(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
හොරණ ගොඩැල්ල ප්‍රදේශීය පවත්වාගෙන ගිය යතුරු පැදි වලට ව්‍යාජ අයුරින් චැසි හා එන්ජින් අංක කොටන ස්ථානයක් වටලා එන්ජින්,චැසි, අමතර කොටස් මෙන්ම එම අංක කෙටීමට උපයෝගී කර ගත් උපකරණ සමග පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි .
එම සැකකරුවන් සමඟ රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා යතුරුපැදි වල එන්ජින් 10ක්, චැසි දෙකක්, අමතර කොටස් රැසක්, ග්‍රයින්ඩරයක්, අංක තහඩු දෙකක් ඇතුළු උපකරණ රැසක් පොලිසිය බාරයට ගෙන ඇත .
යතුරුපැදියක් නැති වූ බවට පිළියන්දල පොලීසියට ලද පැමිණිල්ලකට අදාළව විමර්ශන සිදු කිරීමේදී පිලියන්දල පොලිසියේ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් විශ්වනාත් මහතාට ලද රහසිගත තොරතුරකට අනුව හොරණ ගොඩැල්ල ප්‍රදේශයේ මෙම ස්ථානය වැටලූ බව පොලිසිය කියයි .
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ව්‍යාජ චැසි හා එන්ජින් අංක කොටන ස්ථානයක් හොරණින් අල්ලයි
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 17 June 2020 07:50 AM
මේ සිදුකළ අගනා ක්‍රියාවට ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් විෂ්වනාත් මහතාව වහාම සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස්කොට ත්‍යාගයක්ද ලබාදිය යුතුයි. අනෙකුත් සියලුම නිලධාරීන්ටද, උසස්වීම් හිමිවිය යුතුයි. එයින් අනෙකුත් නිලධාරීන්ද දිරිමත් වෙයි. පොලිස් සේවයේ සිටින මෙවන් අගනා නිලධාරීන්ට අපගේ ස්තුතිය...!
Mahesh Wednesday, 17 June 2020 08:23 AM
නියමයි. ඔය වගේ අයව එල්ලන්න ඕනෑ. මිනිස්සු කොච්චර මහන්සි වෙලාද වාහනයක් ගන්නේ..? තව දෙයක්... බොහෝමයක් රටේ කාර් සේල්වල තියෙන්නේ ජපානේ හැප්පිලා විනාශ වුණු වාහන... ලස්සනට උඩින් හදලා මිනිස්සුන්ව අන්දලා මේවා විකුණනවා. නිකමට හරි ඔක්ශන් ලිපි පරීක්ෂා කරලා බැලුවේ නැතොත් මිනිස්සු අමාරුවේ වැටෙනවා. මේ කාර් සේල් ඒවත් වටලා පරීක්ෂා කරන්න. හොර කාර්සේල් කාරයෝත් එල්ලන්න ඕනෑ..
DharmasiriWednesday, 17 June 2020 10:12 AM
සහතික ඇත්ත. මම මේ සම්බන්ධව ඕනෑතරම් ලියලා ඇති. ජපානයේ ආර්. ග්‍රේඩ් එකේ වාහන ලාබෙට අරන් හදලා එවනවා ලංකාවට... මේ සඳහා ලංකාවෙන් ගිය මිකැනික්ලා ඕනෑතරම් එහෙ යාඩ්වල ඉන්නවා. ලංකාවේ නමගිය ලොකුම කාර් සේල්වල ඉඳන් පොඩිම එක දක්වා මේ හොර වැඩේ කරනවා. අන්තිමේ හැප්පුණාම එයාර්බෑග් වැඩකරන්නේ නැහැ. අපරාදෙ ජීවිත සහ සල්ලි...
Anzar Wednesday, 17 June 2020 12:31 PM
තව ඕකට ප්‍රසිද්ධ තැනක් තියෙනවා නාරම්මල ටවුමේ...
KamalkapilaThursday, 18 June 2020 04:24 PM
ටවුමෙ නෙමෙයි.. ඇයි නම කියන්න බයයිද?