IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


විමල්ට අත තියන්න එන්න එපා යැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කියති

විනීතා එම් ගමගේ          

මහින්ද සුළඟත්, පැවිදි හඬත් නැත්නම් පොහොට්ටුවක් නැති බව කවුරුත් දැන සිටිය යුතු බවත් රට ගොඩගන්නට දායකත්වය දුන් අය අමතක කිරීම අනුවණ කමක් බවත් පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.

බලය අනිසි ලෙස භාවිතා නොකරන්නැයි පොහොට්ටුවේ නායකයන්ගෙන් ඉල්ලා සිටින බවත් විමල් වීරවංශ මහතාට එරෙහිව යන්නට පොහොට්ටුවේ කවුරුන් හෝ සූදානම් වුවහොත් ඊට එරෙහි වන්නට දෙවතාවක් නොසිතන බවත් ආනන්ද හිමියෝ කීහ.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මේ අදහස් පළ කළේ නාරහේන්පිට අභයාරාමයේ අද (10) පැවති පැවිදි හඬ මාධ්‍ය හමුවේ දීය.          

එහි දී තවදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ තේරුමක් නැති කථාවලට සවන්දෙන්නට ජනතාවට අවශ්‍යතාවයක් නැතැයි ද සිදුවිය යුත්තේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා එකට එක්ව කටයුතු කිරීම බව ද ප්‍රකාශ කළහ.       

ජනතාව නොමග යවන්න එපා යැයි තමන් ඉල්ලා සිටින බව කී උන්වහන්සේ  සමහරුන්ගේ කටවාචාල කථාවලට පිළිතුරු දෙන්නට තමන් සූදානම් බවත් ජනතාව නොමග යවන්නට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවත් කීහ.

           



අදහස් (10)

විමල්ට අත තියන්න එන්න එපා යැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කියති

විජිත් Wednesday, 10 February 2021 12:02 PM

ඔව්, ඒ වගේම තමයි මෙන්න මෙයත් ඊට එකතුකළොත් තවත් හොඳයි. මහින්ද රාජපක්ෂ, වීරවංශ ඇතුළු දේශපාලන හොර තක්කඩින් නැතිනම් මේ අයත් අද නැත.

:       0       2

මුණසිංහ Wednesday, 10 February 2021 12:57 PM

කවුරු කොහොම කීවත් විමල් දක්ෂ, සංවිධාන ශක්තියක් ඇති අයෙක්. බිංදුවට වැටුණු ජවිපෙ නැවත ගොඩ ගන්න විමල් කළ මෙහෙවර ජවිපෙ ඉහළම කාඩර් එක හොඳින් දන්නවා. විමල් ඉන් ඉවත් වුණාට පස්සේ ජවිපෙ ඉබාගාතේ ඇවිදිනවා. කුමාර්ලා අයින් වුණාට පස්සේ හතරගාතෙන් වැටුණා. හාමුදුරුවන් නිවැරදියි.

:       1       0

Bamunuarachchi Wednesday, 10 February 2021 01:04 PM

විමල් කෙලින් කතා කරන කෙනෙක්... ප්‍රතිපත්තියක් නැති හැරෙන හැරෙන පැත්තට කතා කරන කෙනෙක් නොවෙයි...

:       1       0

sira Wednesday, 10 February 2021 01:23 PM

අත තියන්නේ නැතුව කකුල් මාට්ටුවක් දැම්මට කමක් නැද්ද? අපේ හාමුදුරුවනේ.. ඕක නොවේ අද තියෙන ලොකුම අවුල. ආණ්ඩුවේ බොහෝ දෙනෙක් දන්නෙවත් නැතුව ඇති අර අනුරාධපුරය පැත්තේ ඉන්නවා කියන කවුදෝ කෙනෙක් දුන්නු නියෝගයක් මත ජාතික කොඩියේ සිංහ රූපය වෙනස්කරන්න යනවා කියන එකයි. ආරංචි නැද්ද අපේ හාමුදුරුවනේ?

:       0       1

Prabha Wednesday, 10 February 2021 01:37 PM

හාමුදුරුවනේ බණක්, භාවනාවක් කරන්නත් පොඩි වෙලාවක් වෙන් කරගන්න කාලේ හොඳයි නේද?

:       0       2

BamunuarachchiSaturday, 13 February 2021 04:18 AM

අතීතයේ ස්වාමීන් වහන්සේලාත් බණ, භාවනා පමණක් කරගෙන සිටියා නම් අද අපි සුබ්‍රමනියම්ලා, මොහොමඩ්ලා... එ්ක මතක තියාගන්න...

:       1       0

fairoos Wednesday, 10 February 2021 01:39 PM

එහෙමයි අපේ හාමුදුරුවනේ...!!! සුදු වෑන් එක එවන්නද? 

:       0       1

ගැමුණු Wednesday, 10 February 2021 01:53 PM

'විමල් වීරවංශ කතා වස්තුව' එකඟතාවයකින් බිහිවූ නාටකයකි. මෙවන් ප්‍රකාශ 6.55 වෙනුවෙන් නිර්මාණය වූ ඒවායි.

:       0       0

chandima Wednesday, 10 February 2021 02:58 PM

මේ ස්වාමීන් වහන්සේ බුද්ධ ශාසනේ කෙනෙක්ද? .....

:       0       2

BamunuarachchiSaturday, 13 February 2021 04:14 AM

බුද්ධ ශාසනය රැකෙන්නේ ප්‍රතිපත්ති රකින මිනිසුන් හා ස්වාමීන් වහන්සේ සිටියොත් පමණයි... ඒක මතක තියාගන්න.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’වඩාත් කැමතිම දූපත’’ හිමි රන් සම්මානය ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 07 159 0

එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති


ඡන්ද නීති කඩකළ අපේක්ෂක 9කට වැඩ වරදී
2024 නොවැම්බර් මස 07 215 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි


ලග්ගල පතලකට යට වී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 07 175 0

මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.


ලොහාන් යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 07 891 0

කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ


උපයනවිට බද්ද සුබවාදී ලෙස සංශෝධනය කරයි
2024 නොවැම්බර් මස 07 1422 0

ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා


ඡන්දෙ ගන්න ජල -විදුලි බිල්පත් ගෙවලා
2024 නොවැම්බර් මස 07 719 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 52 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 441 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1383 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site