IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


වියදම බිංදුවයි : ප්‍රා:ලේ කාර්යල විවෘත කිරීම චාමෙට

(රංජිත් කරුණාවීර)

මහියංගන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය නව ගොඩනැගිල්ල පසුගියදා දේශපාලඥයන්ගේ සහභාගිත්වයෙන් කිසිදු වියදමකින් තොරව මහා සංඝරත්නයේ සෙත් පිරිත් දේශනා මැද ඉතා චාම් අන්දමින් මහියංගණ ප්‍රාදේශිය ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ මහතාගේ හා ලේකම් කාර්යාලීය නිළධාරීන් ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි. 2017 වසරේ එම නව ගොඩනැගිල්ල සඳහා වැට් රහිත ඇස්තමේන්තු ගත මුදල මිලියන 140කි.

මහියංගණ නගරයට සමීපව, බදුල්ල මහියංගණ මාර්ගයේ, මහියංගණ මුලික රෝහල, ජාතික පාසල හා කලාප කාර්යාලය ආසන්නව නව ප්‍රාදේශිය ලේකම් කාර්යාල පිහිටා තිබීමද ජනතාව ලැබු පහසුකමකි.

නව දෙමහල් ගොඩනැගිල්ල ඉඩ පහසුකම් වලින් සපිරි , 800 දෙනෙකු වෙනුවෙන් ශ්‍රවණාගාර පහසුකම් සහිත විශාල ශ්‍රවණාගාරයකින් හා පැමිණෙන මහජනතාව වෙනුවෙන් සහ කාර්යාලිය නිළධාරින් වෙනුවෙන් විශාල ඉඩපහසුකම් සහිතව නිමවා තිබීමද සුවිශේෂි වේ.

එදින පෙරවරුවේ ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කර කිරි උතුරවාලීමෙන් අනතුරුව කාර්‍යාලයීය නිළධාරීන් විසින් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු ආරම්භ කිරිම ඉතාමත් සුවිශේෂී වන අතර පසුගිය කාලය පුරා අප රටේ පැවති විශාල උත්සව පවත්වා, මහජන මුදලක් වැය කර පැවැත්වු දේශපාලඥයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වු විවෘත කිරිම් වලට තිත තබා තිබීම එහිදී දක්නට ලැබිණි.

උත්සව අවස්ථාවේ කෑම මේසය සඳහා නිළධාරින්ගේ නිවාස වලින් කැවුම් කොසිස් කිරිබත් ආදී රසකැවිළි රැගෙන පැමිනීමට නිළධාරීන් කටයුතු කිරිමෙන් මෙම චාම් විවෘත කිරිමේ අවස්ථාව සඳහා රජයේ පාර්ශවයෙන් කිසිදු මුදලක් වැය නොවු බව මහියංගණ ප්‍රා දේශිය ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ මහතා පැවසීය.



අදහස් (41)

වියදම බිංදුවයි : ප්‍රා:ලේ කාර්යල විවෘත කිරීම චාමෙට

G ajith Friday, 06 December 2024 08:39 AM

මහජන මුදලින් හැදුවනම් මොකක්ද විවෘත මොකක්ද මේ විවෘත කරන්නේ?ආයතනය හදන මිනිස්සු ආයතනය හදලා ඉවර නම් ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්ය‍ලොයේ කට්ටිය ගිහින් වැඩ කරන්න ඕන. අපි ඉන්න රටේ ඩුබායිවල මංතීරු හයක පාරක් කිලෝමීටර් සීයක හදලා ඉවර වුණත් විවෘත කරලා නැත. ඊට පසුදා වාහන ගමන් කිරීමට ඉඩ දෙනවා.

:       157       45

SedirisFriday, 06 December 2024 01:41 PM

ඩුබායිවල ඕවාට වෙනම පූජා තියෙනවා. හරක් 1000ක් විතර කපලා ඒවගේ ලේ වලින් පුදනවා. ඒ අස්සේ අහිංසක ඉන්දියන් මනුස්සයෙකුත් අතුරුදන් වෙනවා. ඒ සාපවලට තමයි මැද පෙරදිග පුරාවට ලේ ගංගා ගලන්නේ...

