IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


විභාග වංචාකරු නුදුන් තනතුරක් ගනී

විභාග වංචාකට අධ්‍යාපන අමාත්‍යංශ විනය පරීක්ෂණයකින් වැරදිකරු යැයි  තීරණය වූ උතුරු මැද පළාත් අධ්‍යාපන නිලධරයකු දඩුවම් තුනකට යටත්ව යළි සේවයේ පිහිට වූ පසු ඔහුට අයිති නැති නිල නාමයක් වන සහකාර අධ්‍යක්ෂ තනතුර පාවිච්චි කරන බවත්, එය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකාව විසින් ලබා නොදුන් තනතුරක් බවත් උතුරුමැද පළාත් අධ්‍යාපන ආරංචි මාර්ග කියයි.

 2004 වසරේ දෙසැම්බරයේ පැවැති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රය වංචා සහත ලෙස තම පුත්‍රයාට ලබා දුන්නැයි කියන නඩුවක විත්තිකරු වන එච් ඒ ඩී එස් නේත්‍රාංජන නැවත සේවයේ පිහිටුවා ඒ ගැන තමාට නැවත දැනුම් දෙන්නැයි 2013 මාර්තු 13 වැනි දින ඊඩී/05/72/05/01/23 දරණ ලිපියෙන් අධ්‍යාපන ලේකම් එච් එම් ගෝඨාභය ජයරත්න මහතා උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියට   දැනුම් දී ඇත.

පළාත් ලේකම්ට සහ රාජ්‍ය සේවා කොමිසමට  පිටපත් සහිතව යොමු කර ඇති එම ලිපියෙන් අධ්‍යාපන ලේකම්වරයා දක්වා ඇත්තේ වැඩතහනම් වූ සුමනතිලක නේත්‍රාංජන ගැන රාජ්‍ය සේවා කොමිසමෙන් දුන් 2008 නොවැම්බර 17 දිනැති චෝදනා පත්‍රය  අනුව විධිමත් විනය පරීක්ෂණයක් සිදු කළ බවයි.

එහිදී ලැබුණු ලිඛිත හා වාචික සාක්ෂිවලට අනුව චෝදනා හයෙන් චෝදනා පහකටම එච්  ඒ ඩී එස් නේත්‍රාංජන වැරදිකරු බව තහවුරු වූ බවත්, එක් චෝදනාවකින් නිදහස් කැරුණු බවත්,  ඊට දඩුවම් ලෙස ඔහුට හිමි වැටුප් වර්ධන පහක් අඩු කිරීම, වැඩ තහනම්ව සිටි වසර ගණනාවක කාලයට වැටුප් නොගෙවීම සහ 2011/29 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව මාස හයක් ඇතුළත ඔහුගේ වැටුපෙන් රුපියල් 30,000ක් කපා ගැනීම සිදුකරන ලෙසත්, ඊට යටත්ව නැවත සේවයේ පිහිටුවන ලෙසත්   අධ්‍යාපන ලේකම්වරයා දන්වා තිබේ.

අධ්‍යාපන ලේකම්ගේ ලිපියට අනුව නැවත සේවය පිහිටුවන බවත්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට වර්තා කරන ලෙසත් උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මිය වැඩතහනම් වූ සුමනතිලක නේත්‍රාංජනට ලිඛිතව දන්වා ඇත.

ඒ අනුව මාර්තු 25 වැනිදා ඔහු නැවත සේවයට වාර්තා කර ඇත.

සුමනතිලක නේත්‍රාංජන දේශපාලන පළිගැනීම් මත අධි සේවක පදනමෙන් වැටුපට පමණක් හිමිකම් කියන පරිදි අධ්‍යාපන පරිපාලන 3 වැනි පන්තියට පත් කරනු ලැබුවෙකි. ඔහු වැඩ තහනම් වන විට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණ නිලධරයකු ලෙස වැඩ ආවරණය කරමින් සිට ඇත.

අධ්‍යාපන ලේකම් ගෝඨාභය ජයරත්න මහතාගේ ලිඛිත උපදෙස් පිට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මිය විසින් නැවත සේවයේ පිහිටවූ සුමනතිලක නේත්‍රාංජනට සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරක් ලබා දෙන ලෙස ඉල්ලීමක් ලැබී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් උපදෙස් දෙන්නැයි ඉල්ලමින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ඉකුත් අප්‍රේල් මාසයේ පළාත් අධ්‍යාපන ලේකම්ගෙන් ඉල්ලීමක් කර තිබෙන අතර මේ වන තෙක් නේත්‍රාංජන සහකාර අධ්‍යාපන  අධ්‍යක්ෂවරයෙක් ලෙස පත් කර නැතැයි උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ආරංචි කියයි.

