IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


විපක්ෂ නායක සම්පන්දන්

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් විපක්ෂ නායක ලෙස පත්කිරීමට කථානායක කරු ජයසූරිය මහතා මීට සුළු මොහොතකට පෙර තීරණය කළේය.

නව පාර්ලිමේන්තුව අද (3) පෙරවරු 9.30ට දෙවැනි දිනට යළි රැස්විය.

රාජ වරෝදියන් සම්පන්ධන් 1933 පෙබරවාරි 5 වැනිදා උපන්නේය. ඔහු වෘත්තියෙන් නීතිඥවරයෙකි. ඔහු වසර 2001 සිට දෙමළ ජාතික සන්ධානයට නායකත්වය දෙයි. 1971 දී මුලින්ම පාර්ලිමේන්තුවට පත්විය.

යාපනයේ ශාන්ත පැට්‍රික් විදුහල කුරුණෑගල ශාන්ත ඈන්ස් විදුහල ත්‍රිකුණාමලයේ ශාන්ත ජෝසප් විදුහල හා මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ ආදි සිසුවෙකි. පාසල් අධ්‍යාපනයෙන් පසුව නීති විද්‍යාලයට බැඳී නීතිඥවරයෙක් විය.

ත්‍රිකුණාමල උසාවියේ නීතිඥවරයකු වශයෙන් කටයුතු කරයි. 1956 සිට ෆෙඩරල් පක්ෂයේ සාමාජිකයෙකි. සම්පන්දන් 2004/2010 හා 2015 ඡන්ද ජයගත්තේය.

ලීලා දේවි මහත්මිය සමඟ විවාහ වූ ඔහු පුතුන් දෙදෙනකු හා දියණියකගේ පියෙකි. 

මීට පෙර දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අප්පාපිල්ලේ අමිර්තලිංගම් 1977 සිට 1983 දක්වා විපක්ෂ නායක ධූරයේ කටයුතු කළේය.



අදහස් (0)

විපක්ෂ නායක සම්පන්දන්

නමිල Thursday, 03 September 2015 02:14 PM

හොඳ තීරණයක්.සිංහල දෙමළ අපි දෙගොල්ලොම මේ තීරණය ආත්මාර්ථකාමී ඇසෙන් බලන්න එපා. අපි එකමුතුව මේ අපේ රට ගොඩනඟමු. (නි)

:       0       0

ටෙෂාන් Thursday, 03 September 2015 08:19 AM

මෙතුමාට ජය ශ්‍රී! (නි)

:       0       0

උපේක Thursday, 03 September 2015 02:22 PM

සුබ පැතුම් අපෙන්! (නි)

:       0       0

චතුර Thursday, 03 September 2015 02:22 PM

මතක තියාගන්න දැන් එතුමා බොරුවක් කිව්වත් ඇත්තක් කිව්වත් ලෝකය පිළිගන්නවා. මොකද ඒක කියන්නේ විපක්ෂ නායක. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 03 September 2015 08:27 AM

විපක්ෂ නායක කමට හිටපු ඒකාධිපතිය නැතිව කව්රු ආවත් කමක් නැහැ.(ම)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 03 September 2015 08:29 AM

අහවලාගේ අන්තිම තුරුම්බුවත් සුනේ සුන්.හරිම සතුටුයි. (බ)

:       0       0

විජිත Thursday, 03 September 2015 08:30 AM

රුවන්ට පිස්සු එකමුතු වැඩිනිසා ඔක්කොම ඒක පක්ෂෙක විපක්සෙ නැති උනේ මේවාට මෛත්‍රී වගකිව යුතුයි (බ)

:       0       0

ඉෂාන්ක Thursday, 03 September 2015 02:36 PM

බොහොම හොඳයි. සුබ පැතුම්! (නි)

:       0       0

සොපී Thursday, 03 September 2015 08:31 AM

වතුර නටනකල් කකුළුවෝ දිය කෙළියි .කවදා හෝ ඉතිරිවනුයේ කලකිරීම පමණි (බ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 03 September 2015 08:31 AM

