IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


විමල්ගේ බැංකු ගිණුම් වාර්තා පරීක්‍ෂාවට අධිකරණයෙන් අවසර

 (මනෝප‍්‍රිය ගුණසේකර)


හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ බැංකු ගිණුම් වාර්තාවල නිරවද්‍යභාවය පරීක්‍ෂා කිරීමට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මහතා එම නඩුව ලබන ජුලි මස  29 වැනිදා  කැඳවීමට නියම කළේය.
 
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්ති පාර්ශවයෙන් කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.
 
ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම්  හා  ආදායම්  වලින්  උපයාගත  නොහැකි, අල්ලස් මඟින්  උපයාගත් රුපියල් කෝටි 7 1/2කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවකු සිටි බවට  වීරවංශ  මහතා චෝදනා ගොනු කර තිබේ.
 
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
 
2009 වසරේ සිට 2014 වසර දක්වා වු වසර හයක කාලය තුළදී විත්තිකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රුපියල් කෝටි 7 1/2 කට ආසන්න මුදල් හා දේපළ උපයාගෙන ඇති බව අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ  චෝදනා පත‍්‍රයේ  සඳහන් වේ.
 
2009 ජනවාරී මස පළමුවැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලය තුළදී සිය නීත්‍යානුකූල වත්කම් හා ලැබීම් වලින් උපයාගත නොහැකි රුපියල් 744,80,017/- මුදල් හා දේපළ උපයාගෙන ඇති බවත් එම මුදල් හා දේපළ උපයාගෙන ඇත්තේ අල්ලස් වලින් බවත් අධිචෝදනා පත‍්‍රයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
 
මුදල් උපයාගෙන ඇති ආකාරය හා දේපළ උපයාගෙන ඇති ආකාරය දැක්වෙන උපගොනු දෙකක්ද අධිචෝදනා පත‍්‍රය සමඟ අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.
 
මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයාගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇති වාර්තා වල නිවරද්‍යභාවය පරීක්‍ෂා කිරීමට අවශ්‍ය හෙයින් ඒ සදහා අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
 
ඉදිරිපත් වු කරුණු සළකා බලමින් ඊට අවසර දුන් විනිසුරුවරයා මෙම නඩුව ලබන ජුලි මස  29 වැනිදා කැදවීමට නියම කළේය.
 
පැමිණිල්ල වෙනුවෙන් සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සුනේත‍්‍රා ජයසිංහ මහත්මිය පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා පෙනී සිටියේය.

 



අදහස් (24)

විමල්ගේ බැංකු ගිණුම් වාර්තා පරීක්‍ෂාවට අධිකරණයෙන් අවසර

rohan Wednesday, 27 March 2019 11:12 AM

දැන් බලමු දේශප්‍රේමියාගේ බැංකු ගිණුමේ තරම.

:       194       329

sampath Wednesday, 27 March 2019 11:27 AM

ජුලි මාසයේ මේ නඩුව නොවම්බර්වලට කල්යයි. ඉන්පසු මීළඟ ආණ්ඩුව.... ඉන් පසු සියලු නඩු පුස්....

:       18       244

Nissanka Wednesday, 27 March 2019 11:31 AM

මෙහෙ බැංකු ගිණුම් පරික්ෂා කරලා වැඩක් නැහැ. ඩුබායි, ශීෂෙල්ස්, යුක්රේන්, පැනමාවල තියෙන ගිණුම් පුලුවන්නම් පරීක්ෂා කරන්න. පවුලේ අයගෙත් එක්ක.