:       31       80

Lalla Friday, 06 December 2024 08:39 AM

මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යාමට හැකියාව ලැබේවා කියල හිතමු.... අනෙක සෑම විටම සර්ව ආගමික පූජාවක් පවත්වන්න උත්සාහා කරනවා නම් යහපත්.නැතිනම් ජාතික ගීය පමණක්ම ගායනා කර ආයතන ප්‍රධානියා හෝ ඒ අවස්ථාවේ එතැන හිටින ප්‍රදේශයේ වැසියෙක් විවෘත කරන එක හොඳටම ඇති නේද?

:       104       48

Sam Friday, 06 December 2024 08:55 AM

හොඳ වැඩක්

:       4       162

prabash kularathne Friday, 06 December 2024 09:06 AM

මෙම සැරසිලි සඳහා වන බැලුම් බෝල, පිරිත් නූල්, ආදී දේ සඳහා වත් එක රුපියලක්වත් වැය නොවුණිද? මේවා මේ හුදෙක් සංදර්ශන පමණයි. කාලයත් සමග මෙවැනි විකාර අහෝසි වී යාවි.

:       136       38

Geeth MeeellaFriday, 06 December 2024 01:08 PM

ඔන්න මී හරකෙක් වැට පැන්නා. සිංහල දන්නවා නම් කියවන්න හරියට. පිරිත් නූල් පංසලෙන් ගෙනාවාලු. මල් පහන් හඳුන්කූරු පින් අතේ වැඩ නිසා මිනිස්සු ගේනවා කොහොමත්. කිරිබත් කෑල්ලක්, කොකිස් ගෙඩියක් ගෙදරකින් ගේනව කියන්නෙ මැජික් නෙවෙයි....

:       14       132

සමන් දර්ශනSaturday, 07 December 2024 08:06 AM

සින්හල, බෞද්ධ චාරිත්‍ර නැතුව වෙන ආගමක, සන්ස්කෘතියක දේවල් කළා නම් ඔබලා කියන්නේ ඒක ඒ මිනිස්සුන්ගේ අයිතිය කියලා... මොකක්ද මේ බුද්ධාගමත් එක්ක තියන වයිරය?

:       0       1

රම්බොඩ Friday, 06 December 2024 09:15 AM

ඉහළින් ආදර්ශය ආවම ඒක ව්‍යාප්ත වෙනවා.

:       30       105

sohan Friday, 06 December 2024 09:25 AM

මෙන්න වැඩ. මෙහෙම දිගටම කරන්න. රටේ ජනතාව මේවා අඟය කරාවී.

:       6       107

සෙනෙවිරත්න Friday, 06 December 2024 09:30 AM

මම දැක්කා කෙනෙක් ඔතනට කැඳවන නැටුම් කණ්ඩායම්වලට ආදායම් නැතිවීම ගැන කනස්සල්ලෙන් කතා කරනවා. හැබැයි ඒ වගේ සුළු කාරණා වලට වඩා මේ ප්‍රවණතාවය විශිෂ්ඨයි.

:       11       98

සමන් දර්ශනSaturday, 07 December 2024 08:03 AM

සින්හල බෞද්ධ චාරිත්‍ර නැතුව වෙන ආගමක සන්ස්කෘතියක දේවල් කළා නම් තොපි කියන්නේ ඒක ඒ මිනිස්සුන්ගේ අයිතිය කියලා...

:       0       1

අරවින්ද මොනරවිල Friday, 06 December 2024 09:34 AM

ඇයි පීත්ත පටිය කපන්නේ නැතුව, කිරි උතුරුවන්නේ නැතුව, කැවුම් කිරිබත් කන්නේ නැතුව ඕක ඇතුලට යන්න මොකක් හරි අමාරුවක් තියෙනවා. තවම මේ බොරු වැඩ වලින් මිදෙන්න බැරි මෝඩ මිනිස්සු ඉන්නවා. ඕවා නොකලාට කමක් නැහැ තමන්ගේ රාජකාරීය හරියට කෙරුවොත් ඔතන කිරි ඉතිරෙයි. ජනතාවගේ ආශිර්වාදය ලැබෙයි.

