(අජන්ත කුමාර අගලකඩ)
අමාත්‍ය විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ මීට සුළු මොහොත කට පෙර අමාත්‍ය ධූරවලින් ඉවත් කළ බව රජයේ ආරංචි මාර්ග කියයි.
ජනධිපතිවරයා විසින් තව සුළු මොහොතකින් අමාත්‍ය මණ්ඩල සංශෝධයක් කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග පවසයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විමල් - උදය අමත්‍ය මණ්ඩලයෙන් ඉවතට
සත්‍ය ගවේෂී. Thursday, 03 March 2022 05:45 PM
මේ දේ මීට පෙර කලානම්,රජයට මෙතරම් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ.දෙපිට කාට්ටුවන් කොයි පැත්තට ගියත් එකයි.
අගුපිලගේ Thursday, 03 March 2022 05:51 PM
යහපාලනය නැතිකිරීමේ මුල්පෙලේ දෙදෙනෙක් තමයි මේ දෙන්නා ඉතින් ඔවුන්ට ඒවායේ විපාක පලදීමක් තමා වෙලා තියෙන්නෙ
සිරිsena Thursday, 03 March 2022 05:57 PM
අතී සාරේට අමුඩ ගහන ගොන් මෝඩ ජනාධිපතිවරයාට පුලුවන් ඕක තමයි. පලයංකෝ අපහු ඇමරිකාවට
siri Thursday, 03 March 2022 05:58 PM
ලොකු අයියගෙන් අහලද තීරණය කලේ ?
Samantha Thursday, 03 March 2022 07:03 PM
රාජපක්ෂ සාපයෙන් මේ රට කවදා නම් ගැලවේදෝ
menna Thursday, 03 March 2022 08:17 PM
ලංකාවේ පාර්ලිමේන්තුවට තෝරා පත්වෙන සියලුම පක්ෂ නියෝජන වෙන විදියට (සමානුපාතික ක්‍රමයකට හෝ ) අමත්‍ය මණ්ඩලය තෝරාගත යුතුයි කියා ව්‍යවස්ථාව වෙනස් වුණොත් හොඳයි කියා හිතෙනවා. එක මන්ත්‍රී ආසනයක් තියෙන පක්ෂයකට වුවද අඩුම ගානේ රාජ්‍ය ඇමතිකමක් හරි ලබාදිය යුතුය කියා තිබුණොත් හොඳයි කියා හිතෙනවා. බොරුවට විපක්ෂයේ ඉඳගෙන මන්ත්‍රී වරප්‍රසාද ගන්නවට වඩා වගකීමක් බාර දුන්නොත් හොඳයි කියා හිතෙනවා. එවිට මිනිසුන්ට සේවය කිරීමට තිබෙන ඉඩකඩ වැඩිවේය කියා හිතනවා. ජනාධිපතිගේ හා ආණ්ඩුපක්ෂයේ ඒකාධිපතිකම අඩුකර ගැනීමට පුළුවන් වෙයි කියාත් හිතනවා.
Santha Arahchi kittuwa Thursday, 03 March 2022 09:01 PM
ඔන්න කනෝ පිනුම්...!
C.K.Lankaputhra. Thursday, 03 March 2022 09:58 PM
දැන් ඉතින් සියලු පව් මේ අයගේ පිට. හැබැයි රජෝ ඔය ජල්ලි වලින් නං ඇඟ බේරගන්න පුළුවන් වෙන්නේ නැහැ. හොඳේ...
Kumara Thursday, 03 March 2022 11:05 PM
අපේ අනාගත දූදරුවන් වෙනුවෙන්, මේ අයගේ දේශපාලනය මෙතැනින් ඉවර කරමු... ජාතිවාදය පිටුදකිමු.
යෝගා Thursday, 03 March 2022 11:16 PM
අර බලාගාරය ඇමරිකාවට දෙන්න නොදී අරයගේ කොමිස් කුට්ටිය වළක්වපු එකේ පාපය තමයි ඔය ගෙවන්න වුනේ...!
Dasa P Thursday, 03 March 2022 11:29 PM
ඉරුගේ ලොවේදී, අපි වෙන්වෙමු. සඳුගේ රැයේදී යළි හමුවෙමු.
Siri Friday, 04 March 2022 12:00 AM
රාජපක්ෂ පැටව් ටිකට තවත් තනතුරු...!
sampath Friday, 04 March 2022 12:42 AM
මුලු සෙට් එකම ගෙදර යැව්වත් ජනතාවට වැඩක් නෑ... විදුලිය සහ ඉන්ධන අඛණ්ඩව සපයන්නේ නැතිනම් හැමෝම හාන්සියි.
