IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ව්‍යාජ මයික්‍රොසොෆ්ට් මෘදුකාංග බම්බලපිටියෙන්

බම්බලපිටියේ ස්ථාන හතරක ව්‍යාජ මයික්‍රොසොෆ්ට් ලැප්ටොප් හා නිෂ්පාදන අලෙවි කරතියි කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට පැමිණිලි කළේය.

බම්බලපිටියේ පරිගණක සාප්පුවක මයික්‍රොසොෆ්ට් සමාගමේ නිලධරයන්ද සමග සිදුකළ සෝදිසියකදී වින්ඩෝස් 7 හා 8 මෙහෙයුම් මෘදුකාංග අලෙවිකරන බවත් එය බුද්ධිමය දේපළ පනත කඩකිරීමක් බවත් පොලිසිය උසාවියට දැන්වීය.

බම්බලපිටියේ සාප්පු හතරකින් මයික්‍රොසොෆ්ට් සමාගම ලැප්ටොප් 4ක් මිලටගත් බවත් ඒ හතරම ව්‍යාජ මෙහෙයුම් පද්ධති සහිත ලැප්ටොප් බවත් එම පරිගණක පොලිසියට බාරදුන් බවත් අධිකරණය එම ලැප්ටොප් වාර්තාවක් ලබාගැනීම සඳහා මොරටුව සරසවියට යොමු කළ බවත් පැවසීය.

වැඩිදුර විභාගය ජනවාරි 21 වැනිදාට කල් තැබිණි.



අදහස් (0)

ව්‍යාජ මයික්‍රොසොෆ්ට් මෘදුකාංග බම්බලපිටියෙන්

විදාන Thursday, 17 December 2015 02:54 AM

දැන් හොරබඩු හැමතැනම (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 17 December 2015 03:38 AM

එහෙනම් ඉතින් ලංකාවෙ පරිගණක පාවිච්චි කරන්නන්ගෙන් 90% කටම නඩු දාන්න වේවි..අද ලංකාව තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රයේ යම් දියුණුවක් ලබලා තියෙනවා නම් එකට පළමු හේතුව මේ හොරකම සහ කොරියානු භාවිතා කළ පරිගණක වෙළද පොළ..වැරද්දක් වුනත් හොරකමක් වුනත් මේ හොරකම සාධාරණ හොරකමක්..උහුලන්න බැරි ගණන් වලට මෘදුකාංග අලෙවි කරලා බිලියනපතියන් වුනු බිල් ගේට්ලට අපේ පුංචි දුප්පත් රටේ දුප්පත් මිනිසසු පරිගණක සාක්ෂරතාව වෙනුවෙන් කරන මේ හොරකමෙන් වෙන පාඩුවක් නැහැ ව්‍යාපාර වැටෙන්න තරම්..කොහොම වුනත් මේක ගැටළුවක් වෙනවා නම් සියල්ලන් නිදහස් මෘදුකාංග වෙත යොමු කරවීම සහ හැකිතාක පාසල් සහ සරසවි අධ්‍යාපනයේදී ලබන ප්‍රයෝගික දැනුම එම මෘදුකාන්ගයන්ගෙන් ලබා දීමට කටයුතු කරවීමට රජය මැදිහත් වීම වැදගත්.ගේට්ලගේ ආඩම්බර නොබලා ඕනෑම දෙයක් නිදහස් මෘදුකාංග භාවිතයෙන් දන් සිදු කරන්න පුළුවන්..සාමාන්‍ය පෙළ තොරතුරු සන්නිවේදන නව නිර්දේශයේදී මේකට හොද අඩිතාලමක් දාල තියෙනවා.. (හේ)

:       0       0

සෑම් Thursday, 17 December 2015 10:47 AM

අනේ අපේ මෝඩ පොලිසියට තිබ්බේ නොදැක්ක වගේ ඉන්නනෙ. මම කියන්නේ ඔක්කොම සොෆ්ට්වෙයාර් හොර කොපි අපිට ගන්න පුළුවන් වෙන්න ඕනි එහෙම නැතිනම් පාසල් වල වින්ඩෝස් උගන්වන එක නවත්තල ලිනක්ස් උගන්වන්න ඕනි (බ)

