IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘‘විමල් වීරවංශලාට ජන පදනමක් නෑ‘‘

‘‘පලනි දිගම්බරන් මහතා සුළු පක්ෂ නායකයකු වුවද තමන්ගේ පක්ෂයේ මැයි රැලිය තනිවම සමරනවා. එහෙත් විමල් වීරවංශලට, දිනේෂ් ගුණවර්ධනලාට එහෙම කරන්න බැහැ. විමල් වීරවංශලාට ජනපදනමක් නැතිනිසා මහින්ද රාජපක්ෂ ඉදිරියට දමාගෙන ඔවුන්ගේ ගොඩ වැඩි කර ගැනීමේ අසාර්ථක උත්සාහයක යෙදෙනවා. ඉතිහාසයේ වුණේ ඔය විදිහටමයි. සුළු පක්ෂ  ප්‍රධාන පක්ෂ කඩන්න කුමන්ත්‍රනය කිරීමයි. අද වෙන්නෙත් ඒ දෙයමයි.‘‘ යැයි උතුරුමැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා පැවසීය.

‘‘විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමේ දේශපාළන බංකලොත්භාවය තමයි මේ ප්‍රදර්ශනය කරන්නෙ. කන්න අවශ්‍ය වුනාම කබරගොයත් තලගොයා කරගන්න මේ අය දක්ෂයි. ඉස්සර නරක අය දැන් හොඳ වුණේ කොහොමද කියා මේ අය ජනතාව ඉදිරියට ඇවිත් ප්‍රකාශ කළ යුතුයි.   හිටපු ජනාධිපතිවරයාගේ පරාජයට වගකිව යුතු බව කියූ බැසිල් රාජපක්ෂ මහතා අද ඒකාබද්ද විපක්ෂයේ කියාගන්නා පිරිස මෙහෙයවන ප්‍රධානියා ලෙස කටයුතු කරනවා. ඔය කණ්ඩායම ගිණිකන්දක් වගේ පුපුරන දවස වැඩි ඈතක නැහැ.

අපි කියන්නේ අපේ පක්ෂයේ වැඩ අපිට බලාගන්න දීල ඒගොල්ලන්ගේ පක්ෂෙ වැඩ බලාකියාගෙන ඉන්න කියලයි. මැයි පළමු වැනිදා කියන්නේ කම්කරුවාගේ දිනයයි. කම්කරු ජනතාව වෙනුවෙන් දැක්මක් සෑම දේශපාළන පක්ෂයකටම තිබෙනවා.  ‘‘

 

 



අදහස් (0)

‘‘විමල් වීරවංශලාට ජන පදනමක් නෑ‘‘

නන්ද Wednesday, 27 April 2016 05:07 PM

ජනපදනමක් නොවෙයි, එයාලටයි එයාලගේ වැඩවලටයි මොන පදනමක්වත් නැහැ කියලයි මිනිස්සු කියන්නේ.(හේ)

:       0       0

විජේ Wednesday, 27 April 2016 09:31 PM

රාජපක්ෂ මහත්තයා ඒ දවස්වල වැඩි බලතල දුන්නේ තමාගේ පක්ෂයේ අයට නොවෙයිනේ. අනිත් පක්ෂ වලින් එළවපු තනියම ඡන්දෙ ගන්න බැරි අයටනේ (නි)

:       0       0

නිමල් ලලිත Thursday, 28 April 2016 01:47 AM

දෙමල ජාතිකයන්ගෙන් වැඩිම දෙනෙක් තනි තනිව ගියත්, පක්ෂ වශයෙන් ගියත් යන්නේ එකම ඉලක්කයකට. නමුත් බොහෝ සිංහල දේශපාලුවෝ යන්නේ සිංහලයා බේද බින්න කරමින් බදගෝස්තරවාදයට. (නි)

:       0       0

අප්පුහාමි Thursday, 28 April 2016 01:56 AM

ඉතින් මහින්දට ඔච්චර ජන බලයක් තියෙනවා නම් අලුත් පක්ෂයක් හදන්න ඔච්චර බය මොකද? (නි)

:       0       0

පියුමාල් Thursday, 28 April 2016 02:02 AM

කාගෙ කාගෙත් කතා විතරයි (නි)

:       0       0

රොහාන් Wednesday, 27 April 2016 12:07 PM

එහෙනම් කට්ටියම බයවෙලා මොකද (බ)

:       0       0

රෝහිත සමරකෝන් Wednesday, 27 April 2016 12:15 PM

ඇයි දෙයියනේ මෙච්චර අඬන්නේ..? ඒ මිනිස්සුන්ට බය නැත්තන්, ඒ අය තමුන්ට තර්ජනයකුත් නෙමෙයිනන් පාඩුවේ ඉන්නකෝ ......(හේ)

:       0       0

විපුල Wednesday, 27 April 2016 12:25 PM

දැන් නැවත මඩ ව්‍යාපාරය පටන් අරන් දැනටම බය වෙලා කිරුළපන රැළියට තියන ජන බලය දැකලා (හේ)

:       0       0

තිස්ස Thursday, 28 April 2016 03:45 AM

ඒකනායක පක්ෂ කට විතරයි වැඩ නැහැ ජීවත් වීමේ ප්‍රයෝග තමයි කරන්නේ .මුන් දියවන්නාවට එවපු උන් දියවන්නාවේ ගිල්වන්න ඕනේ (බ)

:       0       0

චතුරි නිව්යෝක් Wednesday, 27 April 2016 01:31 PM

ඇමරිකාවේ ඉන්න හිගන්නෝ අලුත් විදියකට හිගකන්න පුරුදුවෙලා බල්ලෙක්ව හරි පුසේක්ව ළගින් තියාගෙන බෝඩ් එකක ලියල තියෙනව මෙයාට කන්න නැහැ ඒ සතාට තියෙන ලෙඩකුත් ලියනවා මිනිස්සු පුදුම විදියට මුදල් දෙන්නේ ඒසතාට ආදරේ නිසා විමල් ,ගම්මා මේ දෙන්නගෙත් සෙල්ලම එකයි (බ)

:       0       0

තුසිත Thursday, 28 April 2016 04:55 AM

ජන පදනමක් ඇද්ද නැද්ද කියලා ඔබගෙත් විමල් වීරවංසගෙත් රැස්වීම් දෙකක් තියෙලා බලන්න කාගේ රැස්වීමටද වැඩිය සෙනග රැස් වෙන්නේ කියලා මේවා දුතට කියන කතා (බ)

:       0       0

හිමාල් Wednesday, 27 April 2016 02:25 PM

පරපෝෂිතයෝ (බ)

:       0       0

පරාක්‍රම Wednesday, 27 April 2016 02:56 PM

මේ පරපුටුවන්ගේ වැඩ නිසා මහින්ද ගැන හරි දුකක් හිතෙනවා අනේ. හරි පව් අනේ. (බ)

:       0       0

ජගත් Wednesday, 27 April 2016 04:15 PM

කතාව නම් ඇත්ත ...(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1527 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1623 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1245 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1905 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 576 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 279 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38310 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25237 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site