(නිමන්ති රණසිංහ)
මොටර් රථ ප්‍රවාහන අධිකාරියෙන් නිකුත් කරන අංක තහඩුවලට සමාන ව්‍යාජ අංක තහඩු සකස් කරන ස්ථානයක් පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනෙක් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සැකකරුවන් අදාල අංක තහඩු නවීන මොටර් රථ සදහා සවි කිරීමේ කටයුතු කරමින් සිටින බවට විශේෂ කාර්ය බලකා මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 36ක සහ 39 ක පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවන් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
බොලෙරෝ රථයක්, ලැප්ටෝප් පරිගණක යන්ත්‍රයක්, වර්ණ මුද්‍රණ යන්ත්‍රයක්, පෙන් ඩ්‍රයිව් දෙකක්, ව්‍යාජ අංක පුවරු 02 ක්, සීල් 01 ක්, රාජ්‍ය ලාංඡනය සහිත ස්ටිකර් 153 ක් සහ එම් ඕ ඩි ලෙස සඳහන් ස්ටිකර් කාඩ්පත් එකක් සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බව ද විශේෂ කාර්ය බලකාය පවසයි .
අත්අඩංගුවට ගත් භාණ්ඩ සහ සැක කරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුලතිව් පොලිස් ස්ථානය වෙත භාර තුන් බව ද පොලිසිය සඳහන් කරයි . විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ පුදුකුඩුඉරිප්පු කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක යූ.වී.සී.ටී. විජේරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කරනු ලැබූහ.
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ව්‍යාජ අංක තහඩු සැකසූ දෙදෙනාට වැඩ වරදී