:       125       385

chathuri Wednesday, 27 March 2019 11:36 AM

දැන් තමයි වැඩ කරන්න පුළුවන්... මිනිසුන්ට වැඩ පෙන්වන්න පුළුවන්... නියම ප්‍රහේලිකාව, අල්ලස් ගත් සියලුම දෙනා සැහෙන්න කාලෙකට හිර ගෙදරට ගියා... මොහුගේ ගිණුම් බලන්න පැමිණිලි. පක්ෂයටත් ඉඩදෙන්න.. නැතිනම් හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්... මෙයා මහින්දට ආදරේ කෙරුවේ මේ හින්දා වෙන්න ඇති... උගත්කමක් නැතිව රජයේ දේපල භුක්ති විඳින්න පුළුවන් මේ වගේ අයට, මේ දවස්වල ගෝඨාව ජනාධිපති කරන්න දඟලන්නේ සේරම හොරුනිසානේ.., මොහුගේ සියලුම දේවල් රාජසන්තක කරන්න මෙතරම් කාලයක් ගත්තේ මේ නඩුව අහන්න ලිපි ගනුදෙනු මකා ගන්න කාලේ දුන්නද?

:       180       638

සනත් ඉතාලිය Wednesday, 27 March 2019 11:38 AM

රොහාන් සුවපතිගේ ගිණුම් එහෙම කොහොමද දන්නේ නැහැ. ඔය දියවන්නාවේ ඔක්කොම එකයි.

:       92       353

Keppetipola Wednesday, 27 March 2019 11:52 AM

දැන් කොච්චර කල් මේ නඩුව කල් දැම්මද? විනිසුරුවරුන්ට වැඩ බැරි නිසාද නැත්නම් යටින් ඩීල් යනවද?

:       0       307

sandy123Wednesday, 27 March 2019 03:38 PM

මේ ඔක්කොම අපිව රට්ටන්න පෙන්නන ජවනිකා. කිව්වත් වගේ මේ නඩුවත් රබර් වගේ ඇදිඇදී යයි. මේ කපේදී අපේ දේශපාලකයෝ දඬුවම් විඳින්නේ නැහැ. ඒ නිසා මේවා නිකන් කම්මැලිකමට කාලය ගත කරන්න කියවන්න තියෙන පුවත් විතරමයි. ගත යුත්තක් නැහැ.

:       0       261

smn Wednesday, 27 March 2019 12:32 PM

සතෙන් සතේ, රුපියලෙන් රුපියල, එකතු කරලා එකතු කරලා මේ සල්ලි ටික ඉතිරි කර ගන්න මෙතුමා මොන තරම් මහන්සියක් වෙලා ඇත්ද? මොනතරම් පච ඇද බාන්නැත්ද? මොනතරම් යටිගිරියෙන් බෙරිහන් දෙන්න ඇත්ද? පව් අප්පා, ඒවා ගැන සලකලාබලා ඉදිරි පියවර ගැනීමයි හොඳ...

:       123       444

handana Wednesday, 27 March 2019 12:33 PM

කොමියුනිකේෂන් එකෙන් දවසට රු.1500/-ක් විතර අදායමක් තිබුණු කෙනා කොහොමද මෙහෙම පොහොසත් වුනේ. මගේ අසල්වැසියා. ඕනෑම කෙනෙක් එන්න හොකන්දරට පෙන්නන්න එයාගේ මාලිගාව... සමහරක්ට මෙය මහා දේශප්‍රේමියෙක්.

:       55       481

Nandalal DE SILVA - FranceWednesday, 27 March 2019 01:06 PM

හන්දියේ පෙට්ටිකඩේ අයිතිකරු වී සිටි මේ දේශප්‍රේමියාගේ කට නිසා විශාල පාරිභෝගිකයන් ගණනක් පැමිණීම හේතුකොටගෙන ඔහුගේ පෙට්ටි කඩය දිනෙන්දින දියුණුවී එහි හිමිකරු කෝටිපතියෙක් වුණා. මෙවැනි ස්වයං රැකියාවලින් ගොඩ එන අයට හැමෝම විරුද්ධයි. ඒකයි මෙයා දඬුකඳේ ගහන්න හැමෝම සූදානම් වෙන්නේ!!!