Nelupa Friday, 04 March 2022 02:07 AM
නැවතත් අප රැවැට්ටීමට පාට මාරුකළ කටුස්සන් වගේ...!
Hewa Friday, 04 March 2022 04:38 AM
ඒ අය ඔක්කොම යාලුවෝ මල්ලි... ඔක්කොම මිනිස්සු රවට්ටන්න විතරයි.
Thushan Friday, 04 March 2022 08:02 AM
මොනව වුණත් නාට්‍ය හොඳට යනවා. රටේ දරුවන්ට කිරිපිටි, බෙහෙත්, ගෑස්, තෙල් නෑ. මේ අය ජනතා බදු මුදලින් සෙල්ලම් කරනවා. මේ යවපු සෙට් එක තව මාසෙකින් විතර දෑත් ශක්තිමත් කරන්න ඕනෑ.... තීරණාත්මක වේලාවේදී ආණ්ඩුව රකින්න කියලා ආයේ යනවා. ආණ්ඩුවයි, මේ අයයි දෙගොල්ලන්ම එකතුවෙලා ජනතාවට තොරණ් පෙන්නනවා...
Senarath Friday, 04 March 2022 09:07 AM
කාලෙකට පස්සේ කර්මාන්ත අමාත්‍යාංශයට හොඳ ඇමැතිවරයෙක් පත්වෙලා යමක් පිළිවෙළට කරගෙන එනකොට ඒකටත් කණකොකා ඇඬුවා. දැන් තව ඇමැතියෙක් ඇවිල්ලා කරගෙන ආපු වැඩ පිළිවෙළ අවුල් කරලා ඒවට ආයෝජනය කරපු මිනිස්සුන්ට එපා කරවලා නැවත පිටරටින් ගෙන්වන්න හදාවි... තමන්ගේ මඩිය තරකර ගන්න...
suboda Friday, 04 March 2022 09:40 AM
ආණ්ඩුව තුළ නියෝජනය වන අපේ පක්ෂය 11 ධෛර්ය සම්පන්නව මේ තීරණය ගනුලැබුවේ වෙන කිසිවකටත් නොවෙයි, මේ විපත්තිකාර අවදානමින් මේ රට බේරාගැනීම සඳහා, හොරට නිදාගෙන ඉන්න කවුරුහරි ඉන්නවා නම් ඒ අයව ඇහැරවන්න පුළුවන් නම් ඇහැර වන්න. ඇහැර වන්න බැරි නම් මේ රටේ පොදු ජනතාව අතර ඒ සබුද්ධික අවබෝධය වඩවාලන්න. මෙවැනි අර්බුද රටවල ඇති වෙනවා. ඒවාට මුහුණදී අර්බුදයෙන් ගොඩ ආ රටවල් තිබෙනවා. ඒ සඳහා ඇහුම්කන් දීම, සංවාදය, විශේෂඥ සහාය ලබාගැනීම සිදුවිය යුතුයි. මහජනයා මහපාරට ඇදවැටෙන තෙක්, අම්මෙක් අප්පෙක් නැති ගාණට ඇදවැටෙන තෙක්, අපි බලා සිටියහොත් අපි කරන්නෙත් වරදක්...!
suranga Friday, 04 March 2022 10:16 AM
වෙන කතා මොකටද? අඩුම ගානේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයක්වත් හදන්න බැරි ආණ්ඩුවක්... ඕන ආණ්ඩුවක් වැරද්දක් වුණානම් ඒක නිවැරැදි කරන්න උත්සාහ කරනවා. මේ අය ඒකවත් කරන්නේ නැහැ.
සලීම් Saturday, 05 March 2022 12:51 PM
මෙහෙම ගොන් ආණ්ඩුවක් ලංකාවේ ඉතිහාසයේ නොතිබෙන්නට ඇති. රටේ යහපැවැත්ම දවසින් දවස නැත්තට නැතිකරලා මුළුරටම අනාථ කරලා මිනිසුන්ට ජීවත් වෙන්න අද මහපාරට ඇවිල්ලා හැතැප්මයක් දිග පෝලිම්වල වරුගණන් දෙස් දෙවොල් තියතියා හාමතේ ඉන්නවෙලා තියෙන්නේ...
uk ran Friday, 04 March 2022 10:21 AM
මුල මතක නැති අය... මෙයාලා නිසා තමයි ජනාධිපතිතුමා දිනුවෙත්. කපුටාස් මුදල් ඇමැති වුණේත්... වැරැදි කරපු කපුටාස් නිසා එදත් විනාසයි, අදත් විනාසයි.