ඔහු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස ලිපි යොමු කර ඇත්තේ තම අභිමතය පරිදි බව ද විශ්වාස කටයුතු ආරංචි කියයි.

උතුරු මැද පළාතේ අධ්‍යක්ෂ තනතුරු කිහිපයකම නුසුදුස්සන් කටයුතු කරන බව කියමින් ලංකා ගුරු සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට කළ පැමිණිල්ලක් අනුව 2009 වසරේ සැප්තැම්බර් පළමු වැනි දින මානව හිමිකම් කොමිසම තීන්දු කර ඇත්තේ අවිධිමත් පත්වීම් අවලංගු කර සුදුස්සන් එම තනතුරු වලට පත් කරන ලෙසයි.

එම තීන්දුව ඉටු නොවූ තැන ලංකා ගුරු සංගමය නැවත ඒ බව මානව හිමිකම් කොමිසමට දැන්වූ අතර ඒ අනුව 2011 මාර්තු 30 වැනිදා පළාත් අධ්‍යාපන ලේකම් ඇතුළු නිලධාරීන් කොළඹ මානව හිමිකම් කොමිසන් සභා ප්‍රධාන කාර්යාලයට ගෙන්වා පුවත්පත් දැන්වීමක් පළ කර සමූඛ පරීක්ෂණ පවත්වා හැකි ඉක්මණින් නුසුදුස්සන් ඉවත් කර සුදුස්සන් පත් කරන්නැයි මානව හිමිකම් කොමිසම නියම කර තිබේ.

ඒ අනුව කළ සමූඛ පරීක්ෂණයකින් පසු අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරිනියක වන නිර්මලා ඒකනායක මහත්මිය 2011 ජූලි මස පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ලෙස පත් කර ඇත.

ලංකා ගුරු සංගමය කියනුයේ දේශපාලන පළිගැනීමේ කමිටු මගින් අධි සේවක පදනම මත පරිපාලන සේවයට බඳවා ගත් නිලධාරීන්ට වැටුප පමණක් හිමිවන බවයි. ඔවුන්ට තනතුරු දැරිය නොහැකි බව ද ගුරුසංගමය කියයි.

එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුවේ අපරාධ නඩුවක විත්තිකරුවකු එම නඩුව ඉවර වන්නටත් පෙර නැවත සේවයේ පිහිටු වන ලෙස අධ්‍යාපන ලේකම්වරයා කළ නියෝගය සදාචාර සම්පන්න නොවන බවයි.



අදහස් (0)

විභාග වංචාකරු නුදුන් තනතුරක් ගනී

සුපුන් Monday, 20 May 2013 12:06 AM

මෙන්න තානාපතිකමකට නියම සුදුස්සෙක්.... (නි)

:       0       0

ධනුෂ්ක Monday, 20 May 2013 12:05 PM

රටට ගිය කලක්

:       0       0

කීර්ති Monday, 20 May 2013 01:10 AM

සිංහල ජාතියට වින කරන පෙත්සම් කාරයො තමන්ට නොලැබෙන දෙය අනුන්ට ලැබෙනවට තියන ඉරිසියාවයි කුහක කමයි කවදා තුරන් වෙයිද?  රටේ නිතිය,පරිපාලන නිලදාරී දඩුවමක් තියනවනම් ලබා දෙයි. මේවට විරුද්දව පැත්තක ඉදලා පෙත්සම් ගහන උන්ව සේවයෙන් නෙරපන්නයි තියෙන්නේ.(නදී)

:       0       0

චන්ද්‍රා Monday, 20 May 2013 03:11 AM

චී ...චී මේවා සුනඛ වැඩ. අහෝ ! අපේ අනාගත පරපුර (නි)

:       0       0

උපාලි Monday, 20 May 2013 03:22 AM

රනිල්ගේ කතාව සම්පුර්ණ ඇත්ත. හැම වතාවකම ඔය විභාගේ ගැන චෝදනා එල්ල වුනා. ඒවා පරීක්ෂණයකින් තොරවම යටගියා. කරුමේ කියන්නේ මේවා හොයන්න ඉන්න ලොක්කනුත් ඒ ගණයටම වැටෙන එකයි. ගුරු සංගමය හැම වෙලාවකම මේවා පෙන්නලත් දුන් බව අපි දැක්ක. හැබැයි අධ්‍යාපනයේ දුෂණ ඔඩු දුවල තියෙන හැටියට ජෝසප් ස්ටාලින් නෙමෙයි ව්ලදීමීර් ලෙනින්ම එන්න වෙයි ඒවා නැති කරන්න. (නදී)

