද (27) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

ඔහු කඳවුරට ගිය පසු හමුදා ප්‍රධානියෙක් ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති සමග දුරකතනයෙන් සාකච්ඡා කර තිබූ බවත්, ප්‍රභූවරයා නොදන්වා පැමිණියහොත් ඇතැම් විට ඔහු යුද හමුදා ක්‍රියාවලියේදී ඔහු අපහසුතාවට පත් විය හැකි බවත් ජයවීර මහතා කීවේය.

සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කීවේ මෙය ප්‍රායෝගික ගැටළුවක් බවයි. සම්බන්දන් මහතා කඳවුරට යෑම ප්‍රභාකරන් කඳවුරට යෑම සේ නොලසකන ලෙස ද ඇමැතිවරයා කීවේය. යුද හමුදා කඳවුරුවලට ප්‍රභූවරුන් ගිය විට ඔවුනට හොඳට සලකන බවත්, හදිසියේ ගියහොත් එලෙස සැලකීමට නොහැකි වී ප්‍රභූවරයා අපහසුතාවට පත් වීමට ඉඩ ඇති බවත්, වෙන ගැටළුවක් ඇති වී නැති බවත් සේනාරත්න මහතා කීවේය.

aaaa sss



අදහස් (0)

‘විපක්ෂ නායක ගැන හමුදාවෙන් පැමිණිලි කළේ නෑ‘

සිසිර Wednesday, 27 April 2016 05:00 PM

ඇයි එහෙම සිද්ධි වෙනකන් බලන් ඉන්නේ.(හේ)

:       0       0

සුසන්ත Thursday, 28 April 2016 06:55 AM

මට මතක් වෙන්නෙම 2002-04, හමුදාව බැඳලා හිරකරලා තිබ්බ කාලෙ. (අ)

:       0       0

දුමින්ද Thursday, 28 April 2016 07:35 AM

කොන්දක් අවශ්‍යයි (අ)

:       0       0

ටෙරන්ස් Wednesday, 27 April 2016 10:52 PM

මේවාට මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 27 April 2016 11:06 PM

ත්‍රස්ත නායකයාට “මැතිතුමා“ කී අයත් අපි අතරම හිටියනේ! (නි)

:       0       0

සිරිමල් Thursday, 28 April 2016 08:02 AM

දැන් මෙවෙනි දේවල් වෙන එක පුදුමයක් නොවේ (හේ)

:       0       0

කුමාර Wednesday, 27 April 2016 11:28 PM

සමහර කට්ටියට නම් හරි හිනා. අනේ අපේ හමුදාවට ගිය කලක්! (නි)

:       0       0

සමන්ත Thursday, 28 April 2016 12:03 AM

ජනතා සේවකයෝ කියලා එන්නේ. දැන් ඒගොල්ලෝම ඒගොල්ලන්ට ප්‍රභූවරුන් කියා ගන්නවා. මිනිසුන්ගේ සල්ලි වලින් කෝටි ගණන් වටිනා වාහන පර්මිට් ගන්න නිසා වෙන්න ඇති. (නි)

:       0       0

ටිකිරි Thursday, 28 April 2016 01:13 AM

මේ වෙනකොට ප්‍රභාකරනුත් හිටියා නම් ප්‍රභූවරයෙක් කියලා කියන කට්ටිය හිටියි (නි)

:       0       0

නිමල් ලලිත Thursday, 28 April 2016 01:39 AM

එතකොට අපි බලෙන් ගියත් මෙහෙමද සළකන්නේ? අහෝ! යුද්ධයට,කොටියාට මුහුණදුන් රණවිරුවන්ට ගිය කල! (නි)

:       0       0

කරුණාරත්න Thursday, 28 April 2016 01:42 AM

මේ ඊයේ පෙරේදා දවසක රජයේ නාලිකාවකට ආ එක්තරා දේශපාලකතුමෙක් නම් කිව්වා වගේ මතකයි පොලිසියට පැමිණිල්ලක් දාලා තියෙනවා කියලා. (නි)

:       0       0

සඳරුවන් Thursday, 28 April 2016 01:44 AM

මට පහුගිය කාලේ අර කෙනෙක් ගස්බැඳගත් කතාව මතක්වුණා (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 28 April 2016 01:52 AM

මේ කතා අහනකොට හමුදාව ගැන අපිට කණගාටුවක් ඇතිවෙනවා නේද? මුරපොළ අසළදී ප්‍රශ්න නොකර ඇයි ඇතුළට අනවසරයෙන් යන්න දුන්නේ? (නි)

:       0       0

නාමල් Thursday, 28 April 2016 02:23 AM

තමන් තමන්ටම ප්‍රභූවරුන් කියා ගන්නවා.අනේ මේවාගේ අය නේද අපි ජනතා සේවයට පත් කරගත්තේ (ම)

