තමාගෙන් බිරිඳගේ වත්කම් උපයාගත් ආකාරය හෙළි කරන ලෙස අල්ලස් කොමිසම නිකුත් කළ නොතීසිය අහෝසි කරන රිට් ආඥාවක් මහාධිකරණයෙන් ඉල්ලා හිටපු නිවාස ඉදිකිරීම් අමාත්‍ය විමල් වීරවංශ ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) ඉවත දැමීය.
අල්ලස් හෝ දුෂණ කොමිසමට නොතීසි නිකුත් කරන ලෙසට රිට් පෙත්සම මඟින් විමල් වීරවංශ මහතා කළ ඉල්ලීමද ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දැමීය.
ප‍්‍රියසාත් ඩෙප්, උපාලි අබේරත්න සහ කේ.ටී.චිත‍්‍රසිරි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මේ පෙත්සම කැඳවිණි.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විමල්ගේ පෙත්සම විසිවේ
තිලකසිරි Thursday, 28 July 2016 01:44 PM
එහෙම තමයි. වෙන්න තිබෙන දෙයක් කාටවත් නවත්වන්න බැහැ (නි)
සිල්වා Thursday, 28 July 2016 01:39 PM
මාධ්‍ය ඉදිරිපිටට විත් ජනතාවට රඟදක්වන්නේ කිසිම දෙයක් නොකරපු අය විදියට (නි)
දොන් Thursday, 28 July 2016 01:41 PM
රටේ මෝඩ රාළලා ජාතික වීරයන් කරගෙන තියෙන්නේ නියම අයවනේ. සමහර දේශමාමක අයගේ ලැජ්ජා බය කියන එක තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්. (නි)
ගමගේ Thursday, 28 July 2016 01:47 PM
අනිවාර්යෙන්ම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. මේ වගේ මහා ප්‍රගතිශීලියකු ඔහොම කරයිද? (නි)
අසාද් Thursday, 28 July 2016 01:59 PM
එකපාරට මතු වූ වත්කම් ඉපයූ අයුරු හෙළිකරන්න කිවුවහම එ්ක නවත්වන්න පෙත්සම් දානවා. කතාකරද්දී නම් රටට හිතෛෂී දේශපාලකයෝ. ඔය මේ ආණ්ඩුව පෙරළන්න හදන්නේ ඕවායින් බේරෙන්න තමයි. මේ දේශපාලකයෝ කවදා රට ගැන මිනිස්සු ගැන හිතයිද දන්නෙ නැහැ. (නි)
ජගත් Thursday, 28 July 2016 02:02 PM
බැලුවේ නැද්ද මොනවාහරි කරලා සිද්ධිය ගොඩින් බේරගන්න?? (නි)
අනික් Thursday, 28 July 2016 02:52 PM
පාද යාත්‍රා යනවා හැර වෙනමොනවා කරන්නද.මේ ආණ්ඩුව ඉක්මනට එලෙව්වේ නැත්නම් ඔක්කොටම හිරේ යන්න වෙනවනේ.හැබැයි ආණ්ඩුවේත් ඉන්නවා ගානක් දීල ශේප් කරගන්න පුළුවන් ගොපිලයෝ . (අ)
චානක් Los ඇන්ජලිස් Thursday, 28 July 2016 03:26 PM
එහෙම අහෝසි කරන නියෝග දුන්නොත් ඕනෙම කෙනෙකුට ඕනෙම හොරකමක් දුෂණයක් කරලා ඊට පසුව එය අහෝසි කරන්න කියා ඉල්ලා හිටියොත් මොකද වෙන්නේ? මොවුන්ගේ එදා හා අද උපයාගෙන තිබෙන වත්කම් අනුව මොවුන් ඉන්න ඕනේ ඇතුලේ . (අ)
හෆීල් Friday, 29 July 2016 08:21 AM
කට ඇරියොත් මෙයා වගේ දේශප්‍රේමි කෙනක් නැහැ. නමුත් වත්කම් හොයන්න එපාලු. (ම)
සුදත් මුණසිංහ Thursday, 28 July 2016 04:02 PM
මොන සමාජවාදයක්ද ප්‍රියන්ත විමල් ළඟ? කවදද එහෙම එකක් තිබුනෙ? (අ)
පරාක්‍රම Thursday, 28 July 2016 04:03 PM
ජනතාවගේ ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටිමින් ගිරිය පුප්පාගෙන කෑගහන සමාජවාදය කරපින්නාගත් ඇතැම් ජන නායකයින් සත්‍ය හෙලිවනවිට නැට්ට දෙපරන්ද අස්සේ ගසාගෙන දත් විලිස්සමින් දෙකට තුනට නැමෙන සුනඛයින් සේ පෙනේ. (අ)
චන්ද්‍රා Thursday, 28 July 2016 04:09 PM
හිතන්න ඇති එයාලගේ රජ කාලේ වගේ එයාලට ඕන . විධිහට අධිකරණ තීන්දු ගන්න, ඔය ධනය උපයාගත් . අන්දම කියන්න බැරි අනිත් අයත් කරාවි කියලද? (අ)
