IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


විමල්ගේ ඇප අයදුම්පත විසිවේ

(ෂෙහාන් චාමික සිල්වා)

රජයේ වාහන 40ක් අවභාවිත කළැයි රිමාන්ඩ් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කොළඹ මහාධිකරණයට ගොනු කළ ප්‍රතිශෝදන ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (21) නියෝග කළේය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය වීරවංශ මහතාට ලබාදුන් රක්ෂිත බන්ධනාගාර නියෝගයට එරෙහිව මෙම ඇප අයදුම්පත ගොනු කැරිණි.

පොදු දේපල පනත යටතේ අවභාවිතාව රුපියල් 25000ට වැඩි අවස්ථාවලදී මහේස්ත්‍රාත් අධිකරණයට ඇප ලබාදිය හැක්කේ සුවිශේෂි කරුණු යටතේ පමණක් බැවින් මෙලෙස මහාධිකරණය හමුවේ ඇප අයදුම්පතක් ගොනු කිරීමට සිදු විණි.

සුවිශේෂි කරුණු යටතේ ඇප ලබා නොදීමට කොටුව මහේස්ත්‍රාත්වරිය ගත් තීරණය නිවැරදි බව ද විනිසුරුවරයා ප්‍රකාශ කළේය.



අදහස් (12)

විමල්ගේ ඇප අයදුම්පත විසිවේ

Ariyapala Hewage Tuesday, 21 March 2017 06:52 AM

සුවිශේෂ කරුණු යනු විමල් වීරවංසගේ ගෙදර තියෙන පුද්ගලික ප්‍රශ්න ඉදිරපත් කිරීම නොවේ. අධිකරණය පිළිගත් නීති රාමුව තුල අවස්ථානුකූල සිද්ධි මත නිර්වචනය කළ කරුණුය. අදටත් අපේ ගරු අධිකරණය නිසා රටේ නීති ගරුක පුරවැසියන්ට හුස්මක් ගන්න පුළුවන් ඒ ගැන ගරු අධිකරණයට අපගේ ස්තුතිය පුදකරමු.

:       120       144

gatabuwana Tuesday, 21 March 2017 07:52 AM

නියමයි.

:       82       144

sam Tuesday, 21 March 2017 08:32 AM

එකනේ කියන්නේ.

:       5       19

sanjeewa Tuesday, 21 March 2017 08:37 AM

සුපිරි දේශප්‍රේමියා ඔය ටිකත් ඉඳලම එන්නකෝ ඇප ඉල්ලා ඉල්ලා ඉන්නේ නැතුව .තමන් නිවැරදි නං එ්ක ඔප්පු කළානං ඉවරයි නේ ෆොටෝ කොපි ගහන්න අපු මිනිහ දැන් කෝටී පතියෙක් වෙලා ඉන්න හැටි අහනකොට නවලෝක මුදලාලිත් දුවනවා

:       64       127

rama Tuesday, 21 March 2017 08:48 AM

කොහෙන්ද දන්නේ නෑ ඕඩර් එක ලැබුනේ

:       118       146

nilmini Tuesday, 21 March 2017 09:27 AM

හිරගෙවල් 100ක යන්න තිබුන එතුමාගේ කැමැත්ත ඉටු වීම ගැන මගේ ප්‍රණාමය.

:       2       8

ravin Tuesday, 21 March 2017 09:38 AM

හිරේ ඉඳල ලෝවැඩ සඟරාව කියවන්න කියන්න. එතොකොට තේරයි මොකද වුනේ කියල. බොරුවෙන් හැමදාම ඉන්න බැහැ කියල.