:       0       0

රාජිත Thursday, 28 April 2016 02:31 AM

අනේද කියන්නේ සමන්ත, මේගොල්ලන්ගේ වාහන පර්මිට් පිටරට සවාරිවලට සල්ලි ඕන හින්ද වැට් වැඩි කරලා අපිට කියයි සීනි ඇගට හොද නැති නිසා සීනි මිල වැඩි කළා කියල. මිනිස්සු කන්ඩ නැතුව අපා දුක් විදිනවා. රටේ 50% ක් විතර ඌන පෝෂණයෙන් පෙළෙනවා. ගොඩක් මිනිස්සුන්ට බත් පත ගන්න සල්ලි නැහැ. පොඩ්ඩක් දුෂ්කර පළාත්වලට ගිහින් බලන්න මිනිස්සු විදින දුක. සීනි ග්රෑම් 100, තේකොල ග්රෑම් 50 ඔහොම තමයි මිනිස්සු බඩු ගන්නේ. මෙහෙම 226 කට වාහන පර්මිට් දෙන්න මිනිස්සු දහ දුක් විදින එක කොච්චර අසාධාරණද? මෝඩ මිනිස්සු ටිකක් අල්ලාගෙන මේ දෙස්පාලුවෝ දෙපැත්තට හුරේ දාගෙන ඉන්නවා. (බ)

:       0       0

පීරිස් Thursday, 28 April 2016 02:48 AM

ප්‍රශ්නය තියෙන්නේ, දුක තියෙන්නේ, අපේ හමුදාවට සම්බන්ධන් ආවේලාවේ කිරිබත් කෑල්ලක් කන්න දීල හොඳට සලකන්න බැරි උනානේ. අපේ හමුදාවට ගිය කලක්? (බ)

:       0       0

දිලුම් Thursday, 28 April 2016 03:05 AM

යහපාලන ආණ්ඩුව අපේ යුධ හමුදාවෙත් කොන්ද කඩල වගේ මට පේන්නේ. රාජිතනම් ඉතිං කොහොමත් බොරුනේ කියන්නේ. (බ)

:       0       0

සමන් Thursday, 28 April 2016 03:27 AM

එහෙනම් දැන් පැමිණිලි කරන්න. (ර)

:       0       0

සුනිල් Thursday, 28 April 2016 04:09 AM

මට හිතෙනවා හමුදාව කළ දේ හරි. බැරිවෙලාවත් යන්න නොදුන්නා නම් මේ ආණ්ඩුව එ්කටත් හමුදාවට දොස් පවරනවා. හමුදාව පාලනය කරන්නේ ආණ්ඩුව විසින් මිසක්, හමුදාව විසින් ආණ්ඩුව පාලනය කරන්නේ නැත. වැල යන අතට මැස්ස ගහන එක දෙන කරන්න වෙලා තියෙන්නේ. අපේ රට ගෙන හරි දුකක් දැනෙනවා (බ)

:       0       0

ඉසුරන්දි Thursday, 28 April 2016 04:26 AM

ඔන්න තවත් දුස්රා පන්දුවක්.මේ ඔක්කොම එවුන්ට මම දන්නේ නැහැ මට මතක නැති ලෙඩේ තමයි බෝ වෙලා තියෙන්නේ.(බ)

:       0       0

ඉන්දු Thursday, 28 April 2016 04:36 AM

දැන් හමුදා ප්‍රකාශක මහත්තයත් පෙත්තප්පු කෙනෙක් වෙලාද..(බ)

:       0       0

අසංග Thursday, 28 April 2016 05:26 AM

පැමිණිලි නොකරන්නේ කරලා වැඩක් නැති නිසා කියලා තේරෙන්නේ නැද්ද.(හේ)

:       0       0

ජයරත්න Thursday, 28 April 2016 05:39 AM

මේක මහ පුදුම කතාවක්. හමුදා කදවුරකට කෙනෙක් බලෙන් ඇතුලු වුවහොත් හමුදාව කළ යුත්තේ පොලීසියට ගොස් පැමිණිලි කිරීමද? හමුදාවට බලයක් හෝ ශක්තියක් නැත්ද කදවුර ආරක්ෂා කරගන්න.(හේ)

:       0       0

රත්නායක ආරච්චිගේ Thursday, 28 April 2016 05:57 AM

2002 දීත් අපට මතකයි සාම ගිවිසුම වෙලාවේ හමුදාවේ කොල්ලන්ට රෙද්ද උස්සල පස්ස පෙන්න්නුව ?එ්කේ 2 කොටස තමයි දැන් රග දක්ක්වෙන්නේ?හරිම කණගාටුයි (බ)

:       0       0

ඉම්රාන් සිද්ධික් Thursday, 28 April 2016 06:02 AM

සිංහල හමුදා කඳවුරකට ගිහිල්ලත්,මෙරෙන්නේ මෙතුව පණපිටින්ආ පු එකට සම්බන්ධන් මැතිතුමා හමුදාවට ස්තුතිවන්ත වෙන්න ඕනේ කියලද ඔය කියන්න එන්නේ? (බ)

:       0       0

ශෂික Wednesday, 27 April 2016 04:02 PM

ඔව් ඉතින්,,එපා කිව්වට පස්සේ මොන පැමිණිලිද කිව්වලු...(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1457 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1588 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1220 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1890 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 572 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 276 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38307 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25235 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site