:       101       35

Edirisingha Friday, 06 December 2024 07:35 PM

මොනරා නටනකොට හරිම කැතයි වගේ අදහසුත් කැතයි... මෙහෙම රජයේ ඉදිකිරීම් කරනවිට දේශපාලුවෝ පැමිණීම ආරම්භ කළේ ප්‍රේමදාස ජනාධිපතිතුමා කියලා හිතෙනවා. මොකද එතුමාට වැඩක් ආරම්භ කළොත් නියමිත කාලයේ අවසන් කරන්න අවශ්‍ය වුණා දැන් වගේ කල්මැරීම් එතුමාට ඉවසන්න බැරි අසනීපයක් තිබුණා. ඉතින් මුදලක් වෙන්කලොත් මුල්ගල් තබා අහවල් දවසේ මට මේක විවෘත කරන්න අවශ්‍යයි කියනවා. ඉතින් එහෙම නිසා නිලධාරි කලට වෙලාවට වැඩට යොමුවුණා.. 1992 වර්ෂයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල ආරම්භ කළ අවස්ථාවේ එතුමා බලාපොරොත්තු වුණා.. එම කාර්‍යාල සියල්ලේම කටයුතු ජනාධිපති කාර්‍යාලයේ සිට අධීක්ෂණය කරන්න එම කටයුතු කරද්දී තමයි ඔහුගේ මරණය සිදුවුනේ...

:       0       0

සමන් දර්ශනSaturday, 07 December 2024 07:58 AM

කිරි උතුරවන එකයි පිරිත් තමා ප්‍රශ්නේ නේද…? ආගමික අන්තවාදීන් කියන්නේ අපිටද? ඔයාලාටද?

:       0       0

pj Friday, 06 December 2024 09:38 AM

මේ නෝනලා සැරසිලා ඉන්න ඇඳුම මැහුවේ මහියංගන පොලිසියෙන් වෙන්නැති නේද?

:       90       20

gamageFriday, 06 December 2024 11:16 AM

රංජිත් මහත්තයෝ වෙනසක අරුමේ කියන සිංදුව අහලා නැද්ද? ගොන් කතා කියන්න එපා. ඇයි ඒක ඒ නෝනලාට තමන්ගේ පුද්ගලික මුදලින් කරගන්න බැරිද? දැන් මිනිස්සු හරි දේ කරන්න හැඩ ගැහිලා ඉන්නේ. බහුතරය කැමති හොඳ දේ කරන්න. අවශ්‍ය වන්නේ ඒකට හරි මඟ පෙන්වීමක් හා ආදර්ශයක් විතරයි. දැන් ඒක අපේ පාලකයෝ පෙන්නලා තියෙනවා.

:       7       76

ShanFriday, 06 December 2024 12:58 PM

නියමයි

:       7       67

Saman PereraFriday, 06 December 2024 05:35 PM

බුද්ධාගම පේන්නම බෑ නේද..? බෝන් අගේන් පල්ලියෙන් නේද…?

:       7       66

Nimal Rajapakse Friday, 06 December 2024 09:44 AM

අනේ වාසනාවන්. සියලු රාජ්‍ය නිලධාරීන්ට හොඳ ආදර්ශයක්...!

:       3       66

Bandara Friday, 06 December 2024 09:48 AM

රනිල් කරපු දේවල් වල ප්‍රතිඵල දකිනකොට පුදුම සතුටක් දැනෙන්නේ...!

:       66       25

සීයාFriday, 06 December 2024 11:17 AM

ඔය සතුට අත් විදපු කොලු ගැටව් තව ඉන්නව පුතේ.

:       7       56

ranjith Friday, 06 December 2024 09:52 AM

මහජන මුදලින් නිමා කරන දෙයක් විවෘත කරන්න දේශපාලකයන් මොකටද මෙවැනි අවස්ථාවලට ලකුණු දාගන්න එන දේශපාලඥයින්ගේ ලකුණු කැපෙනවා මිසක් ලකුණු එකතු වෙන්නේ නැහැ.