අහවලා විපක්ෂ නායකයා වුනානම් ඒ බලතල යොදල දැනට කෙරීගෙන යන පරීක්ෂණත් "අංජ බජල්" කරන්න ඉඩ තිබුන.දැන් ඉතින් දෙවියනේ කියල සියලු පරීක්ෂණ විධිමත්ව කර ගන්න ලැබේවි. (බ)

:       0       0

සොපී Thursday, 03 September 2015 08:32 AM

ගෝනි නැතුව කරේ යයි (බ)

:       0       0

සඳුන් Thursday, 03 September 2015 04:29 AM

විපක්ෂ නායකයා යනු ආණ්ඩු පක්ෂයට ප්‍රතිවිරුද්ධව සිටින ප්‍රබලම පුද්ගලයා වේ. යහපාලනය සැමවිටම අගය කළයුතු වුවත් සිංහලයාට ලංකාව මිස ලොව වෙන රටක් නැති බව සිතිය යුතුද වන්නේය. (නි)

:       0       0

තිසා Thursday, 03 September 2015 08:33 AM

චම්පික ,රතන හිමි, ආසයි ඔබලාගේ අදහස් දැන ගන්න (බ)

:       0       0

රොහාන් Thursday, 03 September 2015 08:37 AM

ඔය වලිගය .මාස 60 අලුත් රටක්නේ ..කැමැති නිසානේ අලියට කතිරේ ගැහුවේ (බ)

:       0       0

චින්තක Thursday, 03 September 2015 08:46 AM

විපක්ෂය නියෝජනය කරන උදය ගම්මන්පිල වගේ මහින්ද පිලේ අය දැන් නිහඬ මොකද? ඇයි ඒගොල්ලෝ විපක්ෂ නායකකම ඉල්ලුවේ නැත්තේ? කරු මහත්තයා මෙයාට දුන්නේ විපක්ෂයේ වෙන කවුරුත් ඉල්ලපු නැති නිසාලු. ඇයි මහින්ද පිලේ අයට සම්පන්දන්ව විපක්ෂ නායක කරන්න ඕනෑ වුණේ? (ම)

:       0       0

අනුරුද්ධ Thursday, 03 September 2015 08:49 AM

මහින්ද පිලෙන් විපක්ෂ නායක කෙනෙක් නම් නොකළේ සම්පන්දන් විපක්ෂ නායක කරන්න හිතා ගෙනේ. අද මට මහින්ද පිලත් එපාම වුණා.(ම)

:       0       0

ආර්. සම්පත් Thursday, 03 September 2015 04:56 AM

දැන් ඉතින් බලාගෙන ඉන්නකෝ කොයි කවුරුත්. අඩුවට තිබුනේ මෙච්චරනේ නේද? (නි)

:       0       0

අතුල Thursday, 03 September 2015 08:50 AM

ඉතාමත් කාලෝචිත සහ නිවැරදි තීරණයක්.(ම)

:       0       0

වසන්ජය Thursday, 03 September 2015 04:57 AM

මේ පෙරනිමිති පහළ වන්නේ කුමක් සම්බන්ධයෙන්ද? (නි)

:       0       0

පද්මිණී Thursday, 03 September 2015 05:05 AM

ප්‍රජාතන්ත්‍රවාදය යනු මෙයයි.ආණ්ඩුවයි , විපක්ෂයයි දෙකම බදාගන්න බැහැ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 03 September 2015 08:53 AM

රාජපක්ෂවරුන්ගේ අන්තිම තුරුම්පුවත් ඉවරයි.එවරෙටම එවරයි.(ම)

:       0       0

රොහණ Thursday, 03 September 2015 08:56 AM

අපක්ෂපාති සාධාරණ තීන්දුවක් ! සම්පන්දන් මහත්තයාට සුබ පැතුම්! (ම)

:       0       0

ශාන්ත Thursday, 03 September 2015 08:57 AM

රුවන් ගේ අදහස අනුමත කරමි. එයම තමයි සත්‍යය.(හේ)

:       0       0

අර්ජුන Thursday, 03 September 2015 08:58 AM

අපේ විපක්ෂේ හිටපු මහින්ද පිලේ අය මොකද කාවවත් යෝජනා කලේ නැත්තේ ?(හේ)

