IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘විපතට පත්වූවන් වෙනුවෙන් කෝටි 15ක්‘

අධික වැසි සහ නායයෑම් හේතුවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා රුපියල් කෝටි 15ක මුදලක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

ස්වභාවික ආපදා සඳහා වූ ජාතික රක්‍ෂණාවරණ වැඩසටහන යටතේද රුපියල් කෝටි 2ක මුදලක් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයට ලබා දී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ    රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

ක්‍ෂණික ආපදා සහන සේවා සැපයීමේදී රක්‍ෂණ ක‍්‍රමය යටතේ දැනට ආවරණය නොවන කාරණා සම්බන්ධයෙන් සහන සැලසීමට අතිරේක ප‍්‍රතිපාදන වෙන්කරවා ගැනීමට අමාත්‍ය අනුර යාපා මහතා ඉදිරිපත් කළ යෝජනාවක්ද කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ බව ඇමති ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.      

මේ අතර වැස්සෙන් හා ගංවතුරෙන් පීඩාවට පත්වූවනට සහන සැලසීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බැවින් රාජ්‍ය සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව ස්වදේශ අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.

ජනපති හා අගමැති උපදෙස් පරිදි සහන සේවා කටයුතු සිදුකිරීමට රජය පියවර ගෙන ඇති බවද ඇමැතිවරයා කීය.

සහන කටයුතුවලදී ස්වදේශ අමාත්‍යංශයෙන් නිසි පරිදි සේවා ඉටු නොවන්නේ නම් 1905 අංකයට දැනුම් දෙන ලෙසද අමාත්‍යවරයා කියයි.



අදහස් (0)

‘විපතට පත්වූවන් වෙනුවෙන් කෝටි 15ක්‘

විපුල Thursday, 19 May 2016 03:14 AM

කෝටි 15 කින් මොනවා කරන්නද? ජනතාව මේ වෙනකොට මීට වඩා වියදම් කරලා ඇති සහනාධාර වලට. අනෙක මෙතරම් කල් ගියේ ඇයි? (නි)

:       0       0

නදීක Wednesday, 18 May 2016 12:08 PM

පීඩාවට පත් ජනතවට කඩිනමින් සහන සැලසිය යුතුය. (ර)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 18 May 2016 12:37 PM

මේකත් සුනාමි ආධාර මෙන් හොරුන්ගේ අතට පත් නොවී සුදුස්සන්ටම ලැබේවා! (බ)

:       0       0

අංගොඩ ලාල් Wednesday, 18 May 2016 01:30 PM

යුධ ජයග්‍රහණ සැමරුම් හා වෙසක් උත්සවය වෙනුවෙන් සුදානම් කරලා තියෙන රාජ්‍ය උත්සවවල වියදම් කපා දාල ඒ මුදල් අවතැන් වුවන්ට මුලික පහසුකම් සැලසීම සඳහා යොදවනවා නම් තවත් හොඳයි . (අ)

:       0       0

රොහාන් දයාදර Wednesday, 18 May 2016 02:09 PM

කෝටි 15..? රටේම විපතටපත් ජනතාවට සහන සලසන්න...? අර දියවන්නාවේ ඉන්න අයට ඩියුටි ෆ්‍රී කාර් වලට කියක් වෙන්කලාද...?(අ)

:       0       0

ෆසීර් Wednesday, 18 May 2016 02:12 PM

කෝටි 15ක්? අය්යෝ ඕකෙන් මොනවා කරන්න්නද? මේවට තමයි ආණ්ඩුවට වියදම් කරන්න බැරි. ලොකු උත්සව වලට නම් උඩ පැනගෙන දෙන්නේ. (බ)

:       0       0

ප්‍රියංකර Thursday, 19 May 2016 03:49 AM

මේකට මිලියන 150යි. ඒත් වාහන වලට? (නි)

:       0       0

නිම්මි Wednesday, 18 May 2016 03:14 PM

මුළු රටටම කෝටි . අගමැතිට කාර් ගන්න ඒවගේ හතර ගුණයක්. ඔන්න මහජන සේවය. (බ)

:       0       0

අතුල Wednesday, 18 May 2016 03:26 PM

ජනතාවට පිහිට වීම අපි කාගේත් වගකීම. (ර)

:       0       0

කොඩිතුවක්කු Wednesday, 18 May 2016 04:25 PM

ස්තුතියි ඉක්මනින් සහන සලසනවට. (ර)

:       0       0

රජිත් Thursday, 19 May 2016 06:25 AM

මිනිස්සු වානරයන්ගෙන් පැවතෙනවා කියලා ඉතිහාසයේ තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි මේ වගේ අවස්ථා. වඳුරොත් වැස්ස කාලෙට ගෙවල් හදන්න කතා වෙනවලු. වැස්ස ඉවරවුණාට පස්සේ මොකුත් මතක නැතිලු. 2015 ජනාධිපති මැතිවරණයට අාසන්නයේදීත් මෙවැනිම විපතක් සිදුවුණා. දේශපාලකයෝ කෝටිගණන් වියදම් කරලා පෝස්ටර් කටවුට් ගැහුවා. එ් වෙලේ අසරණ වූ මිනිසුන්ට බත් පැකට් එකක් ඇඳගන්න ඇඳුමක් දෙන්න උනන්දු වුණේ නැහැ. අදත් එහෙමයි. හැම අවුරුද්දේම මෙවැනි විපත් මිනිසුන්ට එනවා. හැම ආණ්ඩුවක්ම හැම දේශපාලකයෙක්ම මෙවැනි අවස්ථා වල මෙහෙම හැසිරෙනවා. එ්ත් මිනිස්සු වැහි කාලෙට වඳුරෝ වගේ ගෙවල් හදනවා (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 19 May 2016 06:33 AM

මට නම් මේ ගණන ප්‍රමාණවත් නැතිබවයි හිතෙනනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 396 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 124 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1849 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2344 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3730 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38558 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site