:       5       21

Prathap Tuesday, 21 March 2017 10:14 AM

මහිංද ගෙ කාලෙ නීතියේ ආධිපත්‍යය අවභාවිතා වුනා කියලා වොරී වෙච්ච උගත් බුජ්ජිමත් ටොයි මිතුරු කැළ ඒවා වෙනස් කරන්නයි කියලා තමං විසින් බලයට පත් කර ගත්ත යහපාලන ආන්ඩුව. දැං ඒ ආන්ඩුවම නීතිය පාවිච්චි කරනවා විරුද්ධ වාදීන් මර්ධනය කරන්න. ජනවාරි ඉඳං විමල් වීරවංශ ව රිමාන්ඩ් කරං, ඇප නොදෙන්න ආන්ඩුව කියන එක්ස්කියුස් එක තමා "...තාම පරීක්ෂණ ඉවර නෑ...ඉවර වෙන තාක් කල් විමල් ව රිමාන්ඩ් එකේ තියනවා....". මේක දේශපාලන පලිගැනීමක් කියලා ඕනම නොදරුවෙකුට වුනත් පේනවා. හැබැයි අර උගත් බුජ්ජිමත් ටොයි මිතුරු කැළ බොහොම උද්දාමයෙන් ඉන්නවා විමල් ව දිගින් දිගටම රිමාන්ඩ් කරලා තියං ඉන්න එක ගැන. අන්තිමට බලන කොට ඒ උගත් බුජ්ජිමත් අයටත් ඕන, නිතීය ඉස්සරහට දාල එයාලගෙ දේශපාලන විරුද්ධ වාදීන්ගෙන් පලි ගන්න.

:       0       0

mangala welarathna Tuesday, 21 March 2017 10:31 AM

කට කයිවාරු තිබුනට මුහුන නම් දුකින් වගේ

:       0       0

Rohan Tuesday, 21 March 2017 10:45 AM

මෙයාගේ කට හින්ද මෙයා නැහුන. ඇත්තටම මෙයා දන්න වචන පහළොවක් විතර තමා හැමදාම එහාට මෙහාට කරන්නේ. මේ බොරුව දැන් මහජනතාව දන්නවා. තව මෙයාගේ මල්ලි ඉන්නවා අර මන්පිල හාදය. එයාටත් මේකම තමා වෙන්නේ.

:       0       0

නිමල් ඡයසිංහ Tuesday, 21 March 2017 10:49 AM

විමල්ග‍ෙ නඩුවට වාගේම දැනට එන්න තිබෙන නඩුවලටත් නිතිය කිුයාත්මක කරන්න එසේ නැති වුනොත් මුලු අධිකරන පද්ධතිය ගැනම මහඡන අප්‍රසාදය ඇතිවිම වැලක්විය නොහැකිය.දැනටමත් සමහර කාරනා වලට උසාවියේ ගොනුකර ඇති පැමිණිලි සමිබන්ධව එම උසාවිවල ඇති නිතිය කිුයාත්මක නොවිම සමිබන්ධව ඇත්තේ විශාල කලකිරීමකි. එය මුලු රටටම නොරහසකි. මහ බැංකුවට විරුද්ධව දැනට පවතින නඩුව සමිබන්දව කිසිම නිලධාරියකු අත්අඩංගුවට නොගැනිම නිතිය වල්වැදී වාගේ සිතේ වැරැද්ද කාටත් එක සමාන වියයුතුය එය පසුගිය කාලය‍ේත් සිදුවිය .එය උත්තරීතර විනිසුරුවරුන් විසින් සමාජ ගතකලයුතය.එය එසේ නොවුන තැන .නිතිය බල්ලාට ගියා වැන්න

:       0       0

rocky Tuesday, 21 March 2017 02:21 PM

සිංහල අවුරුද්දටත් රිමාන්ඩ් එකේම පොඩි විවේකයක් අරන්, අවුරුදු නැකතට `ජෙල්` ටිකක් ඔලුවේ ආලේප කොරලා තව මඩ ටිකක් නාලා , පක්ෂියා නීච වෙන වෙලාව, මරු සිටින දිසාව එහෙමත් බලාගන මොබයිල් එක බෙල්ලේ එල්ලාගන සුදානම් පිට ඉන්න. ඔතනින්ම මහ ගෙදරට උසස් වීමක් ලැබෙන්නත් බැරි නැහැ වාසනාව තිබුනොත්!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 105 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 36 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 151 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 242 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 305 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 582 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 73 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 399 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 913 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site