:       0       0

නඳුන් Thursday, 03 September 2015 08:58 AM

හොද තීරණයක්.(හේ)

:       0       0

සිල්වා Thursday, 03 September 2015 09:06 AM

ඉතා හොද වැඩක් බලමු මෙතුමා වගකීම් කොහොමද ඉටු කරන්නේ දැන් ඔහු සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විපක්ෂ නායක දැන් ඔහුට එක පිලකට වැඩ කරන්න බැහැ ඔහු පෙනී සිටය යුතුයි සිංහල දෙමල මුස්ලිම් බර්ගර් යන හැම කෙනා වෙනුවෙන් සුබ පතනවා හොදින් වැඩ කරගෙන යන්න.(හේ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 03 September 2015 09:06 AM

වෙනසකටත් එක්ක ඒක හොදයි.(හේ)

:       0       0

තිලක් Thursday, 03 September 2015 09:08 AM

දැන් සිද්ධ වෙන දේ ගැන හිතා ගන්න බෑ.(හේ)

:       0       0

රුවන් Thursday, 03 September 2015 09:09 AM

දැන් ටී එන් ඒ එකට රට තුල සහ ජාත්‍යන්තරයේ විශාල හඬක් නගන්න පුළුවනි.(හේ)

:       0       0

ජානකි Thursday, 03 September 2015 09:18 AM

පුදුම සතුටක‍් දැනෙනවා. මේ තරං ඉක්‍මනට.......(ම)

:       0       0

චමින්ද Thursday, 03 September 2015 09:19 AM

තිලක් - ධුබයි රාජපක්ෂ වරු නැති කරන්න ගිහින් රටම නැති වුණා එක ගැන සතුටු වෙන්න (ම)

:       0       0

සිසිර Thursday, 03 September 2015 09:27 AM

අනේ මන්ද මටනම් අපි ගැනම දුකයි (ම)

:       0       0

සුරේෂ් Thursday, 03 September 2015 09:29 AM

කතානායක ට රටේ විනාසය කර දිය නොහැක මේ සිංහලයන්ගේ රටේ (ම)

:       0       0

ගාමිණී Thursday, 03 September 2015 09:30 AM

ඇමරිකාවේ ජනාධිපති කළු ජාතිකයෙක් වුණාට ඇමරිකන් පුරවැසියෙක්. සම්පන්දන් දෙමළ වුණාට ලාංකියෙක්. එකතුවෙමු රට හදමු. ජාතිවාදය නම් කොයි ආකාරයෙන් වත් එපා.(ම)

:       0       0

ඩයස් Thursday, 03 September 2015 09:32 AM

ගම්මන්පිල මහතාගේ අලුත් පක්ෂය හදලා, විරුද්ද පක්ෂයේ නායක්කම වාසුට දෙමු. (ම)

:       0       0

නුවන් Thursday, 03 September 2015 09:42 AM

දෙමල හෝ මුස්ලිම් කෙනෙක් රටේ විපක්ෂනායක නෙමේ අගමැති වුණත් ප්‍රශ්නයක් නැහැ ගැටලුව තිබෙන්නේ එම පුද්ගලයා පෙනී සිටින ප්‍රතිපත්තියයි. සම්පන්දන් මහතා හැම විටම පෙනී සිටින්නේ දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් එයයි මෙතන තිබෙන ගැටලුව, (ම)

:       0       0

නිමන්තික ලක්මාලි ගුණරත්න Thursday, 03 September 2015 09:47 AM

කවුරු කොහොම කිව්වත් විපක්ෂ නායක තේරීම හරි. ජනාධිපති තුමා ඇති කරන ලද නියම ප්‍රජාතන්ත්‍රවාදය මෙයයි (ම)

:       0       0

නිමල් Thursday, 03 September 2015 06:04 AM

සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා. රටකට යන කල (ම)

:       0       0

දිමුතු Thursday, 03 September 2015 06:07 AM

මෙහෙම තමයි වෙන්න ඕනෑ. හො‍ඳ වැඩේ අපේ අයට (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 03 September 2015 06:32 AM

