
එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරුගේ ශ්‍රී ලංකා සංචාරයකදී මාර්ගය හරස් කිරීමට එරෙහි නඩුවට පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගන්නැයි කොළඹ මහෙස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා අද (19) වරෙන්තු නිකුත් කළේය.
2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකළේ විමල් වීරවංශ චෝදනා ලබා සිටී.
පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පළමුවන විත්තිකරු වශයෙන් නම් කර සිටින විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටියේය.
මෙම නඩුවේ තවත් විත්තිකරුවකු වන වීරකුමාර දිසානායක මහතා ද අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥවරයා විසින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.
2025 දෙසැම්බර් මස 04
783
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
577
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විමල්ට වරෙන්තු
de silva berlin Monday, 19 June 2023 12:14 PM
මෙවැනි නඩුවක් විසඳන්න අවුරුදු 7ක් ගතවෙන්නේ කොහොමද? මෙවැනි නඩුවක් විසඳන්න යුරෝපයේ නම් මාස 07ක්වත් යන්නේ නැහැ.. ඔක්කෝටම කළින් රටේ විනිසුරුවරු ප්‍රමාණය වහාම වැඩිකළ යුතුයි. අධිකරණ පද්ධතිය නවීකරණය කිරීම සහ එහි පහසුකම් වැඩිදියුණු කරගන්න.... වැඩිපුර මුදල් ප්‍රතිපාදන යෙදවිය යුතුයි.
Chandana Tuesday, 20 June 2023 01:03 AM
යුරෝපයේ උඹලා හිතන විදිහට ඉක්මන් නෑ හැම වැඩේම, සමහර වෙලාවට ලංකාවට වඩා කල් යනවා. යුරෝපය හැමදේම top කියලා හිතන්න එපා.
ravin Monday, 19 June 2023 01:16 PM
තවත් ඔලුව උදුම්මාගත්තු කෙනෙක්... රටේ නීතිය කියන එක තේරුම් කර දිය යුතු නිසා ඇප වලංගු කර අඩුම ගානේ සතියක්වත් ඇතුළට දාන්න ඕනේ...
මංජුල Monday, 19 June 2023 01:24 PM
අපේ කාලය කන්න ඵපා ...
aravinda Monarawila Monday, 19 June 2023 01:35 PM
හිරේ ඉන්න ඕනෙ අපරාධකාරයෙක් එළියේ ඉන්න එකයි වැඩේ...!
fairoos Monday, 19 June 2023 01:46 PM
විපක්ෂය ඉන්නකොට තමයි මේ හැම නඩුවම එළියට එන්නේ... ඒකනේ මෙයාලා එහෙමෙහෙ පනින්නේ...
C.K.Lankaputhra Monday, 19 June 2023 03:34 PM
සමහර පුද්ගලයන් සමහර කාලසීමාවල් වලදී නීතියට උඩින්, සමහර කාලවලදී ඒ අය නීතියට යටින්, ඒ කාලෙදී වෙනඅය නීතියට උඩින්... හැබැයි ඔය කොයි කවුරුත් අවසානයේ නීතියට උඩින්... අපි හැමදාම නීතියට යටින්...
ගමේ එකාලා Monday, 19 June 2023 04:21 PM
දුශිත දේසපාලුවන්ට මේ රටේ නීතිය අදාළ නැතුව ඇති . සිෂ්ට සම්පන්න රටවල නිතිය කාටත් පොදුයි .ලන්කාවේ එහෙම උනානම් පාර්ලිමේන්තුවේ ඉන්න හොර දූෂිතයෝ වැඩිහරියක් ඉන්ඩ ඕනේ හිරේ?
සල්ලි Monday, 19 June 2023 05:39 PM
අපේ කාලය කන්න එපා...
Channa Monday, 19 June 2023 06:02 PM
බලෙන් හරි ඇතුළට ගියානම් ප්‍රසිද්ධියයි, අනුකම්පාවයි දෙකම ගන්න පුළුවන් අපේ විමලේ මලයාට...
Shashika519 Monday, 19 June 2023 08:33 PM
ජීනීවා වල මානව හිමිකම් කොමිසම පටන් ගන්නකොට ශ්‍රී ලංකාවේ අධිකරණය ස්වාධීන වෙලා.. කාවද බන් මේ රවට්ටන්නෙ
නිහාල් Monday, 19 June 2023 09:28 PM
මේ වගේ වැඩක් නැති ප්‍රවෘත්ති නිසා ඔයාලගෙ කාලේ නාස්ති කරන්න එපා. අපරාදේ..
Nandalal DE SILVA - France Monday, 19 June 2023 10:41 PM
රාජපක්ෂලා පස්සෙන් ඉඳන් මේකට සපෝර්ට් කරපු නිසා නේ මේ ආණ්ඩුව මෙතරම් කාලයක් දුර ගියේ .රටේ නීතිය සත පහකට ගණන් නොගන්න මේ හැත්තේ ඔක්කොම එක වැල්ලේ පොල් නේ
ලුම්බිණි Tuesday, 20 June 2023 06:45 AM
මේවා ඔක්කොම බොරු වැඩ.
kamal Tuesday, 20 June 2023 07:45 AM
පව් අප්පා රන්ජා නිකන් අපරාදේ හිරේ හිටියා