ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයට හමුදාවේ පිරිසක් අත්අඩංගුවට ගත්තැයි විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ රණවිරු මාතා සංවිධායන හෝමාගම දුම්රියපොළ පාරේ බෝගහ අසළ විරොධතාවක් ඇරැඹීය.
අත්අඩංගුවට ගෙන ඇති හමුදා සාමාජිකයෝ එක්නැළිගොඩ නඩුව සඳහා අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එනු ලැබූහ.
මේ ආණ්ඩුව කොටි සැකකරුවන් නිදහස් කරන ගමන් රණවිරුවන් හිරගෙට දක්කන බව විරෝධතාකරුවෝ කියති.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විමල් වීරවංශගේ පිරිසක් උසාවිය ළඟ විරෝධයේ
ජානක Monday, 23 November 2015 08:36 AM
අපරාධයක් කළා නම්, තරාතිරම නොබලා දඩුවම් කළයුතුයි. හමුදාවේ හෝ පන්සලේ වුණත් නීතිය සැමට සාධාරණ විය යුතුයි (ම)
සුනිල් Monday, 23 November 2015 09:52 AM
එතකොට ලංකාවේ සාමාන්‍ය පුර වැසියෙක් වෙන ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරලා මරල දැම්ම එක ගැන විරොදයක් එහෙම පවත්වන්නේ නැතිද? එ්ක සාමාන්‍ය දෙයක්ද? (බ)
විජිත් Monday, 23 November 2015 10:17 AM
හමුදාවේ අයටවත් පොලිසියේ අයටවත් " මිනි මරන්න " ලයිසන් " දීලා නැහැ .ඒ අය කාව හරි මැරුවොත් ඒ අය " මිනීමරුවෝ " වෙනවා. විරවංශ " ජේ වී පි එකේ " හිට් මෑන් " වෙලා හිටපු කාලයේ කරපු වැඩ අපි දන්නවා (බ)
ලුම්බිණි Monday, 23 November 2015 05:37 AM
ඒ කියන්නේ ප්‍රගීත් එක්නැලිගොඩට මොනවා වුණත් කමක් නැහැ කියලද? (ම)
රවී Monday, 23 November 2015 10:56 AM
රට බේරාගත් රණවිරුවන් රැකීම අප සියලු දෙනාගේ යුතුකමකි. (ර)
පද්මිණි Monday, 23 November 2015 06:03 AM
මොවුන් සැකකරුවන් පමණයි වැරදිකරුවන් නොවෙයි කියලා කවුරුවත් කිවේ නැහැ? (ම)
රංජිත් Monday, 23 November 2015 11:31 AM
උසාවියටත් අපහාස වෙන දේවල් මෙයාල කරන්නේ නීතියට ඉඩක් දීල හිටිය නම් නේද හොද නැතිනම් මේ අයත් මේ අතුරුදහන් කිරීම් වලට සම්බන්ද ඇති (බ)
රොමියෙල් Monday, 23 November 2015 06:14 AM
තමුන්ගේ රාජකාරිය නිසි පරිදි කළ සහ කරමින් සිටින රණවිරුවන් හට අප ගෞරවයෙන් ස්තුති කළ යුතුය. එලෙසම හමුදා නිල ඇඳුමට මුවාවී භයානක අපරාධ සිදු කොට හමුදාවේ නම කැළැල් කරන්නන් නීතිය ඉදිරියට පැමිණ විය යුතුය (ම)
ජුඩ් Monday, 23 November 2015 06:14 AM
සිර ගෙය රණවිරුවන්ටද ?, වැරදිකරුවන්ටද ?. අපි මෙය නිවැරදිව තේරුම් ගතයුතුයි. (ම)
කුමාර් (ගල්ෆ්) Monday, 23 November 2015 06:24 AM
භයානක අපරාධ සිදු කළේ කාගේ වුවමනාවටද? එයාලය් නීතියට ගෙන්න ඕනෑ, (ම)
ඉසුරන්දි Monday, 23 November 2015 06:32 AM
ඔතන ඉන්න අයගෙන් කාගේ හරි හිතවතෙකුට අභිරහස් ලෙස මරණයක් වෙලා තිබ්බනම් ඔහොම බිම දිගාවෙලා ජවුසන් නටයිද? (ම)
නවුෂි මහරුෆ් Monday, 23 November 2015 06:35 AM
ඇතැම් දේශපාලුවන් අපේ රටට නින්දාවක් (බ)
චරිත් මාලක කුලසේකර Monday, 23 November 2015 06:35 AM
කිහිප දෙනෙකු නිසා අපේ රණවිරුවන් සියලු දෙනා වරදකරුවන් වීමට දිය නොහැක. මොවුන් උත්සහ ගන්නේ තම පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම විනා අන් කිසිවක් නොවේ. මේවට හුමිටි තියන අපේ සහෝදරයන්ගෙන් අසන්නට ඇත්තේ සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගත් පමණින් ඔවුන් වැරදි කරුවන් වන්නේ නැතැයි කියා ඔබ දන්නේ නැතිද කියයි? (බ)
හේමන්ත Monday, 23 November 2015 06:36 AM
එතකොට වීරවංශ කියන්නේ හමුදාවේ අයට නිරායුද මිනිස්සු මරන්න අවසර තියෙනවා කියලද ? (බ)
ඩිල්ෂාන් Monday, 23 November 2015 06:36 AM
මොකක් හෝ බොරු හේතුවක් අරගෙන රණ විරුවන් හිරේ යවන්නේ ඇයි කියා හිතලා බලන්න. මේ කරන්නේ කොයි රටේ කොන්ත්‍රාත්තුවක්ද? (බ)
චන්ද්‍ර පැරිස් Monday, 23 November 2015 06:51 AM
අඩුම තරමේ ඔය අල්ලන් ඉන්න බෝඩ් එකේ වත් මොනාද ලියලා තියෙන්නේ කියලා බලලා නැතුව ඇති (ම)
ඉන්දික Monday, 23 November 2015 06:52 AM
රටේ නිදහස වෙනුවෙන් මිනිසුන් නැගී සිටිය යුතුයි. ලංකාවේ නිදහස විනාස කරන්න බලන පාර්ශව ගොඩක් ඉන්නවා. (ම)
අසාද් Monday, 23 November 2015 07:20 AM
අපරාධ කවුරු කළත් අපරාධම තමයි.අනික වීරවංස කියන්නේ කවුද කියල මුළු ලංකාවම දන්නවා.එත් පුදුමේ කියන්නේ ජන්දෙන් දිනන එකනේ.(ම)
ජනක Monday, 23 November 2015 07:36 AM
රොහාන්, අපේ රටේ විතරක් නෙවෙයි, අපේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ එ්ක (බ)