IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ව්‍යාජ සහතික පත්‍ර ඉදිරිපත් කළ ලාංකිකයන්ට ඉතාලියේදී වැඩ වරදී

( ෂමින් පණ්ඩිතරත්න - ඉතාලියේ සිට)

වෙන්නප්පුව ප්‍රදේශයේ විදේශ සහතික පරිවර්තන ඒජන්සියකින් සැකසූ, ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයේ ව්‍යාජ මුද්‍රා සහිත සහතිකපත් ඉදිරිපත් කරමින් ඉතාලිය පුරවැසිභාවය ඉල්ලුම් කළ ශ්‍රී ලාංකිකයන් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අපරාධ නීතිය යටතේ නඩු පවරා ඇත.

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් තම පවුලේ සාමාජිකයන් ගෙන්වා ගැනීමට වීසා ඉල්ලුම්පත් සැකසීමේදීද,  එරට පුරවැසිභාවය ඉල්ලුම් කිරීමේදීද හා වෙනත් අවස්ථාවලදී ද තම උපැන්න , විවාහ, පොලිස් වාර්තා සහතික හා අනෙකුත් සහතික පත්‍ර ශ්‍රී ලංකාවේ පිහිටි ඉතාලි තානාපති කාර්යාලයෙන් නීතිගත කිරීම සාමාන්‍යය ක්‍රියාපටිපාටිය වේ.

මෙම සහතික පත් නීතිගත කිරීමේදී  ඉදිරිපත් කළ යුතු අදාළ ලියකියවිලි සැකසීමෙන් සිදුවෙන නොයෙකුත් අපහසුතාවයන් නිසාත් තම පවුලේ සාමාජිකයෙක් හෝ වෙනත් පුද්ගලයකු ඉදිරිපත් කිරීමට නොහැකියාව නිසාත් ඉතාලි ශ්‍රී ලංකා තානාපති කාරයාලයෙන් නම් කර ඇති VSF ආයතනයට අදාළ සහතිකපත් නීතිගත කිරීමට භාරදීම සඳහා වේලාවක් වෙන් කර ගැනීමේදි සිදුවන අපහසුතාවය නිසාත්, ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙරට තැ‍රැව්කාර ඒජන්සිකට හෝ අතරමැදි පුද්ගලයෙක් නම් කරමින් එම අදාල සහතික පත්‍ර නීත්‍යානුකූලව නීතිගත කරතැයි විශ්වාසය මත විශාල මුදලක් වැය කරමින් ඔවුනට පැවරීමට හුරු පුරුදු වී ඇත.

තම විශ්වාසය බිඳ හෙළමින් වංචනික ලෙස විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ මුදල් ගසා කන කූඨ ජාවාරම්කාර ඇතැම් තැ‍රැව්කාර ඒජන්සිකරුවන් එම අදාළ සහතික පත් නීත්‍යානුකූලව සකසනවා වෙනුවට ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයේ ව්‍යාජ මුද්‍රා තබමින් සකසා දී තිබීම නිසා එම අදාළ සහතික පත්‍ර පරීක්ෂා කිරීමේදී ව්‍යාජ ඒවා බවට එරට පොලිසිය විසින් හඳුනා ගනිමින් එම ශ්‍රී ලාංකිකයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරා තිබේ.

වෙන්නප්පුව ප්‍රදේශයේ විදේශ සහතික පරිවර්තන ඒජන්සියක් පවත්වාගෙන යන පුද්ගලයෙක් විසින් මෙම ව්‍යාජ සහතිකපත් සකසා දුන් බවට එම ප්‍රශ්න වලට මුහුණ දුන් ශ්‍රී ලාංකිකයන් මුලික පොලිස් පරීක්ෂණවලදී හෙළි කර ඇති බවට වාර්තාවේ.



අදහස් (2)

ව්‍යාජ සහතික පත්‍ර ඉදිරිපත් කළ ලාංකිකයන්ට ඉතාලියේදී වැඩ වරදී

Ruwan De Silva Wednesday, 12 June 2024 08:24 PM

වෙන්නප්පුව, මීගමුව, ජාඇල විතරක්ම ලංකාවේ අය ලක්ෂ ගාණක් ඉතාලියේ ඉන්නවා ඉතාලි පුරවැසිභාවය තියෙන.

:       0       1

Rohana Wednesday, 12 June 2024 10:05 PM

හොර සහතික හදන කප්පිත්තෝ ලංකාවෙ සිටින බව ඉතාලියත් දන්නේ දැන් තමයි.

:       1       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 491 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 233 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3201 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1138 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 594 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1967 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37769 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24904 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 225 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 734 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site