රොෂාන් Thursday, 28 July 2016 04:10 PM
ප්‍රියන්ත සහෝදරයාට විශාල වැරැද්දක් වෙලා වගේ. ජාතිවාදී කුහකයෙකුට සමාජවාදියෙක් වගේද පෙනෙන්නේ. හොරා කෑ අය කොහොම වත්කම් උපයා ගැනීම් විස්තර කරන්නද?(අ)
සුනිල් Thursday, 28 July 2016 07:02 PM
ඉතින් වත්කම හෙළි කළානම් ප්‍රශ්නය ඉවරනේ. (නි)
ටිකිරි Thursday, 28 July 2016 11:30 PM
අයියෝ දැන් මොකද කරන්නේ? (නි)
ශාන්ත Thursday, 28 July 2016 11:40 PM
දැන් ඉතින් කට්ටියටම පැහැදිලිනේ ඇයි මෙයාලා පාද යාත්‍රා යන්නේ කියලා. (නි)
ලෙස්ලි ජයවර්ධන Friday, 29 July 2016 12:49 AM
මෙතුමාගේ තියෙන්නේ පුදුම බුද්ධියක්. පුදුමයි මේකෙන් පැරදුන එක (නි)
අනුරාධ Friday, 29 July 2016 01:24 AM
වැඩ වරද්දාගෙන දැන් කෑගහනවා බොරුවට. (නි)
රෝහණ Friday, 29 July 2016 01:26 AM
ලෝකයේ බොරුවෙන් ජීවත්වන අයගේ තරඟයක් තිබ්බොත් පළවෙනියා වෙන්නේ කවුද දන්නවද? (නි)
සමන්ත Friday, 29 July 2016 01:42 AM
මෙයාලගේ හොරකම් වහගන්න පාද යාත්‍රා තමා යන්න ඕනෑ (නි)
සහන Friday, 29 July 2016 03:16 AM
මහා ලොකු විප්ලවවාදියා, දේශප්‍රේමීයා බිරිදගේ වත්කම් හෙළිකරන්න කිව්වහම උසාවි නියෝගයක් ඉල්ලලාද? (නි)
සුමුදු Friday, 29 July 2016 03:39 AM
ධනපති පන්තියට රිංගන්න හැදුවත් ගන්නෙ නැහැනේ (නි)
සුගත් Friday, 29 July 2016 03:41 AM
මෙයාලා රටට බරක්. බොරුවට කෑ ගගහා අනුන්ට ගරහ ගරහා ඉන්නවා (නි)
ටිකිරි බණ්ඩා-නුගේගොඩ Friday, 29 July 2016 04:26 AM
සෙරෙප්පු දෙකක්වත් නැතුව හිටිය සමහර කට්ටියට රුපියල් කෝටි 2000 කට වැඩිය වත්කම් තියෙන්නේ කොහොමද? (නි)
ටිකිරි බණ්ඩා-නුගේගොඩ Friday, 29 July 2016 04:28 AM
හොරු පාද යාත්‍රා යන්නේ දැනට කෙරීගෙන යන පරීක්ෂණ යටගහන්නත්, එම නිලධාරීන් බිය ගන්වන්නත්ය. මොන පාද යාත්‍රා තිබුනත් ජනතාව දැනුවත් කරන්න අපේ උපරිමයෙන් අපි කරනවා. (නි)
ප්‍රියන්ත Thursday, 28 July 2016 12:21 PM
සමාජවාදී අය මෙතරම් බය මොකද.? (ර)
තිලක්-ඩුබායි Friday, 29 July 2016 04:26 AM
මෙයාගේ ගෙදර ඇති කරන බල්ලාගේ කුඩුවත් වායුසමීකරණය කරලා.අධි සුකොපබෝගී නිවාස දෙකේ විදුලි බිල් දෙක මාසෙකට රුපියල් 2,65,000 ක් .එක ගෙවන්නෙත් නිවාස අමාත්‍යංශයෙන්.ඒ කියන්නේ මහජන මුදලින්.කතාව කොහොමද? (අ)
මාලක Friday, 29 July 2016 04:32 AM
මට පුදුම ඡන්දෙ දෙන ලක්ෂ 3 ක් ඉන්න එක. (ර)
ටිකිරි බණ්ඩා-නුගේගොඩ Friday, 29 July 2016 04:43 AM
මේ වෙලාවේ සමහර අය විවිධ අවශ්‍යතාවන් සඳහා පාරවල්වල පයින් ඇවිදිනවා. ඔහේ ඇවිදිනවා. (ර)
පාලිත Thursday, 28 July 2016 12:48 PM
දැන්නම් කාලය නරකයි වගේ (නි)
දූෂර Thursday, 28 July 2016 01:15 PM
එහෙම හෙළිනොකර ඉන්න පුලුවන්ද? (නි)
මැටිපහන Thursday, 28 July 2016 01:30 PM
ප්‍රියන්ත, සමාජවාදියෝ මව්බිම ගැනවත් ආගම ගැනවත් කතාකරන්නේ නැහැ. ඒ දෙකම ඇති මෙයාලගේ මිම්ම මනින්න. (නි)
බණ්ඩා Thursday, 28 July 2016 01:39 PM
රෙදිත් ඇඳගෙන කොහොම මේ ඉල්ලීම කරනවද මන්දා? (නි)
නිරේෂ් Thursday, 28 July 2016 01:40 PM
ඇයි හොරකම් කළේ නැත්නම් මෙච්චර බය? අනේ මෙයාලගේ පුරසාරම්! (නි)