අසුබවාදීව හිතන්න එපා හැමවිටම. තැනක් දීලා බලමු, ඊටපස්සෙවත් රට ගැන හිතලා වැඩක් කරාවිද කියලා.මොකද ඒ අයත් මහජන ඡන්දෙන් තේරීපත්වුණ අයනේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 03 September 2015 10:17 AM

ප්‍රජතන්ත්රයට ගරු කරන පුර වැසියෙකු හැටියට පළමුව ප්‍රජාතන්ත්‍රවාදිව පාර්ලිමේන්තුවට පත් වූ විපක්ස නායක ආර්. සම්පන්දන් මහතාට මගේ උණුසුම් සුබපැතුම් , (ම)

:       0       0

චතුර Thursday, 03 September 2015 10:27 AM

අපේ අය මෙතන සමාන අයිතිවාසිකම් ගැන කතා කරනවා. සිංහලයා එහෙම වුණාට වෙන කිසිම ජාතියක් එහෙම කරන් නෑ කියල මතක තියා ගන්න. (ම)

:       0       0

සමන්ති Friday, 04 September 2015 12:18 AM

දැන් හිතෙනවා අපේ ගලබොඩ අත්තේ ඥානසාර හාමුදුරුවෝ පරාදවුණේ අපේ කරුමෙට කියලා (නි)

:       0       0

සෑම් Thursday, 03 September 2015 07:23 AM

ඇත්තටම වෙන කෙනෙක් නැද්ද විපක්ෂයේ? නියමයිනේ! ජනතාව ගොඩ! (නි)

:       0       0

ධම්ම Thursday, 03 September 2015 07:43 AM

දෙමළ ජාතික සන්ධානයට ජයවේවා! (හේ)

:       0       0

දිලිප් Thursday, 03 September 2015 07:44 AM

ජාතිවාදයට තිත තැබිය යුතුය. ජනමතයට හා යහපාලනයට අනුව කටයුතු කිරීමට සැවොම එක්විය යුතුය. ලද අවස්ථාව පටු පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමට භාවිත නොකළ යුතුය. ජාත්‍යන්තරය හමුවේ නැඟී සිටීමට මෙය අවියක් කරගත යුතුය. (නි)

:       0       0

කපිල Thursday, 03 September 2015 07:45 AM

ශ්‍රී ලාංකිකයින්ට අන්තිමේදී විපක්ෂයත් නැතිවුණා (නි)

:       0       0

ඉසුරු Thursday, 03 September 2015 07:45 AM

අයියෝ අපේ ඡන්දේ! (නි)

:       0       0

එඩ්වඩ් Thursday, 03 September 2015 07:49 AM

මදැයි අපි කරගත් දෙයක්! (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Thursday, 03 September 2015 07:50 AM

ඇයි ඉතින් අර පැත්තේ හිටපු ගොඩක් දෙනා ඇමතිකම් ගන්න ආණ්ඩුවට ගියානේ... (නි)

:       0       0

ෆෙරෝස් Thursday, 03 September 2015 07:53 AM

දැන් හරිනේ. වුණ දේ දැක්කනේ, මහා ලොකු කතා දාපු අයට. අපිට තියෙන්නේ ලංකාව විතරයි. සිහළුන් ගැන එපාවෙන්නේ ඕක නිසයි. ආපහු නැගිටලා බලන්න. තවම පරක්කු නැහැ. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 03 September 2015 07:54 AM

අපි ඔවුන් ගැන හිතුවාට ඔවුන් අපි ගැන සිතයිද? (නි)

:       0       0

නි.වීරසිංහ Thursday, 03 September 2015 08:00 AM

පළමුව සම්බන්දන් මහතාට සුබපතමි. මා ජාතිවාදියෙකුවත් ආගම්වාදියෙකුවත් නොවෙමි.ජාතියත් ආගමත් ලැබුනේ මිනිසෙකුවී උපන් පසුය.එබැවින් සැමදෙනාම මිනිසුන් ලෙස මානව අවශ්‍යතා වැඩිදියුණු කිරීම සදහා කටයුතු කළයුතුය. විපක්ෂ නායක ධූරය ලැබිම එය ඉටුකරලීමට හොඳ අවස්ථාවකි. (නි)

