පරණ ගුවන් ගමන් බලපත්‍රයකින් ඩුබායි බලා යෑමට කටුනායක ගුවන්තොටට පැමිණි බව කියන ජාතික නිදහස් පෙරමුණේ නායක සහ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ගුවන්තොටුපොළ රහස් පොලිස් පරිශ්‍රයේ රඳවාගෙන පරීක්ෂණ පවත්වන බව ගුවන්තොටුපොළ ආරංචි කියයි.
අද පෙරවරු 9.30ට පමණ සිට ඔහු රඳවා ගෙන ඇතැයි එම ආරංචි පවසයි.
රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය නැති වූ බව කියමින් තවත් ගමන් බලපත්‍රයක් ලබා ගෙන ඇති බවත්, එහෙත් වීසා සටහන් සහිතව ගුවන් තොටුපොළට ඉදිරිපත් කර ඇත්තේ නැති වූ බව කියන බලපත්‍රය බවත්, ඒ ගැන ප්‍රශ්න කිරීමට වීරවංශ මහතා රඳවා ගත් බවත් පොලිස් ආරංචි කියයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.
අනුර කුමාර දිසානායක මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 32295 ක් ලබා ගත්තේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විමල් වීරවංශට ඩුබායි යන්න බැරිවේ
දුමින්ද Friday, 23 October 2015 07:42 AM
අදත් මේ රටේ ලොකුම ජාතික ගැටලුව මේකද (බ)
මාගලී ෆෝ්‍න්සේකා Friday, 23 October 2015 07:50 AM
එතකොට අවලංගු ගමන් බලපතකට ඩුබායි විසා ගන්නේ නෑනේ ?විසා එකත් හොර එකක් වගේ (බ)
රකිත Friday, 23 October 2015 05:07 AM
පහුගිය දවස් වල කිව්වා නේද ඩොලර් මිලියන 50 හේ 100 යේ ඒවායින් තැන්පත් කරපු ඩුබායි ගිණුම් ගැන. මේවයේ පරීක්ෂණ කරලා වැරදිකාරයො හෙළි කරන්නේ කවදද? (බ)
ධර්ම ජයවික්‍රම Friday, 23 October 2015 05:13 AM
පරණ ගුවන් ගමන් බලපත්‍රයක් බව නොදැන නම් මෙතුමා ලියු පොතේ ඇතුලත් කරුණු ගැනත් අපිට සැකයි.රාජ්‍ය තාන්ත්‍රික ගමන් බල පත්‍රය නැතිවීම සම්බන්ධයෙන් නිසි දැනුවත් කිරීම් කර නැත්ද? (ම)
සරසි Friday, 23 October 2015 05:25 AM
කොහොමත් ඉතින් සමහරු හරි දක්ෂයිනේ කල් ඉකුත්වුණ දේවල් වලට අඩුවෙන් ආයුෂ එකතු කරලා තිරිහන් කරලා ලෝකෙටම පෙන්නුම් කරන්න. (නි)
අතුල Friday, 23 October 2015 05:38 AM
අයියෝ විමල් ඒ ගමන මොකක්ද මේ? (නි)
ටෙෂාන් Friday, 23 October 2015 05:41 AM
සුළු අතපසුවීම් ඉතින් කා අතිනුත් වෙනවනේ අනේ! (නි)
රතුගම Friday, 23 October 2015 05:41 AM
නීතිය කාටත් සමාන වියයුතුයි. වැරැද්දක් කරලා නම් දඩුවම් දෙන්න ඕනෑ. (නි)
නිලම් Friday, 23 October 2015 05:46 AM
යවන්න එපා එනනේ නැති වෙයි ආයේ (ම)
ගාමිණී Friday, 23 October 2015 05:56 AM
කට විතරයි බලනකොට. වැඩ නම් ඉතින් පේනවනේ... (නි)
ගිහාන් Friday, 23 October 2015 06:26 AM
කමක් නැහැ. වරදක් කරලා නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)