:       0       0

රාධා Wednesday, 16 December 2015 02:33 PM

ලංකාවේ තියෙන මෘදුකාංග බොහොමයක් අනවසර පිටපත් කරන ලද ඒවා . මක්නිසාදයත් නියම මෘදුකාංග වල මිල සමග පරිගණක විකිණීමේදී අඩු මිලට දීමට නොහැක (බ)

:       0       0

නාමල් Thursday, 17 December 2015 04:28 AM

වින්ඩෝස් 10 ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න යූකේ යන්න එපා (බ)

:       0       0

සෙනෙවි Wednesday, 16 December 2015 04:54 PM

එක එක්කෙනාගෙ ආඩම්බර බලන්නෙ නැතුව නොමිලේ ලැබන "ලිනක්ස්" වලට හැරුනා නම් ඉවරයි (නි)

:       0       0

තාරක Thursday, 17 December 2015 04:54 AM

වින්ඩෝස් 10 නොමිලේ දෙන්නේ වින්ඩෝස් 7,8 අව්‍යාජ පිටපත් භාවිත කරන්නන්ට පමණයි. ලිනක්ස් භාවිත කරන්න. ආරම්භයක් හැටියට උබුන්ටු හෝ මින්ට් වැනි ලිනක්ස් වර්ග දෙකෙන් එකක් භාවිත කරන්න. නොමිලේ මේවා අන්තර්ජාලයෙන් ගත හැකි අතර යාවත්කාලීන කිරීමටද හැකිය. (ම)

:       0       0

සමන්ති Thursday, 17 December 2015 01:25 PM

ලිනක්ස් ඕ එස් ඉගැන්නුවත් අනිත් මෘදුකාංග ගන්න ඕනනේ (බ)

:       0       0

ගොඩගේ Wednesday, 16 December 2015 05:22 PM

පරිගණක භාවිතාකරන්නන් හට කියන්න ඇත්තේ නිකම් හොර දේවල් වලට අසුනොවී, දැන් ඔබට නොමිලේ වින්ඩෝස් 10 මයික්‍රොසොෆ්ට්, මෙහෙයුම් මෘදුකාංගය බාගත හැකිය. එය 2015 ජුලි මස සිට නොමිලේ නිකුත්කර ඇත. වින්ඩෝස් 7 හා 8 ඇති අයට එය ඉතා පසුවෙන් අප්ඩේට් කරගත හැකිය. විස්තර අන්තර්ජාලයට ගොස් ලබාගන්න. (නි)

:       0       0

විජේසුන්දර Wednesday, 16 December 2015 05:59 PM

අපේ රටේ හැටිනේ ඉතින්... (නි)

:       0       0

ආනන්ද Wednesday, 16 December 2015 06:56 PM

ලයිසන් කළ 'සොෆ්ට්වෙයාම' ගන්න සිද්ධවුණොත් ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ආපසු පහළ බහිනවා. ඒ ගැනත් වගකිවයුත්තන් අවධානය යොමුකරන්න වෙයි. (නි)

:       0       0

ප්‍රමිලා Thursday, 17 December 2015 01:17 AM

මේවායේ මිල ගණන් අඩුද දන්නෙ නැහැ (නි)

:       0       0

සරත් Thursday, 17 December 2015 02:14 AM

ලිනක්ස් පාවිච්චි කරන්න. ගොඩක් දේවල් ඉගෙනගන්නත් පුළුවන්. වෛරස් ඇත්තෙත් නැහැ. (නි)

:       0       0

තුසිත Thursday, 17 December 2015 02:19 AM

විවෘත මෘදුකාංග වලට යොමුවන්න. පිළිතුර එ්කයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 170 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 56 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 1114 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 438 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1109 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 220 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30063 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23666 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 136 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 415 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site