:       0       0

නුවන් Thursday, 03 September 2015 08:01 AM

පද්මිණී, කන්න ඕනෑ වෙනකොට කබරයත් තලග‍ොයා වෙනවා කියන්නෙ මේවට තමයි (නි)

:       0       0

දනන්ජය බණ්ඩාර Thursday, 03 September 2015 08:03 AM

සිංහල විපක්ෂයකට වැඩ දමිළ විපක්ෂයක් ලංකාවට වටිනවා. සිංහල එකමුතුව සමඟ දමිළ විපක්ෂය මව්රට පෙරට ගෙනයනු ඇතැයි මම සිතනවා. (නි)

:       0       0

ශක්ති Thursday, 03 September 2015 08:03 AM

සදුන් ,වසන්ජය ,පාර්ලිමේන්තුවේදී සන්ධානයෙන් විපක්ෂ නායක ලෙස කාව නම් කළේදැයි සොයාබලා අදහස් ලියන්න. (නි)

:       0       0

සනත් ඉන්දික Thursday, 03 September 2015 08:10 AM

සන්දානයට ආණ්ඩුවද නැතිවිය විපක්ෂයද නැතිවිය 62 ලක්ෂයක ඡන්දයෙන් 47 ලක්ෂයක ඡන්දය පාගා සුනුවිසුනුකර 543944 ඡන්ද ද ගණන් නොගෙන 515963 ලබාගත් සම්පන්දන් රජකර ඇත. මැතිවරණයට පෙර සම්පන්දන් කියූ ලෙසම ඔහු රජුන් තනා යුවරජු වී ඇත මෙයට සම්පුර්ණයෙන් මෛත්‍රී රනිල් රතන හිමි චම්පික සමග ජනතා විමුක්ති පෙරමුන වගකිව යුතුය (බ)

:       0       0

විජිත Thursday, 03 September 2015 08:11 AM

කපිල විපක්ෂය නොවේ රටත් නැතිවනවා විපක්ෂ නායකයා තමා රටේ දෙවනිය ඊලග නායකයා හෙලු සිහලුනේ මෝඩකම වැඩිනිසා මුහුදට පැනපල්ලා (බ)

:       0       0

ක්‍රිෂාන්ත Thursday, 03 September 2015 08:12 AM

සම්පන්දන් මහත්තයාට සුබ පැතුම්! (නි)

:       0       0

ස්ටීව් Thursday, 03 September 2015 08:12 AM

මෙතන වැඩි හරියක් අදහස් දාලා තියෙන්නේ ජාතිවාදයට බර අය කියලයි මට හිතෙන්නේ. විපක්ෂ නායකතුමා දෙමළ කියලා එය ඉපදිලා තියෙන්නේ ලංකාවේ නෙමෙයිද? හැම ජාතියකට සම අයිතිවාසිකමක් දෙන්න ඕනෑ. එතකොටයි රටේ කිසිම ප්‍රශ්නයක් නැතුව සමගියෙන් සිටිය හැක්කේ (නි)

:       0       0

ශශික Thursday, 03 September 2015 08:13 AM

මේකටද අපි ඡන්දෙ දුන්නේ? මහින්ද මහත්තයෝ, දැන්වත් නැගිටින්නකෝ (නි)

:       0       0

රුවන් Thursday, 03 September 2015 08:14 AM

ඔයාල හිතට ගන්න ඕනෑ අපි සිංහල අය එකමුතු නැති බව. එහෙම එකමුතුවෙලා ඉන්නේ නැතුව අනිත් ජාතින් වලට දොස් කියන එක වැරදියි. අපි එකතු වුණොත් කාටවත් අපිට මොකුත් කරන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අපි හැමෝම එකට ඉන්න එක. අපි හැමෝම ලාංකිකයෝ. එහෙත් සිංහල අපි දැනගන්න ඕනෑ අපේ තැන රැකගන්න. එකමුතුවෙන්න හොඳම වෙලාව දැන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 754 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 673 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 143 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 949 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 198 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1152 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site