ලංකාවේ විවිධ ප්‍රදේශවල වෙසෙන අඩු ආදායම් ලාභි පවුල් දහසකට අධික ප්‍රමාණයකට වියළි සලාක බෙදා දීම හා පාසල් ළමුන් සදහා පාසල් උපකරණ ලබා දීමට වියට්නාමයේ Tinh Xa Buu son බෞද්ධ විහාරයේ ප්‍රධාන මෙහෙණින් වහන්සේ ප්රමුඛ මෙහෙනින් වහන්සේලා පිරික් ඉකුත් දා කටයුතු කළහ.
වර්තමාන ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික ප්‍රශ්න නිසා ලංකාවේ මින්සුන් පත් වී ඇති අපහසුතා දැක වියට්නාමයේ Tinh Xa Buu son බෞද්ධ විහාරයේ ප්‍රධාන මෙහෙණින් වහන්සේ වන Dieu Xinh සහ ඇයගේ ශිෂ්‍ය මෙහෙණින් වහන්සේ වන An dieu ප්‍රධාන පිරිස දීර්ඝ කාලයක සිට ලංකාවේ සුභ සාධන කටයුතුවල යෙදී සිටිති.
ඒ අනුව පසු ගිය දා මේ මෙහෙණින් වහන්සේ ප්රමුඛ මෙහෙනින් වහන්සේලා ලංකාවට වැඩම කළහ.
ගලහිටියාව පුරාණ විහාරස්ථානයේ දහම් පාසල් ළමුන් 300 කට පෝෂණ මලු ලබා දුන් අතර වැඩිහිටියන් සදහා වියළි සලාක බෙදා දුන්නේය. නුවරඑලියේ කදපොල ප්‍රදේශයේ සිංහල, දෙමළ හා මුස්ලිම් පවුල් 500 ක් සදහා වියළි සලාක බෙදා දීම සිදු කෙරුණි.
කොත්මලේ ප්‍රඥාප්‍රදීප විද්‍යායතනය කේන්ද්‍ර කර ගෙන වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබුණි. වියට්නාම් මෙහෙණින් වහන්සේ විසින් මෙහි දී පාසල් ළමුන් සදහා ත්‍යාග රාශියක් ලබා දීම සිදුකරන ලදි. වැඩිහිටියන් සදහා වියළි සලාක බෙදා දීම ද මෙහි දී සිදු කෙරුණි.
මේ මෙහෙණින් වහන්සේ විසින් උතුරු මැද පළාතේ සුභ සාධන ව්‍යාපෘති රාශියක් පසුගිය කාලය පුරා සිදු කරන ලදි. විශේෂයෙන් වකුගඩු අසාදිතයින් සදහා ජල පවිත්‍රකරණ වයාපෘතියක් ද (water purification project) ආරම්භ කෙරුණි. තලාව ප්‍රදේශයේ ඉදිකරන ලද මෙම ව්‍යාපෘතිය මගින් පවුල් 600 ක් පමණ ප්රතිලාභ ලබයි. අනුරාධපුර නිකුට්නෑව සහ එප්පාවල ප්‍රදේශවල අඩු ආදායම්ලාභි පවුල් සදහා නිවාස ඉදිකර දීම ද මෙයට සමගාමීව සිදු කෙරුණි.
මේ මෙහෙණින් වහන්සේ විසින් ලංකාවේ ගැබිණි මවුවරුන්ගේ පෝෂණය නගා සිටුවීම සදහා ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරනු ලැබ ඇත.
මේ අනුව අම්බලන්තොට ගල්විල රජමහා විහාරයේ විහාරාධිපති බැරගම විමලබුද්ධි නා හිමියන්ගේ අනුශාසනා පරිදි ගැබිණි මව්වරුන් සදහා පෝෂණ මලු බෙදා දීම මේ මෙහෙණින් වහන්සේගේ අනුග්‍රහාකත්වය ඇතිව සිදු කරනු ලැබිය.
වියට්නාමයේ Tinh Xa Buu son බෞද්ධ විහාරයේ ප්‍රධාන මෙහෙණින් වහන්සේ වන Dieu Xinh සහ ඇයගේ ශිෂ්‍ය මෙහෙණින් වහන්සේ වන An dieu ප්‍රධාන පිරිස දීර්ඝ කාලයක සිට ලංකාවේ සුභ සාධන කටයුතුවල යෙදී සිටිති.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වියට්නාම මෙහෙණියගෙන් අඩු ආදායම් ලාභින්ට අත හිත