:       4       43

Dilshan Friday, 06 December 2024 10:08 AM

අප බලාපොරොත්තු වූ ප්‍රධාන වෙනසක් වූයේද මෙයයි. ඇත්තෙන්ම සතුටුයි.

:       18       59

Sugath Friday, 06 December 2024 12:51 PM

බයියෝ සහ ටොයියෝ - " රිබන් ගන්න සල්ලි කොහේද" ?

:       14       35

පිටිගල මිලානෝ Friday, 06 December 2024 12:57 PM

මහා හොරාගේ චින්තනයට අනුව, දෙවැනි හොරාගේ යෝජනාවකට, තුන්වැනි හොරාගේ අනුග්‍රහයෙන් , විවෘත කරන්න ආව හොරුසෙට් එකක නම් ලියවෙන සාටක රූප ඇදපු බෝඩ් එකත් නෑ වාගේ….

:       27       21

නන්දන පනා-මිලානෝ Friday, 06 December 2024 01:26 PM

සිමෙන්ති, වැලි, යකඩ දමා හදපු බිල්ඩිමකට පිරිත් කියා බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? එකම ඇදුම ඇදගත්ත අය ඉන්නේ විකට ඇදුම් තරගෙකුත් තිබ්බද? අලුතෙන් විවෘත කළේ මෙච්චර කල් කාටවත් යන්න බැරි විදියට වහලාද තිබ්බේ? රාජකාරියෙන් බැහැරව මේ කටයුත්තට සහබාගි වුණ අයට එම කාලයට පඩි ගෙවනවාද?

:       81       9

වසන්ති Friday, 06 December 2024 01:53 PM

අළුතෙන් බිල්ඩිමක් මහජන මුදලින් හදාගෙන මහජන සේවය පසෙක දා මහජන සේවකයින් ඇඳුම් සෙල්ලම් දමමින්, කෑම කමින්, කිරි උතුරවමින් ඉන්න ගමන් පිරිත්ද අහනවා. පුදුම රටක්…!

:       37       13

ඩිනේශ් පෙරෙරාFriday, 06 December 2024 05:28 PM

බුද්ධාගම පේන්නම බෑ නේද..? බෝන් අගේන් පල්ලියෙන් නේද…?

:       3       54

සමන් දර්ශනSaturday, 07 December 2024 07:55 AM

කිරි උතුරවන එකයි පිරිත් තමා ප්‍රශ්නේ නේද…? ආගමික අන්තවාදීන් කියන්නේ අපිටද ඔයාලටද…?

:       0       0

Lekamge Friday, 06 December 2024 02:41 PM

මම එක්තරා ඉපැරණි දෙපාර්තමේන්තුවක පළාත් කාර්‍යාලයක අනූව දශකයේ මැද භාගයේ සේවය කලා කුලී ගොඩනැගීලිවල සිටින අතරේ දෙපාර්තමේන්තුව විසින් අලුතෙන් ගොඩනැගිල්ලක් හදලා ඒකේ සේවා ආරම්භ කරන්න කිසිම කෙනකුට ආරාධනා කලේ නැහැ අඩුම තරමින් දිස්ත්‍රික් කාර්‍යාලයේ නිළධාරින්ට වත් කිව්වෙ නැහැ

:       1       37

Pubudu Amarasekara Friday, 06 December 2024 03:01 PM

වියදම් අවම කරමින් කාර්‍යක්ෂම රාජ්‍ය සේවයක් ජනතාවට ලබාදෙන්න, ගොඩනැගිල්ල අලුත් වුණත් ඉලක්කයක් නැතුව දුවන රාජ්‍ය ආයතන නියාමනයක් කළ හැකි තත්වයකට ගේන්න පුළුවන් නම් තමයි වටින්නේ

:       1       40

විමල් ජයසිංහ Friday, 06 December 2024 03:26 PM

යහපත් අයුරින් සමාජය ක්‍රමය ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතී. යා යුතු දුර බොහෝ වූවත් ආරම්භය සත්තකින්ම සුබදායකය. කෙදිනක දී හෝ අනාගතයේ අපගේ සුන්දර මාතෘ භූමිය නිදහසේ හුස්ම ගනු ඇතැයි මාගේ එකම ප්‍රාර්ථනයයි.