:       39       346

sirimal Wednesday, 27 March 2019 12:58 PM

අපරාදේ දෝෂාරෝපණය කරන්න එපා. මාවරමණ්ඩිය හන්දියේ දාගෙන හිටපු කොමිනිකේෂන් එකෙන් දුක් මහන්සි වෙලා හම්බ කරගත්ත තුට්ටු දෙක තමා ඔය ගිණුම් වල දාලා තියෙන්නේ. අනික්වා ඒ ගිනුමේම තැන්පත් කරන්න අපි අර කොන්ඩේ බැඳපු මොකුන්ද එවුන් කියලද හිතන්නේ?

:       3       419

chathuri Wednesday, 27 March 2019 01:20 PM

අම්මට සිරි, සාමාන්‍ය දැනුමක්. තියෙන එකා මේ විදියට හම්බ කෙරුවා නම්, අයියලා මල්ලිලා කොහොම හම්බ කරන්න ඇතිද? අසරණ දුප්පත් මිනිසුන්ගේ සල්ලි දෙවියෝ අලියාගේ තරමට නෙමේ ඇහැ දුන්නේ... නැතිනම් ලොකු විනාශයක්.., මේවගේ අයට ඉගෙනීම බාගෙට දුන්නේ ඒ නිසයි. බැංකුවල උළුවහු ටිකත් විකුණන් කයි. අට පාස් කරලා හිටියා නම් අපේ රටට පොඩි විජේ වගේ රටට ජනතාවට ආදරේ කරන එඩිතර තරුණයෙක් බිහිවුණා නම් මේ දේශප්‍රේමීන්ට සුදු සරම අතේ තියන් දුවන්නයි වෙන්නේ...

:       0       840

kade mudalaali Wednesday, 27 March 2019 01:40 PM

මේ ඔක්කෝමලා කිව්වොත් කරනවා විතරයි. අැයි බැරිද එතුමාට එහෙම හම්බ කරගන්න?

:       114       7

rocky Wednesday, 27 March 2019 01:43 PM

මුන්නැහේට නම් ලෝක බැංකුවේත් එකවුන්ට් එකක් තියෙන්න පුළුවනි...

:       1       145

rocky Wednesday, 27 March 2019 02:00 PM

තෙවිජ්ජක මහා ප්‍රාඥ බමුණු කෙළෙඹි පුත්‍රයාණනි, ඉහත පින්තූරයේ මුහුණත් තහඩුවෙන් පෙන්නුම් කෙරෙන පිංගුත්තරතුමා ගැනත් අදහසක් ප්‍රකාශ කළොත් හොඳයි නේද?

:       0       34

sandy123Wednesday, 27 March 2019 03:34 PM

සමාවෙන්න... මෙය එක්සත් ජාතික පක්ෂය ගැන හෝ රනිල් ගැන සඳහනක් නොමැති බැවින් මෙය කිසිසේත්ම වංචාවක් නොවෙයි. දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි. ඒ නිසා බමුණු මහත්තයා අදහස් නොදැමීමට තීරණය කර ඇති වග ඉතා සංවේගයෙන් දැනුම් දෙමි.

:       26       208

Nandalal DE SILVA - FranceWednesday, 27 March 2019 05:29 PM

ඒක නෙවේ නියම හේතුව. සියලු දේ දන්නවා කියන බමුණුතුමා මේ වනවිට පරණ පත්තර ගොන්නකට යටවෙලා, තුන්මුල්ලේ විමලේ සහෝදරයාගේ අතීත වංශ කතාව විග්‍රහ කරමින් එයාට මෙතරම් විශාල ඉල්ලමක් පහල වුනේ කොහොමද කියා සොයා බලමින් සිටිනවා. බමුණුතුමාගේ මේ රාජකාරිය ඉවරවෙනතුරු කරදර නොකරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු..