:       0       0

විමල් Monday, 20 May 2013 05:41 AM

මොනවා කිවුවත් නේත්‍රාංජන වැඩකාරයා. පිළිවෙලකට ප්ලෑන් එකකට වැඩක් කරන්න දන්න මිනිහෙක් (නි)

:       0       0

මර්සි ලංකා Monday, 20 May 2013 01:29 PM

අද ලංකාවේ උසස් තැන් වල ඉන්න නම් වංචාව තිබිය යුතු සුදුසුකමක්. (නි)

:       0       0

නීල් Monday, 20 May 2013 07:32 AM

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැටිකිරිය ගැනනම් කියලා වැඩක් නැහැ. පක්ෂ බේදයකින් තොරව සමස්තයක් ලෙස ලංකාවේ තනතුරු බදාගෙන ඉන්න බහුතරය වැඩකට නැති පඹයෝ බව රටේ පොදු ජනජීවිත දිහා බැලුවහම පැහැදිලියි. (නි)

:       0       0

වරුණ Monday, 20 May 2013 08:11 AM

කොහොමද.... කොහොමද.... ආශ්චර්යය? (නි)

:       0       0

වීරකුමා Monday, 20 May 2013 08:49 AM

මේ අර කලින් කරපු කෙනාගේ බාප්පවත්ද ???? (ස)

:       0       0

බණ්ඩාර Monday, 20 May 2013 09:05 AM

රටේ ඉහලම බුද්ධි මණ්ඩලය ඔහොමනම් අන් ආයතන ගැන මොන කතාද සුසුස්සට සුදුසු තැන දෙන්නේ කවදද හැමදෙයක්ම දේශපාලනීකරණය වෙලා. (ස)

:       0       0

දුමින්ද Sunday, 19 May 2013 08:53 PM

මෙවැනි පුද්ගලයන්ව වැදගත් දෙපර්තුමෙන්තුවල තබාගැනීම ඉතා භයානකි, මෙයාව වෙන මොකේට හරි දාමු.(ත)

:       0       0

ලලිත් Sunday, 19 May 2013 09:49 PM

අනිත් කට්ටිය මෙහෙම අයව එලවල දාන්නකෝ. ඔක්කොම එක වගේ සතපහකට ගණන් නොගෙන ඉන්නකෝ.(අ)

:       0       0

මාධව Monday, 20 May 2013 10:15 AM

නාලන්දාව රැක ගනිමු.(ස)

:       0       0

කොබි Sunday, 19 May 2013 09:58 PM

ඉහලම ඉන්න අයත් තමන්ට අයත්නැති නිළ නාම,පට්ටම් පැලඳගෙන ඉන්න මේ රටේ අනෙක් අය ගැන කවර කතාද? ඔන්න ඔහේ එල්ලගත්තාවේ.(නදී)

:       0       0

ප්‍රියා Monday, 20 May 2013 10:21 AM

දුරාචාර්ය පට්ටමක් මෙයාගේ නමට ඉදිරියෙන් දාමු. (ස)

:       0       0

පාලිත Sunday, 19 May 2013 10:14 PM

වැරදි කරලා අහුවුනාම තව තියාගෙන ඉන්නේ නායකයගේ නෑදෑයොද?(නදී)

:       0       0

රනිල් Sunday, 19 May 2013 11:15 PM

අධ්‍යාපන පරිපාලනයේ ඉන්නේ බහුතරයක් දුෂිත නිළධාරීන්. ඔක සාමාන්‍ය දෙයක්. පසුගිය වසර වල පැවැත් වු අධ්‍යාපන පරිපාලන විභාග සියල්ල දුෂිත ලෙස පැවැත් වු අතර පත්වීමි දුන්නෙත් දුෂිත ලෙසටය. ඒවගේ අය අධ්‍යාපන පරිපාලනට ඇවිල්ල වෙච්ච වින්නැහි එසැන නිවිස් වලිනුත් දැක්කනේ.පාසල් විනාසයි.(නදී)

:       0       0

රණසිංහ Monday, 20 May 2013 10:19 PM

මේ වගේ අය අඩු තරමෙ විදුහල්පති කෙනෙකුවත් තුට්ටුවකට සලකන්නේ නැහැ. අහිංසක මිනිහෙක් වැඩක් කර ගන්න ගියාම කට ඇරලා සද්දේ දානවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 115 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 486 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 98 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 514 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 322 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 926 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site