ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රියාව අතර ගුවන් ගමන් සේවාවක් වසර 10 කට පසු අද (28) සිට යළි ආරම්භ විය.
ඕස්ට්‍රියා ගුවන් සමාගමට අයත් බෝයිං 767-300 වර්ගයේ ධී 047 දරණ ගුවන්යානය වියානා අගනුවර සිට අද පෙරවරු 7.45ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
ආරම්භක අදියරේ දී දෙරට අතර සතියකට එක් ගුවන් ගමන් වාරය බැගින් ක‍්‍රියාත්මක වන අතර ලබන අප්‍රේල් මාසයේ සිට සතියකට ගමන් වාර තුන බැගින් සිදුකිරීමට සැලසුම් කර තිබෙන බව ප‍්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වියනාවයි කටුනායකයි උඩින් එක් වෙයි
සංජීව ගමගේ-මෙස්සිනා Wednesday, 28 October 2015 11:03 PM
පිටිගල, ඔයත් ඉතාලි වල ඉන්න ඔලුව ඉදිමුණ කෙනෙක් වගේ. වෙන්නප්පුවේ හෝ වේවා, මීගමුවේ හෝ වේවා ඔක්කොම ලංකාවේ මිනිස්සු. (නි)
වෙස්ලි Wednesday, 28 October 2015 11:23 PM
සුබ ආරංචියක් (නි)
පිටබැද්දර ජයා Wednesday, 28 October 2015 12:27 PM
යහපාලානේ සුබවාදී තවත් ජයග්‍රහණයක් , ජය වේවා කිවුවා(ම)
මේනක Wednesday, 28 October 2015 12:39 PM
මෙවැනි ගුවන් ගමන් සෑම රටක් සමඟම ඇතිකර ගන්න. රටේ ආර්ථිකය ගොඩගත හැකියි. (නි)
ඉසුරන්දි Wednesday, 28 October 2015 01:26 PM
අපේ රටට තව තවත් ගුවන් ගමන් ලැබෙන්න ඕනේ. (බ)
ධර්ම ජයවික්‍රම Thursday, 29 October 2015 03:44 AM
රටවල් අතර ගුවන් ගමන් සම්බන්ධතා ඇතිකර ගැනීම ආර්ථික මෙන්ම සහයෝගිතා වර්ධනය කෙරෙහි බලපානවා. හොඳ දෙයක් (නි)
ජයන්ත Wednesday, 28 October 2015 02:28 PM
කරුණාකරලා ගුවන් යානයක් මිලානෝ සිට කටුනායකට දමන්නත් කටයුතු කරන්න (නි)
පිටිගල මිලානෝ Wednesday, 28 October 2015 03:33 PM
අපෝ ජයන්ත ඔයා හිතුවද ගුවන් ගමන් ආරම්භ කරන්නේ සමෘධි ආධාර යටතේ කියල මිලානෝ ඉඳල කටුනායකට ගුවන් යානයක් ඉල්ලන්න? මේවා අන්තර්ජාතික ව්‍යාපාර, කටයුතු කෙරෙන්නේ ඉල්ලුම සහ සැපයුම මත. ඔබ මීගමුවේ හෝ වෙන්නප්පුවේ කෙනෙක්ද?....(රේ)
ශාන් ඩයස් Wednesday, 28 October 2015 03:41 PM
මිලානෝ සිට කටුනායකට ගුවන් යානයක් දමන්න කටයුතු කලොත් ඉතාමත්ම කාලොචිතයි....(රේ)
ඉමාෂි Wednesday, 28 October 2015 04:33 PM
රට දියුණුවෙනවා දකින්න අපිත් ආසයි (නි)
අනුශ්ක Wednesday, 28 October 2015 04:56 PM
හොඳ වැඩක්. සුබ පැතුම්! (නි)
භාතිය Wednesday, 28 October 2015 05:24 PM
පිටිගල, ජයන්ත කියන්නේ මිලානෝ සිට කෙළින් ගමනක් නොවෙයි. (නි)