:       0       211

Bangomunu.Thursday, 28 March 2019 01:55 AM

මං හිතන්නේ අපගේ බමුණු තුමා මෙසේ සිතනවා ඇති. "යුඇන්පී කාරයන්, ජේවීපී කාරයන්, දමිළයන් හා පුස්ලිම්වරු මොකටද වැරදි කරන්නේ. ඒත් ඉතින් අපේ කට්ටියගෙන් වෙන වැරදි ඒ තරම් දේවල්ද ? මේ මිනිසුන් අපේ කට්ටියගේ වැරදි මොකට හොයනවාද මන්දා. වැරදි කරත් අපේ මිනිස්සුනේ. කොහොම මම අපේ කට්ටියගේ වැරදි පෙන්වන්නද ? ඔන්න ඔහේ නිකං ඉන්නවා සද්ද නැතිව.

:       19       83

රුවන් Wednesday, 27 March 2019 02:18 PM

නීතියට වෙට්ටු දමන ක්‍රම සහ විධි...

:       0       16

dilan Wednesday, 27 March 2019 04:12 PM

එතකොට අර මහ බැංකුව හොරා කාලා රටම හිඟමනට අැදලා දැම්ම රට කරවන ඇත්තන්ගේ බැංකු ගිණුම පරික්ෂා කරන්නේ නැද්ද?

:       567       157

raviWednesday, 27 March 2019 05:39 PM

ඔබතුමාට හැදිලා තියන ලෙඩේ නම.. " යන්නේ කොහෙද .. මල්ලේ පොල් " අපි මෙතන කතා.. බහ කරන්නේ විමල් අයියගේ ගිණුම් සහ වත් පොහොසත්කම් ගැන ..

:       77       156

Jehaan Wednesday, 27 March 2019 06:52 PM

දැන් හිතන්නේ ඔක්කොම සල්ලි ඇත්තේ එකම ගිණුමක කියලාද ? කරුණාකර නැන්දම්මා, පොඩි නෑනා, ලොකු තාත්ත, සුදු මල්ලි, හීන් මලය, උක්කුන් මල්ලි , පුංචි අම්මා , මද්දු බාප්පා , චුටි නඟා , බාල මස්සිනා , ගමේ අක්කා , සුකිරි මලයා , ආච්චි අම්ම , කිරි කෑ අත්තා ආදී හතර පේරුවේ ඥාති ගිණුම් සහ පිටරට බැංකු ගිණුම් ගැනත් සලකා බලනු මැනවි.

:       0       20

Chanak Los angeles Thursday, 28 March 2019 01:55 AM

රට බංකොලොත් වුනේ මේ විධියට සම්පත් සොරාකාගෙන ඇති නිසයි

:       31       39

sumith Thursday, 28 March 2019 10:14 AM

අනේ මන්ද මටනම් මේවා කියවල ඔලුවේ කැක්කුම, මට කියන්නේ තියෙන්නේ එකම එක දෙයක් පමණි , ඔක්කොම හොරු කියල, අපිත් හිහිල්ල මුන්ට කතිරේ ගහනවනේ

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිවුන් සොයුරා සමඟ නිදා සිටි 21 තරුණයා අතුරුදන්
2024 නොවැම්බර් මස 26 174 0

නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.


නව රජයේ ප්‍රසම්පාදන වැඩට නව මාර්ගෝපදේශ සංග්‍රහයක්
2024 නොවැම්බර් මස 26 281 0

රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා


ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කරන්න කැබිනට් අනුමැතිය
2024 නොවැම්බර් මස 26 177 0

ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ


පරිපූරකය වියදම් කරන්නේ මෙහෙමයි
2024 නොවැම්බර් මස 26 364 0

වසරේ ඉදිරි කාලයේ වියදම් දැරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීමට නියමිත රුපියල් මිලියන 219,373 ක පරිපූරක ඇස්තමේන්තුව මගින් වියදම් දැරීමට අපේක්ෂිත ක්ෂේත


ඩීසල් නැව් හතරක් ගන්න කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට
2024 නොවැම්බර් මස 26 586 0

ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


අයවැය එන දවස ටක්කෙටම කියයි
2024 නොවැම්බර් මස 26 571 0

2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 544 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2082 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site