:       4       30

සමන් Friday, 06 December 2024 04:08 PM

බල්ලෝ බිරුවාට කඳු පාත් වෙන්නේ නැත. මේ වෙන වෙනස දිහා බලා ඉන්න බැරි කුහකයෝ

:       16       15

Saman pereraFriday, 06 December 2024 05:47 PM

බුද්ධාගම පේන්නම බෑ නේද..? බෝන් අගේන් පල්ලියෙන් නේද?

:       0       0

ඩිනේශ් පෙරෙරා Friday, 06 December 2024 05:26 PM

LTTE ඩයස්පෝරා අන අකුරටම ජයමන්ගල ගාථා, පිරිත්, පොල්තෙල් පහන , පන්සිල් කිසිවක් නෑ… මෙයා පිටිපස්සේ ඉන්න පල්ලිවල අය සහ LTTE ඩයස්පෝරා ඔවුන්ගේ ඉල්ලීම් අකුරටම...

:       9       47

Danuja Friday, 06 December 2024 11:22 PM

සමන් ඔයා කන්නේ හාල්, පොල්නම් වෙන්න බැහැ...

:       0       0

Magi Saturday, 07 December 2024 05:54 AM

මෙතන කවි ලියන අය කවි ලියන්නේ හාල් පෝලිමේ හිටගෙන ඉන්න ගමන් වෙන්න ඇති.. මෙහෙමත් වහල්ලු...

:       0       1

Nimal Saturday, 07 December 2024 06:11 AM

ලංකාවේ මෝඩ මිනිස්සුන්ට දියුණු වෙන්න බැරි මූලික හේතුව මේ කමෙන්ට් වලින් පේනවා. ගොන් හරක් වගේ එකිනෙකාට බැනගන්න එක විතරයි කරන්නේ. මෙලෝ රටට යහපත් දෙයක් ඇත්තටම කරන්න බලන්නේ නෑ...

:       1       0

පප්ප Saturday, 07 December 2024 08:02 AM

මේ තමයි අපි බලාපොරොත්තු වූ වෙනස, එය සිදුවෙමින් ඇත...!

:       1       0

කපිල හේවා Saturday, 07 December 2024 08:13 AM

ජෙප්පන්ටයි ඔවුන්ට පස්සෙන් සල්ලි දෙන පල්ලිවල අයටයි මේ අපේ හාමුදුරුවරු ඇවිත් පිරිත් ටිකක් කියන පින්තුර වහකදුරු… සිංහල, බෞද්ධ චාරිත්‍ර නැතුව වෙන ආගමක සන්ස්කෘතියක දේවල් කළා නම් තොපි කියන්නේ ඒක ඒ මිනිස්සුන්ගේ අයිතිය කියලා… අපිද ආගම්වාදින්...? ඔයාලාද?

:       0       1

Bunny Preena Saturday, 07 December 2024 10:28 AM

බොහොම ස්තුතියි ඔහොම යමු

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අතිරේක භෝග වගාවට 15000ක සහනාධාරයක්
2025 අප්‍රේල් මස 19 46 0

යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.


තියෙන නීති මදි නම් ජාතිවාදයට එරෙහිව අලුත් නීති හදනවා
2025 අප්‍රේල් මස 19 329 0

දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.


ආණ්ඩුව මන්තර වගේ බොරුව ජප කරනවා
2025 අප්‍රේල් මස 19 183 0

මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.


කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි
2025 අප්‍රේල් මස 19 450 0

කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි


ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 1179 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


පුංචි තරුෂි ලක්මව රනින් සරසයි
2025 අප්‍රේල් මස 19 1182 0

සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 106 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 225 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 393 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site